පවුලේ හැමෝම එකට එක්කාසු වෙලා බලපු ලස්සනම නාලන් මෙන්දිස් ටෙලි නිර්මාණ 10ක්.

ළඟකදී ඉඳලා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ආයෙත් හොඳ මඟකට යොමු වෙන බවක් පේන්න තියෙනවා. මෑතක ඉඳන් විකාශය වෙන කූඹියෝ, සහෝදරයෝ වගේ ටෙලිනාට්‍ය, පුංචි තිරයේ අලුත් ම පිටුවක් පෙරළන්න සමත් වුණු බව නොරහසක්. ඔය කට්ටිය පහුගිය ටිකේ උඩ දාගෙන ඉෂිතලා, රමන්ලා, ශිවන්යලා බැලුවට, ඒවා මේ කාලෙන් කාලෙට පත්තු වෙන අහස කූරු වගේනේ. තියෙන කාලෙට හොඳයි; ඉවර වෙලා මාසයක් ගියාට පස්සේ ඕවයේ ඉඳපු චරිතයක් ගැනවත් කාටවත් මතකයක් නැහැ. හැරත් ඕවා ගෙදර අයට එකට වාඩිවෙලා බලන්න පුළුවන් විදියේ කතාත් නෙවෙයිනේ. හැබැයි දැන් මේ කූඹියන්ගෙන් පටන්ගත්ත ටෙලිනාට්‍ය සංස්කෘතිය ඔය තත්ත්වය ටිකෙන් ටික අඩු කරගෙන යන බවක් පේන්න තියෙනවා.

Image Source : nalanmendis.com

පවුලේ ටෙලිනාට්‍ය ගැන මතක් කරද්දී, අපට අමතක නොවෙන කෙනෙක් තමයි නාලන් මෙන්දිස් මහත්මයා. 80 දශකයේ අග භාගේ ඉඳලා අද වෙනකම් ම පුංචි තිරයේ පෙළහර පාන ඔහු, ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ සැබෑම වෙනසක් කරපු කෙනෙක්. ඔහුගේ පරණ ම නිර්මාණවල චරිත, නළු නිළියන් පවා අපේ මතකයේ අදටත් රැඳිලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් එදා මෙදා තුර අපි රස විඳපු, ඒ ලස්සන ටෙලිනාට්‍ය කීපයක් ගැන කතා කරන්න අපි කල්පනා කළා.

1. පස්සේ ගෙනා මනමාලි

Image Source : nalanmendis.com

පුංචි තිරයේ දස්කම් පෑම නාලන් මෙන්දිස් මහත්මයා ආරම්භ කළේ “පස්සේ ගෙනා මනමාලි” ටෙලිනාට්‍යයෙන්. ශ්‍රියානි අමරසේන, එච්.ඒ. පෙරේරා, ගීතා කාන්ති ජයකොඩි, ජයලත් මනෝරත්න වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේකේ රංගනයට දායක වුණා.සිනමාව තුළදීවත් මේ තරම් ගැඹුරු චරිතයක් රඟපාන්න නොලැබුණු බව වරක් ශ්‍රියානි අමරසේන මහත්මිය වරක් ප්‍රකාශ කරලා තිබුණේ, මෙහි පිටපතේ තිබුණු බැරෑරුම් බව නිසාමයි. මේකේ ළමා චරිත විදියට නිරූපණය කළේ දමිතා අබේරත්න, සහ අමා විජේසේකර යන අයයි. ඔවුන් මේ වෙද්දී රංගන ක්ෂේත්‍රයේ සෑහෙන්න දිග ගමනක් ඇවිදින්.

2. දූ දරුවෝ

Image Source : sundaytimes.lk

පවුලක් වුණාම, ඉඳලා හිටලා හරි ඒ ඒ පවුල්වල අය අතරේ පොඩි පොඩි ගැටීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. එක බත් පත කාලා ලොකු වුණත්, විවාහ වෙලා දරු මල්ලෝ හදාගත්තට පස්සේ දේපල ඉඩකඩම්, සහ වෙනත් හේතු නිසා හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔය මොන ප්‍රශ්නේ වුණත් තියෙන්නේ ටික කාලයයි. පවුලේ කාටහරි කරදරයක් වෙච්ච වෙලාවට, එහෙම නැත්තන් සිංහල අලුත් අවුරුද්දට කට්ටිය එක්කාසු වුණාම, ඔය තරහ මරහ සේරම ඉවරයි.

අන්න ඒ වගේ පවුලක කතාවක් තමයි අපි දූ දරුවෝ ටෙලිනාට්‍යයෙන් දැක්කේ. ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ ටෙලිනාටකය ඩල්සි ආච්චි, සුදු සීයා, දීප්ති, ප්‍රියන්වදා, නන්දනී, පුන්සිරි, සුධර්මා වගේ චරිත අපි දන්නා අඳුනන අය බවට පත් කළා. මෙගා රැල්ලේ ටෙලිනාටකවලට, මුල් පියවර ගැනෙන්න ඇත්තේ මේ කතාවෙන් බවයි අපේ නම් අදහස. මොකද අවුරුදු පහක්, ඒ කියන්නේ 1990-1995 කාලය ඇතුළත මේක විකාශය වුණානේ. 1990 අවුරුද්දේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය බවට පත්වුණෙත් දූ දරුවෝ ටෙලිනළුවමයි. මේ ටෙලිනාට්‍යය මිලියන 8ක පමණ පිරිසක් නැරඹුව බව අදාළ වාර්තා සඳහන් කරනවා.

3. අපේ ඇත්තෝ

Image Source : nalanmendis.com

එච්.ඒ. පෙරේරා, ප්‍රියා රණසිංහ, චාන්දනී සෙනවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම වැනි රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගෙන් හැඩ වුණු අපේ ඇත්තෝ ටෙලිනාටකය පුංචි තිරයට ආවේ 1993 අවුරුද්දේ. ඇත්ත ම කිව්වොත් මේකේ කතා සාරය ගැන නම් අපේ ඒ හැටි මතකයක් නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම්, පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා අපට කියන්නකෝ හොඳද.

4. නෑදෑයෝ

Image Source : nalanmendis.com

1996 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පත්වුණු නෑදෑයෝ, දූ දරුවෝ ටෙලිනාට්‍යය ගැන අපේ මතක ආයෙත් අලුත් කළා. මොකද දූ දරුවෝ හැඩ කරපු අයිරාංගනී සේරසිංහ, හෙන්රි ජයසේන, එච්.ඒ. පෙරේරා, යශෝධා විමලධර්ම වගේ නළු නිළියන් අපට ආයෙත් එක පවුලක දැකගන්න ලැබුණනේ. ඒ හැරුණා ම මානෙල් ජයසේන, ජනක් ප්‍රේමලාල්, විජේරත්න වරකාගොඩ, දීපානි සිල්වා, අවන්ති අපොන්සු වගේ රංගන ශිල්පීන් බොහොමයක් මේ ටෙලිනාට්‍යයේ චරිත නිරූපණය කළා. යමක් කමක් ඇති පවුලක කතාවක් තමයි මේකෙන් පෙන්නුවේ. සුවිමාලි කියන මන්ද බුද්ධික තරුණියකගේ චරිතය රඟපෑව චාන්දනී සෙනවිරත්නගේ රංගනය මතක් වෙද්දී අපට අදටත් හිනා යනවා.

5. සෙනෙහෙවන්තයෝ

Image Source : nalanmendis.com

මතකද ලීලසේනව? වලව්වේ කුස්සිය පැත්තෙන් “ලීලසේනෝ” කියලා කෑගහන සද්දේ ඇහෙන පරක්කුවට දුවන මේ උන්දැ, වලව්වේ උදවියගෙන් බැණුම් නාහපු වෙලාවක් නැහැ. විශේෂයෙන් ම කුස්සියේ වැඩට උන්නු සිරිපිනාහාමිගෙන්. මේ චරිත අපට මුණගැහුණේ 1997 අවුරුද්දේ විකාශය වුණු සෙනෙහෙවන්තයෝ ටෙලිනාට්‍යයෙන්. ඒ වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය විදියටත් ප්‍රසිද්ධ වුණේ මේකමයි. ලීලසේනගේ චරිතය ඔය තරම් හොඳට අපට මතක සමන් හේමරත්නගේ දක්ෂ රංගනය නිසයි. එතකොට සිරිපිනාහාමි විදියට රඟපෑවේ දීපානි සිල්වා මහත්මිය. තව මහේල ජයන්ත, හේමසිරි ලියනගේ, චන්න පෙරේරා, මානෙල් ජයසේන වගේ නළු නිළියනුත් මේ කතාවේ චරිත නිරූපණය කළා.

6. හිරු කුමරි

Image Source : nalanmendis.com

හිරුණි කියන්නේ පිළිකා රෝගයෙන් පෙළෙන තරුණියක්. නර්තනයටත් දස්කම් පෑව ඇය, තමන්ගේ පියානෝ ගුරුවරයාව බඳින්න කැමැත්තෙන් තමයි හිටියේ. ඒ වුණාට හිරුණිගේ ගෙදරින් ඒකට කිසිම අනුබලයක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඇයට විවාහ වෙන්න වෙන්නේ ගෙදරින් යෝජනා කරන ක්ලිෆර්ඩ්ව. ලොකු සල්ලිකාරයෙක් විදියට පෙන්නගෙන හිටියත්, ක්ලිෆර්ඩ් කියන්නේ ව්‍යාපාරත් සේරම බංකොලොත් කරගත්ත, කැසිනෝවලට ම සල්ලි නාස්ති කරගත්ත කෙනෙක්. හිරුණිව කසාද බඳින්න එක පයින් ඔහු කැමති වෙන්නෙත් හිරුණිගේ පවුලේ වත්පොහොසත්කම් ගැන දන්නා නිසාමයි.

මේ විදියට ගලාගෙන යන හිරු කුමාරි කතාව, අපට දැකගන්න ලැබුණේ 1998 අවුරුද්දේ. පිළිකා රෝගියෙක් විදියට යශෝධා විමලධර්ම කරපු දැවැන්ත රංගනය බොහෝ දෙනෙක්ගේ කතා බවට ලක්වුණා. මේකේ සෙසු චරිත රඟපෑවේ කමල් අද්දරආරච්චි, චාන්දනී සෙනවිරත්න, ප්‍රියංකර රත්නායක, මානෙල් ජයසේන, මාලිනි වීරමුනි යන රංගන ශිල්පීනුයි. .

7. බෝනික්කෝ

Image Source : nalanmendis.com

අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙන බැඳීම, මේ ලෝකේ තියෙන වෙනත් කිසිම බැඳීමකට සමාන කරන්න බැහැනේ. අන්න ඒ ගැන හොඳින් ම කියාපෑව ටෙලිනළුවක් තමයි බෝනික්කෝ.

විවාහ නොවී ලැබෙන දරුවෙක් තමන්ගෙන් වෙන් කරපු නිසා මානසික ආබාධයකට ලක්වෙලා ඉන්න සුජාතා නම් අවුරුදු 25ක තරුණියක් සහ, දෙමාපියන් දික් කසාද වීම නිසා අම්මගේ ආදරේ අහිමි වුණු පස් හැවිරිදි දැරියක් වටා නිර්මාණය මේ කතාව, මේක නරඹපු ප්‍රේක්ෂක ජනතාවගේ හිත සසල කරපු බව නොඅනුමානයි. ජනක රත්නායක නම් චිත්‍ර ශිල්පියාගේ “තුත්තිරිමල්” කතාව ආශ්‍රයෙන් තමයි මේ ටෙලිසිතුවම ගෙතුණේ. යශෝධා විමලධර්මගේ දක්ෂ රංගනය සුජාතාගේ චරිතය හරි ඉක්මනින් මිනිස්සු අතරට ගෙනියන්න සමත් වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්, එච්.ඒ පෙරේරා, ගාමිණි හෙට්ටිආරච්චි, චාන්දනී සෙනවිරත්න, මානෙල් ජයසේන වැනි  ප්‍රවීණ නළු නිළියන්ගේ රංගනයෙන් මේ ටෙලිනාටකය තවත් හැඩ වුණා.  

8. සත්පුර වැසියෝ

Image Source : nalanmendis.com

අදටත් හැමෝගේ ම මතකයේ තියෙන අහිංසාගෙයි, පැතුම්ගෙයි ආදර කතාව, අපි දැක්කේ සත්පුර වැසියෝ ටෙලිනාට්‍යයෙන්. 2000 වසරේ ජනප්‍රියත ම ටෙලිනාටකය විදියටත් මේ කතාව ප්‍රසිද්ධ වුණා.

අහිංසා අනාත මඩමක හැදුණු ගැහැණු ළමයෙක්. තරුණ වයසේ ඉන්න ඇයව බොහොම සල්ලිකාර, වත්පොහොසත්කම් තියෙන පවුලකින් අරන් හදාගන්නවා. විවාහය, අධ්‍යාපන කටයුතු නිසා පවුලෙන් ඈත් වෙලා ඉන්න දරුවන් තුන්දෙනා නිසා ඒ ගෙදර ඇති වෙලා තියෙන පාළුව මකන්න තමයි අහිංසා මේ ගෙදරට යන්නේ. ඒ පවුලේ පුතෙක් වුණු පැතුම් එකක හාද වෙන අහිංසාගේ ජීවිතයට එන හැල හැප්පිලි සමූහය මේ කතාවෙන් අපට දැකගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි, ඉහළ පැළැන්තියේ පරණ මිනිස්සුන්ගේ ජීවිත කතාව සහ ඉරණම මේ කතාවෙන් පෙන්නුම් කළේ ඒකෙ තිබුණු මම්මා සහ පප්පා කියන චරිත දෙකෙන්. අයිරාංගනී සේරසිංහ සහ විල්සන් ගුණරත්න තමයි ඒ චරිත රඟපෑවේ. අහිංසාගේ චරිතය යශෝධා විමලධර්මත්, පැතුම්ගේ චරිතය චන්න පෙරේරාත් නිරූපණය කළා.

9. සූරිය දරුවෝ

Image Source : susilaproductions.lk

තමන් ආදරය කරපු කෙනා අහිමි වීම නිසා තැවෙමින් ගෙදරට නාකි වෙන ලොකු අක්කා; හොඳ පවුල් ජීවිතයක් ගෙවන පොඩි අක්කා; රාජකාරී වැඩවලට මුල් තැන දෙන අයියා; ගෙදර හුරතලේට හැදුණු පොඩි නංගි; හතර විදියක ජීවිත ගෙවන එකම පවුලේ දරුවන් සිව් දෙනෙක්ගේ ජීවිත ගැන කතාවක් අපි නැරඹුවේ 2000 අවුරුද්දේ. ඒ සූරිය දරුවෝ ටෙලිනාට්‍යයෙන්. ඔවුන් එකිනෙකාගේ ජීවිතවල මුහුණදෙන හැලහැප්පිලි අනිත් දරුවන්ගේ ජීවිතවලට සහ දෙමාපියන්ට බලපාන විදිය මේ කතාවෙන් පෙන්නුම් කෙරුණා.

හැමදාමත් වගේ ම, යශෝධා විමලධර්මගේ රංගනය අපට මේකෙනුත් රස විඳින්න ලැබුණා. ඒ හැරුණා ම, මේකේ අනිත් ප්‍රධාන චරිත රඟපෑවේ සුනීතා විමලවීර, රොෂාන් පිලපිටිය, විජේරත්න වරකාගොඩ, ශ්‍රීනාත් මද්දුමගේ, චතුරිකා පීරිස් වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්.

10. තරු කුමරි

Image Source : archives.dailynews.lk

බොහොම සරල විදියට ගලාගෙන ගිය ලස්සන ටෙලිනාට්‍යයක් තමයි මේකත්. ප්‍රධාන පවුල් තුනක ඉන්න චරිත ඇසුරින් තමයි මේ කතාව නිර්මාණය වුණේ. ඒ චරිත එකකට එකක් විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙනවා. ඉතින් කතාව ඉදිරියට යන්නේ ඒ මුණගැහීම් සහ සිදුවීම් ඔස්සේයි.

දූ දරුවෝ කතාවෙන් දිස් වුණු යශෝධා විමලධර්මගේ සාර්ථක රංගනය, ඊට අවුරුදු 16කට පස්සේ (2006) ආව මේ ටෙලිනාටකයෙනුත් අපට දැකගන්න ලැබුණා. මේකේ සෙසු චරිත කළේ ජනක කුඹුකගේ, දීපානි සිල්වා, ප්‍රියා රණසිංහ, ජගත් චමිල, සුජානි මේනකා, ලාල් කුලරත්න, මාලිනි වීරමුනි වගේ අයයි.

“පස්සේ ගෙනා මනමාලි” ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට ආව නාලන් මෙන්දිස් මහත්මයාගේ දස්කම් සහ නිර්මාණ හැකියාව අදටත් බිඳක්වත් අඩු වෙලා නැහැ. පහුගිය දශකයක් වගේ කාලය ඇතුළත විකාශය වුණු සෙනෙහස කවියක් (2006), සෙනෙහසට ආදරෙයි (2008), ඔබ කවුද (2009), ප්‍රාර්ථනා මල් (2010), වාසනා වේවා (2010), ඉසුරු සංග්‍රාමය (2011), දූවරු (2012), අංගනා (2013), මුහුණු පොත (2014) වගේ ටෙලිනාට්‍යවලින් ඒ බව හොඳින් ම පැහැදිලි වෙනවා.

නාලන් මෙන්දිස් මහත්මයා ගැන කතා කරනකොට, ඔයාලගේ මතකෙට එන තවත් ටෙලිනාට්‍ය බොහොමයක් ඇති. ඒ ගැනත් අපට කමෙන්ට් එකක් දාලා කියන්නකෝ එහෙනම්.

කවරයේ පින්තූරය : nalanmendis.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide