මේ “විද්‍යාත්මක” බොරුවලට ඔයත් අහුවුණාද?.

හූනු සාස්තර, කපුටු සාස්තර වගේ දේවල් ගැන දැන් කාලෙ  ගොඩදෙනෙක් එච්චර ලොකුවට හිතන්නෙ නෑ.  ඒත් බර වචන කිපයකුත් එක්ක, සමහර විද්‍යාත්මක සංකල්ප පාවිච්චි කරල ඇදබාන මිත්‍යා මතවලට නම් ගොඩදෙනෙක් අහුවෙන්නෙ දෙපාරක් හිතන්නෙ නැතුවයි. බලන්න මේ වගේ “විද්‍යාත්මක” මිත්‍යා කීයකට ඔයත් අහුවුණාද කියලා.

1. හෙනගහන වෙලාවට මොබයිල් ෆෝන් පාවිචි කරන්න එපා

ඉස්සරහට එන්නෙ වැහි කාලේ. මේ කාලෙට අකුණුවලින් පරෙස්සම්වෙන්න කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. අකුණු ගහන වෙලාවට කුඹුරු, පිට්ටනි වගේ අපට වඩා උස දේවල් නැති තැන්වලින් ගැවසෙන එක, විදුලි උපකරණ පාවිචිය වගේ ම ගෙදර තියෙන වයර් සහිත දුරකථන පාවිචි කරන එකත් අකුණු ගහන වෙලාවට කරන්න හොඳ නැති දේවල් කීපයක්. ඒත් ජංගම දුරකථන හෙවත් මොබයිල් ෆෝන් පාවිච්චි කරන එක නම් මේ නොකළ යුතු දේවල් ගොඩට අයිති වෙන දෙයක් නෙවෙයි.

මේ කතාව මුලින් ම ආවෙ කොහෙන්ද කියල පැහැදිළි නෑ. ඒත් දැන් ලංකාවෙ හැමෝගෙම වගේ අතේ මොබයිල් ෆෝන් එකක් තියනවා වගේ ම අපි ගොඩදෙනෙක් කොයි වෙලාවෙත් ඕක කනේ ගහගෙන තමයි ඉන්නේ. ඉතින් එළිමහන් තැන්වල දී අකුණු අනතුරුවලට ලක් වුණු අය අතෙත් ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එකක් තියෙන්න හොඳටම ඉඩතියෙනවා. ඒත් ඒක අකුණ එක්ක සම්බන්ධයක් නම් නෑ.‍

අකුණක් කියන්නෙ වලාකුළුවල එකතුවෙලා තියෙන ස්ථති විදුලිය භූගත වීමක්. (තේරෙන සිංහලෙන් කියනව නම් අර්ත් වෙන එක. භූගත කීවම නිකං පොළොවෙ වළක් හාරගෙන යනව වගේ නෙ) ඉතින් පොලොවේ උස ම (ඒ කියන්නේ වළාකුළට ළග ම) තැන්වලට තමයි අකුණු ගහන්න වැඩි ඉඩකඩක් තියෙන්නෙ. මේ උස තැන යකඩ, වතුර වගේ විදුලිය ලේසියෙන් විදුලිය ගමන්කරන්න පුළුවන් දේකින් හැදිලා තියෙනව නම් මේ අවදානම තවත් වැඩියි (අපේ ශරීරයෙන් 70%ක් විතර තියෙන්නෙ වතුර නේ) එළිමහනේ ඉන්න එක වගේ ම එළිහමනේ තියෙන කරන්ට්, ටෙලිෆෝන් වයර් වගේ දේවලට සම්බන්ධ උපකරණ පාවිචි කරන එකත් අවදානම් වෙන්නේ මේ නිසයි. ඒත් අපේ අතේ තියන මොබයිල් ෆෝන් එක එහෙම කොහෙටවත් සම්බන්ධ කරල නෑ. රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑනේ. ඉතිං මොබයිල් ෆෝන් පාවිචිය සහ අකුණු අනතුරු අතර කිසි ම සම්බන්ධයක් නෑ; චාර්ජ් වෙන්න ගහල තියෙන අතර ෆෝන් එක පාවිච්චි කරනව නම් ඇරෙන්න. මොකද චාජ්ර් එකට ගහල තියනවා කියන්නෙ කරන්ට් ලයින් එකත් එක්ක කෙලින් ම සම්බන්ධයි කියන එක නේ.

ලංකාවේ පත්තරකාරයෝ (වගේ ම බලන් හිටිය වගේ පත්තරවලට තොරතුරු දෙන පොලිසියත්) ගොඩක් වෙලාවට අලුතින් එන හැම දෙයක් එක්කම වගේ තරහ නිසා මේ මොබයිල් ෆෝන් කතන්දරේ උඩට ගන්නවා ඇති නිවුස් එක විකුණගන්න. කොහෙමත් ඉතිං ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවෙ හමුදාවෙ වැඩකළා කියල දාපු ලංකාවෙ පත්තරවලින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න නරකයි.

2. මුරුක්කු බදිද්දි තෙලට ප්ලාස්ටික් දානවා

මේක නම් ඉන්ටර්නෙට් එක හරහා කාලෙන් කාලෙට ප්‍රචාරය වෙන බොරු අතරට අයිති වෙන එකක්. මැලේසියාව, ඉන්දුනීසියාව පැත්තෙ ස්ට්‍රීට් ෆුඩ් විකුණන කට්ටිය මේ වැඩේ කරනව කියලා තමයි මුලින් ම මේක ප්‍රචාරය වුණේ.

මුරුක්කු විතරක් නෙවෙයි ඕන ම කැමක් හදද්දි ඒකෙ රස/ කල්පැවැත්ම වැඩිවෙන්න එකඑක දේවල් දාන අය ඉන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දාන දේවල් ශරීරයට අහිතකර දේ වෙන්නත් පුළුවන්. (ෂුවර් එකට මේ කතාව ඇහුවට පස්සෙ ඒක අත්හදාබලපු අයත් ඇති)

ඒත් මුරුක්කු වගේ දේවල් පොඟන්නෙ නැතිවෙන්න ප්ලාස්ටික් බොතල් තෙලට දාන එක නම් කවුරුවත් කරනව කියල හිතන්න අමාරුයි; මොකද ඒක ඒ විදියට වැඩකරන්නෙ නැති නිසා.

සාමාන්‍යයෙන් බිම බොතල් වගේ දේවල් හදන්න ගන්න PET ප්ලාස්ටික් උණුවෙන්නේ සෙල්සියස් 260 තරම් ඉහළ උෂ්ණත්වයක දි. ඒත් අපි උයන්න පාවිච්චි කරන කිසිම තෙල් වර්ගයක් එච්චර රත්කරන්න බැ; වාෂ්ප වෙනවා. කොහොමත් ඒ වගේ උෂ්ණත්වයකට රත් කළොත් මුරුක්කු නෙවෙයි අඟුරු තමයි කන්න වෙන්නෙ.

3. පෙට්රල් ෂෙඩ්වලදි ෆෝන් ඕෆ් කරන්න

ඉස්කෝලෙ උගන්වන හැම දේම ඇත්ත නෙවෙයි වගේ ම, හැම ෂෙඩ් එකේ ම ලස්සනට ප්‍රින්ට් කරලා ගහලා තිබුණට මේකත් කිසිම තේරුමක් තියන කතාවක් නෙවෙයි. ඇත්තට ම ලංකාවෙ විතරක් නෙවෙයි, මේ කතාවත් ලෝකෙ පුරා ගොඩක් දෙනෙක් ඇත්ත කියල හිතාගෙන ඉන්න එකක්.

පෙට්රල් ෂෙඩ් කියන්නෙ වහා ගිනිගන්නාසුලු තැන් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඉතින් සිගරැට්, ගිනිපෙට්ටි වගේ දේවල් මේ වගේ තැන්වල පාවිචි කරන්න එපා කියන එකේ තේරුමක් තියනවා. ඒත් මොබයිල් ෆෝන්?

මොබයිල් ෆෝන් එකක තියෙන ගිනිඇවිලෙනසුළු ගතිය මොකක්ද කියල නම් හිතාගන්නත් අමාරුයි. එහෙම සම්බන්ධයක් කවුරුත් විද්‍යාත්මක ව තහවුරු කරලත් නෑ. සමහරු කියනවා ෆෝන් එකේ බැටරිය බුරුල්වෙලා පොඩි ස්පාක් එකක් ආවෙත් ඒකෙන් ගින්නක් ඇතිවෙන්න පුළුවන් කියලා. මේක න්‍යායාත්මක ව නම් වෙන්න පුළුවන්. ඒත් ඉතිං න්‍යායාත්මක ව නම් මගෙ ඔළුව උඩට උල්කාපාතයක් කඩාවැටෙන්නත් පුළුවන්. අනිත් අතට ෆෝන් බැටරියට වඩා ගොඩක් ලොකු බැටරියක් වාහනේ තියනවනේ.

හැබැයි ඉතිං තෙල් ගහන අතරෙ ෆෝන් එකේ එල්ලිලා ඉන් නැතුව පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එකෙන්, තෙල් ගහන කෙනා ඔයාගෙ ඇහැ වහල අඩුවෙන් තෙල් ගහන්න එහෙම තියෙන ඉඩකඩ නම් අඩුකරගන්න පුළුවන්.

4. හුළං බලෙන්/ වතුරෙන් දුවන කාර්

කාලෙන් කාලෙට මේ වගේ ‘විශ්මිත විද්‍යාඥයෝ’ අපේ රටෙන් මතු වෙනවා. කලින්  කීව වගේ අපේ පත්තර? ටීවී හරිම වගකීමෙන් වැඩකරන නිසා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පොල් ගෙඩි අකුරුවලින් මේවා දානවා. ෆේස්බුක් එකේ එකසිය ගාණට කොමෙන්ට් වැටෙනවා මේ වගේ “කැලේ පිපෙන මල්වලට” අත නොදෙන ආණ්ඩුවලට බැනලා එහෙම.

ඒත් මෑත කාලේ ආපු මේ වර්ගයේ හැම නිර්මාණයක් ම වගේ හදපු “විද්‍යාඥයන්ට” තිබුණ “දක්ෂතාව” තමයි භෞතික විද්‍යාවේ මූලික මූලධර්ම ගැන තියනෙ නොදැනුවත්කම. ශක්ති සංස්ථිතිය නියමයට අනුව ශක්තිය මවන්නවත් විනාශ කරන්න වත් බෑ; කරන්න පුළුවන් එක ශක්තියක් තවත් ශක්තියකට පරිවර්තනය කරන එක. හැබැයි එහෙම පරිවර්තනය කරද්දි  හැමතිස්සෙ ම වගේ ශක්ති හානියකුත් වෙනවා.

මේ හුළං බලෙන් යනව කියන කාර් එකේ වෙන්නෙ කාර් එක ඉස්සරහට යද්දි එන හුළගෙන් ටර්බයින් කැරකිලා බැටරි එක චාජ් වෙන එක. වතුරෙන් දුවන කාර් එකේ වෙන්නෙ විද්‍යුත් විච්ඡේදනයෙන් වතුර හයිඩ්‍රජන් සහ ඔක්සිජන්වලට වෙන්කරලා ඒ හයිඩ්‍රජන් වලින් එන්ජිම ක්‍රියාත්මක වෙන එක. (මේක නම් ඊටත් වඩා ගල්පැලෙන බොරුවක් වගේ, “පෙට්රල් වාෂ්පත්” ඕනලු හයිඩ්‍රජන්වල “ශක්තිය අඩුකරන්න”)

මේ වගේ සදාතන යන්ත්‍ර හෙවත් Perpetual Machine හදන්න මිනිස්සු අවුරුදු සියගාණක් තිස්සෙ උත්සාහ කරනවා. ඒත් කලින් කීව වගේ භෞතික විද්‍යාවේ මූලික නියමයන්ට අනුව මේක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හුළගෙන් ටර්බයින් එකක් කරකවනවා කියන්නෙ ඒකෙන් වාහනේ ඉදිරියට යද්දි අමතර ප්‍රතිරෝධයක් ඇතිවෙනවා. ඉතිං ටර්බයින් එකෙන් හැදෙනවට වඩා වැඩි විදුලියක් වැයවෙනවා මේ ප්‍රතිරෝධයට මුහුණ දීගෙන වාහනය ඉස්සර යද්දි. වතුර විද්‍යුත් විච්ඡේදනයට වැයවෙන විදුලිය ගැනත් කියන්න තියෙන්නෙ මේක ම තමයි. ඒ විදුලියෙන් කෙලින් ම මෝටරයක් කැරකෙව්ව නම් ඒක මීට වඩා කාර්යක්ෂමයි.

කොටින් ම මේක වැඩකරනව නම් කරන්න තියෙන ලේසිය දේ තමයි මෝටරයකින් ටර්යිබන් එක කරකවලා, ඒ ටර්බයින් එකෙන් හැදෙන විදුලියෙන් ආපහු මෝටරේ කරකවන එක. ඒත් ලංකාවේ පත්තරකාරයෝ සහ ෆේස්බුක් එකේ ඉන්න සමහරු අහු වුණාට දැන් මේට කොණ්ඩෙ බැඳපු චීන්නුවත් අහුවෙන්නෙ නෑ.

5. කල් ඉකුත්වන දිනය

මෙහෙමයි, ගොඩක් කෑම වර්ග පරණ වෙද්දි රස ගුණ අඩුවෙන්න පුළුවන්. (ගොඩක් ඇල්කොහොල් වර්ග නම් මේක අනිත් පැත්ත: පරණ වෙන්න වෙන්න තමයි හොඳ) ඒත් පැකට්වල ගහල තියෙන කල් ඉකුත්වන දිනය දේව වාක්‍යක් වගේ විශ්වාස කරන එක නම් ටිකක් මෝඩ වැඩක්. සමහරු හිතනවා එක්ස්පයර් ඩේට් එක පැනපු කෑම කෑවොත් බඩේ අමාරුව හැදෙයි, ලෙඩවෙයි කියලා. ඒත් කල් ඉකුත්වීමේ දිනය සහ කෑම විෂ වීම අතර සම්බන්ධයක් ඇත්තෙම නැති තරම්.

ඇමරිකාව වගේ රටවල නම් කල් ඉකුත්වීමේ දිනයක් පැකට් එකේ ගහල තියෙන්න ම ඕන කියල නීතියකුත් නෑ. ගොඩක් නිෂ්පාදනයෝ ස්වේච්ඡාවෙන් කල්ඉකුත් වීමේ දින පැකට් එකේ ගහන්නේ තමන්ගේ නිෂ්පාදනවල නැවුම් බව පෙන්වන  වෙළඳ උපක්‍රමයක් හැටියටයි.

කල් ඉකුත් වීමේ දිනය පැනල තිබුණත් අමුතු ගඳක් අමුතු රසක් එන්නෙ නැත්නම්, ඒ කියන්නෙ නරක් වුණ පාටක් පේන නැත්නම් ඒක කන එකේ කිසි ම අවුලක් නෑ. අනිත් අතට ප්‍රවාහනය කරන විදිය, ගබඩාකරන විදිය වගේ ම නිෂ්පාදනයේ දි වෙන අඩුපාඩු නිසාත් කල් ඉකුත්වීමේ දිනයට කලින් කෑම නරක් වෙන්නත් පුළුවන්. ඒ ඇරෙන්න කෑම නරක් වෙන දවස කල් ඇතුව  හරියට ම කියන්න කාටවත් බෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide