මාස්ක්! දාන්නද එපාද?.

COVID-19 වසංගතයේ පැතිරීම සහ පැතිරීමේ වේගය පාලනයකරන්නෙ මේ වෙනකොට ලෝකය පුරා හැම තැනක ම වගේ විවිධ ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනවා. පිරිස එක්රැස් වෙන තැන් මගෑරලා හැකි තාක් ගෙවල්වලට වෙලා ඉන්න එක, පාරෙ තොටේ දී හෝ කඩේකට බඩු ගන්න ගියාම අවම වශයෙන් මීටරයකවත් පරතරයක් තියාගන්න එක, නිතර ම සබන් හෝ ඇල්කොහොල් යොදල අත් හෝදන එක, එහෙම අත් හෝදන්න නැතුව මුහුණ ස්පර්ශ නොකිරීම වගේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන දේවල් හරියට කළොත් අපට මේ වසංගතය පැතිරීම අවමකරගන්න පුළුවන්.

මේ අතර ලෝකේ සමහර රටවල වගේ ම ලංකාවෙත් පාරතොටේ යද්දි, කඩවලට බඩුගන්න යද්දි ගොඩදෙනෙක්  මාස්ක් එකක්, එහෙමත් නැත්නම් මුහුණු ආවරණයක් පළඳිනවා දකින්න පුළුවන්. මේවා අතර සර්ජිකල් මාස්ක්, අර මෝටර්සයිකල් පදිද්දි එහෙම දාන වර්ගයේ මාස්ක්, ගෙදර දි රෙදිවලින් හදාගත්ත මාස්ක් වගේ ම ලේන්සු හෝ රෙදි කෑලිවලින් මූණු වහගත්ත අයත් හිටියා.

ඔය අස්සෙ ඇඳිරිනීතිය අයින්කරපු වෙලාවේ මේ විදියට මුහුණු ආවරණ නැතුව ආපු අයට පොලිසියෙන් විවිධ අඩත්තේට්ටම් කරනව වගේ ම පොලිසිය සහ මාධ්‍ය ආයතන එකතුවෙලා ඒ වගේ අයගේ මූණුවල රෙදිකෑලි ගැටගහනවත් දකින්න ලැබුණා.

Footage: Ada Derana

හැබැයි ඔය අතරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාහිටියේ මේ විදියට සාමාන්‍ය ජනතාව පාරට, කඩපිළට යද්දි මාස්ක් දාන එක සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ නොකරන බවයි.

දාන්නද? එපාද?

ඉතිං මොකක්ද මේ මාස්ක් ගැන ඇත්ත කතාව? අපි මාස්ක් දාන්නද, එපාද? 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයට අනුව මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශය මුහුණු ආවරණ පළඳින්න කියල නිර්දේශකරන්නෙ රෝගීන් යැයි සැකකකරන පුද්ගලයින්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයින්, රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන්ට සහ ස්වසන රෝග ලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයින් රෝහලයට යාමේ දී විතරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙත් COVID19 වගේ වෛරසයකින් අපිව ආරක්ෂා කරන්න සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකකට බෑ කියලා. ඔයාට උණ, කැස්ස සහ හුස්මගැනීමේ අපහසුතාව තියෙනව නම් මාස්ක් එකක් පැළඳගෙන වෛද්‍යවරයෙක් වෙත යොමුවෙන්න ඕන. හැබැයි නිරෝගී කෙනෙක්ට රෝගය වැළඳීම නවත්වන්න මාස්ක්වලට පුළුවන් කියල කියන්න දැනට කිසිම සාක්ෂියක් නෑ. මොකද සර්ජිකල් මාස්ක් එකක මූලික කාර්යය වෙන්නෙ ඒක පැළඳගෙන ඉන්න කෙනාගෙන් පිටවෙන විෂබීජ එළියට යන එක වළක්වන්න මිසක් එළියෙ තියෙන විෂබීජ ඒ පුද්ගලයට ඇතුළ්වෙන එක වළක්වන්න නෙවෙයි.

ඔය කීවට ඉතිං…

වෛද්‍යවරු සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මොනව කීවත් අපේ ගොඩක් කට්ටිය තාමත් මාස්ක් දානවා. “ඔය කීවට ඉතිං පරෙස්සම් වෙන එක කෝකටත් හොඳයි නෙ. ඕක දැම්ම කියල අවුලක් වෙන්නෙ නෑනෙ.” වගේ කතාවල ඉඳන් මාස්ක් දාන්න එපා කියල කියන වෛද්‍යවරුන්ගෙ අම්ම මුත්තා මතක්කිරීම දක්වා මේ ගැන එක එක විදියේ අදහස් මේ දවස්වල සමාජ මාධ්‍යවල දකින්න පුළුවන්. අර කීවත් වගේ ඉතිං නිකං ඉන්නවට වඩා හොඳ නැද්ද කෝකටත් කියල වැඩි පරිස්සමට මාස්ක් එකක් දාගෙන යන එක?

“නෑ” කියන උත්තරේ තමයි ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මේ ප්‍රශ්නෙට දෙන්නෙ. වෛද්‍ය කොතලාවලට අනුව මේ විදියට මාස්ක් දාන එකේ තියෙන එක අවදාමක් තමයි false sense of security, එහෙම නැත්නම් තමන් ආරක්ෂිතයි කියල හැඟීමක් තමන්ට එන එක. මේ හැඟීම නිසා මීටරයක් දුරින් ඉන්න එක, නිතර මූණ අල්ලන එක, අත් හෝදන එක වගේ දෙවල් ගැන අවධානය අඩුවෙනවා. එකම මාස්ක් එක ගලවල සාක්කුවේ දාගෙන ඉඳලා නැවත නැවත පාවිච්චි කරන අය, සැරෙන් සැරේ මාස්ක් එක පාත්කරලා හෝ බෙල්ලෙ දාගෙන කතාකරන අය ගොඩක් තැන්වල දි අපට දකින්න පුළුවන්. 

බොරු සැනසිල්ල?

මේ  false sense of security එක ගැන තවත් උදාහරණයක් වෛද්‍ය නුවත් තොටවත්ත ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒකෙ දි එක්කනෙක් වෛද්‍යවරයගෙන් අහල තිබුණේ ඔය මොනව කීවත් තමන්ගේ අවුරුදු පහක පොඩි දරුවව මාස්ක් එකක් නැතුව සුපර්මාර්කට් එකකට එක්ක යන්න හිතහදාගන්න පුළුවන්ද කියලා.

මේකට  වෛද්‍ය තොටවත්ත දීලා තිබුණු උත්තරය වුණේ, "මම කොහොමටවත් මේ දවස්වල අවුරුදු පහක දරුවෙක් සුපර් මාර්කට් එකකට ගෙනියන්නෙ නෑ. මාස්ක් එකක් නොදා වත් ගෙනියන්නෙ නෑ. මාස්ක් එකක් දාල නම් කොහොමටවත් ගෙනියන්නෙ නෑ."

“තාත්ත හිතන්නෙ බැරිවෙලාවත් කොරෝන රෝගියෙක් දරුවගෙ මූණ ළඟට ඇවිත් කැස්සොත් මොකද වෙන්නෙ කියල. තාත්ත කෙනෙක් හැටියට එහෙම හිතෙන එක හරි.” වෛද්‍ය තොටවත්ත පැහැදිලි කරනවා. “හැබැයි එයා හිතෙන දේ හරියන්න හරියටම එයාල යන වෙලාවට කොරෝන රෝගියෙක් එයලගෙ මූණ ඉස්සරහට ඇවිත් කහින්න ඕන.”

නමුත් සුපර් මාර්කට් එකට දවස පුරා ම ආපු හැමෝම කැහැල පිටවෙච්ච කෙළ බින්දු හැම රාක්කයක ම හැම පැකට් එකකම තියෙනවා. පොඩි දරුවෙක් නෙවෙයි, ලොකු කෙනෙක් වුණත් මේවා අල්ලලා ඒ අතර මාස්ක් එක හදන්න, ගියොත් මූණ අතගැවුණොත් අර කෙළ බිඳිතිවල රැඳිලා තියෙන වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. 

ලංකාව නේ, අපි නේ

“ඔය කීවට ඔය පෝලිම්වල දි  ප්‍රායෝගික ව මීටරේ පරතරේ තියාගන්න බෑනෙ,” කියන අයටත් තියෙන්නෙ මීටරේ පරතරේ තියාගන්න බැරිවුණත් මාස්ක් එක තියෙන නිසා තමන් ආරක්ෂිතයි කියල හිතෙන අර කියපු  false sense of security එක ම තමයි. 

මීට අමතර ව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල කියන විදියට මාස්ක් දාන එකේ තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ මේ වෙනකොට තියෙන සර්ජිකල් මාස්ක් තොග ප්‍රමාණය සීමිත වීම. දැනට මේවා ලංකාවේ හදන්නෙ නෑ. මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරා ම තියෙන ප්‍රශ්නයක් නිසා මේ දවස්වල පිටරටින් අලුතින් සර්ජිකල් මාස්ක් ගෙන්නන්නත් අමාරුයි. ඉතිං මේ විදියට හැමෝම දවස ගානෙ අලුතින් මාස්ක් දාන්න ගියොත් එහෙම රෝග ලක්ෂණ තියෙන අය සහ රෝගීන්ට සත්කාර කරන අය වගේ අත්‍යවශ්‍ය අයට ගන්න මාස්ක් නැතිවෙන්න පුළුවන්.

හැබැයි අනිත් අයට හෙනගහල ගියත් මුලින් තමන් ආරක්ෂාවෙන්න ඕන නෙ කියල හිතන අය වගේ ම රටේ තියෙන සර්ජිකල් මාස්ක් තොගය ඉවර නොකර ගෙදර දි රෙදි මාස්ක් හදාගෙන දාන අයත් ඉන්න පුළුවන් නෙ. අන්න ඒ අයට වෛද්‍ය නුවන් තොටවත්ත කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්:

“…සර්ජිකල් මාස්ක් එකක් එලියෙ තියෙනවා පොලිතීන් වගේ තට්ටුවක්. ඒකෙන් කෙළ බිඳිති උරාගන්නෙ නැතිව එලියට ඉවත් කරල දානවා. හැබැයි රෙදි මාස්ක් එකක් ඉක්මනින් ම කෙළ බින්දුවලින් පෙඟෙනවා. ඊට පස්සෙ වෛරස් ටික එතන එකතු වෙලා තියෙනවා. මාස්ක් එක නැති වෙලාවට වඩා වැඩි වෙලාවක් වෛරසය මූණ අවට ගෑවි ගෑවි තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නෙ කියලා තමන් ම හිතල බලන්න…”

ජනේලෙන් වෙරළු ගෙඩිවක් ගැහුව වගේ

“…සාමාන්‍ය රෙදි මාස්ක් එකක් තියෙන සිදුරුවල ප්‍රමාණය නැනෝ මීටර දහදාහක් පනස්දාහක් අතර වගේ වෙනව. කොරෝනා වෛරසය නැනෝමීටර එකසිය විස්සක් විතර. ඒ කියන්නෙ අඩුම තරමෙ රෙදිවල නූල් අතර තියෙන සිදුරක් වයිරසය වගේ සිය ගුනයකට වඩා ලොකුයි. කෙළ ටික වේලුණාම වෛරසය ඔය සිදුර ඇතුළෙන් යන හැටි අපිට සමාන කරන්න පුළුවන් ජනේලයකින් වෙරළු ගෙඩිය විසිකරන ඒකට…”

තමන් මාස්ක් දාගෙන තමන් විතරක් බේරෙන්න හදන අයට කියන්නෙ තියෙන්නෙ ඒ වගේ ආත්මාර්ථකාමී වෙලා මේ වගේ වසංගත තත්ත්වයකින් ගැලවෙන්න බෑ කියන එක තමයි. මොකද වෛද්‍ය කාර්යමණ්ඩල සහ අත්‍යවශ්‍ය අයට මාස්ක් නැතිවීම නිසා ඒ් ප්‍රතිකාර කිරීමේ සහ රෝග මර්දන ක්‍රියාවලිය කඩාවැටුණොත් මේක මීට වඩා සෑහෙන දරුණුවට පැතිරෙන්න පුළුවන්. ඒ මට්ටමට ආවොත් එදාට ඔයාගෙ මූණෙ දාන මාස්ක් එකට බෑ ඔයාව බේරගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide