කොළඹ අවටින් අයිස්ක්‍රීම් කනව නම් මෙන්න තැන්!.

සීතල දවස්වලට අයිස්ක්‍රීම් කන්න එපා කියල කතාවක් අහල තියනව නේද? හැබැයි ඒක තඩි බොරුවක්! ඒ වගේ රස කෑමක රසවිඳින්න වෙලාවක් කලාවක් කුමට? අයිස්ක්‍රීම් කියන්නෙ අපි කොච්චර අප්සට් මූඩ් එකක හිටියත් මූණට හිනාවක් ගෙනල්ල අපේ මූඩ් එකයි, දවසයි දෙකම ෆික්ස් කරන කෑමක්. ඒ හින්ද අවුරුද්දෙ ඕන දවසක රහ බලන්න දෙපාරක් හිතන්න එපා.

මේ වෙද්දි කොළඹ අයිස්ක්‍රීම් පාලර්ස් වැහි වැහැලා. ඉතින් අපි හොඳ අයිස්ක්‍රීම් වරුවක් ගෙවන්න පුළුවන් තැන් කීපෙක ලිස්ට් එකක් හැදුවා. මේ තැන්වලින් එකකට ගොඩවුණොත් ක්‍රීම් දැවටුණ කූල් මොහොතක් ගත කරන්න හැමෝටම පුළුවන්.

Jolly’s Ice Cream (Marine Drive)

ජොලීස් අයිස්ක්‍රීම් කියන්නෙ ලංකාවෙ රහ මුසු වුණ අයිස්ක්‍රීම් කටක් කන්න මරු තැනක්. මුල දි නිට්ටඹුවෙන් පටන්ගත්ත ජොලීස් අයිස්ක්‍රීම් එකට දැන් කොළඹ තැන් තුනක බ්‍රාන්චස් තියනවා. ඒ දෙහිවල, බත්තරමුල්ල සහ මරීන් ඩ්‍රයිව් එකේ.

මේගොල්ලන්ගෙ කිරි කෝපි අයිස්ක්‍රීම් එක, අපි මෙච්චර කාලෙකට කාපු අයිස්ක්‍රීම්වලින් වැඩිපුර ම ශ්‍රී ලංකන් ගතියක් දැනුණ අයිස්ක්‍රීම් එකක්. ලංකාවෙ කිරි කෝපිවලට ම ආවේණික අපිට හුරුපුරුදු රහ ඒකෙන් හොඳටම දැනුණා. ඒ වගේ ම එයාල දෙන රස නහර පිනායන රාස්ප්බෙරි ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් එකේ රෝස පාට ක්‍රීම්වල රාස්ප්බෙරි කෑලි ගොඩකුත් හැංගිලා තිබුණා. එයාල ළඟ තියන හැම ෆ්ලේවර් එකක් ම වගේ අපි ට්‍රයි කරල තියනවා. එකකවත් කියන්න තරම් කිසි වැරැද්දක් අහු වුණේ නෑ.

එතන සර්විස් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ඉක්මන්. කොච්චර හොඳ ද කියනව නං අපි ඕඩර් එක ප්ලේස් කරන්න කලින් එක එක ෆ්ලේවර්ස්වල රහ චෙක් කරල බලන්න වුණත් එයාල ඉඩ දෙනවා.

Isle of Gelato (Food Studio)

ගිය අවුරුද්දෙ ගාල්ලේ ඕපන් කරපු සැනින් ම ජනප්‍රිය වුණ අයිල් ඔෆ් ජෙලාටෝ එක දැන් කොළඹ හරි මැදට ඇවිත්. ඒ කියන්නෙ දැන් මේගොල්ලො ඉන්නවා ෆුඩ් ස්ටුඩියෝ එකේ. මෙතන ජෙලාටෝ සම්පූර්ණයෙන්ම හදන්නේ ප්‍රොසෙස් නොකරපු ජාති පාවිච්චි කරලා. ඒ වගේම එයාල ළඟ ස්ක්‍රැච්වලින්ම හදපු ෆ්ලේවර්ස් 70ක් විතර තියනවා. ජෙලාටෝවලට අමතරව ෆෘට් බේස් කරගත්ත, කිරි රහිත සොර්බේ සහ අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මාලාවක් ම ඒගොල්ලො හදනවා.

අයිල් ඔෆ් ජෙලාටෝ එකේ ෆෑන්ස්ලා නං මෙතන හදන හැම දේම හදන්නේ 100%ක් අමුද්‍රව්‍යවලින් කියල මේ වෙද්දි හොඳටම දන්නවා. ඒ වගේම මෙයාල කිරි අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන නිසා, ෆ්ලේවර් එක කිරි රසෙන් වැහිලා යන්නෙ නැතුව හොඳට රසට දැනෙනවා. අයිස්ක්‍රීම් එකේ ස්වභාවය ගැන කිව්වොත්, දැනෙන නොදැනෙන ගාණට කටේ ලේසියෙන් ම දියවෙලා යන විදිහෙ සැහැල්ලු ක්‍රීමි ගතියක් තමයි මෙතන අයිස්ක්‍රීම්වල තියෙන්නෙ.

කෝපි, චොකලට්, ආමන්ඩ්, කැරමල්, චොකලට් අයිස්ක්‍රීම්, පීනට් බ්‍රිට්ල්, සෝල්ටඩ් කැරමල් මික්ස් කරල හදපු, මෙතන තියන ආමන්ඩ් මොකැචිනෝ එක නං අමෘතය වගේ. බය නැතුව ඕන කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන්.

Roots Gelato (Crescat Boulevard)

ක්‍රෙස්කැට් එකට ගිය කිසි වෙලාවක ෆුඩ් කෝට් එකේ තියන රූට්ස් අවුට්ලට් එකට නොගිහින් නං එළියට එන්නෙ නෑ. එක එක ජාතියෙ ෆ්ලේවර්ස් ගොඩක් එක්ක රසම රස ජෙලාටෝ ගොඩක් එතන තියනවා. ඒවයින් සමහර ඒවයේ අර ශ්‍රී ලංකන් රසත් අඩු නැතුව තියනවා.

උදාහරණයක් විදිහට එයාලගෙ චොකලට් බිස්කට් පුඩිං (CBP) ජෙලාටෝ එක ගමු. ලංකාවෙ අපිට මාරි බිස්කට් එක්ක තියන බැඳීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ  මාරි බිස්කට් චොකලට් ලේයර්ස් මැද්දෙන් වැටුණම එන රහ ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අතිවිශේෂ ශ්‍රී ලාංකික CBP ජෙලාටෝ හදන්න, රූට්ස් ජෙලාටෝ එක ළඟදි Bellisima එක්ක එකතු වුණා. එයාල බෙලිසිමා CBP එකේ චොකලටුයි, චොකලට් අයිස්ක්‍රීමුයි එක උකු මිශ්‍රණයක් බවට පෙරළල තියන විදිහ මාරයි!

එයාලගේ චොකලට් ජෙලාටෝ එක තවත් හොඳ ඔප්ෂන් එකක්. ඒකෙ ක්‍රීම් ගතියයි කටේ දියවෙලා යන විදිහයි නිසා ඒක හාගන් ඩෑස් බෙල්ජියන් චොකලට් අයිස්ක්‍රීම්වල ම පොඩි වර්ෂන් එකක් වගේ.

හොඳට ඉඩ ඇතුව වාඩිවෙලා කන්න, දැන් මෙයාලගේ ස්පොට් එකක් කලම්බු සිටි සෙන්ටර් එකෙත් තියනවා.

Il Gelato (Duplication Road)

ඉල් ජෙලාටෝ කියන්නේ අවුරුදු ගාණක ඉඳන් ජෙලාටෝ/ අයිස්ක්‍රීම්/ සොර්බේවල‍ට සුප්‍රසිද්ධ තැනක්.

එක කප් එකක හරි කෝන් එකක හරි, අපි කැමති ෆ්ලේවර්ස් දෙකක අයිස්ක්‍රීම් ස්කූප්ස් දෙකක් රු. 490කට මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඩාක් චොකලට් සහ බිස්කටෝ කියන්නෙ එහෙම ගන්න පුළුවන් මරු කම්බිනේෂන් එකක්. ඩාක් චොකලට් එක මාර චොකලට් ගතියයි කියල දැක්ක ගමන් ම කියන්න පුළුවන්. චොකලට් ගතියෙ බර චුට්ටක් අඩු කරලා ක්‍රීමි ගතියක් එකතු වෙන්නෙ බිස්කටෝවලින්. මෙතන තියන තවත් හොඳ ඔප්ෂන් එකක් තමයි Pannacotta.

ඩුප්ලිකේෂන් පාරේ, වෝඩ් ප්ලේස් එකේ, පාක් ස්ට්‍රීට් එකේ තියන මෙයාලගෙ ශාඛාවලින් වගේම, අප්ටවුන් කැන්ඩි එකේ තියන පුංචි පාලර් එකෙනුත් ඉල් ජෙලාටෝවල රස බලන්න පුළුවන්.

Frosty Roll

ෆ්‍රොස්ටි රෝල් කියන්නෙ වැල්ලවත්තේ තියන රෝල්ඩ් අයිස්ක්‍රීම් පාලර් එකක්. කෝපි, කිරි, කිට්කැට් චොකලට් බ්ලෙන්ඩ් කරලා, උඩින් විප්ඩ් ක්‍රීමුයි චොකලට් චිප්සුයි දාල හදපු කොෆී කැට් (රු. 450) එකේ රස නං කියල වැඩක් නෑ! ඒ වගේම චොකලට්වලට ආස අයට ම විශේෂෙන් හදපු චොකෝ බ්ලාස්ට් (රු. 450) එක දිව්‍යලෝක රහයි! ඒක හදල තියෙන්නේ ඔරියෝ, නටෙලා සහ චොකලට් කිරිවලින්. උඩින් විප්ඩ් ක්‍රීම්, තවත් ඔරියෝ කෑලි, වේෆර් ස්ටික්ස්, කොකෝ ක්‍රන්ච් එක්ක චොකලට් සිරප් දාලා! හිතාගන්න පුළුවන් නේ?

පලතුරු ෆ්ලේවර්ස්වලට ආස අයට, මිදුණු ස්ට්‍රෝබෙරි එක්ක ස්ට්‍රෝබෙරි සිරප් දාල, උඩින් විප්ඩ් ක්‍රීම්, ස්ට්‍රෝබෙරි වේෆර්ස් සහ ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියල හදපු ස්ට්‍රෝබෙරි බ්ලාස්ට් (රු. 450) එක ඉහළින් ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. බෙදාගෙන කන්න පුළුවන් විදිහට එන එයාලගෙ අයිස්ක්‍රීම් ඔක්කොම ෆ්ලේවර් එකෙන් වගේම ක්‍රීමි ගතියෙනුත් අනූනයි.

Carnival Ice Cream Parlour

කානිවල් අයිස්ක්‍රීම් නං දශක ගාණක ඉඳන්ම ලංකාවෙ අයගෙ අයිස්ක්‍රීම් බඩගින්න නිවන තැනක්. විවිධ ජාතියෙ ෆ්ලේවර්ස්වලට මෙතනත් හරි ෆේමස්. අයිස්ක්‍රීම්වලට අමතරව ෂේක්ස්, වොෆ්ල්ස් වගේ දේවලුත් මෙතනින් ගන්න පුළුවන්.

ස්ට්‍රෝබෙරි කොම්පට්, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්, කෑන්ඩ් පීචස් පුරවලා, විප්ඩ් ක්‍රීම්, ස්ප්‍රිංකල්ස් සහ වේෆර් එකක් එක්ක උස වීදුරුවක එන ඩබල් බෙරි (රු. 550) එක දිව පිනා යන රස ගුලාවක්. ඒ වගේම බඩත් පිරෙනවා.

මෙතන තියන චෙරි සහ කොෆි නට් ෆ්ලේවර්සුත් නියමයි. ෂේක්ස් ගැන කිව්වොත්, චෙරි, වැනිලා අයිස්ක්‍රීම්, පෙයාර්ස්, පැණි, කජු, විප්ඩ් ක්‍රීම් දාල හදල වේෆර් එකක් එක්ක සර්ව් කරන කැලිෆෝනියා ෂේක් එක (රු. 440) රස වෑහෙන මිශ්‍රණයක්.

එකම තැනින් රස ගොඩක් එක්ක ම පොඩි අතීතකාමයක් විඳල බලන්න කැමති අයට හරි යන තැන තමයි කානිවල් එක. සෑහෙන ඉඩකඩ තියන තැනක් නිසා ලොකු කට්ටියක් එක්ක වුණත් බය නැතුව යන්න.

CityRest Fort 24/7 Ice Cream

පාන්දර දෙකහමාරට අයිස්ක්‍රීම් කන්න හිතිලා තියනවද? එහෙනං මෙන්න ප්ලේස් එක! මේගොල්ලො 24/7 අයිස්ක්‍රීම් සර්ව් කරනවා. මෙතන සාම්ප්‍රදායික අයිස්ක්‍රීම් පාලර් එකක් නෙමෙයි. අයිස්ක්‍රීම් තියල තියෙන්නේ ලොබි එකේ කොනක තියන ෆ්‍රීසර් එකේ ලොකු ප්ලාස්ටික් ටබ්ස්වල. ඒ හින්ද ඕන නං ලොබි එකේ ඉඳගෙනත් අයිස්ක්‍රීම් කන්න පුළුවන්. හැබැයි ඉතිං හොටෙල් එකට ආපු ගෙස්ට් කෙනෙක් නොවී ලොබි එකේ ඉඳගෙන අයිස්ක්‍රීම් කන එක නං පොඩ්ඩක් ලැජ්ජ හිතෙන වැඩක්. ඒ හින්ද ඕන නං පාර දිගේ ඇවිදින ගමන් අයිස්ක්‍රීම් කන්නත් පුළුවන්.

මෙතන දූරියන්වල ඉඳන් හේසල්නට් වෙනකන් ම ෆ්ලේවර්ස් තොගයක් තියනවා. හැම එකකින් ම එක ස්කූප් එකක් රු. 170යි. පීච් ෆ්ලේවර් එක වගේම ස්ට්‍රෝබෙරි එකත් අපි හිතන් හිටපු විදිහටම සෑහෙන රහයි.

Rio Ice Cream (Wellawatte)

කවුරු වුණත් යාපනේ ගියොත් අමතක නොකර යන තැනක් තමයි රියෝ. එයාලගෙ මරීන් ඩ්‍රයිව් බ්‍රාන්ච් එක දාලත් දැන් අවුරුදු හයක් විතර ඇති. මෙතන සන්ඩේ ඔප්ෂන්ස් හුඟක් තියනවා. හරිම පැණිරස වුණාට කන්න කන්න ආසයි.

බ්ලූබෙරි සන්ඩේ එක (රු. 230) හදල තියෙන්නෙ ඇත්ත බ්ලූබෙරි දාල නෙමෙයි. වැනිලා අයිස්ක්‍රීම්වලට බ්ලූබෙරි ෆ්ලේවර් එකයි වයලට් කලරිං ගොඩකුයි දාලා. කොහොම වුණත් රහ නං අඩුවක් නෑ. ස්මාටීස්, ජෙලි, නට්ස් පිරුණ සන්ඩේ එකක් කන්න කැමති අයට රියෝ මෙගා ස්පෙෂල් එක (රු. 180) ඕඩර් කරන්න පුළුවන්.

තැන සෑහෙන ඉඩ තිබ්බත් කොයි වෙලෙත් සෙනඟ පිරිල ඉතිරෙන නිසා සර්විස් එක චුට්ටක් විතර ස්ලෝ වෙන්නත් ඉඩ තියනවා.

Frozen (MC Foodcourt)

එම්සී ෆුඩ් කෝට් එකේ තියන ෆ්‍රෝසන් එක රු. 300 ගාණේ අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි, කප්කේක්, බ්‍රවුනීස්, කැරමල් ස්වීට්ස් එහෙමත් විකුණනවා. අයිස්ක්‍රීම් එකේ පෙඟුණ චොකලට් කෑලි එක්ක උඩින් චොකලට් සෝස් දාල එන ෆජ්බ්‍රවුනි අයිස්ක්‍රීම් එක, නමෙන් කියවෙන විදිහටම ෆජී වගේම බ්‍රවුනි. අයිස්ක්‍රීම්, චොකලට්, සෝස් තුනම අඩු නැතුව පිරිලා ඉතිරිලා තිබ්බා.

මෙයාලගේ අයිස්ක්‍රීම් වගේම අනික් ජාතිත් ෆුඩ් කෝට් එකේ සද්ද මැද්දෙ ඉඳන් ම කන්නත්, අරන් ගිහින් කන්නත් අපිට පුළුවන්.

Scoop Colombo

තිඹිරිගස්යාය පාරෙ තියන ස්කූප් කලම්බෝ එක තමයි අලුතෙන් ම දාපු අයිස්ක්‍රීම් පාලර් එක. (මේක පරණ Scoop එකත් එක්ක පටලගන්න එපා!) මෙතන තියන්නේ හෝම් මේඩ් අයිස්ක්‍රීම්. ස්කූප් එකක් රු. 280යි.

අපි සාමාන්‍ය අයිස්ක්‍රීම්වලින් බලාපොරොත්තු වෙන ක්‍රීමි බටර් ගතිය මේකේ නෑ. එයාලගේ අයිස්ක්‍රීම් චුට්ටක් තදයි. හැබැයි චොකලට් අයිස්ක්‍රීම්, මාෂ්මෙලෝස් දෙක දාල හදපු චොකෝ මෙලෝ එකට අපේ හිත ගියා. මාෂ්මෙලෝස්වලින් යට ගියේ නැති නියම චොකලට් රස ඒකෙන් දැනුණා. ඔරියෝ බේස් කරගෙන හදපු ක්‍රීමි කුකී අයිස්ක්‍රීම් එකේ ඔරියෝ රහයි කෑලියි දෙකම අඩු නැතුව තිබ්බා. මෙතන ස්ප්‍රිංකල්ස්, ග්‍රැනෝලා, චොකලට් චිප්ස්, නට්ස් දාපු බෝතල් තියල තියන නිසා අපිට කැමති විදිහකට අයිස්ක්‍රීම් එකට ඕන තරම් ටොපින්ග්ස් දාගන්න පුළුවන්.

තැන නං හරිම පොඩියි. එක මේසයයි පුටු තුනයි. ඒ නිසා හොඳම දේ අරන් යන එක තමයි.

Frosties

රත්මලාන පැත්තෙ ඉන්න අයට රෝල්ඩ් අයිස්ක්‍රීම් රහ බලන්න හොඳ තැනක් මේක. පොඩි අයිස්ක්‍රීම් පාලර් එකක් විදිහට මෙතන තියන ෆ්ලේවර්ස් ගොඩ දැක්කම පුදුම හිතෙනවා. කුකී මොන්ස්ටර්, මයිලෝ ටෙලා, කිට් කැටී, චොකෝ ලව් ඒවයින් කීපයක්.

ෆ්‍රොස්ටීස් එකේ චොකලට් චිප්ස්, විප්ඩ් ක්‍රීම් එක්ක කලවම් වුණ කින්ඩර් බුඑනෝ ෆ්‍රොස්ටී (රු. 480) එක උඩින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. බුඑනෝ එළියට පනින කිරි රස එක්ක දිවට දැනෙන ක්‍රීමි සොෆ්ට් ගතිය මතක් වෙද්දිත් ආසයි. මෝල්ට්, චොකලට් දෙක විතරක් මික්ස් කරල හදල තිබුණ මෝල්ට් ක්‍රන්ච් එක නං හිතාගන්න බැරි තරම් රස ආකාරයක්!

අයිස්ක්‍රීම් ඇරුණම පැස්ටා, ෆිෂ් ඇන්ඩ් චිප්ස්, බත්, බර්ගර්ස්, සුප් පවා මෙතන තියනවා.

JAM Rolled Ice Cream

රෝල්ඩ් අයිස්ක්‍රීම්වලට ආස අයට කියාපු තව තැනක්. සෙට් මෙනූ එකක් වගේම, තමන් කැමති ෆ්ලේවර්ස් ටොපින්ග්ස් දාගන්න DIY ඔප්ෂන් එකකුත් තියන එක තමයි මෙතන තියන විශේෂත්වය.

මාෂ්මෙලෝස්, විප්ඩ් ක්‍රීම්වලින් වැහුණ, ස්ට්‍රෝබෙරි එක්ක එන මොකා බේස්ඩ් අයිස්ක්‍රීම් එකකට තමයි අපේ හිත ගියේ. මොකා ෆ්ලේවර් එකට ස්ට්‍රෝබෙරීස් හොඳට ගැළපුණාට මොකද ටොපින්ග්ස් සම්බන්ධයෙන් නං මේගොල්ලො ටිකක් ලෝබයි වගේ. මොකද මාෂ්මෙලෝස් දාල තිබ්බෙ පොඩ්ඩ ම පොඩ්ඩයි! ඔරියෝ, M&M, චොකලට් සෝස් දාල හදපු සෝයි අයිස්ක්‍රීම් එක නං රහට තිබුණා.

Chillato

බත්තරමුල්ලෙ තියන සාමාන්‍ය අයිස්ක්‍රීම් ප්ලේස් එකක්. මෙතන අයිස්ක්‍රීම් දෙන ක්‍රමේ ටිකක් වෙනස්. සාමාන්‍ය වැනිලා අයිස්ක්‍රීම් එකකට (පොඩි – රු. 250, ලොකු – රු. 350) සෝසුයි, ටොපින්ග්සුයි තොගයක් දාලා අලුත්ම රසක් හදනවා. ඒගොල්ලො කැමති විදිහට වගේම ඕගොල්ලො කැමති විදිහටත් මික්ස්චර් එක හදාගන්න අවස්ථාව තියනවා.

අපේ නං හිත ගියේ රයිස් ක්‍රිස්පීස්, පොප්කෝන් එක්ක අපි කැමති ටොපින්ග් එකක් දාල හදාගන්න පුළුවන් වට්ස් පොපින්ග් එකට. අපි තෝරගත්ත ටොපින්ග් එක තමයි ස්ට්‍රෝබෙරි සෝස්. අයිස්ක්‍රීම් ෆ්ලේවර් එක මදි නං නියම රස පදම එනකන් ටොපින්ග්ස් දාගන්න ඒගොල්ලො ඉඩ දෙනවා.

හරිම ෆ්‍රෙන්ඩ්ලි කපල් එකකට තමයි මෙතන අයිති. තැන හරිම සැපපහසුයි. ඕන තරම් පාකිං ස්පේස් වගේම අවුට්ඩෝර් සෙක්ෂන් එකකුත් මෙතන තියනවා.

ඔයාල කැමතිම අයිස්ක්‍රීම් ප්ලේස් එක මොකක්ද? කමෙන්ට්ස්වලින් අපිට කියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide