Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

චිලි පේස්ට් හදන හැටි (UYAMU)


චිලි පේස්ට් විශේෂයෙන් ලංකාවේ චීන ආහාර සමඟ නැතුවම බැරි ව්‍යාංජනයක්. මෙන්න රාලියා ආන්ටිගේ චිලී පේස්ට් වට්ටෝරුව:

අවශ්‍ය දේ:

  • වියලි කූනිස්සන් - ග්‍රෑම් 25ක්
  • වියලි මිරිස් කැබලි - ග්‍රෑම් 50ක්
  • සෝයා සෝස් - මේස හැඳි 1ක්
  • සීනි - මේස හැඳි 1ක්
  • ළූණු - ඇබිත්තක්
  • සුදුළූණු - කැබලි 2ක්

හදන විදිය:

  1. තාච්චුවේ තෙල් රත් කරගන්න.
  2. වියළි කූනිස්සන් එකතු කරන්න.
  3. සුදුළූණු ග්‍රේට් කරමින් බැදුමට එක් කරගන්න.
  4. රන්වන් පැහැ ගැන්වෙන තුරු හැඳිගාමින් එකතු කරගන්න.
  5. වියලි මිරිස් කැබලි එකතු කරන්න.
  6. ළූණු එකතු කරන්න.
  7. සීනි එකතු කරන්න.
  8. සෝයා සෝස් එකතු කරන්න.
  9. ඝණ 'පේස්ට්' එකක් වනතෙක් පිසගන්න.

See 1 Comments