ගමට නමක් හැදුණු හැටි.

ඉස්සර ගමේ ගොඩේ ගෙවල්වලට හරි අපූරු නම් තිබුණා. දෙහි තියෙන ගෙදර දෙහි ගෙදර; රේන්ද මහන ගෙදර රේන්ද ගෙදර; හේනේ මාමගේ ගෙදර හේනේ ගෙදර; උඩහ ගෙදර, පහළ ගෙදර, කන්දෙ ගෙදර, වෙලේ ගෙදර, මල් ගෙදර, ඉඳිආප්ප ගෙදර ; ඔය වගේ නා නා ප්‍රකාර නම්. මේ හැම නමට මුල් වුණේ, ඒ ඒ ගෙදර තියෙන මොකක් හරි විශේෂත්වයක්.

ගම්වලට නම් හැදුණෙත් ඔයිට සමාන විදියට. භූමි ලක්ෂණ, ගස් වල්, සත්තු සීපාවන් වගේ නොයෙකුත් දේවල් මුල් කරගෙන තමයි මේ ගම්වලට ඒ නම් පට බැඳුණේ. ඉතින් ඒ වගේ පසුබිම් කතා කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම.

1. නුගේගොඩ

මහින්ද කුමාර දළුපොත මහත්මයාගේ “මේ ගමට නම හැදුනු හැටි” පොතේ සඳහන් වෙන විදියට නම්, නුගේගොඩ නගරයට නම හැදිලා තියෙන්නේ මෙහේ තිබුණු ලොකු නුග ගහක් නිසයි.

කෝට්ටේ කිට්ටුව පිහිටලා තියෙන නුගේගොඩ ඒ කාලේ වගුරු බිමක්. දැනටත් දියවන්නාව, නුගේගොඩ ආශ්‍රිතව තැනින් තැන පිහිටලා තියෙන වගුරු බිම්, මේ කතාවට සාක්කි සපයන හොඳම උදාහරණයක්. ඒ කාලේ මේ පැත්තේ තිබුණු දිය පාරක් අද්දර තමයි අර කලින් කියපු විසාල නුග ගහ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ දිය පාර තරණය කරන්න මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නෙත් මේ නුග ගහේ පහළට එල්ලිලා වැටෙන නුග මුල් ලු. නුග ගහෙන් එගොඩ වෙලා යන්න පුරුදු වුණු මිනිසුන් නිසා, කාලයක් යද්දී මේක “නුගෙන් එගොඩ” බවට පත්වෙලා තියෙනවා. නුගෙන් එගොඩ, පස්සේ කාලෙකදී “නුගේගොඩ” බවට පෙරළුණු බව තමයි කියැවෙන්නේ.

2. කොල්ලුපිටිය

අපි දැන් කොල්ලුපිටිය කියලා හඳුන්වන ප්‍රදේශය, ඉස්සර හැඳින්වුණේ බරන්දෙණිය කියලා. දැන් තියෙන කෑ කෝ ගාගත්ත, ජනාකීර්ණ ගතිය වෙනුවට ඒ දවස්වල තිබුණේ පොල්වතු, කුරුඳු ගස් එහෙම සරුවට හැදුණු නිස්කලංක පරිසරයක්.

ඕලන්ද පාලන කාලයේදී අඹන්වෙල අප්පුහාමි නමින් හැඳින්වෙන උඩරැටියෙක්, මේ ප්‍රදේශයේ ලොකු පොල් වත්තක් වගා කරන්න පටන්ගත්ත. ලන්දේසින්ට කත් ඇද්ද මේ මනුස්සයා, ඒ හයියත් අරගෙන බරන්දෙණියේ මුල් පදිංචිකාරයන්ගේ වතු පිටිත් කොල්ලකමින් තමයි මේ පොල් වගාව කරගෙන ගියේ. අසාධාරණයට පත්වුණු ඒ ජනතාව, ඔවුන්ගේ “පිටිය කොල්ල කෑ” බව කියමින් ඊට විරෝධය පළ කළා. ඉතින් “කොල්ල කෑ පිටිය”, කොල්ලුපිටිය වුණු බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

3. ගාල්ල

ගාල්ල නගරය අද ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක පුරවරයන් අතුරින් එකක්. අතීතයේදී පවා වෙළඳ, සංචාරක අංශවලින් ගාල්ලට තිබුණු ජනප්‍රියතාවය, ඉබන් බතූතා, වස්කෝ ද ගාමා වගේ දේශාටකයන්ගේ වාර්තාවලිනුත් පෙන්නුම් කරනවා. ඉස්සර කාලේ වෙලදාම් වැඩවලට වැඩිපුරම පාවිච්චි වුණේ ගොන් කරත්තනේ. ඒ වගේ කරත්ත ගාල් කරලා තියපු ප්‍රදේශය “ගාල” වූ බවටත්, පසු කාලීනව “ගාල්ල” බවටත් පෙරළුණු බවට මතයක් ජනප්‍රවාදයේ තියෙනවා.

4. කොළඹ

කොළඹ නගරයේ නම හැදුණු විදිය ගැන අර්ථ විවරණ කීපයක් තියෙනවා. රාජාවලියේ කොළඹ ගැන සඳහන් වෙන්නේ “කලන්තොට” විදියට. ඉතින් “කලන්තොට”, පස්සේ කාලෙකදී “කොළඹ” වුණු බව ඉතිහාසය සඳහන් කරනවා.

1344දී කොළඹ ආශ්‍රිතව සංචාරය කරපු ඉබන් බතූතා ඒ ප්‍රදේශය ගැන සඳහන් කරන්නේ “කලම්පු” නමින්. කොළඹ කියන්නේ මෙයින් නිර්මාණය වුණු පදයක් විදියටත් සමහර තැනක අර්ථකථනය වෙනවා.

මීට අමතරව, පෘතුග්‍රීසි දේශාටකයෙක් වුණු කොලොම්බස්ගේ නම ඈඳලා කොළඹ නගරයට ඒ නම වැටුණාය කියලත් විශ්වාසයක් තියෙනවා. මොකද පෘතුග්‍රීසි ලේඛන ගොඩක්  කොළඹ ගැන සඳහන් වෙන්නේ Kolahamba, Kolomba වගේ පදවලින්. සමහර ඉතිහාසඥයන් කියන්නේ තමන්ගේ දේශයෙන්ම ආ කොලොම්බස්ට ගෞරවයක් වීම සඳහා, කොළඹට ඒ නම දුන්නු බවයි.

5. මාතර

Source : ceylontouradvisor.com

මාතර නගරයට නම හැදුණු විදි කිහිපයක්ම ගැන ඉතිහාසය සාක්කි දරනවා. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ සෙල්ලිපිවල සඳහන් වෙන විදියට, මහාතීර්ථය නම් වෙළඳ මධ්‍යස්ථානයක් දෙවි නුවර කිට්ටුව තිබිලා තියෙනවා.

නිල්වලා ගඟ ගලා බසින්නේ මාතර නගරය මැදින්. එයින් එතෙර වෙන්න තිබුණු විශාල තොට යන්න අර්ථවත් කරන්න දාපු නම “මහ තොට” විදියටත්, මාතර යන්න එකෙන් නිර්මාණය වුණු නමක් බවත් ඇතැම් අය විශ්වාස කරනවා.

පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයාණන් කියලා තියෙන විදියට නම්,  අද අපි කියන මේ මාතර විශාල බලකොටුවක්. ඒ නිසා “මාලා තොට” විදියට මේක හඳුන්වපු බවත්, පසුව ඒක “මාතර” වුණු බවත් ජනප්‍රවාදයේ කියනවා.

6. වත්තල

මේ නම හැදුණු විදි දෙකක් ගැන, අපේ ජනප්‍රවාදයේ කියැවෙනවා. එකක් තමයි “වත්හල” යන වචනයෙන් වත්තල කියන නම හැදුණු බව. ඉස්සර තිබුණු ඇඳුම් කර්මාන්තශාලාවක් නිසා, මේ නම ඊට පටබැඳුණා ලු. “වත්” යන්නෙන් වස්ත්‍ර ද, “හල” යන්නෙන් ශාලාව ද අර්ථවත් වෙනවා.

කේ. ජයතිලක මහත්මයා කියන විදියට නම්, තිසර සංදේශයේ “වස්තු ශාලාව” විදියට සඳහන් කරලා තියෙන්නේ වත්තල ගැන ලු. වස්තු ශාලාව, “වත්හල” වූ බවත්, පස්සේ කාලේදී ඒක වත්තල වුණු බවත් තමයි ඔහුගේ මතය.

7. කොග්ගල

කොග්ගල  කියද්දී අපට මතක් වෙන්නේ උපාලිවයි, ජින්නාවයි. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් “මඩොල් දූව” පොතෙන්  අපට එකතු කරපු මතකයන් නිසායි. කොග්ගලට නම හැදුණු විදියත් ඒ වගේම හරි අපූරු කතාවක්.

කොග්ගල කියන්නේ කලපුවක් වග ඔයාලා දන්නවා ඇති. කඩොල් ගහණ පරිසරයක් වගේම, කොක්කුත් මේ හරියේ හොඳ හැටියට ඉන්නවා. ඉතින් මේ කොග්ගල ජලාශය මැද්දේ තියෙන ගල් පර්වතවල තමයි මේ කොක්කු ලැගලා ඉන්නෙත්. “කොකුන් ලැග ගත් ගල” යන තේරුම දෙන්න එය “කොක්ගල” වූ බවත්, ඊටපස්සේ ඒක කොග්ගල වුණු බවටත්, බොහෝ දෙනාගේ මතයක් තියෙනවා.

8. යක්දෙස්සාගල

Source : serendib.btoptions.lk

ඇතෙක්ගේ හැඩේ ගත්ත ඇතාගල, කුරුණෑගල තියෙන බොහොම ප්‍රසිද්ධ පර්වතයක්. මීට තරමක් එහායින් තියෙන යක්දෙස්සාගල, ලංකාවේ ඈත ඉතිහාසයේ කොටසක් හංගාගෙන ඉන්න තැනක්.

ලංකාවේ පළමුවෙනි රජතුමා විදියට හැඳින්වෙන්නේ “විජය” රජතුමායි. ඔහු මුලින්ම විවාහ කරගත්තේ කුවේණි නම් යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්. නමුත් තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගත්තට පස්සේ, ඉන්දියාවෙන් එන වෙනත් කුමරියක්ව කසාද බැඳගන්න විජය රජතුමා, කුවේණිවත් ඔවුන්ගේ දරුවන් දෙන්නාවත් මාලිගාවෙන් පළවා හරිනවා.

තමන්ට වුණු අසාධාරණය ගැන විජය රජතුමාට දෙස් දෙවොල් තියන්න, කුවේණිය පාවිච්චි කලේ අපි අද “යක්දෙස්සාගල” නමින් හඳුන්වන පර්වතයයි. “යක්ෂ ගෝත්‍රික කතක් දෙස් දෙවොල් තැබූ ගල”, මේ විදියට “යක්දෙස්සාගල” වුණු බවට මතයක් තියෙනවා.

9. ඔලුවාවත්ත

Source : tripmondo.com

මහනුවර, පහත හේවාහැට පැත්තේ පිහිටලා තියෙන ඔලුවාවත්ත ගමේ නම පිටිපස්සේ තියෙන කතාව මෙන්න මේ වගේ එකක්.

දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධ බල ඇණියේ ඉඳපු යෝධයෙක් තමයි ගෝඨයිම්බර. රිටිගල ජයසේන හා ගෝඨයිම්බර යෝධයා අතර ඇතිවුණු ගැටුමකදී, තමන්ගේ අසමසම ශක්තියම පාවිච්චි කරපු ගෝඨයිම්බර යෝධයා, රිටිගල ජයසේනගේ ඔළු ගෙඩියට හොඳවැයින් පයින් පාරක් දුන්නා. කඳෙන් වෙන් වුණු ජයසේනගේ හිස පතිත වුණේ මීට ගවු දෙකක් විතර එහායින් තියෙන ගල් තලාවක් උඩට. “ඔළුව ආ වත්ත” කියන පද පෙළේ තේරුම ඇතිව මේ ප්‍රදේශය “ඔලුවාවත්ත” වුණු බව තමයි බොහොමයක් දෙනා පවසන්නේ.

ඉතින් ඔයාලාගේ ගමට නම් හැදුණේ කොහොමද? කමෙන්ට් එකක් දාලා අපටත් කියන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide