පුංචි ගෙවත්තෙ වගාකරල අතට ගාණක් හම්බකරගන්න කියාපු ක්‍රම 5ක්.

කොරෝනා තත්වෙත්..

දවසක් බලාපොරොත්තු ඇති කරනව, ආයෙත් සතියකට විතර බලාපොරොත්තු නැති කරනව. අනේ මන්දා ඉතින් මේ විදියට කවදා වෙනකම් යන්න වෙයිද කියල. හැරත් මේකෙන් මතුවෙන ප්‍රශ්න තොගේ. ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍ර්‍රශ්න.. ඒවයින් මතුවෙන වෙන වෙන ප්‍රශ්න..

වැඩිහරියක්ම, තව ඉස්සරහට මේ විදියට ගියොත්.. කෑම බීමයි, සල්ලි කීයක් හරියි තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ. 

එහෙමයි කියල ඉතින් එක පාරටම ඒකට ලොකු විසඳුම් දෙන්නත් බෑනෙ. මොකද සල්ලි තියෙන මනුස්සයට හරි හැටි වවන්න ඉඩක් නෑ, වවන්න පුලුවන් මනුස්සයට හරි හැටි ඒක විකුණගන්න විදියක් නෑ.. ඊටත් ඔය දෙකම නැති මනුස්සයට?

අන්න ඒකයි යාළු අපි කල්පනා කලේ.. ලොකු ආදායම් මාර්ග නැති, හැබැයි පුංචි හරි ගෙවත්තක් තියෙන ඔයාට.. ගෙවත්තෙම වවල, ඔයාලත් කාලා බීලා, ඉතිරිය හොඳහැටියට සකසල විකුණල.. කීයක් හරි හොයාගන්න පුලුවන් විදියෙ වගා ටිකක් කියන්න. 

හැබැයි මෙහෙමයි, අපි මෙතනදි මේ දේවල් සඳහන් කරන්නෙ ටිකක් කෙටියෙන් නිසා, ඔයාලට පුලුවන් ඒවයෙ වැඩි විස්තර ඉන්ටනෙට් එකෙන් බලල හරි, ඔයාලගෙ කෘෂි නිළධාරියට කතා කරල හරි.. හරියටම දැනගන්න.

එහෙනම් ඔන්න.. දැනට වත්තෙ වැඩක් අල්ලල නැත්නම්..

හෙට ඉඳන්ම පටන් ගන්න…!

1. කෝමාරිකා

ඉස්සර ඉඳන්ම හොඳ මිලක් තිබුනු හැබැයි මෑතකදි සාමාන්‍ය වගාකරුවන්ගේ අවධානයට යොමුවුනු සුවිශේෂී වගාවක්. ඔයාටත් ගෙදරදි කරන්න පුලුවන්. ලොකු ආදායමක් නැති වුනත් අඩුම තරමෙ මාසෙකට රුපියල් දහ පහලොස් දාහක් හරි.

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි යාළු. ඉස්සෙල්ලම වත්තෙ හොඳට සහ වැඩිම වෙලාවක් අව්ව වැටෙන තැන් ටික හොයාගන්න. ඒ අතරට ලොකු ගස්වලින් වත්ත ගොඩක් හෙවණ වෙලා නම්, ඒවයෙ අතු කපල අව්ව වැටෙන එක ටිකක් වැඩි කරගන්නත් බලන්න. කරගෙන.. කොම්පෝස්ට් ලෝඩ් එකකුයි වැලි ලෝඩ් එකකුයි ගලප ගන්නයි ඕන. ඊට පස්සේ.. වැලි බාගෙට කොම්පෝස්ට් එක ගාණෙ වගේ වෙන්න දාලා කලවමක් හදාගන්න. හදාගෙන.. බිම, පාත්ති සකසන්න පළල අඩි බාගයක් වගෙයි, පාත්ති අතර ඉඩ අඩියක් වගෙයි තියෙනන්න. සකසලා.. අර මිශ්‍රණය පාත්ති පසත් එක්ක මිශ්‍ර කරලා.. හොඳට වතුර දාලා දවසක් විතර තියෙන්න අරින්න. ඊට පස්සෙ ඉතින් ඔයාට පුලුවන් කෙලින්ම පැළ දාන්න හරි, ඇට දානව නම් මුල් දවස් ටිකේ අංකුර එනකම් පොලිතින් එකකින් වහල තියල හරි වැඩේ පටන් ගන්න.

2. ඩ්‍රැගන්ෆෘට්

පොඩි මහන්සියක් වෙන්න ඕන මුලදි, මොකද මේක වැලට වගේ යන භෝගයක්න. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕන ලොකු ලී කණු ටිකක්, අවම උස අඩි 5ක්වත් තියෙන වට ප්‍රමාණය අඩියක් භාගයක්වත් තියෙන ඒවා. හොයාගෙන.. ඒවයෙ මුදුනට කතිර හැඩේට අඩි 2ක්වත් දිග ලී කෝටු 8ක් බැඳගන්න. හොඳ හයියට හැබැයි. බැඳලා.. බිම හිටවගන්න, අර කෝමාරිකා වලට වගේම හොඳටම අව්ව වැටෙන තැන් ටිකේ. කණු අතර දුර සාමාන්‍යයෙන් අඩි 3ක් වගේ තිබ්බ නම් ඇති. කොහොමහරි හිටෙව්වට පස්සෙ, කෝමාරිකා වලට වගේම වැලි බාගෙට කොම්පෝස්ට් එක ගාණෙ දාපු මිශ්‍රණයක් කණුව මුලට දාලා පැළ ඉන්දන්නයි තියෙන්නෙ. හැබැයි ඉතින් ඩ්‍රැගන් ෆෘට් වලට නම් මුල් කාලෙදි පුලුවන් තරම් කොම්පෝස්ටම දාන්න. මොකද නැත්නම් හැදෙන්න කල් යනව වගේම ගෙඩි එන්නත් කල් යනව. 

3. ලුණු දෙහි

ඇත්තටම දෙහි වලින් විතරමද?

කිව්වට විශ්වාස කරන්න යාළු හීන් නාරං වලින් ලුණු දෙහි එක දානවා.. වියළි කලාප පැත්තෙ, ආයෙ මතක් වෙද්දිත් කටට කෙල උනනව ඈ..

ඉතින් අපි කියන්නෙ, දෙහිම හිටව හිටව ඉන්න ඕන නෑ. ඉඩ තියෙන හැම තැනකම වගේ ඕනම සිට්‍රස් වර්ගයක ගහක් හිටවල, හැබැයි ඉක්මනට පළ දරන හොඳද. ඒවයෙ අස්වැන්න නෙලල, හෝදල කරල, පොඩි ගෙඩි නම් සාමාන්‍ය පරිදි 4ට පැලුවා ලොකු ගෙඩි නම් 6, 8 වගේ පලන්න පුලුවන්. පලල ඉවර වෙලා පරණ මැටි ඇතිලිවල පේලියට අහුරලා.. ලුණු කුඩු ඉහිනවා.. වේලෙන්න තියනවා, ලුණු කුඩු ඉහිනවා වේලෙන්න තියෙනවා.. ආයෙ මාසෙන් එහා පැත්තෙ ඉඳන් ඉතින් වේලන වේලන දවසක් ගාණෙ රස තමා හොඳඳ.

හැරත් රස පදමට ආවා කියල හිතුනාම බැරියැ ජෑම් බෝතල් කෘද්‍රජීවි හරණය කරල ඒවට පැක් කරන්නත්..

4. බෙරි ජෑම්

ඇත්තටම.. මේකෙදි නම් වගාව කරන විදිය ඒ හැටි වැදගත් වෙන්නෙ නෑ. මොකද මල් බෙරි පැළ ටිකක් ගෙනැල්ල වත්තෙ තරමක් ඉඩ තියෙන තැන් ටිකක පැළ කලා නම් ඒ හැටි කාලයක් නොගිහින්ම සාමාන්‍ය අස්වැන්නකින් වැඩේ පටන් ගන්න පුලුවන්. එහෙම පටන් ගන්න වැඩේ.. කරන්න තියෙන්නෙ මේකයි.

නෙලාගන්න මල්බෙරි ඉස්සෙල්ලම හෝදගන්න. හෝදලා ඒවයෙ නටු, කොළ සියල්ල අයින් කරලා මැටි ඇතිලියකට දාගන්න. දාලා ඒකට.. සීනි දාන්න, සාමාන්‍යයෙන් මල්බෙරි කිලෝ 1කට සීනි කිලෝ 1ක් වගේ වෙන්න. ඊට පස්සෙ ඒකට ඝන ගතියකුත් එන්න, දාන්න ඇපල් ග්‍රෑම් 100ක් වගේ පොඩි පොඩියට කපල, ඇට එහෙම අයින් කරල. දාලා.. දෙහි යුෂ කෝප්ප බාගයක් විතරත් දාලා.. ලිපේ තියල, මද ගින්නෙ හැඳි ගගා, හින්දන්නයි තියෙන්නෙ..

පස්සෙ නිවුනාම, කෘද්‍රජීවි හරණය කරගත්තු බෝතල් වලට ඇසුරුව නම්.. විකුණන්න බැරියැ ඔය දන්න කියන අයට හරි.

5. කොච්චි

ලේසියෙන්ම වගා කරන්න පුලුවන් වගේම අවුරුද්ද පුරාම හොඳ මිලකට විකිණෙන මිරිස් වර්ගයක් තමයි කොච්චි කියන්නෙ. ඇත්තටම කොච්චි වවන්නත් ඒ හැටි මහන්සි වෙන්න ඕන නෑ. සාමාන්‍ය පාත්තියක පැළ කාලෙදි විතරක් කොම්පෝස්ට් ටිකක් දැම්මාම කොච්චි ගස් හොඳ හැටි හැදනෙව. ඒ හැරුනාම විශේෂයෙන්ම ඕන අව්ව තමයි.

හැබැයි මේ වගාව ආරම්භයෙදි ඔයාලා හොඳ අවධානයක් යොමු කරන්න ඕන වවන කොච්චි වර්ගය මොකක්ද කියල. මොකද ඒකෙන්නෙ ඔයාගෙ වෙළඳාම තීරණය වෙන්නෙ.

ඒකට ඉතිව් ඔයාට කෘෂි උපදේශකතුමාගෙන් උදව් ලබාගන්නත් වෙනව.

ඊටත්.. ඔය කොච්චි වලින් පේස්ට්, අච්චාරු වගේ දාලා බෝතල් කරල විකුණන්න පුලුවන් නම්.. ආදායම දෙගුණ තෙගුණ කරගන්නත් බැරි වෙන එකක් නෑ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide