මස් උඩින් චීස්! රු. 800ට අඩුවෙන් රස වෑහෙන ලසඤ්ඤා කන්න නියම කඩ 8ක්.

කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම හොයයි.

හහ්, නිකමට කිව්වෙ. ඒ වුනාට ඇත්තටම ලසඤ්ඤා කියන්නෙ පට්ට රස කෑමක්. ඉතාලියෙන් අපිට හුරු වුනාට දැන් දැන් නම් කට්ටිය අපේ රහටත් ලසඤ්ඤා හදනව. කොහොම වුනත් ඔරිජිනල්ම ලසඤ්ඤා රස බලන්න නම් ඉතාලියානු අවන්හලකට ගොඩ වෙන්න වෙනව. වැඩේ කියන්නෙ ඒ වගේ තැන් වල කෑම හරිම ගණන්නෙ.

එහෙමයි කියල අවුලක් ගන්න එපා. අපි කියන්නම් අඩු ගාණට රසම රස ලසඤ්ඤා කන්න කියාපු තැන් ටිකක්. පොඩියට අඹරල, රස පදමට මිරිස් තුන පහ දාලා පදම් කරල හදපු මස් තට්ටුවට උඩින්, දෙපැත්තෙන් බේරෙන තරමට දාන මෙලෙක් චීස් ටික මතක් වෙද්දි ඉබේටම තොල කට ලෙව කැවෙනව. උණු උණුවෙ මේසෙට එන ලසඤ්ඤා කෑල්ලෙ රස ඩබල් වෙන්නෙ ගම්මිරිස් සෝස් ටිකක් එක්ක තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගත්තාම තමයි.

එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්නකො අද හවසට බඩ පැලෙන්න ලසඤ්ඤා කන්න. හැබැයි කාලා නිකන් යන්න එපා, රස කොහොමද කියල අපිටත් කියන්න.

1. Crossroads

අඩුම ගාණට කොළඹ පැත්තෙ රසම ලසඤ්ඤා කන්න අපි දන්න තැන නම් නාවල ක්‍රොස් රෝඩ්ස් එක තමයි. අල්ලක් සයිස් ලොකු ලසඤ්ඤා කෑල්ල කාලා ඉවර කරන්න ලේසි නෑ. හැබැයි ඉතින් මෙයාලගෙ ලසඤ්ඤා එකට දාන මස් වල රස නම් සුපිරි. ඉතාලියානු අඩුම කුඩුම දාලා නියම ගාණට පදම් කරල හදපු චූටි මස් කෑලි තොගයක තට්ටු දෙකක් චීස් වලට මැදි වෙලා දිවට ගේන රස, රු. 450ක් වගේ ගාණකට සෑහෙන්න වටිනව.

2. Java Lounge

තිඹිරිගස්යාය ජාවත්ත පාරෙ තියෙන ජාවා ලෝන්ජ් එක තමයි ඊලඟට අපේ ලිස්ට් එකේ තියෙන්නෙ. රු. 500, 700 අතර ගාණකට චිකන්, බීෆ්, සී ෆුඩ් වගේ රස වර්ග තුන හතරකින්ම ගන්න පුළුවන් ලසඤ්ඤා රස බලන්න, යන්න මෙතනට. පොඩි සැර ගතියකුත් එකතු වෙන විදියට මෙයාලා හදන ලසඤ්ඤා ලංකාවෙ අපිට හරියන රසකින් තමයි මේසෙට එන්නෙ.

3. Coco Veranda

වෙනසකටත් එක්ක කමුද මට්න් ලසඤ්ඤා එකක්?. එහෙනම් යන්න වෝඩ් ප්ලේස් වල කොකෝ වැරෙන්ඩා එකට. දෙන්නෙක්ට රස බලන්න පුළුවන් තරමෙ මට්න් ලසඤ්ඤා කෑල්ලක් රු. 870ක් විතර වුනාට රසය සුපිරි නිසා හිතට සතුටුයි. ඒ විතරක් නෙවෙයි රු. 680කට මෙයාල ලඟ තියෙන චිකන්, බීෆ් ලසඤ්ඤාත් පට්ට රසයි.

4. Royal Burger

කවුරුත් හොඳට දන්න කියන, හැව්ලොක් ටවුන් වල රෝයල් බර්ගර් එකෙත් තියෙනව කටට රසට කන්න පුළුවන් මරු ලසඤ්ඤා එකක්. සෑහෙන්න ලාභයි. රු. 400ක් 500ක් වගේ ගාණක් තමයි වෙන්නෙ. ඒ වුනාට මෙයාලගෙ ලසඤ්ඤා එක ඔරිජිනල්ම ඉතාලියානු ලසඤ්ඤා එකට වඩා පොඩ්ඩක් විතර වෙනස්. ඒ වෙනස එන්නෙ මස් වල පදමෙන්. ටිකක් විතර ලාංකීය ගතියක් මිශ්‍ර වුනු රස පදමක් තමයි තියෙන්නෙ. හැබැයි ඒ රසට කැමති අයත් ඉන්නව. චිකන්, බීෆ් ජාති දෙකකින් විතරයි රෝයල් බර්ගර්ලගෙ ලසඤ්ඤා ගන්න පුළුවන්.

5. Harpo's Pizza

ඔන්න කලින්ම කියන්නම් නුගේගොඩ හාර්පෝස් එකේ විතරයි ලසඤ්ඤා තියෙන්නෙ. ඒකත් ජාති දෙකයි. බීෆුයි, එළවළු, චීස් දාලා හදන එකකුයි විතරයි. හැබැයි ජාති දෙක වුනාට බලන්න එපැයි රස. රු. 650, 850 වගේ ගණන් වලට ගන්න පුළුවන් හාර්පෝස් ලසඤ්ඤා වල මස් රස පදම නම් ටොපේ ටොප්. නියමම ඉතාලියානු විදියට හදල තියෙනව. ලෝභ නැතුව චීසුත් දාලා හදන මෙයලගෙ ලසඤ්ඤා කෑල්ලක් ඉවර කරන්න නම් ලොකු බඩගින්නක ඉඳල යන්න වෙයි.

6. Tea Avenue

කොළඹ 07 බාර්න්ස් ප්ලේස් වල තියෙන ටී ඇවිනියු එකත් රු. 600ක් 650ක් වගේ ගාණකට රස ලසඤ්ඤා එකක් කන්න කියාපු තැනක්. ගාණයට හරියන සයිස් එකකින් මේසෙට එන මෙයාලගෙ ලසඤ්ඤා එක එළවළු, චිකන් වගේම, බීෆ් වලිනුත් ගන්න පුළුවන්.

7. RTM Delights

හෝම් බේකර්ස් සම්ප්‍රදායට ලසඤ්ඤා අරන් ගියපු කට්ටියක් තමයි බොරලැස්ගමුවෙ ආර්. ටී. එම්. ඩිලයිට්ස් එක. දැනට නම් මෙයාල ලසඤ්ඤා හදන්නෙ චිකන් රසයෙනුයි එළවළු රසයෙනුයි විතරයි. තාම පටන් ගත්තු අළුත නිසා ආර්. ටී. එම්. එකේ ලසඤ්ඤා වලටත් ඔරිජිනල් ඉතාලියානු පදම ඇවිල්ලා නෑ. හැබැයි ලංකාවෙ අපිට හරියන රසට හැදෙන මෙයාලගෙ වෙජි ලසඤ්ඤා එක නම් පංකාදු පහයි. රුපියල් තුන් හාර සීයට සෑහෙන්න වටිනව.

8. London House of Coffee

කොළඹ 07 ග්‍රෙගරි පාරෙ තියෙන ලන්ඩන් හවුස් එකේ තියෙනව සුපිරි වෙජි ලසඤ්ඤා එකක්. රු. 700ක් වගේ වෙන්නෙ. නියමම ඉතාලියානු පදමට හදපු මේ වෙජි ලසඤ්ඤා එක, ලසඤ්ඤා කන්න ආස වෙජිටේරියන්ස්ලට නම් සෑහෙන්න වටිනව.

ඒ හැරුණාම රු. 900කට 950කට රසම රස, ඔරිජිනල් ලසඤ්ඤා රස බලන්න පොලිස් පාර්ක් ඉස්සරහ ඩොල්සෙ ඉටාලියා වගේම කොල්ලුපිටිය බගතලේ පාරෙ මිට්සිස් කැෆේ එකත් කියාපු තැන් දෙකක් තමයි.

ගොඩක් අමාරුවෙන් තමයි මේ ගාණට රස වෑහෙන ලසඤ්ඤා කෑල්ලක් බඩට දාගන්න පුළුවන් තැන් ටිකක් හොයා ගත්තෙ. ඒ නිසා ඔයාල දන්න තව තැන් එහෙම තියෙනව නම් අපිට කමෙන්ට් කරන්න. YAMU එකටත් ඉන්නවනෙ ගාර්ෆීල්ඩ් වගේ කෑම ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන යාළුවො සෙට් එකක්. එයාල ගොඩක් සතුටු වේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide