Outdoor? Adventure? එහෙනම් මෙන්න camping කරන්න, ලස්සන දිය ඇලි මුදුන් 6ක්.

ඉස්සරහට එන්නෙ අගෝස්තු මාසෙ. සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම නැත්නම් සැප්තැම්බර් මුල වෙද්දි එන්නෙ මොකක්ද? හ හා… කට්ටිය ට්‍රිප් යන්න පටන් ගන්න කාලෙ නේ!

ට්‍රිප් යනව කිව්වාම ඉතින් අපේ කට්ටිය එක එක විදියට ට්‍රිප් යනවනෙ. සමහරු යාළුවො හරි පවුල්වල උදවිය හරි ගොඩ දෙනෙක් එකතු කරගෙන වාහන කතා කරගෙන හෝටල් බුක් කරගෙන විනෝද චාරිකා යනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව ඔය හිතිච්ච ගමන් යාළුවෙක්ට දෙන්නෙක්ට කෝල් කරල, එන එකා දෙන්න එක්ක හරි තමන්ගෙ චාරිකාව යන. අන්න ඒ වගේ travellers‍ලට තමයි අපි මේ කියන්න යන තැන් ටික ගොඩක්ම වටින්නෙ.

මොකද, ඇවිදින්න ආස කරන, ඇවිද ඇවිද සුන්දර මතකයන් එකතු කරන අයට ගමනක් බිමනක් ගියාම, ඉන්නෙ කොහෙද කන්නෙ මොනවද කියන එක අදාල නෑනෙ. ගහට කොළට වගේම සතා සීපාවටත් ආදරය කරන ඒ වගේ යාළුවන්ට වේල් තුනට ෆ්‍රයිඩ් රයිස් කාලා ස්ප්‍රින්ග් මෙට්ටයක නිදා ගන්න කිසිම වුවමනාවක් නෑ කියල අපි හොඳට දන්නව.

තරු පිරිච්ච අහසක් දිහා බලාගෙන, හිමිහිට ගලා බහින ඔය පාරක රළ බිඳෙන සද්දෙ රස විඳිද්දි ගතට හිතට දැනෙන සැහැල්ලුව ඔය ලොකු ලොකු හෝටල්වල නයිට් ගහල ගන්න බෑනෙ යාළු. ඒකයි අපි හිතුවෙ outdoor ප්‍රිය කරන අපේ යාළුවන්ට සුපිරි camping පාරක් දාන්න පුළුවන් සුන්දර දිය ඇලි ටිකක් ගැන විස්තර කියන්න. හැබැයි ඉතින් මේක අපූරු අත්දැකීමක් වේවි. මොකද ඔයාලට camping කරන්න තියෙන්නෙ දිය ඇල්ල පාමුල නෙවෙයි දිය ඇල්ල මුදුනත, ඔය පාර කඩා හැලෙන තැනම. පට්ට නේ!

1. විසාරී ඇල්ල

උඩහට කොච්චර වැස්සත් බය නැතුව ඔය පාර අයිනෙ ලන්දට කිට්ටු වෙන්න ටෙන්ට් එකක් ගහගෙන ඉන්න පුළුවන් අපූරු පිහිටීමක් තියෙන සුන්දර දිය ඇල්ලක් තමයි විසාරී ඇල්ල.

පිහිටල තියෙන්නෙ ඇල්ල-වැල්ලවාය පාරෙ පූනාගල කඳු වැටිය පාමුලට වෙන්න. බස් එකේ යනව නම් හොඳම වැඩේ තමයි බදුල්ල බස් එකක ගිහින් කුඹල්වෙලින් බැහැලා වැල්ලවාය පාරෙ යන ඕනම බස් එකකින් හුණු කැටිය හංදියට යන එක. වාහනයක යනව නම් උඩවළව පාරෙන් වැල්ලවායට දාලා එතනින් හුණු කැටිය හංදියට යන්න. කොහොම ගියත් හුණු කැටිය හංදියෙ ඉඳන් බඹරගස්යාය ගමට යන්න තියෙන්නෙ පටු කොන්ක්‍රීට් පාරක් තමයි. කොන්ක්‍රීට් පාර අවසානය මුණ ගැහෙන ගේ පොඩ්ඩෙන් එපිට කන්ද දිගේ කිලෝමීටර බාගයක් විතර නැග්ගාම දිය ඇල්ල මුදුනට යන්න තියෙන අඩි පාර හමුවෙනව. එතනින් එහාට ඉතින් කියන්න ඕන නෑනෙ.

නයිට් එකකට අත්‍යවශ්‍ය ගිනිමැලය ගහන්න ඕන කරන දර ටිකත් ළඟපාත කැලෙන් හොයා ගන්න පුළුවන්. අලි, වලස්සු, දිවියො වගේ දරුණු සත්තු නැති නිසා එළි පෙහෙලියෙ ඇවිදින්න බය වෙන්න ඕනත් නෑ. ඒ වගේම තමයි හිමිදිරියෙ ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචියයි සිහිල් පින්න ගතට ගේන සුවදායක බවයි ජීවිතේට අමතක වෙන එකකුත් නෑ.

2. පීස්ස ඇල්ල

බිබිල පස්සර පාරෙ ලුණුගල කිට්ටුව තියෙන පීස්ස ඇල්ලෙ මුදුනතත් ලොකු ගල් තලාවකින් හෙබි ලස්සන දිය ඇල්ලක්. දහඅට වංගුව පාරෙන් බිබිල ටවුමට ගිහින් එතන ඉඳන් පස්සර පැත්තට යන ඕනම බස් එකක පීස්ස ඇල්ලට යන්න පුළුවන්. එහෙම නැත්නම් බදුල්ලට ගිහින් එතනින් බිබිල බස් එකකකට ගොඩවෙලා පීස්සට ගියත් අවුලක් නෑ. හැබැයි ඉතින් ප්‍රධාන පාරෙ ඉඳන් පීස්සට යන අතුරු පාර දිගේ නම් කිලෝමීටර පහක් විතර ගම ඇතුලට යන්න ඕන. එහෙම ගියාම තමයි ඇල්ලට යන කැලෑ අඩි පාර හමුවෙන්නෙ.

වැස්ස ගොඩක් වැඩි කාලෙට පීස්සෙ වේල්ල අරින නිසා ටිකක් අයිනට වෙන්න තියෙන ගල් තලාවක ටෙන්ට් එක ගහන එක තමයි හොඳ. ගිණි මැල ගහන්න දරත් ඕන තරම් තියෙනව. හැබැයි ඉතින් වියළි  කලාපෙ විෂකුරු සර්පයො ඉන්න නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොනව වුනත් පීස්ස ඇල්ල මුදුනත මළ හිරු කිරණින් හැඩ වුනාම තියෙන සුන්දරත්වය නම් සැබවින්ම ආශ්වාදජනකයි.

3. බඹර කන්ද

ඔයාල දන්නෙ නැති වුනාට ලංකාවෙ උසම දිය ඇල්ල මුදුනෙත් camping කරන්න පුළුවන්. කොළඹ, බදුල්ල පාරෙ කළුපහන හන්දියෙන් බැහැල වීරකෝන් ගම හරහා කිලෝමීටර පහක් විතර ගියාම තමයි බඹර කන්ද දිය ඇල්ල මුණ ගැහෙන්නෙ. දිය ඇල්ල පාමුල ඉඳන් තවත් කිලෝමීටරයක විතර දුරක් පයිනස් කැලේ මැද්දෙන් බඹර කන්දට නගින්න ඕන.

බඹර කන්ද දිය ඇල්ල උඩ තවත් ලස්සන දිය ඇලි දෙකක් තියෙනව. ඒ විතරක් නෙවෙයි; ටෙන්ට් ගහන්න ඕන තරම් ඉඩත් තියෙනව. හැබැයි ගිනි මැල ගහන්න දර ටිකක් හොයා ගන්න නම් අමාරුවෙයි; මොකද, පයිනස් කැලේනෙ. අනික කන්ද අයිනටම වෙන්න ටෙන්ට් එක ගහන්න යන්නත් එපා. රෑ, පාන්දරට හුළඟ සැර වුනොත් කට්ටිය පිටින්ම ටෙන්ට් එක පල්ලෙහා.

බඹර කන්ද දිය ඇල්ල මුදුනත තියෙන පුළුල් දර්ශන තලය කුළුඳුල් හිරු කිරණින් වගේම මළ හිරු කිරණිනුත් හරි අපූරුවට සැරසෙනව. ඇත්තෙන්ම ඒක නම් හරිම විශ්මයජනක පිහිටීමක්. හැරත් හිමිදිරි මීදුමෙන් හැඩවුනු කඳු මුදුන්වල අපූරුවත්වය විඳගන්න නම් බඹර කන්දෙ රැයක් පහන් කරන්නම ඕන.

4. රාවණා ඇල්ල

වෙනත් ලෝකයකට ගියා වගේ හැඟෙන අද්භූත පිහිටීමක්. හිතාගන්න බැරි තරම් හුදකලා බවක්. පාමුල දි කවදාවත් ඇති වෙන්නෙ නැති අමුතුම සිතුවිලි ගොන්නක් රාවණා ඇල්ල මුදුනට ගියාම ඇති වෙනව කියන එක ඉස්ඉස්සෙල්ලාම යාළුවන්ට ඕන.

ඇල්ල, වැල්ලවාය පාරෙ හමුවෙන 'අඔ වතුයායට' යන පාර දිගේ 'අඹ බංගලාව' වෙනකම් ගිහින් බංගලාව ඉස්සරහ තේ වත්ත මැද්දෙන් වැටිල තියෙන අඩි පාරෙ කෙලවරටම ගියාම තමයි අඔ දණ්ඩේගම ඔය හමු වෙන්නෙ. වතුර අඩු කාලෙට නම් ඔයට බැහැල ඔය දිගේ වුනත් ඇල්ල මුදුනට යන්න පුළුවන්. කොහොම වුනත් ඔය ඉවුර දිගේ තියෙන පුංචි අඩි පාරෙන් ගිහින් යකඩ පාළම ලඟින් ඔයට බැස්ස නම් තමයි හොඳ. එතන ඉඳන් ලේසියෙන් යන්න පුළුවන් පොඩි දුරක් තියෙන්නෙ.

රාවණා ඇල්ල උඩ දෙන්නෙක්ට සුව පහසුව ඉන්න පුළුවන් පොඩි ගල් ගුහාවකුත් තියෙනව. ගිණි අවුලන්න ඕන තරම් දරත් තියෙනව. ටෙන්ට් එකක් ගහන්නම ඕන නම් ඒකටත් ඉඩ තියෙනව. කොහාම වුනත් හිමිදිරි හිරු කිරණ ඇල්ල මුදුනත වට කරගෙන ඉන්න උස ගල් කුළු දෙක පැහැපත් කරද්දි සිහිල් සුළඟ හිතේ දනවන ගුප්ත හැඟිම නම් ආයත් වතාවත් රාවණා ඇල්ල මුදුනට එනවද නැද්ද කියන එක ගැන නම් ඔයාගෙ හිතේ දෙගිඩියාවක් ඇති කරාවි.

5. ලවර්ස් ලීප්

සීතලේ ගැහී ගැහී ජීවිතේ කවදාවත් නොගෙවපු රැයක් ගත කරන්න; ආසයිද කටුකත්වයේ සුන්දරත්වය අත් විඳින්න. හොඳම තැන තමයි නුවර එළිය පිදුරුතලාගල කඳු වැටියෙ පිහිටල තියෙන ලවර්ස් ලීප් දිය ඇල්ල.

නුවර එළිය, හාවා එළිය පාරෙ නාසරත් ෆාර්ම් හංදියෙන් වමට හැරිලා කිලෝමීටර එක හමාරක් විතර ගියාම තමයි ලවර්ස් ලීප් ඇල්ල පාමුලට යන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ඉතින් අතරින් පතර අතුරු පාරවල් තියෙන නිසා කාගෙන් හරි අහගෙන යන්න. ඇල්ල පාමුලට පොඩ්ඩක් මෙපිටින් දකුණු පැත්තට කඳු ආනතිය දිගේ පුංචි අඩි පාරක් තියෙනව. ඒක දිගේ දිය ඇල්ල මුදුනට නගින්න පුළුවන්.

අවාසනාවට දිය ඇල්ල මුදුනත ඉඩ තියෙන්නෙ නම් හත් අට දෙනෙක්ට විතරයි. හැබැයි ටෙන්ට් එකක් ගහනව නම් හතර දෙනෙක්ට ඉන්න පුළුවන් ටෙන්ට් එකක් තමයි ගහන්න වෙන්නෙ. ඉඩ ටිකක් සීමිතයිනේ. අනිත් කාරණය තමයි දර ඕන තරම් තිබුණට අවුල වන්න නම් භූමිතෙල් ටිකක් ඕන වෙයි. නුවර එළියෙ දේශගුණය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.  

මීදුමෙන් වැහිල හිරු කිරණින් දිදුලන නුවර එළිය ටවුමෙත් පුළුල් දර්ශන පථයක දිස්වෙන ඈත කඳු පන්ති වලත් අපූර්වත්වය ලවර්ස් ලීප් ඇල්ල මුදුනට හරි ලස්සනට පෙනුනට මෙතන එක පාරක් කෑම්පින්ග් කරපු කෙනෙක් ආයෙ නොඑන්න හිත හදාගන්නෙ දරා ගන්න බැරි සීතල නිසා වුනොත් තමයි.

6. තාලි කට

මීමුරේ කිව්වාම ලකේ ගලයි, තාලි කටයි, රාස්ස ගල ගැන අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. ස්වභාවධර්මයේ අපූර්වත්වය හිතේ හැටියට විඳගෙන රැයක් පහන් කරන්න කියාපු තැනක් තමයි තාලි කට.

දහඅට වංගුව පාරෙ හුන්නස්ගිරිය පහුකරන් ඉස්සරහට යද්දි නකල්ස් රක්ෂිතයෙ පිවිසුම් මාර්ගය දිගේ තමයි මීමුරේ ගමට යන්න තියෙන්නෙ. හුන්නස්ගිරියෙ ඉඳන් කිලෝමිටර 25ක 30ක විතර දුරක් තියෙනව මීමුරේ ගමට. ගම මැද්දෙන් ගලා යන ඔය පාර රාස්ස ගල පැත්තට ගමන් අරඹන පිම්ම තමයි සුදු පෙණ කැටිවලින් තාලි කට ලස්සන කරන්නෙ.

රැහැයියන්ගෙ තොරතෝංචිය මැද්දෙන් ඉඳල හිටල ඇහෙන බස්සෙක්ගෙ හ්.. ම්… හඬ, මී ගස්වල දැවැන්ත අතු මැද්දෙන් ගල් තලාව එළිය කරන තරු ගොන්න, අමතක නොවෙන කෑම්පින්ග් මතකයකින් ඔයාගෙ මතකය හැඩ කරනව කියන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.

සොබාදහම කියන්නෙ අපි කවුරුත් ආදරය කරන දෙයක්නෙ. ඉතින් ඒක රැක ගන්න එකත් අපේම වගකීමක්. දිය ඇලි උඩ කෑම්පින්ග් කරල ඔයාල ලබන සතුට වගේම ඔයාල ගෙනියන එක දෙයක් වත් දිය ඇලි උඩ නොදා ආවොත් සොබා දහම විතරක් නෙවෙයි සතා සීපාවත් ඔයාලට ආදරය කරාවි. ඉතින් යන හැම කෑම්පින්ග් ගමනකදිම ඒ දේ අමතක නොකරන එක ඔයාලගෙ යුතුකම.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide