පඩි ආවා.. හවසට සෙට් වෙමුද යාලුවනේ! රු. 500 ගාණෙ දාලා අඩියක් ගහන්න කියාපු රෙස්ටුරන්ට් 9ක්.

මාසෙ පඩිය ආවාම පොඩි පොඩියට හරි සෙට් වෙන පුරුද්දක් අපිට තියෙනවනෙ. වෙන දෙයකට නෙවෙයි යාලුවො ටික මුණ ගැහිලා ආගිය තොරතුරු ටිකක් කතා බහ කරන්න. හැබැයි ඉතින් ඔය වැඩේට දාස් ගණන් වියදම් කරන්නත් බෑ. මොකද මාසෙ වියදමට පඩිය ඉතුරු කර ගන්නත් එපැයි.

කොහොම වුනත් සෙට් වෙන දවසට නම් බඹර පදමට ගහල සිංදුවක් එහෙමත් කියල සතුටින් ගෙදර ගියේ නැත්නම් වැඩක් නෑ. අපි මේ කියන්නෙ කරටි කැඩෙන්න ගහල කබරය දාගෙන ගෙදර යන අවසානයක් ගැන නෙවෙයි. හැමෝම සතුටින් විසිර යන අවසානයක් ගැන.

හැබැයි ඉතින් ඒ වගේ අවසානයක් සනිටුහන් කරන්න, කියාපු තැනක් තියෙන්නත් ඕනනෙ. හැරත් වියදම් අඩු වෙන්නත් ඕන. අන්න ඒ නිසයි  සුපිරි බයිට් එකක් එක්ක පොඩි අඩියක් තොල ගාන ගමන් යාලුවොත් එක්ක නිදහසේ කතා බහක් දාන්න, සංගීතය රස විඳින්න වගේම බඩ පිරෙන්න කෑම ටිකක් කන්නත් කියාපු රෙස්ටුරන්ට් 10ක් ගැන අපි ඔයාලට කියන්න හිතුවෙ.

ඒත් මතක තියා ගන්න, මේ තැන් වල වියදම ටිකක් අඩු නිසා ගෙනාපු ගාණ ඉවර වෙනකම් බොනව එහෙම නෙවෙයි.

1. Vespa Sports Club

කොල්ලුපිටිය සී ඇවිනියු එකේ තියෙන වෙස්පා ස්පෝට්ස් ක්ලබ් එකත් අතේ තියෙන ගාණට සෙට් වෙන්න මරු තැනක්. බ්‍රවුන්ස් එකට වඩා නම් ගණන් පොඩ්ඩක් වැඩියි. ඒත් බයිට් නම් පංකාදු පහයි. මෙතන අරක්කු රුපියල් දෙතුන් සීයකින් වැඩි වුනාට බියර් නම් වැඩි වෙන්නෙ රු. 50කින් 100කින් තමයි. රයිස් එකක් ගන්නව රු. 500ක් 600ක් විතර වුනාට දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න පුලුවන්නෙ. ඒ හැරුණාම රු. 400ට 500ට පොඩි පොඩි බයිට් ප්ලේටුත් තියෙනව, කට ගැස්මට සුපිරි. වෙස්පා රෙස්ටුරන්ට් එකේ නම් එළිමහනෙත් හොඳට ඉඩ කඩ තියෙනව. ඒ නිසා හිතේ හැටියට කතා බහක් දාන්න පුලුවන්. ඕන නම් පොඩියට සිංදුවක් කියන්නත් බැරියැ.

2. Randoli Sports Club

නියම බජට් රෙස්ටුරන්ට් එකක්. හතර දෙනෙක් රු. 500 ගාණෙ දැම්ම නම් හිතේ හැටියට බොන්න පුලුවන්. මොකද මෙයාලගෙ බයිට් ප්ලේට් සෑහෙන්න ලොකුයි. බයිට් එක ඩයට් එක කර ගත්තෙ නැත්නම් බෝතලයක් ගහන්න පුලුවන් තරම්. සේවාවත් සුපිරියටම තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. අරක්කු වල ගණනුත් ලොකුවට වැඩි නෑ. උපරිම වුනොත් බෝතලයක් රු. 200කින් 300කින් වැඩි වෙයි. ඔය ඔක්කොමත් හරි මෙයාලගෙ කෑමත් හරි. පට්ට රස රයිස් එකක්, චොප්සියක් රස බලන්නත් රන්දෝලි එක නියමයි. හැබැයි ඉතින් පොඩි අවුලක් තියෙනව, ලොකු කට්ටියකට සෙට් වෙන්න ඉඩ ටිකක් මදි. මොනව කරන්නද ඉතින් හොඳම යාලුවො ටිකට විතරක් කතා කරගෙන යන්න. කියන්න බැරි වුනානෙ මේක තියෙන්නෙ හැව්ලොක් ටවුන් වල කිරුල පාරෙ.

3. Mintage Restaurant & Pub

බොරැල්ල කින්සි පාරෙ තියෙන මින්ටේජ් රෙස්ටුරන්ට් එක අඩියක් ගහන්න කෙසේ වෙතත් පැල් බැඳගෙන බයිට් කන්න නම් කියාපු තැන. මොන දෙයක් නිසාද කියල හිතා ගන්න බෑ මෙයාලගෙ බයිට් වගේම කෑමත් පට්ට රසයි. ප්ලේට් එකක් රු. 600ක් 700ක් වුනාට දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න පුලුවන් සයිස්. හතර දෙනෙක්ට නම් බෝතලයක් හිස් කරන්න පුලුවන්. අරක්කුත් බාර් එකේ ගාණට වඩා රුපියල් දෙතුන් සීයකින් තමයි වැඩි. සේවාවත් හොඳටම තියෙනව. හැරත් අත පය දිග ඇරල ඉන්න ඉඩ තියෙනවනෙ.

4. Lion Pub 

සිංහ කටෙන් ඇතුල් වෙලා සිංහයො වගේ සිංහ පානයට සව්දිය පුරන්න, යන්න ගල්කිස්සෙ ලයන් පබ් එකට. එළිමහනෙ නම් එළිමහනෙ, ඇතුලෙ නම් ඇතුලෙ. හැබැයි කොහේ හිටියත් සේවාවෙ වෙනසක් නෑ. මෙයාල ලඟත් අරක්කු නම් රු. 200කින් 300කින් වැඩියි. හැබැයි බයිට්, කෑම නම් පොකට් එකේ ගාණට. ලොකු හොට් බටර් කට්ල් ෆිෂ් දීසියක් රු. 500ක් වගේ වෙන්නෙ. ෆ්‍රයිඩ් රයිස්, ස්පැගටි පිඟානක් තුන් දෙනෙක්ට ඇති. ලොකු ගාණකුත් නෑ. රු. 600ක් 700ක් වෙයි උපරිම. ලයන් පබ් එකේ තියෙන විශේෂත්වය තමයි ලොකු සෙට් එකකට සෙට් වෙන්න වගේම හිතේ හැටියට කතා බහක් දාන්නත් ඕන තරම් ඉඩ පහසුකම් තියෙන එක. ඒ නිසා යාලුවො තරහ කරගන්නෙ නැතුව සෙට් වෙන්නත් පුලුවන්.

5. Machang

අමුතුවෙන් කියන්න ඕනත් නෑ, කට්ටිය හොඳට දන්නවනෙ මචං එක ගැන. ඒ වුනාට හැම මචං එකම නම් සුපිරි නෑ. මම දන්න විදියට කොස්වත්ත, නාවල, කඩුවෙල මචං අවන්හල් මරේ මරු. ඒත් පන්නිපිටිය එහෙම ටිකක් අවුල්. එතකොට ගාලු පාරෙ තියෙන ඒව නම් කොහොමද දන්නෙ නෑ. ඒ නිසා හරියටම දැනගෙන ඕන යන්න. මෙයාලගෙ වොක් කොත්තුව, පෝර්ක් බයිට් එහෙම නම් කාපු කෙනෙක්ට අමතක වෙන්නෙ නැති ගාණයි. බාගයක් නැත්නම් ලොකු බියර් මග් දෙක තුනක් වුනත් හිස් කරන්න පුලුවන්. ඒ වගේම තමයි මෙයාලගෙ සේවාවත්. නියම මචංල සෙට් එකක්නෙ සේවාව දෙන්න ඉන්නෙ, ඉතින් ඉල්ලන පරක්කුව විතරයි. අරක්කු නම් රුපියල් තුන් හාර සීයකින් ගණන් වැඩියි. හොඳම වැඩේ තමයි බියර් වලට සෙට් වෙන එක. බඩ කටත් හොඳ හැටි පුරව ගෙන මද පවනෙ ගෙදර යන්න පුලුවන්.

6. The Station

දෙහිවල ස්ටේෂන් එකෙන් බහින කට්ටිය වගේම දෙහිවල පැත්තෙ ඉන්න කට්ටියත් නිතර දෙවේලෙ ගොඩ වෙන රෙස්ටුරන්ට් එකක් තමයි ද ස්ටේෂන් එක. මෙයාල ලඟ අරක්කු බියර් රු. දෙතුන් සීයකින් වැඩි වුනාට බයිට් වලයි කෑම වලයි රස අතින් ගත්තාම නම් පාඩුවක් නෑ. කටට සැරට වගේම නියම රසට හැදිලා උණු උණුවෙම මේසෙට එන ද ස්ටේෂන් එකේ බයිට් ප්ලේට් එකක් සාමාන්‍යයන් බාගයක් හිස් කරන්න පුලුවන් තරමට තියෙනව. හැබැයි රයිස්, නූඩ්ල්ස් එහෙම නම් පොඩ්ඩක් පොඩියි. ඒ වුනාට මුහුදු හුලං ටිකක් වැදි වැදි පොඩි සිංදුවකුත් කියාගෙන තාලෙට මේසෙකට තට්ටු කරල පොඩි ආතල් එකක් ගන්න නම් කියාපු තැන.

7. Government Service Sports Club

සෙට් වෙනව නම් මෙන්න තැන් කිව්වලු. එළිමහනට වෙලා පාඩුවෙ ඉඳගෙන කතා බහකුත් දාන ගමන්නම අඩියක් ගහන්න පුලුවන්. පොඩි අවුලකට තියෙන්නෙ හවස් වෙද්දි මදුරුවො කනව කනව වගේ දැනෙන එක තමයි. හැබැයි ඊට කලින් දෙකක් දාගත්ත නම් ඒ ප්‍රශ්නෙත් නෑ. කොළඹ පැත්තෙ හොඳම හැඳැල්ලො බයිට් එක ගන්න තියෙන්නෙ මෙයාල ලඟ කියල කතාවකුත් තියෙනව. ගොඩක් දුරට ඇත්ත වෙන්න පුලුවන්. මොකද මමත් කාපු රසම හැඳැල්ලො බයිට් එක තිබුණෙ මෙයාල ලඟ. ඒ හැරුණාම පට්ට රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුත් තියෙනව. තුන් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුලුවන්. ගොඩක් බයිට් රු. 500ට අඩුයි. අරක්කු බියර් එහෙමත් රු. 100කින් 200කින් තමයි වැඩි වෙන්නෙ. ඇත්තටම හැව්ලොක් ටවුන් බේස් ලයින් පාරෙ තියෙන ගවන්මන්ට් ස්පෝට්ස් ක්ලබ් එක නම් අතේ තියෙන ගාණට අඩියක් ගහන්න කියාපු තැනක් තමයි.

8. Ex-Servicemen’s Institute Bar

රු. 500ක් අතේ තියාගෙන තනියෙන් වුනත් බය නැතුව යන්න පුලුවන් ප්ලේස් එකක් තමයි කොටුව බ්‍රිස්ටල් පාරෙ ඉන්ස්ටිටියුට් බාර් එක. බාගයක් ගහන්න පුලුවන් තරමෙ ලොකු බයිට් ප්ලේට් එකක් රු. 300ක්, 400ක් වෙන්නෙ. කාලක් රු. 300ක් වෙයි. නියමයි නේ. හැබැයි ඉතින් අපි කියන්නෙ යාලුවන්ට සෙට් වෙන්න තැන් නෙ. ඒ නිසා කිසිම අවුලක් නැතුව බෝතලයක්ම අරගෙන ඇති පදමට බොන්න පුලුවන්. කටට සැරට හැදෙන බයිට් නිසා ප්ලේට් 2ක් ගත්ත නම් ඇති. හැබැයි ඉතින් අපි කලින් කියපු තැන් දෙක තුනක වගේම මෙතනත් එළිමහන් ඉඩක් නැති ප්‍රශ්නය නම් තියෙනව.

9. New Colonial Hotel

මේකත් තියෙන්නෙ කොටුවෙ, ඕල්කට් මාවතේ. පරණ බාර් එකක් නිසා අංකල්ල තමයි වැඩි හරියක්ම එන්නෙ. පොඩි ඉඩ ප්‍රශ්නයක් නම් තියෙනව. ඒ වුනාට බයිට් වල රසයි අරක්කු වල ගණනුයි එක්ක බැලුවාම නම් පාඩුවකුත් නෑ. හොඳ සැරට හැදෙන බයිට් ප්ලේට් එකක් රු. 300ක් 400ක් වගේ තමයි වෙන්නෙ. අරක්කුත් බාර් එකේ ගාණට වඩා රු. 200ක් වැඩි වෙයි උපරිම. හැබැයි ඉතින් උපරිම නිදහසක් තියෙන තැනක් නම් නෙවෙයි. දන්නවනෙ පප්පල ෂොට් එකක් දැම්මාම කියවන කියවිල්ල.

අපි මේ කිව්වට, ඔයාල මෙන්න මේක මතක තියා ගන්න. තමන්ගෙ නැත්නම් යාලුවො සෙට් එකේ සතුටට පොඩි අඩියක් ගැහුවට අනිත් අයගෙ සතුටට බාධා කරන්න එපා. අන්න එතකොට ඔය වැඩේ නරක පැත්ත දෙගුණ තෙගුණ වෙනව.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide