Chandana
Level 2 Staff

87 Points

Joined 2 years ago

May 2016
May 18
May 17
May 16
May 12
May 11
May 10
May 9
May 4
April 2016
Apr 29
Apr 27
Apr 22
Apr 20
Apr 12
Apr 11
Video

අපේ අවුරුදු මේසෙට ලෝකෙ වටෙන් එන කෑම

අලුත් අවුරුදු කාලේ කියන්නේ ‘අපේකම’, ‘අපේ දේ’ ගැන වැඩියෙන් කතාකරන කාලයක්. අවුරුදු කාලෙට ටීවී, පත්තරවලට එන විවිධ උගත්තු අපේ සිංහල අවුරුද්ද සහ අපේ උරුමයන් ගැන කතාකරන්නෙ ගොඩක් ආඩම්බරයෙන්. රටක්, ජාතියක් විදියට තමන් ගැන ආඩම්බරයක් තියෙන එකේ වැරැද්දක් නෑ. ඒත් අනුන්ගේ දේවලුත් අපේ ගිණුමට දාගෙන තමන් තමයි පොර කියල හිතන එක නම් රටකට, ජාතියකට නෙවෙයි පුද්ගලයකුට වුණත් එච්චර හොඳ දෙයක් නෙවයි. අනිත් අතට හැමදේම තනියෙන් තමන් ම කරන්න  ඕන කියල දේකුත් නෑනේ. අපි එකිනෙකාගේ අදහස්, සංස්කෘතීන් එකකට එකක් එකතුවෙලා තමයි ගොඩක් දේවල් ගොඩනැගිලා තියෙන්නේ.

ඉතින් අපි කල්පනා කළා මේ අවුරුදු කාලේ අපේ කෑම මේසෙට එන කෑම වර්ග අපට ලැබුණේ කොහෙන්ද කියල ටිකක් හොයල බලන්න.

අතිරස

අතිරස කියන්නේ අවුරුදු කාලෙට කවුරුත් කන්න ආස කැවුම් ජාතියක්. අපි අපේ කියල කියන ගොඩක් දේවල් වගේ ම අතිරසත් අපිට එන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියානුවෝ එයාලගේ දීවාලි වගේ උත්සව වලට අනිවාර්යෙයෙන් හදන කෑමක් තමයි අතිරස.

කොකිස්

කොකිස් අපිට ලැබෙන්නෙ ලන්දේසින්ගෙන්. 17-18 සියවස්වල ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලගෙන හිටපු කාලේ එයාලගේ සංස්කෘතියේ ගොඩක් අංග අපිට එකතු වුණා. ඒ අතරින් එකක් තමයි කොකිස්. කුකීස් එහෙමත් නැත්නම් බිස්කට් වලට එයාලගෙ භාෂාවෙන් පාවිච්චි කරන ‘කුකිස්’ කියන වචනෙන් ‘කොකිස්’ කියන එක හැදුණා කියල තමයි විශ්වාස කරන්නේ. ස්වීඩන්, නෝර්වේ වගේ ස්කැන්ඩිනේවියන් රටවල ප‍්‍රචලිත වෙලා තියෙන ‘ස්ටෘවා’ කියන කෑමත් ගොඩක් දුරට කොකිස්වලට සමානයි.

පැණිවළලු

අවුරුදු කාලෙට විතරක් නෙවෙයි, ‘පැණි වලලු’ කියන්නෙ අවුරුද්දෙ මොන කාලෙ වුණත් නම අහපු ගමන් ගොඩක් දෙනකුගේ කටට කෙළ උණන කෑමක්. දකුණු ආසියාව, බටහිර ආසියාව වගේ ම උතුරු අප‍්‍රිකාවෙත් ගොඩක් රටවල පැණිවළලු ජනප‍්‍රිය කෑමක්. අරාබිකරයේ පර්සියාව පැත්තේ තමයි පැණිවලලු උපත ලැබුවා කියල විශ්වාස කරන්නේ. එයාලා මේකට කියන්නේ ‘ශුලබියා’ කියලා. ඉන්දියාවෙ ගොඩක් පලාත්වල මේක හඳුන්වන ‘ජලෙබි’ කියන නම හැදිලා තියෙන්නෙත් මේ ‘ශුලාබියා’ කියන වචනයෙන්.

දොදොල්

දොදොල් කීවම අපට එකපාරට ම මතක්වෙන්නෙ සෙල්ලකතරගම. ඒත් දොදොල් උපත නම් සිදුවෙලා තියෙන්නෙ ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල මුස්ලිම් ආගමික උත්සව වලදි දොදොල් අනිවාර්ය අංගයක්. පිලිපීනය, ඉන්දියාව, බුරුමය වගේ ගොඩක් රටවල අයත් අපි වගේම දොදොල් දාෙදාල් රස බලනවා.

ඉන්දුනීසියාවේ නම් කාට හරි ‘මෝඩයා’ කියල නෝන්ඩි කරන්නත් ‘දොදොල්’ කියල කියනවාලු.

ආස්මී

ආස්මි කියන්නෙ ඉන්දුනීසියාව, මැලේසියාව පැත්තෙ ජීවත් වන ‘ඉබන්’ ජනතාවගෙන් අපි ලැබුණ දෙයක්. ආස්මි හදන්න ගන්න දවුල් කුරුඳු ගහත් සමහර විට අපිට ලැබුණේ එයාලගෙන් වෙන්න පුළුවන්.

කිරිබත්

පොල් කිරි පාවිච්චි කරල කිරිබත් උයන එක නම් ගොඩක් දුරට අපිට ආවේණික දෙයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි එළකිරි පාවිචි කරල හදන කිරිබත් වර්ග ගොඩක් ඉන්දියාව පුරා තියෙනවා. ආසියානු කලාපයේ අපි හැමෝම වගේ බත් කන නිසා කිරිබත් හැදීම කොහෙන් පටන්ගත්තද කියල හොයන්න ටිකක් අමාරුයි. ඒ හින්දු කෝවිල්වල හා සිඛ් ආශ‍්‍රමවල හදන බත, ලංකාවෙ පවා හින්දු දේවාලව හදන මුරුතැන් බත වගේ දේවල් ගොඩක් අපේ කිරිබතට සමානයි. සුජාතාව බුදුන්ට දුන්න කියන්නෙත් කිරිපිඩු නේ. සමහරු කියනවා මේ කිරිපිඩු කියන්නෙත් කිරිබත් වලටමයි කියලා.

කොයි දීපංකරෙයන් ආවත් අද වෙනකොට මේ කෑම හැම එකක් ම අපේ ම වෙලා ඉවරයි. අපේ අවුරුදු මේසේ මෙච්චර රස වෙලා තියෙන්නෙ අපේ මුතුන්මිත්තෝ ලෝකෙ හැමතැනින් ම එන රස දේවල් බය නැතුව තමන්ගේ ජීවිතවලට එකතුකරගන්ත නිසයි. ඉතිං අවුරුදු මේසේ හැමදාම තියෙන කැවුම් කොකිස්වලට අමතර ව කේක් ගෙඩියක්, ගැටෝ එකක් , මස්කට් කෑල්ලක් තියන්න කවුරු හරි යනව නම් රවන්න ඔරවන්න යන්න එපා. ඒ වගේ ම මේ පොඩි දූපත අස්සට හිරවෙලා ඉන්නෙ නැතුව ලෝකය ගැන විවෘත ව දකින එකත්, ලෝකෙන් එන දේවල් වඩාත් විවෘත හිතකින් බාරගන්න එකත් අලුත් අවුරුද්දෙ අධිෂ්ඨාන ගොන්නට එකතු කරගත්තොත් නරකද?