සිකුරාදා දිහාවට පොත් ප්‍රදර්ශනය බලන්න යනවනම් අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන කරුණු 10ක්.

සැප්තැම්බර් මාසේ කිව්වම මොනවත් ලොකු දෙයක් සිද්ධවෙන මාසයක්ද මන්ද… මීටර් වෙන්න තරං දෙයක් තියෙනවද? අප්පට සිරි. තියෙනව නේන්නං. ඇයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ!

දන්න තරමින් ලංකාවේ විශාලම තනි ප්‍රදර්ශනය මේකනේ. අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ නේ හැම අවුරුද්දෙම මේකට එන සෙනග. වෙලාවකට “මෙච්චර පොත් කියවනවද අප්පා මේ රටේ?” කියලත් හිතෙනවා. නැත්තං අර සැරයක් ජයලාල් රෝහණ මහත්මයා මතක් කළා වගේ ”පප්කාන්’ කන්න එන මිනිස්සුද මන්ද. කොහොමහරි ඔබ පොත්ගුල්ලෙක් වුනත්, පොප්කෝන් කන්න ගියත්, මේක කියවල ගියානං අමාරුවේ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියල අපි හිතනවා. මොකද අවුරුදු ගාණක් තිස්සෙ සැලසුම් නොකර ගිහිල්ල කාපු කටුවලින් පාඩම් ඉගෙනගෙන තමයි මේ කියන්නෙ.

 

 

1.  යන්නේ මොකටද කියල මුලින්ම තීරණය කරන්න

මේක ටිකක් පිස්සු කතාවක් වගේ හිතෙන්න පුළුවන් ඒ වුනාට පොඩ්ඩක් අහන්න. පොත් ප්‍රදර්ශනය කියන්නෙ ලොකු තැනක සිද්ධ වෙන ලොකු වැඩක්. ඒ වගේම බලන්න දේවලුත් ගොඩක් තියෙනවා. ඔබ පොත් බලන්න නං යන්නේ ඔබ ඊළඟට හිතන්න ඕනෙ කඩෙන් කඩේට පොත් බල බල හිතිච්ච පොතක් ගන්නවද, නැත්තං විශේෂ පොතක් දෙකක් හිතේ තියාගෙන ඒවා හොයන්න යනවද කියල. ඔබ හැම කඩේකම බලනවද නැත්තං හිත ගත්තු කඩ කිහිපයක විතරද බලන්නේ? පොප්කෝන් එකකුයි නුඩ්ල්ස් කෝප්පෙකුයි කන්න විතර නං යන්නේ, එකත් හිතන්න ඕනේ. අරමුණ අනුව ඔබ යන්න ඕනේ ශාලා, කඩ, ඇවිදින දුර ප්‍රමාණය, අතේ ගෙනියන්න වෙන බඩු තොගේ, යන්න ඕනෙ දවස වගේ දේවල් සැහෙන්න වෙනස් වෙනවා. ඒක හින්ද යන අරමුණ හොඳට පැහැදිලි කරගෙන යන්න.

 

2. පොත් ලැයිස්තුවක් හදාගන්න

ඔබට ගන්න අවශ්‍ය විශේෂ පොත් වගයක් තියෙනවනං ඔක්කොම ලැයිස්තුවක ලියල තියන්න. කොලේක ප්‍රින්ට් කරලා ගත්තනං වඩාත් හොඳයි කියල තමයි අපි හිතන්නේ. හැබැයි අඩුම ගානේ ස්මාට්ෆෝන් එකක් තියෙනවානං ඒකෙ වත් කොටලා තියාගන්න. මේකෙන් ඔයාලට අත්‍යාවශ්‍ය පොතක් අතපසු වෙන්නෙත් නෑ, තමන්ට හොයාගන්න බැරිවුනත් කඩේ කාටහරි ලැයිස්තුව පෙන්නලා උදව්වක් ගන්න පුළුවන්. එක්කෝ හොයල දෙයි, නැත්තං තියෙන තැනක් ගැන කියයි. කාටත් ලේසියී.

 

3. බජට් එක

මේක බොහොම වැදගත්. ඔය සාක්කුව හිස් වෙනකං පොත් අරගෙන කන්නත් නැතුව ගෙදරටම ඇවිදින්න වෙච්ච කට්ටියගෙන් අහගත්තානං. (අපිට? නෑ නෑ අපිට එහෙම වෙලා නැහැ. එහෙම වෙච්ච කට්ටිය අපි දන්නව විතරයි. හිකිස්…) පොත් වලට ආස මනුස්සයෙකුට පොත් ප්‍රදර්ශනේ කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක්. ඕන තරං පොත් තියෙනව තමයි. ඒත් ඒවා නිකං දෙන්නේ නෑ නේ. ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය සිහියේ තියාගෙන යන්න. කන්න, ආපහු ගෙදර යන්න වගේ ඒවටත් සල්ලි වියදම් වෙනවා කියල මතක තියාගන්න. පොත් ප්‍රදර්ශනෙන් පස්සෙ, ගත්තු පොත් කියෙව්වයින් පස්සෙ ජිවිතයක් තියෙනව කියලත් මතක් කරගන්න. පොත් වලටම බැංකු පොත හිස්කරගන්නවා නෙමයි ඔන්න. සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවෙ ATM එකක් තියෙන හින්ද ඒක එච්චර අමාරු දෙයක් නෙමයි.

 

4. දිනය

මේ පාර පොත් ප්‍රදර්ශනය තියෙන්නෙ 16 ඉඳල 25 වෙනකං. ඒ කියන්නෙ පෝය සිකුරාදා ඉඳල සතියකුත් ගිහිල්ල ඊට පස්සෙ ඉරිදා තමයි ඉවර වෙන්නෙ. ඒ කියන්නෙ නිවාඩු දවස් පහක් (16-18, 24-25) සහ වැඩකරන සතියේ දවස් පහක් (19-23) වැටිලා තියෙන්නේ. පුළුවන් තරම් උදෙන් යන්න. අව්වයි, සෙනගයි ටිකක් හරි අඩුවෙයි. සතියේ දවසක උදේ යන්න පුළුවන් වුනොත් සෙනග තවත් අඩුවෙයි කියල අපි හිතනවා. සාමාන්‍යයෙන් පලවෙනි දවසේ ටිකක් සෙනග අඩුයි. පහුවෙන්න පහුවෙන්න පොත් විකිණෙන හින්ද ඉක්මනට යන එක වටිනවා. හැබැයි අන්තිම දවස්වල තොග ඉවරකරගන්න සමහර වෙලාවට ලොකු ලොකු ඩිස්කවුන්ට් දෙනවත් අපි දැකල තියෙනවා. සාමාන්‍යයෙන් දෙසරයක්වත් යන්න වෙනවා පොත් ගන්න නං. එක සැරයක් පොත් තියෙන තැන් බලාගෙන දෙවනි සැරේ ගියාම ගන්න. පලවෙනි දවසේ ගිය කෙනෙක්ගෙන් විස්තර දැනගන්න පුලුවන්නං දෙවනි දවසේ ගියත් කමක් නැහැ. ටිකක් හිතල ඔබට යන්න සුදුසුම දවස හොයාගන්න.

 

5. ආම්පන්න

පොත් ප්‍රදර්ශනේට යනවා කියන්නෙ ඔය වෙන ප්‍රදර්ශන වලට වගේ අත් දෙක වන වන ගිහිල්ල එන දෙයක් නෙමෙයි. මේක අපේ බුද්ධික ගිහිල්ල, ලියල තියෙන කඳු, කැලෑවල හයික් එකක් වගේ හොඳට ලැස්ති වෙලා යන්න ඕනෙ තැනක්.

 

ඇඳුම –  පුළුවන් තරං ඇඟට පහසු ඇඳුමක් අඳින්න. ඔය ටයි කෝට්, සාරි බාරි ඔතාගෙන යන්න එපා. ලස්සන බලාගෙන ඇඳුම් ඇඳගෙන යන්න මහන්සි වෙන්නත් ඕනෙ නැහැ. මෙතන සෙනග අස්සේ, හුඟක් වෙලා හිටගෙන, ඇවිදගෙන, පොඩි ඉඩවල් අස්සේ තෙරපීගෙන, රස්නෙට දාඩිය දාගෙන,  සමහරවිට බර උස්සගෙන යන්න වෙන්නෙ. ඉතින් ඒවාට ඔරොත්තු දෙන, පොඩි වුනාට දුක නැති, තමන්ටත් පහසු ඇඳුමක් ඇඳගෙන යන්න. ඇවිදින්න ලේසි පාවහන් දාගෙන එන්නත් අමතක කරන්න එපා. එළිමහනේ ඇවිදින්න තියෙන වෙලාවලට කුඩයක්, හිස්වැසුමක්, අව්කණ්නාඩියක් අරගෙන යන්න.

 

 

බෑග් – ගන්න පොත් දාගෙන එන්නත් විදියක් තියෙන්න එපැයි. අතලොස්සක් කඩවල් වලින් හොඳ හයිය රෙදි හෝ ප්ලාස්ටික් බෑග් දෙන්න පුළුවන්. ඒත් හුඟක් වෙලාවට ලැබෙන්නේ හැමදාම ලැබෙන සිලි සිලි බෑග්ම තමයි. ඕව අඩුම ගානේ පැය ගණන් අතේ එල්ලෙන කොට ඇඟිලිවලට රිදෙනවා, වැඩිම උනොත් බරට ඔරොත්තු නොදී ඉරිලා ගත්තුවා ඔක්කොම බිම අතාරියි. මල කෙලියයි. ඒක හින්ද තරමක ලොකු ට්‍රැවලින්ග් බෑග් එකක් හරි පිටේ දාගෙන යන්න, බැක්පැක් එකක් ගෙනාවනං හොඳයි. අපේ මනාපෙ නං බැක්පැක් එකට. මොකද එතකොට අත් දෙක නිදහස් හින්ද. බජට් එකයි පොත් ලයිස්තුවයි බලල, ගන්න පොත් ප්‍රමාණය අනුමාන කරලා, අවශ්‍ය සයිස් එක තීරණය කරන්න.

 

 

කෑම බිම – ප්‍රදර්ශනේ කෑම බිම ගන්න පුළුවන් තැන් තියෙනව තමයි. එත් ඒවා මතම බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. හදිසියේ පිපාසයක් හරි බඩගින්නක් හරි ආවොත් ළඟපාත කෑමක් බිමක් ගන්න තැනක් නැතිවෙන්න පුළුවන්. බිස්කට් පැකට් එකක් හරි අරගෙන එන්න. අනිවාර්යයෙන් වතුර එකක් නං එතනින් අරගෙන හරි ළඟ තියාගන්න. රස්නෙට, මහන්සියට අනිවා විජලනය වෙනවා. පුළුවන් හැම වෙලාවකම වතුර ඉවරවුනොත් අලුතෙන් ගන්න.

 

 

බෙහෙත් – ඔබට අවශ්‍ය විශේෂ බෙහෙත් තියෙනවනං ඒවා ගෙනියන්න. ඒ නැතත් ඔලුව කැක්කුමට, බඩ දැවිල්ලට වගේ සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් අමාරු වලට බෙහෙත් ළඟ තියාගෙන ගියානං හොඳයි.

 

 

වාහනේ – ඔබ පොදු ප්‍රවාහනය සේවයක් භාවිත කරන්නෙක් නං ලොකු බෑග් එකක් ගෙනියන්න පුළුවන් වෙලාවක් අල්ලල යන්න බලන්න බලන්න. ඔබේම වාහනයකින් එනවා නං පරක්කු වෙන තරමට පාකිං ප්‍රශ්නයක් වෙනවාමයි.

හැබැයි මේකට වෙන විසඳුමකුත් තියෙනවා. ඔයගොල්ලෝ PickMe එකේ වාහනයකින් ආවොත් කෙලින්ම ප්‍රදර්ශනේ දොර ගාවටම බස්සල යන්න ඒගොල්ලොන්ට පුළුවන්.

 

6. පො.කා.ස. (පොත් ගැනීමේ කාර්ය සහායක)

තනියම ප්‍රදර්ශනේ වටේ ඇවිදින එකේ ආතල් එකක් නැතුවම නෙමෙයි. ඒ වුනාට ඔය මහා විසාල ඉඩ වටේ තනියම කරක් ගහනවා කියන එක වෙලා ගත වෙනකොට මාර බොරින් වෙනවා, කොච්චර හොඳ පොත් තිබ්බත් වැඩක් නෑ. ඉතින් කයියක් දාගෙන ඕක වටේ යන්න තමන් එක්ක කට්ටිය හිටියනං හොඳයි. පාලුවට විතරක් නෙමෙයි. මොකක්හරි අපහසුවක් වුනොත් තව කවුරුහරි උදව්වට ඉන්න එක හොඳයි නේ. අඩුම ගානේ ගත්තු පොත්වල බර බෙදාගන්නවත්.

හැබැයි වැඩේට හරියන මනුස්සයෝ තෝරාගන්න. පොත්ගුල්ලෝ පොත්ගුල්ලෝම තෝරාගන්න. නැත්තං පොප්කෝන් කන්න ආපු අය ඔයා පොත් බලන කාලේ නාස්තියක් කියල කෙඳිරි ගායි. පොප්කෝන් කන්න ආපු අය, පොප්කෝන් කන්න ආපු අයම තෝරාගන්න, මොකද පොත්ගුල්ලෝ හැම කඩේම නැවතිලා පොත් බලනකොට ඔයාලට ඇවිදින්න වෙන්නෙ නැහැ.

 

 

7. සැලසුමකට වැඩකරන්න

එදිනෙදා ජිවිතයට විතරක් නෙමෙයි, පොත් ප්‍රදර්ශනේටත් හොඳ උපදේශයක්. ශාලාවට ආපු ගමන් ඇවිදින්න පටන් ගන්න එපා. දොරටුවෙන් අතට සිතියමක් දෙනවා. ඒක කොච්චර වටිනවද. එකෙන් බලාගන්න කඩවල් සකස් කරලා තියෙන විදිය. සාමාන්‍යයෙන් එක වගේ කඩවල් එකම තැනක තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ නවකතා ඕනෙ නං එක පැත්තක්, අධ්‍යාපනික පොත් සාප්පු තව පැත්තක, විදේශ පොත් කඩ තව තැනක, ඒ වගේ.
අධ්‍යාපනික පොත් වලට හොඳ මිල තියෙන්නෙ අධ්‍යාපනික පොත් සාප්පුවල, ලිපි ද්‍රව්‍ය අඩුවට ගන්න පුලුවන් ලිපි ද්‍රව්‍ය කඩවල. ඉතින් ඒ තැන් බලල ඒවාට යන්න. කෙලින්ම ප්‍රකාශකයෙක්ගේ ස්ටෝල් එකකට ගියොත් ඒ ප්‍රකාශකයාගේ පොත්වලට කඩේකට වැඩිය ඩිස්කවුන්ට් ලැබෙන්න පුළුවන්. එහෙම ඒවත් තියෙනවා. ඒ වගේම ඉතින් යන්න ඕනෙ තැන් බලල මහන්සිය අඩු වෙන, ගිමන් හරින්න තැන් අහුවෙන පාරක් සැලසුම් කරගෙන යන්න. හරියට ට්‍රිප් එකක් යනවා වගේ. මේකට ඔයාලට පොත් ප්‍රදර්ශනේ ඇප් එක වුනත් පාවිච්චි කරන්න පුළුවන්. යන හැම සැරේම දැකපු විශේෂ කරුණු සිතියමේම සටහන් කරගන්න. එතකොට තව පාරක් ගියොත් වැරදෙන්නේ නැහැ.

 

 

8. රූපෙට එපා රැවටෙනු

ලංකාවේ නම ගිය විශාල පොත් සාප්පු, පොත් ප්‍රකාශකයෝ කිහිපයක්ම ඉන්නවා. හැමදාම ඒ අයගේ කඩවල් වලට යනවා වගේම පොත් ප්‍රදර්ශනෙත් ඒ අයගේ ස්ටෝල් වලට විතරක් යන අය ඉන්නවා. එහෙම කරන්න එපා. මෙතන තියෙන වැදගත්කම තමයි ලොකු පොඩි හැම පොත් සාප්පුවක්ම, ප්‍රකාශකයෙක්ම එක වහල යට ඉන්න එක. ඉතින් අනිත් ස්ටෝල් වලටත් බෙල්ල දාල බලන්න. හුඟක් වෙලාවට මේ පොඩි තැන් වලින් වැඩි ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් ලොකු තැන් එක්ක තරඟකාරී වෙන්න ඕන නිසා. අනික ලොකු කඩ වැඩි දෙනා ඉල්ලන පොත් තමයි වැඩි වෙලාවට ගේන්නේ. ඉතින් සමහර විශේෂ අප්‍රසිද්ධ පොත් පොඩි තැන්වල තියෙන්න පුළුවන්.

මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ පරණ පොත් කඩ ටික. මේවයේ දවසක්ම ගත කලත් පාඩු නැහැ. මැණික් ගරනවා වගේ වැඩක්. හොයලා හොයල බලන්න වෙලා තියෙනවනං අනිවාර්යයෙන් හොඳ පොතක් මේ තැන් වලින් සෑහෙන්න අඩු ගානට හොයාගන්න පුළුවන්. නැත්තං වෙන කොහෙවත් නැති පොතක් හොයාගන්න වුනත් බැරි නැහැ. සමහර විට පරණ හින්දම පොතේ වටිනාකම වැඩි වෙන්නත් පුළුවන් අර ඇන්ටික් ලී බඩු වගේ.

 

 

9. අමතක කරන්න එපා

අවුරුද්දක් පුරාවටම හොඳ පොතක් නැතුව ඉඳල පොත් ප්‍රදර්ශනේට ගිහිල්ල තියෙන පොත් ඔක්කොම දැක්කම ඇස් නිලංකාර වෙන එක පුදුම දෙයක් නෙමෙයි. එහෙම වෙලා තමන්ගේ බඩු බාහිරාදිය එතන දාල එන්න එපා. සමහර අය ස්ටෝල් එකකට ගිහිල්ල පොත් තොගයක් අරගෙන සන්තෝසෙන් එලියට එන්නෙ සෙකියුරිටි එක ගාව තියල ගිය අනිත් බෑග් ටික අමතක කරල. ඒ මදිවට ඔය පොත් උස්සං යන අස්සේ මුදල් පසුම්බි, පොඩි බෑග් වගේ ඒවා වැටෙන්න පුළුවන්, හොරකම් කරගන්නත් පුළුවන්. ඒක හින්ද පොඩ්ඩක් ඒ ගැනත් විමසිල්ලෙන් ඉන්න නේද?

 

10. කුණු හැමතැනම දාන්න එපා

මේක බොහොම හොඳින් කියන්නෙ. කුණු හැමතැනම දාන්න එපා. බොහොම සන්තෝසෙන් හැමෝම එන්නෙ පොත් බලන්න මිසක් කුණු උඩ ඇවිදින්න නෙමෙයි නේ. එහෙම හැමතැනම ප්ලාස්ටික් කෝප්ප, භාජන දකින එක කොච්චර කැතද? ඒවා කසල දමන භාජනයකට දාන එක මනුස්සකම. එහෙම දාන්න බැරි අයත් ඉතින් ඒ කසල වගේම ජරා කට්ටිය තමයි.

 

ඔන්න පොත් ප්‍රදර්ශනය බලන්න යන ඔබට අපි දෙන්න ඕන උපදෙස් ටික දුන්නා දුන්නා. අපි හිතනවා ඔයාලට  ඒක උදව්වක් වෙයි කියල. තව අපිට අමතක වෙච්ච ඒවා තියෙනවනං පහලින් කමෙන්ට් කරන්න අනිත් අයටත් දැනගන්න. එහෙනං පරිස්සමෙන් පොත් අරගෙන එන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide