වැස්ස වෙලාවට වීල් එකක්?; පටස් ගාලා වාහනයක් ලඟටම ගෙන්න ගන්න, කියාපු ඔන්ලයින් ටැක්සි සේවා 6ක්..

උදේ ඉඳන් අඳුරට තිබිල තිබිල හවස 3,4 වෙද්දි වහින්න පටන් ගන්න වැස්ස ඉවර වෙන්නෙ කීයටද කියල දන්නෙ දෙයියො තමයි. හැරත් කුඩයකින්, තොප්පියකින් බේරෙන්න පුලුවන් වැස්සක් නෙවෙයිනෙ වැටෙන්නෙ. පැය ගාණක් එක දිගට අල්ල හිටින නිසා ගෙදර යන වෙලාවත් එහෙම පිටින්ම නාස්ති වෙනව. ඇයි ඉතින් අතුරු සිදුරු නැතුව හැම පාරකම ට්‍රැෆික්නෙ.

ඇත්තටම නැද්ද මේ ප්‍රශ්නයට විසඳුමක්?

අපිත් දන්න තේරෙන එක එක විදි වලට හොයල බැලුව. එත් 100%ක් හරියන විසඳුමක් නම් හොයා ගන්න බැරි වුනා. හැබැයි ඉතින් එහෙමයි කියල විසඳුම් නෑ ම කියන්නත් බෑ. මොකද ඔන්ලයින් දුවන ටැක්සි සේවා වගේ ඒවා තිනෙවනෙ.

වැඩේ කියන්නෙ වැස්ස වෙලාවට නම් මේවයෙත් ටිකක් ට්‍රැෆික්. බාග වෙලාවට ටැක්සියක් අල්ල ගන්න විනාඩි 5ක් 10ක් ඉන්න වෙන්නත් ඉඩ තියෙනව. කොහොම වුනත් මොකද රස්තියාදු වෙන්නෙ නැතුව ගෙදර යන්න පුලුවන් නම්, නේ?

එහෙනම් අද හෙටම වැස්සෙ වලාවක් අල්ලල මේවයින් එකක් දෙකක් ට්‍රයි කරල බලන්නකො. බලල, එයාලගෙ සේවා, වග තුග අපිටත් කියන්න ඕන, හොඳද.

1. Uber

ලඟදි ආපු සුපිරිම ගණයේ ටැක්සි සේවාවක්. ලේසියෙන් වැඩ කර ගන්න පුලුවන් මරු ඇප්ලිකේෂන් එකකුත් තියෙනව. වැඩේ කියන්නෙ මෙයාලා ලඟ වීල් නම් නෑ. කාර්, වෑන් තමයි තියෙන්නෙ. හැබැයි ගාණ පට්ට අඩුයි. කොටින්ම කියනව නම් නැනෝ කැබ් එකක යන ගාණට සුපිරි පන්නයේ කාර් එකක යන්න පුලුවන් චාන්ස් එකක්. එහෙම වුනාම ඉතින් ට්‍රැෆික් එක ගැනත් එච්චරටම හිතන්න ඕන වෙන්නෙ නෑනෙ. එ්. සී. එකට වෙලා ෂපාන් එකේ යන්න තියෙන්නෙ. ඌබර් එක්ස් ටුවර් එකක ප්‍රධාන ගාස්තුව රු. 100යි. කිලෝමීටරයකට රු. 50ක් වැටෙනව. ඒ හැරුනාම හැබැයි ගමනෙ හැම විනාඩියකටම රු. 2ක ගාණෙ එකතු වෙනව. ඌබර් ගෝ ටුවර් එකක ප්‍රධාන ගාස්තුව රු. 50යි. කිලෝමීටරයකට රු. 30ක් වැටෙනව. මේකෙදිත් ගමනෙ හැම විනාඩියකටම රු. 2ක ගාණෙ එකතු වෙනව. ඔය හැරුනාම මේ සේවාවෙ තියෙන වාසි විදියට කාර්ඩ් එකෙන් වුනත් ගෙවන්න පුලුවන් එක තියෙනව. ඉතින් පහසු නැද්ද කියන්නකො?

2. Pick Me

කවුරුත් හොඳට දන්න කියන සේවාවක්. දැනට හොයා ගන්න තියෙන සුපිරිම ඇප්ලිකේෂන් එකක්. වීල් එහෙමත් ඕන තරම් තියෙනව. ආරම්භක ගාස්තුව රු. 50යි. එතකොට කිලෝමීටරයකට වැටෙන්නෙ රු. 35යි. වේටින්ග් කොහොමත් රු. 2යිනෙ. කෑලි හැලි හැලි දුවන කබල් වීල් නැති නිසා හතර වටෙන් වැස්සත් පරිස්සමට, සුව පහසුව ගමන යන්න පුලුවන්. හැරත් ට්‍රැෆික් වෙලාවට අස්සෙන් කොස්සෙන් දාලා ඉක්මනට යන්න බැරි කමකුත් නෑනෙ.

3. My Cabz

මේක අලුතෙන් ආපු, හැබැයි නැගල යන සේවාවක්. මෙයාලා ලඟ වීල් නම් නෑ, ඒත් ආරම්භක ගාස්තු රු. 50ක් දීලා පලවෙනි කිලෝමීටරයට රු. 25කුයි ඊලඟ කිලෝමීටරයෙ ඉඳන් රු. 15 ගාණෙයි ගෙවල ගෙනියන්න මෝටර් සයිකල් නම් තියෙනව. මිනි කාර් වල නම් ආරම්භක ගාස්තුව රු. 120යි. පළවෙනි කිලෝමීටරයට රු. 50ක් වැටුනට මොකද ඊලඟ කිලෝමීටරයෙ ඉඳන් ගාණ රු. 40යි. වේටින්ග් වලට නම් රු. 1.50යි වැටෙන්නෙ. වාහන වල තත්වය ගැන අපි කියන්න දන්නෙ නැති වුනාට සේවාව නම් නියම එකක්. අනික හොඳ ඇප් එකකුත් තියෙනවනෙ.

4.  Budget Taxi

මෙයාලගෙ ඇප් එකත් හොඳයි. හැබැයි සුපිරියිම කියන්න බෑ. මොකද සමහර වෙලාවට යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැති ගතියක් තියෙනව. ඒ හැරුණාම ටැක්සියක් අල්ල ගන්නත් පොඩි ගේමක් දෙන්න වෙනව. හැබැයි ඉතින් ටාටා නැනෝ කැබ්, ත්‍රීවිල් දෙකම තියෙන නිසා වැඩි වෙලාවක් යන්නෙ නැතුව එකක් අල්ල ගන්න නම් පුලුවන් වෙයි. වීල් එකක නම් ආරම්භක ගාස්තුව රු. 50ම තමයි. හැබැයි කිලෝමීටරේකට රු. 37ක් වැටෙනව. ඒ වුනාට නැනෝ කැබ් එකක ආරම්භක ගාස්තුව, රු. 100ට කිලෝමීටර දෙකක් යන්න පුලුවන් එක නම් සෑහෙන්න වාසියි. අනික කිලෝමීටරයකට රු. 45යි වැටෙන්නෙ. ඒත් වේටින්ග් විනාඩියකට රු. 5ක් ගන්න එක නම් ටිකක් අසාධාරණයි වගේ. ඒක නෙවෙයි, ඌබර් එකේ තරම්ම නැති වුනාට මෙයාල ලඟත් ඔය කියපු ගණන් වලටම තරමක් සුඛෝපභෝගී වාහන එහෙමත් ගන්න තියෙනව, හොඳද.

5. Sonit

මෙයාලගෙ ඇප් එක ගැන නම් ලොකු තක්සේරුවක් දෙන්න බෑ. හැබැයි කෝල් කරල හරි ඔන්ලයින් බුක් කරල හරි වුනත් ගෙන්න ගන්න පුලුවන් නිසා අවුලක් නෑ. වීල් වල ගණන් නම් අනිත් ඒවයෙ වගේමයි. හැබැයි ටාටා කැබ් එකක ආරම්භක ගාස්තුව රු. 50යි. එතකොට දෙවනි කිලෝමීටරයෙ ඉඳන් රු. 30යි. වඩේ කියන්නෙ මේවා අල්ල ගන්න සෑහෙන්න අමාරු එක තමයි. හදිස්සියකට නම් එච්චරටම ගැලපෙන පාටක් නෑ.

6. Online Cabs

මේ ඇප් එක නම් මරු. අනික ඇප් එකෙන් බැරි වුනොත් එස්. එම්. එස්., යූ. එස්. එස්. ඩී., ඔන්ලයින් හරි බුක් කරන්න පුලුවන්. ඉස්සර ඉඳන් තිබුනු සේවාවක් වුනත් වාහන වල ගාස්තු ගැන හරි හමන් විස්තරයක් දාලා නෑ. හැබැයි ඉතින් ලොකු වෙනසක් නම් වෙන්න බෑ. කොහොම වුනත් මොකෝ, එකක් වත් නැති වෙලාවට මේකෙන් හරි ටැක්සියක් අල්ල ගන්න බැරියැ.

මේ ඇප් 6 හැරුණාම ඔයාලා දන්න කියන ඒව තියෙනව නම් ඉක්මනටම කමෙන්ට් කරන්න. මොකද ඒවයින් වුනත් අපේ යාලුවෙක් දෙන්නෙක් වැස්සෙන් බේරගන්න බැරි කමක් නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide