ආයෙත් ළමා කාලයට යන්න හිතෙන, මේ ඉංග්‍රීසි වැඩසටහන් ටික මතකද?.

අද කාලේ පොඩි ළමයි රූපවාහිනියටත් වඩා ඇබ්බැහි වෙලා ඉන්නේ ජංගම දුරකථනයට කිව්වොත් වඩාත් නිවැරදියි. ඉස්සර අපිව රූපවාහිනිය ලඟින් එළවන්න අම්මලා කොච්චර නම් මහන්සි වුණාද? අම්මගෙන් බැනුම් අහල අහලා, එහෙමත් බැරි නම් පොඩි වේවැල් පාරකුත් කෑවම තමයි අපිව ඉස්සර රූපවාහිනිය ලඟින් අයින් කරන්න පුළුවන් වුණේ. එ්ත් දැන් ඒ තත්වේ වෙනස් වෙලා. මේකට හේතුව මොකද්ද?

දැන් කාලේ රූපවාහිනියේ දකින්න ලැබෙන්නෙම සිංහලෙන් හඬ කවපු ඉන්දියන්, කොරියන් කතා. එහෙමත් නැතිනම්, ඒ ආරෙට හදපු ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය. කොටින්ම කියනව නම්, පොඩි දරුවෙක්ට ආසාවෙන් බලලා රස විඳින්න පුළුවන් ඉංග්‍රීසි ළමා කතාවක් පවා අද දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒත් ඉස්සර, අපි පොරකකා ආසාවෙන් බලපු ඉංග්‍රීසි ටෙලි නාට්‍ය, වැඩසටහන් බොහොමයක් තිබුණා. හැමදාම මොන වැඩේ තිබුණත්, හවස් වෙද්දී රූපවාහිනිය ළඟට දුවගෙන එන්න අපි පුරුදු වෙලා හිටියේ එකයි. බලන්නකෝ, ඔයාලටත් මේ රූපවාහිනී වැඩසටහන් ටික මතකයිද කියලා.

1. Crash Zone

ඕස්ට්‍රේලියාවේ සෙවන් නෙට්වර්ක් එකෙන් අපට ලැබුණ තිළිණයක් විදියට Crash Zone හඳුන්වන්න පුළුවන්. ගැටවර වියේ ඉන්න, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වුණු ගැහැණු පිරිමි ළමයි පස් දෙනෙකුත්, එයාලට ඒවා නිර්මාණය කරන්න උදව් කරන "වර්ජිල්" නම් කෘත්‍රිම බුද්ධියක්, එහෙමත් නැති නම් AI එකක් වටා තමයි මේ කතාව ගෙතිලා තිබුණේ. එවකට තිබුණ පරිගණක තාක්ෂණය ගැන විස්තර සපයපු දැනුම් තෝතැන්නක් වුණා වගේම, අභියෝගවලට මුහුණ දීම, තැනට සුදුසු නුවණ යෙදීම, මිත්‍රත්වය හා ආදරය යන සියල්ලම එකට කැටි කරපු අපූරු කතන්දරයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන කතා මාලාවන්, එහෙමත් නැතිනම් සීසන් දෙකකින් සමන්විත වුණු මේ ඉංග්‍රීසි ටෙලි නාට්‍යය 2000න් පසු වසර කිහිපයකදීම රූපවාහිනියෙන් දැකගන්න අපට අවස්ථාව ලැබුණා.

2. Ocean Girl

90 දශකේ අපට දකින්න ලැබුණ, තරුණ මහලු භේදයකින් තොරව අපි හැමෝම ආසාවෙන් නරඹපු ටෙලි නාට්‍යයක් විදිහට තමයි Ocean Girl කතා මාලාව අපේ මතකයේ පැලපදියම් වුණේ. සාමාන්‍ය කෙනෙක්ට වඩා ඉහල කාය ශක්තියක් හිමි, දිගු වේලාවක් මුහුදේ පිහිනීමේ හැකියාව දරණ නෙරී නම් තරුණ ගැහැණු ළමයෙකුත්, ඇය හා මිතුරු වන පර්යේෂණ කණ්ඩායමක පිරිමි ළමුන් දෙදෙනෙකුත් වටා ගෙතුණ මේ කතාව පවුලේ සියලු දෙනා සමඟ එකට වාඩි වෙලා බලන්න පුළුවන් වුණු ලස්සන කතාවක්. සැබෑ මිත්‍රත්වය ගැන වගේම, පිටස්තර ලෝකයකින් මේ ලෝකයට පැමිණි නෙරී මෙහි ජීවන රටාවට හැඩ ගැහෙන්න දරණ වෑයම, පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් අපට ඇති වගකීම ගැන ගොඩාක් සංවේදී විදියට මේ ටෙලි නාට්‍යයෙන් පෙන්වනු ලැබුවා.

3. The Zack Files

The Zack Files කියන පොත් මාලාව පාදක කරගෙන බිහි වුණු මේ කතා මාලාව ලෝකේ තියෙන තේරුම් කරන්න අපහසු දේවල් ගැන වගේම, තරමක් හාස්‍යයටත් බර වුණු කතාවක්. හැම වෙලේම අත්භූත සිද්ධීන්වලට මුහුණ පාන "සැක්" නම් ළමයෙකුත්, ඒ දේවල් නිසා ඔහුත්, ඔහුගේ යහළුවන් තිදෙනෙකුත් මුහුණ පාන කරදර ගැන ඉතාම හාස්‍යජනක විදිහට මේ කතාවේ ඉදිරිපත් කරලා තියෙනවා.

4. The Famous Five

හුඟක් වෙලාවට, ඕනෑම දරුවෙක් ඉංග්‍රීසි කතන්දරයක් කියවන්න අත්පොත් තබන්නේ ඉනිඩ් බ්ල්යිටන්ගේ කතා පොතකින්. එංගලන්ත ජාතික කතුවරියක් වන ඉනිඩ් බ්ල්යිටන්ගේ ලෝක ප්‍රසිද්ධ The Famous Five කතා පොත් පෙළ ඇසුරු කරගෙන නිර්මාණය වුණු ටෙලි නාට්‍ය මාලාව සිංහල භාෂාවෙන් හඬ කවලා, "පන් පසිඳුවන්" කියන නමෙන් අපට දකින්න ලැබුණා 90 දශකයේදි. මේක පුංචි වීරයන් හතර දෙනෙක්, එයාලගේ සුරතල් බල්ලා ටිමී සමඟ එකතුවෙලා විවිධ අභිරහස් විසඳන කතාවක්. ත්‍රාසය පිරුණු අභියෝග ගණනකට මෙහි දී ඔවුන්ට මුහුණ දෙන්න වුණත්, මිත්‍රත්වයේ ශක්තියෙන්, තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඔවුන් ඒ අභියෝග සියල්ල ජයගන්න ආකාරය කුතුහලය අවුස්සන විදියට මේ කතාවෙන් ඉදිරිපත් කෙරුණා.

5. The Adventures of Swiss Family Robinson

සයුරේ ජීවිත නැව පෙරලී

මුතු සොයනා අය කොහෙදෝ

පණ නල පාගා…

90 දශකයේ අපේ හිත්වලට කිට්ටු වුණු ගීත අතරින්, මේ ගීතයට ප්‍රධාන තැනක් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පවුලේ අය හැමදෙනාම එක්ක එකට එකතුවෙලා  ඒ තරම්ම ආසාවෙන් බලපු කතාවක් තමයි Swiss Family Robinson, එහෙමත් නැත්තන් රොබින්සන් පවුලේ අන්දරය කියල කියන්නේ. 90 දශකයේ සහ 2000න් පසු වසරවල කිහිප වරක්ම මේ කතාව රූපවාහිනියෙන් නරඹන්න අපට අවස්ථාව ලැබුණා. තමන් ගමන් කරන නැව අනතුරට පත්වීම නිසා, දූපතක තනිවන රොබින්සන් පවුලත්, ඔවුන්ගේ පවුලට පිටින් එකතු වෙන තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුත් එකතු වෙලා ජීවිතේ බිංදුවේ සිටම පටන්ගන්න විදිහ තමයි මේ කතාවෙන් පෙන්වන්නේ. ලෝකේ තියෙන හැම බැඳීමකටම වඩා, පවුලක තියෙන බැඳීම කොච්චර සවිමත්ද, අපට කොච්චර අභියෝග එයින් ජයගන්න පුළුවන්ද යන වග හොඳින්ම ඉස්මතු කරලා මේ කතාවෙන් පෙන්වනවා.

6. Round the Twist

අමුතු අමුතු අත්දැකීම්වලට මුහුණ දෙන ට්විස්ට් පවුලේ චාරිකා ගැන තියෙන මේ කතාව 2000න් පසු වසරවල වරින් වර අපට දැක ගන්න ලැබුණු කතාවක්. ප්‍රධාන කතා මාලාවන් හතරකින් සමන්විත වුණු මේ කතාවත්, ඕස්ට්‍රේලියාවෙන් අපට ලැබුණ තවත් තෑග්ගක්. දිය කිඳුරියන්, භූතයන්, පිසාචයන්, werewolf වගේ වචනයෙන් විස්තර කරන්නට නොහැකි අත්භූත දේවල් ගැන තිබුණත්, මේක බොහෝම හාස්‍යජනක කතාවක්.

7. Spellbinder

ප්‍රධාන කතා මාලා දෙකකින් සමන්විත වුණු Spellbinder අපට නරඹන්න ලැබුනේ "මායබන්ධන" සහ "මකර රජදහන" යන නම්වලින්. ඇත්තම කියනවා නම්, මේ කතා දෙකම අපි බොහොම ආසාවෙන් නරඹපු  කතාවලට එකතු වෙන්න පළමු හේතුව තමයි, විද්‍යා ප්‍රබන්ධයක් වුණත් ළමා මනසට අපහසුවක් නැතිව තේරුම්  ගන්න පුළුවන් සරල විදියට මේ කතාව ඉදිරිපත් කර තිබීම.

පළමු කතා මාලාව වන මායාබන්ධනවලින් අපි දැක්කේ, අපේ ලෝකෙට සමාන්තරව තිබුණු මායාබන්ධකයන්ගේ ලෝකයට ඇදිලා යන්න වුණු පෝල් නම් ගැටවරයෙක් වටා ගෙතුණ කතාවක්. මේ කතාවේ හිටපු අාශ්කා නම් මායාබන්ධකවරිය තරම් වෛරී චරිතයක් අපි නොදැකපු තරම්. එතරම් සාර්ථක රංගනයක් ඒ චරිතය රඟපාපු හෙදර් මිචෙල්ගෙන් අපට දැකගන්නට ලැබුණා. ඇය නිසා විවිධ කරදර රැසකට මුහුණ පාන්න පෝල්ට සිදුවන අතරම, මායාබන්ධකයන්ගේ ලෝකයේදී පෝල්ට හමුවන රියානා නම් මිතුරියත්, නැවතත් ඔහුව අපේ ලෝකෙට ගෙන්නගන්න උත්සහකරන ඔහුගේ මිතුරන්ගේත් උදව්වෙන් මේ කරදර සියල්ල ජයගන්න ඔහුට හැකියාව ලැබෙනවා.

මායාබන්ධන තුල අපි දැකපු අාශ්කාගේ රංගනය, ඒ විදියටම මකර රජදහන තුලත් අපට දැකගන්නට ලැබුණා. මකර රජදහන නම් සමාන්තර ලෝකයට යන්නට වුණු කැතී නම් ගැහැණු ළමයෙකුත් ඇගේ පවුලත් වටා තමයි මේ කතාව ගෙතිලා තිබුණේ. මේ මකර රජදහන පාලනය කරපු "සන්" නමින් හැඳින්වුන අවුරුදු දහයක් වයසැති, මුරණ්ඩු පිරිමි ළමයාගේ චරිතයත්, අපේ මතකයේ රැඳුන චරිත ගොන්නට එක්වුණු තවත් සුවිශේෂී චරිතයක්. ඒ විතරක් නෙමෙයි, මකර රජදහන පාලනය කරන්න සන් උදව් කරගත්ත ඔරකල් නම් පරිගණකයත් අපට අමතක කරන්න බැහැ. ආශ්කා නිසා වගේම, මේ මකර රජදහන ආක්‍රමණය කරන්න එන ශරැක් නම් පුද්ගලයෙකු නිසා ඇතිවන කරදරවලින් බේරෙන්න කැතීත්, ඇගේ පවුලේ අය ඇතුළු මුළු මකර රජදහනම ගන්න වෑයම ඉතාම ලස්සනට මේ කතාවෙන් පෙන්නුම් කරනු ලැබුවා. මේ අභියෝගවල ප්‍රතිඵලයක් විදියට කැතීට සමාන්තර ලෝක කිහිපයකටම යන්න වෙනවා. කුතුහලය අවුස්සමින් අපේ කුඩා මනස ආකර්ෂණය කරගත්ත ඉංග්‍රීසි කතා අතරින් මේ කතාවටත් විශේෂ තැනක් ලැබෙන බව නම් කියන්නම ඕනේ.

8. Robin of Sherwood

ඇත්තම කියනවා නම්, රොබින් හුඩ්ව අපේ ළමා කාලයේ වීරයෙක් බවට පත්කළේ මේ කතා මාලාවෙන් කියල කියන්න පුළුවන්. පොහොසතුන්ගේ සල්ලි හොරකම් කරලා, දුප්පතුන්ට බෙදා දුන්න රොබින් හුඩ් චරිතයට, මේ කතාව තුල දී නළුවන් දෙදෙනෙක් පණ පෙව්වා. ඒ ලොක්ස්ලි'හි රොබින්, හා ඔහුගේ මරණයෙන් පසු පැමිණි හන්ටිංඩන්'හි රොබින් වශයෙන්.දෙවන කතා මාලාව අවසානයේ ලොක්ස්ලි'හි රොබින් මිය ගිය වෙලේ, පුංචි වුණත් අපේ ඇසට කඳුලක් නැඟුණේ අපි ඒ තරම්ම ඒ චරිතයට ආදරය කල නිසා. එ්ත් මේ මරණය ගැන නොටිංහැම්වල ඉඳපු ෂෙරිෆ් ඇබොට් සහ ගිස්බන් තරම් සතුටු වුණු වෙන කිසිම කෙනෙක් නොහිටින්න ඇති. 90 දශකයේ වගේම, 2000න් පසු වසර කිහිපයකම වරින් වර මේ කතා මාලාව දැකගන්න අපට අවස්ථාව ලැබුණා. රොබින්, මැරියන්, ලිට්ල් ජෝන්, විල් ස්කාර්ලට්, ටක් සහ මච් යන චරිත, අපේ මතකයේ හැමදාමත් තියෙන විදියට රැඳුනේ මේ කතාවෙන් අපි දැකපු නිර්භීතකම, මිත්‍රත්වය වගේම ආදරය වගේ දේවල් නිසා.

9. Space Cases

90 දශකේ අපට දකින්න ලැබුන තවත් විද්‍යා ප්‍රබන්ධ කතාවක් තමයි Space Cases. පෘථිවිය, සෙනසුරු, යුරේනස්, අඟහරු සහ ඇන්ඩ්‍රෝමීඩාවෙන් එන පුද්ගලයන් හත් දෙනෙක්, අභිරහස් අභ්‍යවකාශ යානයක් තුල අවුරුදු හතක් තිස්සේ ගෙවන ජීවිතය මේ කතාවේ පෙන්වනු ලැබුවා. මේ අභ්‍යවකාශ යානය තුළදී ඔවුන්ට හමුවන තෙල්මා නම් ඇන්ඩ්‍රොයිඩය අපේ  මතකයේ හොඳින්ම පැලපදියම් වුණු චරිතයක්. ඔවුන් මේ ගමන අතරමැදදී විවිධ සතුරු කරදර වලට මුහුණ පෑවත්, එකට එකතුවෙලා මොළය වෙහෙසීමෙන්, ඒ කරදර වලින් ගොඩ එන්න සමත් වෙනවා. මිනිසුන් අතර තියෙන වෙනස්කම් ගැන නොතකා එකට එකතුවෙලා වැඩ කටයුතු කරොත්, ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කියන ලස්සන පාඩම මේ කතාව පුරාවටම දැකගන්න පුළුවන්.

10. Knight Rider

සුපර් කාර් ගැන අපට තියෙන ආසාව වැඩි වුණේ නයිට් රයිඩර් බලලා කිව්වොත්, ඒක හරියටම හරි. නයිට් රයිඩර් එකේ ඉන්ට්‍රෝ එක ඇහෙද්දී දුවගෙන ඇවිල්ලා රුපවාහිනිය ළඟ වාඩිවෙන්න අපි පුරුදු වෙලා හිටියේ ඒකයි. ඒ වගේ ඉස්පාසුවක් නැතුව බලපු කතාවක් තමයි මේක. තමන්ගේ මේ අරුම පුදුම හැකියාවන් තියෙන සුපර් කාර් එකෙත් උදව්ව ඇතිව විවිධ අපරාධකරුවන් අල්ලාගන්න මයිකල් නයිට් නම් කෙනෙක් ගැන තමයි මේ කතාවෙන් අපට දැකගන්න ලැබුණේ. AI ගැන අපේ පොඩි මනසට තේරෙන දෙයක් නොතිබුණත්, KITT වගේ කෘත්‍රිම බුද්ධියක් තියෙන කාර් එකකට ආස නැත්තේ කවුද?

11. කලා හරඹ

එදිනෙදා ගෙදර දොරේ හොයාගන්න තියෙන දේවල් වලින්, අපූරු නිර්මාණ කරන්න අපට කියල දුන්න රූපවාහිනී වැඩසටහනක් තමයි කලා හරඹ. "Art Attack" කියන එංගලන්තයේ විකාශය වුණු වැඩසටහන සිංහලෙන් හඬ කවලා අපට දකින්න ලැබුනේ 90 දශකයේදී. විනාඩි 15ක් වගේ ඉතාම කෙටි කාලයක් ඇතුළත ඉස්කෝලේ අත්වැඩ පාඩමට ඕනේ වෙන විදියේ නිර්මාණ ගණනාවක්ම කරන විදිය මේ වැඩසටහනෙන් අපට ඉගෙනගන්න පුළුවන් වුණා. ඇත්තම කියනවනම්, අපට නරඹන්න ලැබුණේ මේ වැඩසටහනේ මුල වැඩසටහන් මාලා ටික, එහෙමත් නැත්තන් 90 දශකය තුළ විකාශය වුණු වැඩසටහන් ටික විතරයි. නමුත්, 1990 වසරේ ඇරඹුණු Art Attack වැඩසටහන 2007 වසර වෙනකන්ම එංගලන්තයේ විකාශය වුණා.

අපේ ළමා කාලේ සුන්දර කරපු ඉංග්‍රීසි කතා අතුරින් මේ ඉදිරිපත් කරේ කිහිපයක් විතරයි. ඉස්සර ඉස්කෝලේ ගිහිල්ලත් තොරතෝංචියක් නැතුව ඒවා ගැන කියවපු හැටි ඔයාලට මතක ඇති. තවත් මේ වගේ කතා ගැන ඔයාලට මතක් වෙනවා නම්, පහතින් කමෙන්ට් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide