WINGS 2016 හෙවත් අපේක්ෂාවේ පියාසැරිය.

සුගිය බ්‍රහස්පතින්දා උදෑසන අපි කිළිනොච්චිය බලා පිටත්වූයේ WINGS16 සංස්කෘතික උත්සව මාලාවේ පලමු උත්සවය සඳහා සහභාගී වීම සඳහායි. අපේක්ෂාවේ පියාසැරිය ලෙස තේමාගතකර තිබූ මෙම උළෙලේ අරමුණ වූයේ රට තුළ පවතින වෙනස් සංස්කෘතීන් පිළිබඳ අනයෝන්‍ය අවබෝධයක් ලබාගැනීම තුළින් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමයි.

කොළඹින් ගමන් ආරම්භ කළේ උදෑසන 11.00ටයි. කිලිනොච්චියට පැමිණෙන විට රාත්‍රී 8.00 පසුව තිබුනි. අප නවාතැන් ගත් කිලිනොච්චියේ සෝලයිවනම් ගෙස්ට් හවුස් එක පිහිටා තිබූයේ කිලිනොච්චි නගරයේ සිට කිලෝටීමර් 2ක පමණ දුරකිනි. වැඩි පහසුකම් නොමැති වූ නමුත් තැන ගැන ලොකු වැරැද්දක් කීමටද නැත. උදේ සිට ගමන් කිරීම නිසා අප සියළු දෙනා සිටියේ අධික මහන්සියකින් සහ බඩගින්නකිනෙි. ගමන් මහන්සිය නිසාවෙන්ම රාත්‍රී ආහාරයෙන් පසු කලින්ම නින්දට වැටුනෙමු.

පැවැති අංග ප්‍රමානය වැඩි නිසාත් කාලය සීමා සහිත නිසාත් සම්පූර්ණ උත්සවය කොටස් 2කට කඩා තැන් දෙකක පැවැත්වීමට තීරණයකොට තිබුණි. එක් කොටසක් කිලිනොච්චිය සමූපකාර ශාලාවේත්, අනික් කොටස කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේත් වශයෙණි.

21 වනදා උදෑසනම අප මුලින්ම සහභාගී වූයේ සමාරම්භක උත්සවයටයි. කිලිනොච්චිය සමූපකාර ශාලාවේ පැවැති මෙම උත්සවයට යන පාර තොරන්, කොඩි වැල් ආදියෙන් සරසා තිබුනි. කෙසේ වෙතත් සෑම සමාරම්භක උත්සවයකදී මෙන්ම ආරාධිත අමුත්තන් පලාතට ආවේනික පෙරහැරකින් කැඳවාගෙන පැමිණ පොල්තෙල් පහන් දල්වීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව කටයුතු ආරම්භකරන ලදී. අනතුරුව පැවතියේ පැමිණි ආරාධිත අමුත්තන්ගේ කතාවන්. මේ කතා අතරතුර නැටුම් ගැයුම් වැනි අංග කිහිපයක් පැවැති නමුත් සෑම සමාරම්භක උත්සවයකදීම සිදුවන ආකාරයට ආරාධිත අමුත්තන් (විශේෂයෙන්ම දේශපාලඥයන් සහ රජයේ නිලධාරීන්) අනවශ්‍ය ආකාරයේ දීර්ඝ කතා පැවැත්වීම තුළින් ප්‍රේක්ෂකයන්ට උත්සවය යම් පමණකට එපා වූ බවක් පෙනිනි.

මාරම්භක උත්සවයෙන් අනතුරුව පැවැත්වුනේ කතිරෝලි කලයික්කෝඩම් නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත්කළ සංවාද නාට්‍යයකි. මේ නාට්‍යට තේමාව වූයේ බීමට ඇබ්බැහි වූ පියෙක් සිටින පවුලක දැරියක් ඇයගේ සොහොයුරාගේ මිතුරෙකු අතින් අතවරයට පත්කර ඝාතනය කිරීමේ සිදුවීමකි. නාට්‍ය ඉදිරිපත් කළේ දමිල බසින් වූ නමුත් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට අපහසු නොවන තරම් සරල ආකාරයට නාට්‍ය නිර්මාණයකර තිබීම අගය කළයුතු කරුණකි. එමෙන්ම නාට්‍යයත් සමඟ ඇතිවූ සංවාදයේ අරමුණ වූයේ එම කතාව තුළ  කාට කොතැනද වැරදුනේ යන්න විමසා බැලීමයි. එම කටයුත්ත සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් (විශේෂයෙන්ම තරුණ තරුණියන්ගෙන්) ඉතාම හොඳ සහයෝගයක් ලැබුණි.

වල්ට ආහාරයෙන් අනතුරුව අප්‍රිකානු සම්භවයක් ඇති කෆ්රි කණ්ඩායමක් විසින් ඉදිරිපත්කළ ගායන හා නර්තන අංගයක් පැවැත්විනි. එම සංදර්ශණය පැවැත්වූයේ කිලිනොච්චිය මධ්‍යමහා විද්‍යාල ශාලාවේ වූ අතර සංදර්ශනය පටන්ගන්න නියමිතව තිබූයේ සවස 2.00ට වන නමුත් සංදර්ශනය ආරම්භ වනවිට සවස 3.00 පමණ වී තිබුණි. ඔවුන්ගේ ගායන සියල්ලම සිදුකරන ලද්දේ සිංහල හෝ දමිල භාෂාවෙන් නොවන නමුත් ඔවුන්ගේ ගායනය වාදනය සහ නර්තනය සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයම තමන් කෙරෙහි ඇද බැඳ තබාගැනීමට සමත් විය. අවසාන ගායනය සඳහා තම කණ්ඩායමත් සමඟ නර්තනයේ යෙදීමේ ආරාධනයට ප්‍රේක්ෂකාගාරයේ සිටි සැළකිය යුතු පිරිසක් එක්වූයේ සංගීතය යනු විශ්වීය භාෂාවක් යන්න සනාතකරමිනි.

තැන්වැනි අංගය වූයේ කිලිනොච්චියේ කවියන් පිරිසක් විසින් පවත්වන ලද කවි මඩුවකි. මෙම අංගය සම්පූර්ණයෙන්ම දමිල භාෂාවෙන් පැවැතීම නිසා එහි අන්තර්ගතය පිළිබඳ කිසිඳු අදහසක් නැති නමුත් සැලකියයුතු ප්‍රේක්ෂකයින් ප්‍රමානයක් ඒකෙරෙහි අවධානය යොමුකල බව පෙනෙන්නට තිබුනි.

නතුරුව පැවැතියේ 13.7+ π = Ω ලෙස නම්කර තිබූ අභිරූපන නාට්‍යයයි. විශ්වයේ ආරම්භය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වූ විඩියෝවකින් ආරම්භ වූ නාට්‍ය ජීවීන් බිහිවූ ආකාරයත්, අනතුරුව මිනිසා බිහිවූ ආකාරයත්, ඔහු ශීෂ්ඨාචාරගතවීමත්, ඒ හරහා ගැටුම් ඇතිවන ආකාරයත්, ගැටුම් වල ප්‍රතිඵලයන් සහ නැවත ගැටුම් ඇතිවූ පුද්ගල කණ්ඩායම් අතර සමඟිය සංහිඳියාව ඇතිවන ආකාරයත් ඔස්සේ ගලා යන්නකි. නාට්‍ය ඉදිරිපත් කළ ආකාරයත් එහි සංගීතයත් ඉතාමත් හොඳින් සුසංයෝගකර තිබූ අතර එම ශාලාවට රැස්ව සිටි බහුතරයකට එය නවුමු අත්දැකීමක් වූ බව දැකීමට හැකිවිය.

දිනයේ අවසන් අංගය වශයෙන් අප නැරඹූයේ ජනකරලිය විසින් සංවිධානය කර තිබූ වෙන්කට්ටි වට්ටම් වට්ටම් හෙවත් හුනුවටයේ කතාවේ දමිල අනුවාදයයි. වෘත්තීය නාට්‍ය ශිල්පීන් විසින් ඉදිරිපත්කරන ලද නාට්‍යයක් වීම තුළ පෙර පැවැති සියළුම අංග වලට වඩා පැහැදිළි වෙනසක් දැකිය හැකි වූ අතර, සම්පූර්ණ ප්‍රෙක්ෂකාගාරයේම අවධානය ඇද බැඳ තාබාගැනීමට නාට්‍ය කණ්ඩායම සමත් වූහ.

වෙන්කට්ටි වට්ටම් වට්ටම් නාට්‍යයෙන් අනතුරුව උළෙලේ පලමු දිනයේ වැඩකටයුතු නිමාවට පත්වූ අතර රාත්‍රී නවාතාන් ගැනීම සඳහා අප සෝලයිවනම් ගෙස්ට් හවුස් එක වෙත පැමැණියෙමු.

දෙවැනි දිනයේ උදෑසන ආහාරයෙන් අනතුරුව සෙවීම, කීම, ඇසීම, දැනගැනීම, පිළිගැනීම, සුවපත් කිරීම යන කාරණා අරමුණුකරගත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබුණි. මෙම චිත්‍ර ප්‍රදර්ශණය තුළ යුද්ධයේ කෘරත්වය, එයින් ඇතිව ඇති බලපෑම්, කාන්තාවන් මුහුනපා සිටින ගැටළු ආදී කරුණු ගණනාවකට අදාල චිත්‍ර ඇතුලත්ව තිබුනි.

නතුරුව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් සංවිධානය කරන ලද සාහිත්‍ය වැඩසටහනක් පැවැති අතර එහිදී ඉලංගෙයි තමිසාන් විසින් ඉදිරිපත් කළ දමිල රැප් ගායනය සියළු දෙනාගේ අවධානයට පාත්‍ර විය.

වැඩසටහනින් අනතුරුව ආරම්භ වූයේ අවිස්සාවේල්ල කලා ආයතනය විසින් ඉදිරිපත්කරන ලද සාම්ප්‍රදායික කොලම් සංදර්ශනයකි. කෝලම් ඉදිරිපත් කිරීමේ දී භාවිතා වූ භාෂාව සිංහල වූ නමුත් එහි තිබූ නාට්‍යමය භාවයත් හාස්‍යයත් ග්‍රහනය කර ගැනීමට එතැන සිටි නරඹනන්ට අපහසු නොවීය. මෙම උත්සවය තුළ පැවැති අනෙකුත් සියළු අංගයන්ට වඩා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගත් සහ දකුනේ සංස්කෘතිය උතුරේ ජනතාවට වඩාත් සමීපකළ අංගය ‍ලෙස සැළකිය හැකිය.

දින අවසන් වශයෙන් නැරඹූයේ රාජිත දිසානායකගේ “නැතුවම බැරි මිනිහෙක්” නාට්‍යයි. පසුගිය රජය සමඟ සම්බන්ධ වී ක්‍රියාකළ ව්‍යාපාරිකයෙකු ආණ්ඩු මාරුවත් සමඟ මුහුන පාන ගැටළුත්, ඔහුගේ පවුල තුළ ඇතිව ඇති ආරවුලුත්, ජාතිවාදී ලෙස හංවඩු ගැසීම නිසා සමාජයේ මෙන්ම පවුල තුළ ඔහු මුහුන දෙන ගැටළුත් ආදී වශයෙන් කාරණා ගණනාවක් මෙම නාට්‍යය තුල කතා බහට ලක්වේ. මෙම නාට්‍ය නැරඹීම සඳහා සැළකිය යුතු පිරිසක් සහභාගී වී සිටිය නමුත් සිංහල භාසාව නොතේරෙන දමිල භාෂාව පමණක් කතා කරන ප්‍රේක්ෂකාගාරයකට මෙම නාට්‍යයේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට ඇති හැකියාව පිළිබඳ ගැටළුවක් තිබේ.

තෙවැනි දිනයේ උදෑසන අප සහභාගීවූයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මවුනගුරු විසින් පවත්වන ලද දමිල පාරම්පරික නාට්‍ය වර්ගයක් වන කූර්තු පිළිබඳ වූ සම්මන්ත්‍රණයකටයි. රාවනේසන් කූත්තු නාට්‍ය සහ ඔහුගේ අත්දැකීම් උපයෝගීකරගනිමින් මේ පැහැදිළි කිරීම සිදුකරන ලදී. සියළු දෙනා පුදුමයට පත්කරමින් රාවනා ලෙස නර්තනයේද යෙදුනි.

දිනයේ සවස රාවනේසන කූත්ති නාට්‍ය ප්‍රදර්ශනයට නියමිතව තිබූ නමුත් ඒ වන විට අප සියළු දෙනා අධික තෙහෙට්ටුවට පත්ව සිටීමත් පසුදිනය සඳුදා දිනයක් වීමත් හේතුවෙන් එදින දහවල් කිලිනොච්චියෙන් පිටත් වීමට තීරණය කළෙමු.

සමස්ථයක් වශයෙන් ගත්කල සාහිත්‍ය උළෙල සඳහා ඉදිරිපත්කර තිබූ නිර්මාණ බොහොමයක් තෝරාගැනීමේ දී ඒ සම්බන්ධයෙන් හොඳ අවධානයක් යොමුකොට තිබිනි. නමුත් නැතුවම බැරි මිනිහෙක් වැනි සංකීර්ණ දෙබස් සහිත නාට්‍යයක් සිංහල භාෂාව නොතේරෙන බහුතරයක් සිටින ප්‍රේක්ෂකාගාරයකට පෙන්වීමට තීරණය කිරීම එතරම් ගැළපෙන තීරණයක් නොවේ. එමෙන්ම මෙම උත්සවය සඳහා ජනතා සහභාගීත්වයේ අඩුවක් පෙනෙන්නට තිබූනි. ඒ හැරෙන්නට WINGS2016 සාර්ථකව නිමාවට පත්වූ බව පැවසීමට හැකිය.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide