නෙට්ෆ්ලික්ස් තියනවද? හින්දි ෆිල්ම් බලන්න කැමති ද? එහෙනං මේ ඔත්තුව ඔයාට!.

මීට ටික දවසකට කලින් අපි නෙට්ෆ්ලික්ස් ගිහින් බලන්න හොඳ ඉංග්‍රීසි චිත්‍රපටි 10ක් ගැන ඕගොල්ලන්ට ඔත්තුවක් දුන්නා මතක ඇති. අද කියන්න හදන්නේ නෙට්ෆ්ලික්ස් එකෙන් හොයාගන්න පුළුවන්, මෑතකදී තිරගත වුණු, හොඳ හින්දි චිත්‍රපටි 10ක් ගැන. මේ දවස්වල හැමෝම ගෙදරට වෙලා කරන්න දේවල් හොය හොයා කල් ගෙවන එකේ, සතියකට ෆිල්ම් දෙක තුනක් බලන්න පුළුවන් නං, ඒක කම්මැලිකම මඟ ඇරගන්න හොඳ ක්‍රමයක්. ඒ වගේ ම හිතත් පුරෝගන්න පුළුවන් නේ..

Beyond The Clouds (2017)

ඉන්දීය ශිල්පීන් යොදාගෙන හින්දි භාෂාවෙන් නිර්මාණය කළත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉරාන ජාතිකයෙක්. ඔහු තමයි 1998 දී ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වුණු මජීඩ් මජිඩි. අමීර් නම් තරුණයා සහ ඔහුගේ සොයුරිය තාරා වටා ගෙතෙන මේ කතාව මනුෂ්‍යත්වය සියුම් ලෙස විග්‍රහ කරන චිත්‍රපටයක් විදිහට විචාරක ප්‍රේක්ෂකයන් අතර නොමඳ පැසසුමට ලක් වුණා. මේ ෆිල්ම් එක 2017 වසරේ ප්‍රදර්ශනය ඇරඹුවා. ජනප්‍රිය ඉන්දීය නළු ෂහිඩ් කපූර්ගේ සොයුරා, ඉෂාන් කට්ටර් සහ මලවිකා මෝහනන් මේකේ ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

Pad Man (2018)

අරුණාචලම් මුරුගානන්දන්ගේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ ඕගොල්ලො අහල දැකල ඇති. ඔහු තමයි දහසක් දුක් ගැහැට සහ ගැරහුම් මධ්‍යයේ අඩු මිල කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයට පුරෝගාමී වූ ඉන්දියානුවා. පෑඩ් මෑන් කියන්නේ ඔහුගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ චිත්‍රපටයක්. 2018 දී රිලීස් වුණ මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝකයේ මහත් ආන්දෝලනයක් ඇති කළා. ආක්ෂේ කුමාර්, රාධිකා ආප්තේ සහ සෝනම් කපූර් මෙහි ප්‍රධාන චරිතවලට රංගනයෙන් එක් වෙනවා.

Lust Stories (2018)

මේක ටිකක් වෙනස් වැඩක්. 2018 වසරේ නිකුත් වූ ලස්ට් ස්ටෝරීස්, අධ්‍යක්ෂකවරු 4 දෙනෙකුගේ චිත්‍රපට 4ක එකතුවක්. අනුරාග් කාශ්‍යප්, සෝයා අක්තාර්, දිබාකර් බැනර්ජි සහ කරන් ජොහාර් තමයි ඒ අධ්‍යක්ෂවරු. ෆිල්ම්ස් 4ක් වුණත් හොඳට බැලුවොත් මේ හැම එකක් ම දිවෙන්නේ එක රේඛාවක් උඩ කියල ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් වේවි. රාධිකා ආප්තේ, මනීෂා කොයිරාල, කියාරා අද්වානි, විකී කෞෂාල්, නේහා ඩුපියා ඇතුළු පිරිසක් මෙහි රංගනයේ යෙදෙනවා.

Inkaar (2013)

ඉන්කාර් ප්‍රදර්ශනය ඇරඹුවේ 2013දි. මේක වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන ආයතනයක ඇති වන කාන්තා හිංසනයක් ගැන කියවෙන කතාවක්. අර්ජුන් රාම්පාල් සහ චිත්‍රාංගදා සිං ප්‍රධාන චරිතවලට පණ දෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ සුදීර් මිශ්‍රා. විචාරකයන්ගෙන් හොඳ නරක දෙක ම අහපු ෆිල්ම් එකක් විදිහට මේක නම් කරන්න පුළුවන්.

Udta Punjab (2016)

ෂහිඩ් කපූර්, ආලියා භාත්, කරීනා කපූර් වගේ සුප්‍රකට නළු නිළියන් රඟපාන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ අභිෂේක් චෞබේ. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම වටා තමයි කතාව දිවෙන්නේ. රොක් ගායකයෙක්, වෛද්‍යවරියක් සහ කම්කරු කාන්තාවක් මෙහි ප්‍රධාන චරිතවලට පදනම් වෙනවා. 2016 දී මෙය තිරගත වීම ඇරඹුණේ මත්ද්‍රව්‍ය පිළිබඳව සමාජයේ මහත් කතාබහක් ඇති කරමින්. 

Ittefaq (2017)

අභේ චොප්රාගේ අධ්‍යක්ෂණයක් වෙන ඉත්තෙෆාක් චිත්‍රපටියේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආක්ෂේ ඛන්නා සහ සෝනාක්ෂි සිංහා ප්‍රධාන චරිත රඟපානවා. 2017 දී මහජන ප්‍රදර්ශනය ඇරඹුණු මෙය, මිනීමැරුම් දෙකක අගමුල සොයා යන මිස්ට්‍රි- ත්‍රිලර් වර්ගයේ කතාවක්. ෆිල්ම් එකෙන් ඇස් දෙක ඉවතට ගන්න හිතෙන්නේ නැති තරමට කුතුහලයෙන් යුතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියල නම් කළොත් නිවැරදියි.

Andhadhun (2018)

2018 දී රිලීස් වුණු මේ ෆිල්ම් එකේ රඟපාන්නේ ආයුෂ්මන් කුරානා, රාධිකා ආප්තේ, තාබු ඇතුළු නළු නිළි පිරිසක්. ආකාෂ් නමැති අන්ධ පියානෝ වාදන ශිල්පියෙකු වටා දිවෙන කතාවක් මේ නිර්මාණයට ඇතුළත්. අධ්‍යක්ෂණය කළේ ශ්‍රීරාම් රාඝවන්. ප්‍රේක්ෂක ආදරයට ලක් වෙන්න වගේ ම, සම්මාන රැසකට පාත්‍ර වෙන්නත් මේ ෆිල්ම් එකට හැකියාව ලැබුණා.

Dev.D (2009)

සම්මානනීය අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප්ගේ විශිෂ්ට ගණයේ නිර්මාණයක් විදිහට හැඳින්වෙන දේව් ඩී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අභේ ඩියෝල්. සරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ බෙංගාලි නවකතාව දේව්දාස්, නූතන පසුබිමක තියල කියවන්න මේ ෆිල්ම් එකෙන් අධ්‍යක්ෂවරයා අපිට යෝජනා කරනවා. 2009 දි මේ සිනමා නිර්මාණය තිරගත වීම ඇරඹුණා. සුවිශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්නත් හැකි වුණා.

Hasee Toh Phasee (2014)

සැහැල්ලුවෙන් බලන්න හොඳ ම ෆිල්ම් එකක් හසී තෝ ෆසී. රොමැන්ටික් කොමඩි ගණයට අයත් චිත්‍රපටි අතරින් ඉහළින් ම තියන්න පුළුවන් ජොලි ෆිල්ම් එකක්. සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ පරිනීති චොප්රා තමයි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ. පොඩි වයසකදිම පීඑච්ඩී එකක් කරපු, පවුලෙන් ඈත් කරලා දාපු අමුතු ගෑනු ළමයෙක් ගැනයි කතාව. 2014 දි ප්‍රදර්ශනය ඇරඹුණු මේක අධ්‍යක්ෂණය කළේ විනිල් මැතිව්. 

Baazaar (2018)

සයිෆ් අලි ඛාන්, රාධිකා ආප්තේ, චිත්‍රාංගදා සිං, රෝහන් විනෝද් මෙහ්රා ඇතුළු රංගන ශිල්පීන් රඟපාන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2018 දි. අධ්‍යක්ෂවරයා ගෞරව් කේ. චව්ලා. සල්ලි, බලය, ව්‍යාපාර ලෝකය පසුබිම් වෙන මේ කතාව, කොටස් වෙළෙඳපොළ තුළ සිදු වන ක්‍රියාදාමයන් ගැන කියවෙන්නක්. හොඳ, නරක දෙක ම සහිත මිශ්‍ර ප්‍රතිචාර ලබපු ෆිල්ම් එකක් වුණත්, මේක බැලුවට පාඩු නෑ කියල නං අපිට සහතික වෙන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide