ආයෙත් ‘වර්කිං ෆ්‍රොම් හෝම්’ කාලේ ඇවිත්. ගෙදර ඉඳන් පිළිවෙළට ඔෆිස් වැඩ කරන්න අත්‍යවශ්‍ය දේවල්.

අපි නොහිතපු විදිහට කොවිඩ් – 19 දෙවැනි වටයකින් ආයෙත් ඇවිත් අපේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන්න පටන් අරං. ඒ විතරක් නෙවෙයි, අපේ දෛනික ජීවිතයත් නැවතත් අඩපණ කරන්න පටන් අරං. දැන් දැන් බොහෝ ආයතන සහ සමාගම් තමන්ගේ සේවකයන්ට නිවසේ ඉඳන් ම කාර්යාල වැඩ කිරීමේ පහසුකම සලසලා දීම ආරම්භ කරලා තියන බව දකින්න ලැබෙනවා.

කලින් වතාවේ වර්ක් ෆ්‍රොම් හෝම් පහසුකම සලසලා නොදුන්න ආයතන පවා මේ සැරේ දැන් ඉඳන් ම සේවකයන් වර්ක් ෆ්‍රොම් හෝම් සඳහා උනන්දු කරන බව පේන්න තියනවා. ඒක ඉතා ම හොඳ තත්ත්වයක්. මොකද වෛරසය ඉතා ම වේගයෙන් සමාජය තුළ පැතිරෙමින් තියන නිසා මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් හොඳ ම දේ තමයි හැකි තරම් එළිපහළියට බහින්නේ නැතුව ඉන්න එක. අපි එළියෙ සමාජයේ සැරිසැරීමෙන් අපි විතරක් නෙවෙයි, අනෙක් අයත් අනතුරේ වැටෙනවා.

ඉතින් අපි හිතුවා ඉස්ඉස්සෙල්ලා ම ‘වර්කිං ෆ්‍රොම් හෝම්’ වලට මුහුණ දෙන යාළුවන්ට වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න. ගෙදර ඉඳන් පිළිවෙළට ඔෆිස් වැඩ කරන්න ඔබ ළඟ තිබිය යුතු ම දේවල් කීපයක් ගැන කියන්නයි අපේ සූදානම.

තාක්ෂණික පහසුකම්

රාජ්‍ය සහ පෞද්ගලික වෙනසක් නැතිව අද කාලයේ බොහොමයක් ආයතනවල රාජකාරි සිදු වෙන්නේ පරිගණක ආශ්‍රිතව. ඉතින් ඒ අයට වර්කිං ෆ්‍රොම් හෝම් සඳහා අනිවාර්යයෙන් ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් අවශ්‍යයි. ඒ වගේ ම ඔබේ රාජකාරියේ හැටියට ඔබට අවශ්‍ය වෙන මෘදුකාංග එහෙම අමතක නොකර පරිගණකයට ඇතුළු කරගන්න. ගෙදර ඉඳන් වැඩ කරනවා නම් විශේෂයෙන් ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි තමන්ට ශක්තිමත් අන්තර්ජාල සබඳතාවක් තියෙනවද කියන එක. නැත්තං ඔබේ කණ්ඩායමට ඔබව සම්බන්ධ කරගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්.

පරිගණක පාවිච්චියෙන් තොරව, තව ම ලිපිද්‍රව්‍ය භාවිතයෙන් වැඩ කටයුතු කරන කන්තෝරුවල සේවය කරන අයට පවා, ගෙදර ඉඳන් තනිවම වැඩ කරද්දි එන සමහර ගැටලු විසඳගන්න කාර්යාලයේ අනෙක් සගයන් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා පරිගණක පහසුකම් නැත්නම් අවම වශයෙන් ජංගම හෝ ස්ථාවර දුරකතනයක් ඔබ අසල තිබිය යුතුයි. ඉතින් ඔබ කරන රැකියාව මොකක් වුණත්, ගෙදර ඉඳන් වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් තාක්ෂණික පහසුකම් ටික සලසා ගන්න කටයුතු කරන්න ඕනේ.

ලිපිද්‍රව්‍ය

කොයි තරම් අන්තර්ජාලය සම්බන්ධ කරගෙන වැඩ කළත්, ඇතැම් රාජකාරිමය කටයුතු සඳහා ලිපිද්‍රව්‍ය පාවිච්චි වෙනවා. එවැනි අවස්ථාවලදි ප්‍රයෝජනයට ගන්න කඩදාසි ටිකක්, පෑන් පැන්සල්, ස්ටේප්ලර් වගේ වැඩියෙන් ම ඕන වෙන ස්ටේෂනරි අයිටම් කීපයක් ළඟ තියාගන්නවා නම් පහසුයි. නිතර නිතර ප්‍රින්ටවුට්ස් ගන්න වෙනවා නම් ප්‍රින්ටරයක් වුණත් ළඟ තිබුණට පාඩු නෑ. නැත්තං සැරින් සැරේට කමියුනිකේෂන් එකක් හොයාගෙන දුවන්න වෙයි.

නිදහස් තැනක්

ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න මූලිකව ම අවශ්‍ය වෙනවා ඒකට ම වෙන් වුණ තැනක්. ඔෆිස් රූම් එකක් වෙන්න ම ඕන නෑ. ඔබට පුළුවන් නිවසේ ඕන ම කොටසක, හොඳට ආලෝකය සහිත, සද්දබද්ද අඩු, නිදහස් තැනක් මේ සඳහා තෝරගන්න. එතන වැඩ කරන මානසිකත්වයට සුදුසු තැනක් වෙන්න ඕනේ. නිතර සූම් මීටිංවලට එහෙම සහභාගි වෙන්න සිද්ධ වෙනවා නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන, බාධාවලින් තොර තැනක් වෙන්නත් ඕනේ. ආ! තව එකක්.. තැන තෝරගන්නකොට ඔබේ පරිගණකය, දුරකතනය ඇතුළු තාක්ෂණික උපකරණ චාජ් කරන්න විදුලිය සපයගන්න පුළුවන් තැනක් ද කියලත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

කාලසටහනක්

ඔෆිස් ගිහින් වැඩ කරනවට වඩා වර්කිං ෆ්‍රොම් හෝම් නිදහස් තමයි. හැබැයි එහෙමයි කියලා අපිට ඕන ඕන වෙලාවට වැඩ කරලා, ඕන ඕන වෙලාවට නිකං ඉන්න බෑනේ. ගෙදර ඉඳන් වැඩ කරද්දිත් ඔෆිස් එකේ වැඩ කරන පැය 8 ම වැඩ කරන්න පුළුවන් නං වඩා හොඳයි. ඒත් ගෙදරදොරේ වැඩ කටයුතු එක්ක කාලය එහෙම සමබර කරගන්න අපහසු නම්, ඔෆිස් පැය 8ට ආසන්න, ඔබට පහසු නියමිත කාල රාමුවක් හදාගන්න. නිවසේ වැඩ කටයුතු එක්ක කාර්යාලයේ රාජකාරි පටලවාගත්තොත් දෙකෙන් එකක්වත් හරියට ඉටු වෙන එකක් නෑ.

ඒ වගේ ම වැඩ කරන අතරෙදි පොඩි විවේක කාලයක් ලබාගන්නත් අමතක කරන්න එපා. ගෙදර හිටියත් තේ වෙලාව, කෑම වෙලාව අතපහු කරන්න එපා. එක දිගට ම පැය ගණනක් එක ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නකොට සෞඛ්‍ය ප්‍රශ්න මතු වෙන්නත් පුළුවන් නේ. ඉතින් විවේකයටත් වෙලාව වෙන් කරලා, හොඳ කාලසටහනක් හදාගෙන එහෙම වර්කිං ෆ්‍රොම් හෝම් පටන්ගන්න. රාජකාරි වැඩ කල් ඇතිව ඉවර කරලා, වැඩියෙන් වෙලාව ඉතුරු කරගන්නත් එතකොට පුළුවන් වෙයි..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide