මස් මාළු කටේ තියන්නෙ නැති අයට! ගෙදරදිම හදාගන්න පංකාදු වෙජි කෑම 6ක්.

හැමදාම රෙසිපි කියනවා රස රස කෑම ගෙදරදි හදන්න. ඒත් වැඩේ කියන්නෙ ඒවයින් බාගෙට බාගයක්ම මොනවහරිම මසක් මාලුවක් දාලා හදන ඒවනෙ.  ඉතින් ඒකෙන් අපේ වෙජි යාලුවන්ට වෙන්නෙ ලොකු අසාධාරණයක්. ඊටත්.. මේ දවස් ටිකේ හරි හමන් කෑම අඩුම කුඩුමත් නැතුව.

ඒ නිසා.. අපි කල්පනා කලා යාළු පියෝ වෙජි ඔයාට, ගෙදර අහළ පහළ තියෙන දේවල් ටිකක් එකතු කරල අරගෙන හදන්න පුළුවන් අපූරු වෙජි කෑම ටිකක් කියන්න. ඇත්තටම.. මේවා අපේ පැරණි කෑම නිසා.. රසට පදමට එහෙමත් ඔයාට ආස වෙන්න තියන ඉඩ වැඩියි…

1. අට්ටික්කා ගෙඩි ව්‍යංජනය

ගොඩදෙනෙක් නම් මේවා කනව කියලවත් දන්නෙත් නැතුව ඇති. හැබැයි දන්න කෙනා නම් කොහොම කොහොමහරි හදාගෙන කනව ඇති. මොකද මේක ඇත්තටම ඇඟ නිවන, සීතල කෑමක්නෙ.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳට පැහුණු, හැබැයි ඉදිච්ච නැති අට්ටික්කා ගොඩි තොගයක් කඩාගෙන.. හැම ගෙඩියක්ම දෙකට පළලා ඉස්සෙල්ල හොඳට හෝදගන්න. ඊට පස්සෙ ඒ ටික, සාස්පානකට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට දාන්න. දාලා ලාවට කරවෙනකොටම, රම්පෙ කරපිංච, අබ, සුදුළූණු, ලූණු, ටිකකුත් හීනියට ලියල දාලා.. දිය කිරි ටිකක් එක්ක තුනපහ එකතු කරන්න. එකතු කරල ඉතින් දියකිර හිඳීගෙන එද්දි මිටිකිර දාලා දෙපාර නටද්දි බාලා ගන්නයි තියෙන්නෙ.

ආයෙ.. මුකූත් කියන්නෙ නෑ හදල කාලම බලන්නකෝ..

2. අලකොළ ව්‍යංජනය

පුතේ මේක නම් ‘ගහ දන්නා කෙනෙක් සිටිය යුතුම වැඩක්’. මොකද මේකෙ වැඩේ වැරදුණොත් ඊළඟ වේල දෙක කාලා හමාරයි, කට පැළෙනව.

කොහොමහරි උඩරට පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ මේ අලකොළ මාලුව.. හදන්නෙ පොඩි හබරල වර්ගයකින්. ඒකෙත් කොළ විතරයි ගන්නෙ. අරගෙන.. හොඳට හෝදල ටිකක් ලොකුවට ලියලා.. ගොරක, ලුණු දාලා වතුරෙන් තම්බගන්න ඕන. ඊට පස්සෙ තම්බගත්ත කොළ ටික මැටි ඇතිළියකට දාලා, ඒකට මිරිස්, අබ, දුරු, කොත්තමල්ලි, රම්පෙ කරපිංච, උම්බලකඩ, වේළපු මිරිස් කරල්, ලූණු සියල්ලම දාලා, දියකිරෙන් තම්බල මිටි කිරෙන් හින්දල..

ගත්ත නම්, රතු බතකට පංකාදු!

3. ලාවුලු ව්‍යංජනය

සෑහෙන්න ගුණ පලතුරක් වුණාට ගොඩ දෙනෙක් ලාවුලු කන්න කැමති නෑනෙ ඒකෙ තියෙන පිටි ගතියයි, කිරි ගතියයි නිසා. ඒ නිසා ඔන්න.. ඒක උයල කන්න ක්‍රමයක්.

ගන්න හොඳට පැහුණු ලාවුලු ගෙඩි ටිකක්. අරගෙන.. හෝදල, ඇඟිලි පුරුකක විතර සයිස් කෑලිවලට කපාගන්න. කපාගෙන ඉවර වෙලා මිරිස් කුඩු, ලුණු, රම්පෙ කරපිංච, අමු මිරිස්, උම්බලකඩ එක්ක රස වැඩි කරගන්න තුනපහ ටිකකුත් දාලා මැටි ඇතිළියක.. දියකිරෙන්, ලාවට හොද්ද තියෙන්න හින්දල ගත්ත නම්.. 

පෝරණු පාන්, පෝරණු පාන් තමයි ඕන. 

4. ඕලු දඬු ව්‍යංජනය

නෙළුම් අල රසට පදමට හදන ගෙදර උන්දැට.. ඕලු දඬු ඒ හැටි ලොකු වැඩක් වෙන එකක් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ ඉතින් කොහෙන් හරි ඕලු ටිකක් ගේන එක තමයි. බාග වෙලාවට කොහොමද යාළු ගෙදර පොන්ඩ් එකේම තිබ්බොත්..

කොහොමහරි ඕක සුද්ද කරද්දි දණ්ඩෙ පිට පොත්ත, සිවිය හූරල අයින් කරන්න ඕන. ඊට පස්සෙ, හෝදල හීනියට ලියලා.. මැටි ඇතිළියකට දාලා දියකිරිත් එක්ක, ඒකටම දාන්න කබලෙ බැදපු කොත්තමල්ලි, දුරු, මිරිස් ටිකකුයි, රම්පෙ කරපිංච, අබ, කුරුඳු ටිකක් එක්ක රස වැඩි කරගන්න තුනපහ, මිරිස් කුඩු, ලුණු ටිකකුයිත්. දාලා ලිපේ තියලා.. දියකිර හඳීගෙන එද්දි මිටිකිර දාලා නටද්දි ගත්ත නම්..

ඒකත්, උණු උණු.. රතුබතකටම තමයි ඈ..

5. කොස්ඇට බිලිං ජාඩි

පළමුව..

හොඳට පැහුණු බිලිං ගෙඩි ටිකක් අරගෙන හෝදලා පළලා, මැටි ඇතිළියක ලුණු දාලා අතගාලා සතියක් හමාරක් තියෙන්න අරින්න පදම අල්ලන්න. ඊට පස්සේ.. ඒකට දෙකට පලපු කොස් ඇට එක්ක ආයෙත් ගොරක, ලුණු ඇඹරුමක් හොඳට අතගාලා කවලම් කරලා පදම් වෙන්න අරින්නයි තියෙන්නෙ. ඒ විදියට මේක සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් වගේම..

වම්බටු, බෝංචි, වට්ටක්කා වගේ එළවළු ටිකක් එක්ක මිරිස් තුනපහ කිරි එහෙම දාලා උයල ගන්නත් පුළුවන් හරියට වෙජි ඇඹුල් තියල් එකක් වගේ.

6. බතල පුඩිං

ඔය අතරට ඉතින් ඩෙසට් එකකුත් කියන්න එපැයි. නැත්නම් වෙජි යාළුවන්ගෙ වේල සම්පූර්ණ වෙන්නෙ නෑනෙ.

ම්.. මේ බතල පුඩිම හදන්න, ඉස්සෙල්ලම ගන්න බතල ටිකක් හෝදල හීනියට ලියල. ඊට පස්සෙ ඒකට සීනියි, බටරුයි මික්ස් කරන්න (බතල 1kg, බටර් 100g, සීනි 250g). මික්ස් කරලා.. පාන් පිටි 100g අරගෙන ඒකට දාන්න ඉඟුරුයි, ලුණුයි පදමට. දාලා ඒකත් දාන්න බතල එකටම. දාලා මිටිකිරි කෝප්පයකුත් දාලා හීනියට ලියපු කජු, මුද්දරස්පලම්, රටඉඳි ඕන එකක් ඇති පදටම දාගන්න. අන්තිමට ඔක්කොම හොඳ..ට කලවම් කරලා.. අවන් එකේ බේක් කරගන්න සාමාන්‍යයෙන් සෙල්සියස් 150ට විතර පැය භාගයක්. මදි නම් ඉතින් ආයෙ දාලා ගන්න බැරියැ, නේ.. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide