අනාගතය අපැහැදිලිද? හොඳට හිතල මතල තමන්ගෙ දෙයක් පටන් ගන්න අපූරු අදහස් 5ක්.

දැන්..

රටේ තත්වෙ කොරෝනාවෙන් තරමක් දුරට ඈත් වෙවී තිබ්බත්, දැනටමත් ඇවිල්ල තියෙන ආර්ථික අපහසුතා.. ඒවයින් ගොඩ එන්න නම් අපිට නොහිතන විදියේ කාලයක් යාවි. ඊටත් කොහොමද එහෙම ගොඩ එන්නෙ.  විශේෂයෙන්ම අවිධිමත් විදියට දේශපාලනය විසින් අතපොවපු ආර්ථික ක්‍රමවේදයක් තියෙන රටක? ඒ අතරට ඩොලරයත් බලාගෙන ඉඳිද්දි ඉහල යනව. රටේ අපනයන ආනයන ව්‍යාපාරත් ගොඩක් දුරට අඩපණ වෙලා. ඒ විතරක් නෙවෙයි ඉදිරියට භාණ්ඩ ආනයනය සඳහා එන්න පුලුවන් බාධක?

අන්න.. වැදගත්ම තැන!

ඇත්තටම අපි පහුගිය කාලයක් තිස්සේම භාවිතා කලේ, අපේ රටට ආනයනය කරපු දේවල් වලින්, අපිට අවශ්‍යම දේවල්ද? නැත්නම් ආනයනකරුවන්ගේ අවශ්‍යතා, අපි අපේ අවශ්‍යතා කරගත්තද?

හොඳට හිතල බැලුවාම.. රටේ ජාතික කොඩියත් චීනෙ හදල මෙහෙට ගෙනාපු කාලයක් තිබ්බනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක ඒකාලෙ ඒවිදිට වෙච්ච එක නෙවෙයි. මේ ආර්ථික පසුබෑමත් එක්ක අපි ඉදිරියටත් ඒක ඒවිදියට කරගෙන යන්න වැඩ කටයුතු සලස්වනවද කියන එක.

ඒකයි යාළු කියන්නෙ..

දැන්.. හොඳට හිතන්න. 

මේ නිවාඩුවේ අන්තිම දවස්ටික. තමන්ට හැකි සෑම දේ අතරින්, හොඳින්ම පුලුවන්දේ හරි හැටි ප්ලෑන් කරන්න. ප්ලෑන් කරල ඒක සමාජයේ අවශ්‍යතාව සපුරාලන විදියට සපයා දෙන්න ක්‍රමයක් හිතන්න. එහෙම නැත්නම් අළුත්ම අදහස් ක්‍රියාත්මක කරන්න හොඳ ප්ලෑන් හදන්න. ඒ විතරක් නෙවෙයි, ඒවට යම් මුදලක් යට කරන්න අවශ්‍ය නම් ගරිල්ලා ආයෝජනකරුවන් පස්සේ නොගිහින්, වෙන වෙන විකල්ප ගැන හිතන්න. බොහෝදුරට සහන බැංකු ණය. නැත්නම් විශ්වාසවන්තම යාළුවන්ගෙ එකතුවක්..

ඒ අතරට.. බලන්න මේ අපි කියන කාරණා ටිකත්. සමහර විට ගොඩක්ම සරල මේ දේවල් වලින්, ඔයාට පුලුවන් වෙයි ගොඩක්ම සාර්ථක දෙයක් ගොඩනංවන්න!

1. කෘෂිකර්මාන්තය

Saaraketha

කොයි කවුරුත් දන්න, කෘමිනාෂකයි පොහොරයි ඇති හැටියට යොදාගෙන කරල ලොකු අස්වැන්නක් අරගෙන පොඩි ගාණකට විකුණන වගාවෙන් එපිට..

තමයි අපේ රටේ කෘෂිකර්මාන්තයෙ හොඳම දේවල් ඔක්කොම ටික වගේ තියෙන්නෙ. ඒ නිසා.. අදම හොයන්න පටන් ගන්න කාබනික වගාව, මිශ්‍රභෝග වගාව, කෘෂිවන වගාව, හේන් වගාව, පැරණි ධාන්‍ය විශේෂයෙන්ම හාල් වර්ග වගාව සහ ඒවා ඇසරුම්කොට බෙදාහරින ආකාර ගැනත්. ඒකට.. ඔයාට අන්තර්ජාලය පැහැදිලිවම ප්‍රයෝජනයට ගන්න පුලුවන්. ඒ හැරුනාම කෘෂි නිළධාරීන්ගෙන් සිට ඉහළට ඉන්න ඒ අංශයේ ඕනම කෙනෙක්ගෙන්, නැත්නම් ඒ සම්භන්ධව ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් වුනත් උදව් ගන්නත් පුලුවන්.

හැබැයි මෙතනදි මතක තියාගන්න.. අපේ ගොවියගෙ එදත් අදත් තිබ්බ ලොකුම දුර්වලකම ගැන..

එයා හිතුවෙ වවන එක විතරයිනෙ. මොකද.. මුදලාලි කියක්ම හරි දීලා ලඟටම ඇවිත් බඩුටික ගෙනියනවනෙ.

අන්න එතන හදන්න. ඇත්තටම ඔය උඩින් කියපු විදියෙ වගාවන්වලට ලැබෙන මිල බාග වෙලාවට ගොවීන් දන්නෙවත් නෑ. ඊටත් ඒවයින් එක එක නිශ්පාදනය කරල වෙළඳපොළට දාද්දි..? 

ඉතින් මේ ආරාධනාව කෘෂිවගාවන් යහමින් කරන පැතිවල ඉන්න තරුණ අයටයි. අළුතෙන් හිතන්න. මාමල නැන්දල, ආච්චිල සීයල වවන දේ.. කොහොමද, හොඳම විදියට වෙළඳ පොළට යවන්නෙ කියල.

2. රෙදි සහ ඇඟලුම්

ඇත්තටම.. බ්‍රෑන්ඩඩ් කියන දේ අවශ්‍යතාවය ලංකාවෙ තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?

කියන එක නිකමට හොයල බැලුව නම්.. ඇඟලුම් ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන කොයිකාට වුනත් අදහසක් එනව, අපේ අයට ඕන බ්‍රෑන්ඩ් එකටත් වැඩිය ෆැෂන් එකයි, පැටර්න් එකයි, කල්පැවැත්මයි කියල. ඉතින්.. බැරිද අපේ රටේ සුළු සහ මධ්‍යම මට්ටමේ ඇඟලුම් ව්‍යාපාර කරගෙන යන අයට ඒ සම්බන්ධයෙන් අතහිත දෙන්න. හැමදාම සාය හැට්ට, ෂර්ට් ටීෂර්ට් කලිසම් මහන අයට, එතනින් එහාට හිතල පාරිභෝකියන්ගෙ අවශ්‍යතාවයට අනුව ඇඳුම් මහන්න. ඒ විතරක් නෙවෙයි ඒවා ගෙනැල්ල පොඩි ගණන්වලට ලොකු කඩ සාප්පු වලට දාලා මුදලාලිට ලාබ අරන් දෙන්න නෙවෙයි, නිෂ්පාදකයටම ගෙනැල්ල පාරිභෝගියකට විකුණන්න පුලුවන් විදියෙ ව්‍යාපාර වේදිකාවක් හදන්න?

3. ආහාර

හරිම සිම්පල්..

දැන් බලන්න ‘හෙළ බොජුන්හළ’ කියන සංකල්පය ලංකාවෙ කොච්චර දුරට සාර්ථකද කියල. ඒ වගේම ඒවයින් අපි කනබොන දේවල්, තියෙන යහගුණ, රස පදම.. ඒකට සාපේක්ෂව ගෙවන ගාණ. සියල්ලම අතිශය සාධාරණයිනෙ. 

හැබැයී.. අපි කරන්නෙ, විශේෂයෙන්ම ලොකුම වෙළඳපොලක් තියෙන තදාසන්න ප්‍රදේශවල රයිස් කඩ, කොත්තු කඩ නැත්නම් ඊට උඩින් තියෙන, අතේ තියෙන ගාණට කන්නත් අමාරු තරම් ගණන් කෑම තියෙන කඩ ආරම්භ කරන එක.

බලන්න, එතනත් වෙනස් කරන්න! මේ.. කෑම කඩයක් දාන්න හිතාගෙන ඉන්න ඔයාටයි.

4. ගේ දොර අවශ්‍යතා

මේකෙ නම් පොඩ්ඩක් හිතුවත් ගොඩක් දේවල් ඔලුවට එන මාතෘකාවක්. කොටින්ම කියතොත් සාමාන්‍යයෙන් ගෙදර දොරක භාවිතා කරන කොස්ස ඉදලෙ ඉඳන්, පිඟන් කෝප්ප, ලී බඩු, ඉලෙක්ට්‍රොනික.. කී නොකී අඩුම කුඩුම හැමදෙයක්ම වගේ ලංකාවෙ නිශ්පාදය කරන්න පුලුවන්කම තියෙද්දි, පහුගිය දශක ගාණක් තිස්සෙ අපි පාවිච්චි කලේ චීනෙන් ගෙනාපුව. හැබැයි.. අන්න එතනදි බ්‍රෑන්ඩඩ් හොයපු අය?

ලංකාවෙ බ්‍රෑන්ඩ් හෙව්ව!

නම් කියන්නෙ නෑ. ඒත් ඒ වගේ බ්‍රෑන්ඩ් ආයෙත් ලංකාවෙ හදන්න.. අපේ ලෝහ බඩු, උපකරණ, ආම්පන්න. ලී බඩු, ප්ලාස්ටික් බඩු.. කොටින්ම කියතොත් ආයුර්වේද සබන්, ෂැම්පු එක වෙනකම්ම.. 

ඒත්.. ඒකත් එක්කම මේකත් කියන්න ඕන. දැනටත් අපේ රටේ ඒ වගේ දේවල් නිශ්පාදනය වෙනව. හැබැයි අපේ මිනිස්සුන්ට ගන්න පුලුවන් මිලට නෙවෙයි. ඇත්තටම අන්න ඒ සාධාරණී කරනයත් වෙන්න ඕන!

5. සේවා

මතනදි ගොඩක් දේ කල්පනා වුනත්, එකක් තමයි කියන්න අදහස.

සුපිරි ඔන්ලයින් වෙළඳපොලක් සාධාරණ මිලකට, විශිෂ්ඨ සේවාවක් සහිතව!

ඇත්තටම අපේ රටේ තවමත් නෑ.. රට ඇතුලෙ නිශ්පාදනයන් රටින් පිටට විකුණන්න හෝ රට ඇතුලෙ විකුණන්න, වගේම ඒවා පැය, දවස් ගණන් වලින් ඩිලිවර් කරන්න. හරියට ‘ඇමසොන් ප්‍රයිම්’ වගේ.

ඒත්.. විදේශන්ගෙන් ආනයනය කරපු බාල බඩු, ලොකු ගණන් වලට විකුණන්න නම් ඕන තරම් ඔය තියෙන්නෙ.. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide