කොළඹ අහසට අලුතෙන් එකතු වෙන Colombo City Centre එක.

පිට පළාත්වල වගේ වියන් බැඳපු ගස් කොළන්, එක යායට දිස්වෙන කඳු ගැටි නැතත්, අහස සිපගන්න තරම් උසට බිල්ඩින් තොගයක් තියෙන කොළඹ අහසෙත් අපූරු සුන්දරත්වයක් තියෙනවා. අන්න ඒ කොළඹ අහස හැඩකරන්න මේ මෑතක ඉඳලා එකතු වෙන තවත් ගොඩනැගිලි බොහෝමයි. එයින් එකක් පහුගිය 19 වෙනිදා විවෘත වුණා. මේකේ නම Colombo City Centre.

ඉතින් කඩිමුඩියේ ලකලෑස්ති වුණු මායි ලමිඳුයි තකහනියක් ම මේ පැත්තට ගියේ මේකේ වගතුග බලාගන්න. මේ Colombo City Centre එක තියෙන්නේ කවුරුත් දන්නා කියන බේරේ වැව අයිනෙන් දුවන සර් ජේම්ස් පීරිස් මාවතේ. අබාන්ස් එකයි, NextStory ගෘප් එකයි එක්කාසු වෙලා මැනේජ් කරන මේ ෂොපින් මෝල් එකේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 180ක්.

පහුගිය මාසේ විවෘත කරපු Marino Mall එක දැක්කට පස්සේ, මේ ෂොපින් මෝල් එක ගැන ඒ හැටි ලොකු බලාපොරොත්තු අපේ හිතේ තිබුණේ නැහැ. මොකද Marino Mall එක නිකන් දම්රෝ ශෝරූම් එකක් වගේනේ. තට්ටු ගණන් තියෙන්නේ දම්රෝ බඩු. ඔය එහෙන් මෙහෙන් අනිත් කඩවල් කීපයක් ඔබ්බලා තිබුණා විතරනේ. වැඩේ කියන්නේ මේ Colombo City Centre එකට අඩිය තියද්දී අපේ ඒ අදහස සම්පූර්ණයෙන් ම නැති වුණානේ. මේකෙත්  අබාන්ස්, LG එකේ ස්ටෝර්ස් තියෙනවා තමයි. ඒත් බොහොම අඩුවෙන්. තට්ටුවකට එකක් වගේ. මේක අබාන්ස්, LGවල නිෂ්පාදන විතරක් ම ප්‍රොමෝට් කරන්න නොහදපු ෂොපින් මෝල් එකක් වීම සෑහෙන්න දෙයක්.

මේ බිල්ඩිම සම්පූර්ණ වශයෙන් ගත්තොත් තට්ටු 47ක්. එයින් 5ක ෂොපින් මෝල් එක. ඊටපස්සේ තියෙනවා අපාර්ට්මන්ට්ස් 192ක් සහ කාමර 164ක හොටෙල් එකක්. හැබැයි ඔය අන්තිමට කිව්ව දෙක තවමත් තියෙන්නේ හැදෙන ගමන්. මේ වෙද්දී ඕපන් වෙලා තියෙන්නේ ෂොපින් මෝල් එක තියෙන තට්ටු පහ විතරයි.

ෂොපින් මෝල් එක

තට්ටු පහක් අතරේ පැතිරුණු මේ ෂොපින් මෝල් එකේ ලෝකල් සහ ලෝකේ ම ප්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් 16කට අධික ප්‍රමාණයක් සතු කඩවල් අන්තර්ගත වෙනවා. හැබැයි ලෝකල් බ්‍රෑන්ඩ් වුණත් මෙතන තියෙන්නේ ටිකක් හයි-එන්ඩ් ඒවා. ඒ මොනවා වුණත් මේ සේරම එක තැනක දැකගන්න ලැබෙන එක ම ලොකු දෙයක්.

ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගියා ම මුලින් ම දකුණු පැත්තෙන් මුණගැහෙන්නේ තඩි VR ඩිස්ප්ලේ එකක්. ඔතන පොඩ්ඩක් ගිහින් හිටගත්ත ම, ලොකු පොඩි ඩයිනෝසෝර්ලා කීපදෙනෙක් එක්ක කැලේ ඇවිදින්න පුළුවන්. ඒ හැරුණා ම, මේ තට්ටුවේ තියෙන කඩවල් වෙන්නේ Armani Exchange, Swarovski, BsaB, Charles & Keith, Spa Ceylon, Luxe Bags by Odel සහ LG.

ලිෆ්ට් එකෙන් ෆස්ට් ෆ්ලෝර් එකට යනකොට Envoy, mothercare, Galleria, U.S. Polo Assn., Jockey, Basilur, Sting, C. & J. Clark, Titan, Abans Laptops, සහ LG phones/TV දක්වලා තියෙන ස්ටෝර්ස් දැකගන්න ඇහැකි. අහ්! ඒ හැරුණා ම තියෙනවා Roots Gelato එකකුත්.

සෙකන්ඩ් ෆ්ලෝර් එකේ වැඩියෙන් ම තියෙන්නේ ලෝකල් බ්‍රෑන්ඩ්. Jezza, aditi, Abans Homestyle, elithé Naturals, Odel, Kadapatha, Chamathka, Aviraté වගේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ, තරමක් මිල ගණන් වැඩි, ඒත් හොඳ කොලිටි ප්‍රඩක්ට්ස් තියෙන කඩවල් පිහිටවලා තියෙනවා. ඒ හැරුණාම තව තියෙනවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් දෙකකට අයිති කඩවල් දෙකකුත් – ඒ Insoles, The Face Shop වගේ ඒවා.

තර්ඩ් ෆ්ලෝර් එකට ගියොත් ෂොපින් කරලා, ෆිල්ම් එකක් එහෙම බලලා, මොනවා හරි කාලා බීලත් එන්න පුළුවන්. මොකද මේ ෆ්ලෝර් එකේ තමයි Scope Cinemas එකෙන් කරගෙන යන මල්ටිප්ලෙක්ස් එකයි, ෆුඩ් කෝර්ට් එකයි තියෙන්නේ. ඒ වගේ ම Miniso, Odel Sports කියන ස්ටෝර්ස් දෙක සහ  Bubble Me Bubble Tea එකේ බ්‍රාන්ච් එකකුත් තියෙනවා.

මේකේ ෆුඩ් කෝර්ට් එක ගැන විශේෂ සඳහනක් කරන්නම ඕනේ. මොකද කොළඹ නගරයේ ම (සමහර විට මුළු ලංකාවේ ම) තියෙන ලස්සන ම ෆුඩ් කෝර්ට් එක තියෙන්නේ මේ Colombo City Centre එකේ. ඔය තියෙන අනිත් ෂොපින් මෝල්වල ෆුඩ් කෝර්ට් මේක ළඟින්වත් තියෙන්න බැහැ. මේක ඒ තරමට ලස්සනයි, ඉඩකඩයි සහ තවත් විශේෂ දේවල් බොහොමයක් තියෙනවා.

Colombo City Centre එකේ ෆුඩ් කෝර්ට් එක හඳුන්වන්නේ Food Studio කියලා. මේකේ ලෝකල් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටෝරන්ට් 20කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ම, ඉන්දියන්, ශ්‍රී ලන්කන්, චයිනීස්, ජැපනීස් ගගා බලාගෙන ඉන්න දෙයක් නැහැ. කැමති කැමති විදියේ කෑම බීම ජාති තොගයක් ම කන්න ඇහැකි. McDonald's, Isle of Gelato, The Mango Tree, Sumatran Spice, Midah Sisters, Shiok, House of the Moon, Tokyo Shokudo, Simply Strawberries by Jagro, Grub, Punch Island Bar, The Little Prince, සහ Fresh Intentions කියන්නේ මෙතැන දැනට විවෘත වෙලා තියෙන රෙස්ටෝරන්ට් ටික. ඒ හැරුණා ම ළඟදී ම Oporto කියන පෘතුග්‍රීසි රෙස්ටෝරන්ට් එකෙත් බ්‍රාන්ච් එකක් මෙතැනට එන බවයි ආරංචිය.

තවත් විශේෂ කාරණයක් තමයි, මෙතන රෙස්ටෝරන්ට් එකේ නම ප්‍රොමෝට් කරනවට වඩා මුල් තැනක් දීල තියෙන්නේ ඒ ඒ රෙස්ටෝරන්ට් එක පිරිනමන කෑම බීම වර්ග මොනවද කියන එකට. රෙස්ටෝරන්ට් එකේ නමත් පැත්තකින් දාලා තියෙනවා. ඒ වුණාට දැක්ක ගමන් පේන්නේ ඒගොල්ලෝ හදන්නේ මොන කෑම වර්ගද කියන එන. ඒක නිසා රෙස්ටෝරන්ට් එකෙන් එකට ගිහින් ඔළුව දදා මොනවද තියෙන්නේ කියන එක හොයන්න ඕනේ නැහැ. ඔන්න ඔය තියෙන කහ පාට නියෝන් ලයිට්වලින් හැඩ කරපු කෑම ටයිප් එක දිහා බැලුවා ම හරි. අපේ මලින්ත කිව්වේ Kandy City Centre එකෙත් ඒ වගේමයි කියලා. හැබැයි මේකයි ඒකයි කරගෙන යන්නේ මැනේජ්මන්ට් දෙකකින්.

මේ ෆුඩ් කෝර්ට් එක ප්‍රධාන සෙක්ෂන් දෙකකට කඩලා තියෙනවා. ෆැමිලි අවුටින් නම් එහෙමයි, බිස්නස් මීටින් නම් එහෙමයි, ඊළඟට යාළුවො එක්ක සෙට් වෙනවනම් එහෙමයි, ඒ හැරුණා ම තමන් ආදරේ කරන එක්කෙනා එක්ක යනවනම් ඒත් එහෙමයි; ඔය මොන අවස්ථාවකට වුණත් හරියන විදියට මෙතැන සීටින් ඇරෙන්ජ්මන්ට් තියෙනවා. අනික මෙතැන තියෙන අවුට්ඩෝර් ලෞන්ජ් එකත් මාර ගති. බේර වැවේ, ඉන් ඔබ්බට ගියපු බිල්ඩින් පේළිවල ලස්සන දර්ශන ඇති හැටියෙන් බලාගන්න ඇහැකි. රෑට එහෙම තවත් ලස්සන ඇති.

ෆෝර්ත් ෆ්ලෝර් එකෙන් තමයි කාර් පාර්ක් එකට යන්න පුළුවන්. මේකේ තියෙන්නේ එක ස්ටෝල් එකයි. Amari කියල හඳුන්වන මේ ස්ටෝල් එකේ තියෙන්නේ බොන්සායි ගස් සහ ප්ලාන්ට් බේස් කරගත්තු විසිතුරු බඩු.

අවසාන වශයෙන්

කොහොමින් කොහොමහරි කටක් ඇරලා ආඩම්බරෙන් ෂොපින් මෝල් එකක් කියලා කියන්න පුළුවන් තැනක් කොළඹට ආව එක ගැන අපි සෑහෙන්න සතුටු වෙන්න ඕනේ. කෑම බීම, ෂොපින් සහ රසාස්වාදය කියන දේවල් තුන ම හරි අපූරුවට සංයෝග කරපු තැනක් විදියට මේක හඳුන්වන්න ඇහැකි. ඉතින් Colombo City Centre එක ගැන දැනට කියන්න පුළුවන් පුංචි පෝස්ට් එකක් විතරයි මේක. මේ ගැන සවිස්තරාත්මක, කෑම බීම, මිල ගණන් සේරම ගැන සඳහන් කරපු ෆුල් රිවිව් එකක් කරන්න අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide