වෙඩිං එකකදි හම්බෙන එක එක ජාතියෙ කෑමදාසලා….

මගුලක් කනව කියන්නෙත් මළ මගුලක්. දන්නව නේ, දිලිසෙන ඇඳුමක් ඇඳන් ගිහින් පුටුවක් දෙකක් රත්කරලා, තියන දෙයක් බඩට දාගෙන ඕපදූප ටිකකුත් හොයාගෙන එන එකට තමයි මගුලක් කියන්නේ.

මගුල් ගෙවල්වලට එන මිනිස්සුන්ට තියනව විවිධාකාර කුසලතා. සමහරු යන්නෙ ම පම්පෝරි ගහන්න. තව සමහරු යන්නෙ අනික් අයගෙ විලාසිතා බලන්න. තවත් සමහරු යන්නෙ කනින් කොනින් ගොසිප් අහුලගෙන එන්න. මේ අතරෙ ඉන්නව කන සාක්කුවට වැටෙනකන් බොන්න ම හිතාගෙන යන අයත්. මේ ඔක්කොට ම වඩා විශේෂයි, කන්න ම බලන් මගුල් ගෙවල්වලට රිංගන උදවිය.

කෑම තමන්ගෙ එකම අරමුණ කරගෙන වෙඩින්වලට යන අයගෙත් විවිධ වර්ග ඉන්නවා. මේ කියන්නෙ එහෙම කෑමදාසලා ජාති අටක් ගැන. ඔයා අයිති ගොඩ කෝකද කියල කියෝලම බලන්නකො…

බයිට් බුලට්

මේගොල්ලන්ගෙ උනන්දුව තියෙන්නෙ අර අච්චර විසාලෙට දාන බුෆේ එක ගැන නෙමෙයි. ඊට කලින් මේසෙට එන පොඩි පොඩි ස්නැක්ස්, බයිට් වගේ දේවල් ගැන. මේ ජාතියෙ බයිට් මරුවෙක් මේසෙ ඉන්නව නං, සැරෙන් සැරේට ගෙනත් තියන බැදපු කජු, මුරුක්කු, චිකන් ඩෙවල් වගේ ඒව එහෙ බලල මෙහෙ බලද්දි වාෂ්ප වෙලා.

අතුරු(පස)මිතුරු

බුෆේ එක ඕපන් කරාම අනික් අය සුප්, සැලඩ් නැත්තං රයිස් ඇන්ඩ් කරිවලින් කන්න පටන්ගත්තට, මෙයාලගෙ වැඩ අග ඉඳන් මුලට. ඒ කියන්නෙ මෙයාල මුලින් කන්නෙ ඩෙසට්. ඊළඟට කන්නෙත් ඩෙසට්. ඩෙසට් වට දෙක තුනකට වග කිව්වට පස්සෙ, බඩේ ඉඩ තිබුණොත් තමයි මෙයාල බත් දිහා බලන්නෙ.

ෆුඩ් බ්ලොගර්

කනවට වැඩිය කනව කියල පෙන්නන්න මහන්සි වෙන අය දැකල තියනව ඇති නෙ? #foodporn තමයි මේගොල්ලන්ගෙ ජාතික හෑෂ්ටැග් එක. කෑමවල, බයිට්වල, ඩ්‍රින්ක්ස්වල, වෙඩින් කේක්වල විතරක් නෙමෙයි, බුෆේ එකෙත් ෆොටෝ අරං එඩිට් කරල ෆිල්ටර්ස් දාල, කැප්ෂන් හෑෂ්ටැග් දාල අප්ලෝඩ් කරල තමයි කන්න පටන්ගන්නෙ.

බෙබා

අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ මෙයාල ගැන. ඔක්කොමල කාල බීල ඉවර වෙලා බුෆේ එක වහන්න ඔන්න මෙන්න තමයි මෙයාල කෑමට සැරසෙන්නෙ. ඇයි ඉතින් ‘මේක නං අන්තිම ෂොට් එක’ කිය කිය අන්තිම ලාස්ට් ෆයිනල් ෂොට් දහයක් විතර දාල නෙ ඒ වෙද්දි.

කනුකුනු

කිසි ම කෑමකින් බීමකින් සතුටු නොවෙන පුදුම ජාතියක් මේ. හැම කෑමක ම බීමක ම මොකක්හරි අඩුවක් දකින්නමයි මේගොල්ලො ලෑස්ති වෙලා ඉන්නෙ. ලෝකෙ හොඳ ම වෙඩින් බුෆේ එකට ගියත්, කෑමබීම හදල තියන විදිහ, ගෙනත් තිබ්බ විදිහ, දාල තියන දේවල්, රසපදම… මේ සියලු දේවල් ගැන අඩුපාඩු හොයලා මේගොල්ලො විස්තර විචාරය කරනවා. කොච්චර ඥරුඥුරු ගෑවත් එක කෑමක්වත් අතාරින්නෙත් නෑ!

කේක් හොරා

මේ අයත් හරි සුලබයි. මෙයාල වෙඩින් එකට යන ඒකායන පරමාර්ථය තමයි වෙඩින් කේක්. පුළුවන් තරම් කේක් කෑලි එකතු කරගෙන, පර්ස්/ පොකට් පුරවගෙන එන එක මෙයාලගෙ විනෝදාංශේ. හිස් මේසවල තියල තියන වෙඩින් කේක් ගැන ඇහැගහගෙනමයි ඉන්නේ.

ඩයට් ඩයල්

කොච්චර නානා වර්ගේ ජාති තිබුණත් මෙයාල නෙමෙයි ඒව දිහා ඇහැක් ඇරල බලන්නෙ. සැලඩ් සහ පලතුරු විතරයි මෙයාලට පේන්නෙ. කන ජාතිවල කැලරීස් ගණන් කරන්නත් අමතක කරන්නෙ නෑ.

ඔරිජිනල් කෑමදාස

මේ තමයි කන්න ම වෙඩින් එකට එන ඔරිමජිනල් කෑමදාස. අපරාදෙ කියන්න බෑ, එක ඩිෂ් එකක්වත්, එක ඩෙසට් එකක්වත්, එක ඩ්‍රින්ක් එකක්වත් අතාරින්නෙ නෑ. එක වටයක් ගිහින් ඇවිත්, ඇඟට පතට නොදැනී බුෆේ එක පැත්තෙ තව වටයක් දෙකක් කරක් ගහන්නත් මේගොල්ලො හෙන දස්සයි!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide