කඩා වැටෙන තරු අතර සැබෑ නළුවෙක්.. ඉර්ෆාන් ඛාන් ගැන කෙටි සටහනක්..

මේ අවුරුද්ද අපේ ග්‍රහලෝකෙට හුඟක් දේවල් අහිමි කරමින් යන අවුරුද්දක්. බොහොම අමාරුවෙන් ඉවසීමෙන් මාසෙන් මාසෙ ගෙවාගෙන යද්දි, එන්න එන්න ම කන වැකෙන්නේ නරක ආරංචි. ඒ විදිහට සිනමා ලෝකය කම්පා කරන පුවතක් අද දවල් ආරංචි වුණා. ඒ ඉන්දීය සිනමාවේ අතිදක්ෂයෙකුගේ නික්ම යෑමක් ගැන. ඔහු ප්‍රතිභාපූර්ණ නළු ඉර්ෆාන් ඛාන්.

ඉර්ෆාන් ඛාන්ගේ නික්ම යෑම සිනමා ලෝකයට පිරවිය නොහැකි අඩුවක් බව අවිවාදිතයි. මේ, ඔහු ගැන යමු අපෙන් සටහනක්..

සහාබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් උපත ලැබුවේ 1967 ජනවාරි 7 වැනිදා ඉන්දියාවේ ජායිපූර්හිදී, දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක පළමුවැන්නා විදිහට. ටයර් ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහුගේ දෙමාපියන් එතරම් වත්පොහොසත්කම් තිබුණු අය නෙවෙයි. පුංචි කාලයේ ඉර්ෆාන්ගේ හීනය වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම. ඒත් අගහිඟකම් නිසා ඔහුගේ ක්‍රිකට් ජීවිතය මඟ නවතිනවා. පියාට ඕනෑ වෙන්නේ සිය වැඩිමල් පුත්‍රයා පවුලේ ව්‍යාපාරය කරගෙන යනවා දකින්නයි. ඒත් සිය ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්න අතරෙ ඉර්ෆාන්ට ඉන්දියාවේ ‘නැෂනල් ස්කූල් ඔෆ් ඩ්‍රාමා’ වෙත ශිෂ්‍යත්වයක් ලැබෙනවා. සිය පියාගේ වියෝවෙන් පසුව, එනම් 1984 දී නවදිල්ලියේ නැෂනල් ස්කූල් ඔෆ් ඩ්‍රාමා වෙත පැමිණෙන ඉර්ෆාන් රංගනය හදාරන්නට පටන්ගන්නවා.

ඔහුගේ ජීවිතයට නොසිතූ දොරක් ඇරෙන්නේ මේ ගමනින් පසුවයි. ක්‍රීඩකයෙකු වීමට හිතාගෙන හිටපු ඔහුට නළුවෙකු වීමට මේ ගමනින් මඟ සැකසෙනවා. ඒත් නළුවෙකු වීම කියන්නේ ඉන්දියාවේදී ලේසියෙන් අත්පත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉන් පසුව මුම්බායට පැමිණෙන ඉර්ෆාන් මුලින් ම සිය මුම්බායි ජීවිතය අරඹන්නේ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙසයි. පසුව කියැවෙන විදිහට ඔහු ඒ කාලයේදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියාවට රාජේශ් ඛන්නාගේ නිවෙසටත් ගොස් තිබෙනවා.

මේ ආකාරයට ජීවිතය අරඹන ඔහුට කලක් යන විට රූපවාහිනී මාලා නාටකවලට සිය රංගන දායකත්වය ලබා දෙන්නට අවස්ථාව උදා වෙනවා. චිත්‍රපට රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ 1988දී. ඒ ඔස්කා සම්මානවලට නිර්දේශ වුණු මීරා නායිර්ගේ සලාම් බොම්බේ චිත්‍රපටයේ. ඒත් චිත්‍රපටයේ අවසන් සංස්කරණයේදී ඔහුගේ දර්ශනය කපා හැර තිබෙනවා. ඔහු රඟපෑ නිර්මාණ දිගින් දිගට ම අසාර්ථක වීම නිසා මේ කාලයේ දී රංගනය අත්හැර දාන්නට පවා සිතුණු බව ඔහු පසුව පවසනවා.

ඉර්ෆාන්ට ප්‍රධාන චරිතයකට පණ දෙන්නට ලැබුණේ අසීෆ් කපාඩියාගේ ‘ද වොරියර්’ චිත්‍රපටයෙන්. ඒ 2001 වර්ෂයේදී පමණ. මෙය ජාත්‍යන්තර සිනමා උළෙලවලට පවා නිර්දේශ වීමෙන් පස්සේ ටිකෙන් ටික ඔහුගේ සිනමා දිවිය සාර්ථක දිශාවකට යොමු වෙනවා. ප්‍රථම වතාවට බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණයට ඔහුට අවස්ථාව ලැබුණේ 2005 දී තිරගත වුණු ‘රොග්’ චිත්‍රපටයෙන්. ඒ අනුව ඉන් පස්සෙ ලැබෙන චරිත හරහා දිගට ම ප්‍රේක්ෂක සහ විචාරක පැසසුමට වගේ ම, සම්මානවලට පාත්‍ර වෙන්නත් ඉර්ෆාන්ට අවකාශය ලැබෙනවා.

මක්බූල් (2003), හාසිල් (2003), ද කිලර් (2006), ලයිෆ් ඉන් අ මෙට්‍රෝ (2007), හිස් (2010), තැන්ක් යූ (2011), ද ලන්ච්බොක්ස් (2013), හේඩර් (2014), ගුන්ඩේ (2014), පිකු (2015), ටල්වාර් (2015), හින්දි මීඩියම් (2017), කැර්වෑන් (2018), බ්ලැක්මේල් (2018), ඇන්ග්‍රීසි මීඩියම් (2020) මේ කාලය පුරා ඔහු රඟපෑ චිත්‍රපට ඉන්දීය අතරින් කීපයක්. මේ අතරින් ලන්ච්බොක්ස් ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා.

ඉර්ෆාන් ලෝකය පුරා ම වඩාත් ප්‍රකට වුණේ ‘ලෝක සිනමාවේ ඉන්දීය මුහුණ’ නියෝජනය කරමින්. ඔහු රඟපෑ ජාත්‍යන්තර තලයේ චිත්‍රපට, ඔහුව ලෝක ප්‍රකට නළුවෙකු බවට පත් කළා. ද නේම්සේක් (2006), ස්ලම්ඩෝග් මිලියනයර් (2008), නිව්යෝක් අයි ලව් යූ (2009), දි අමේසිං ස්පයිඩර් මෑන් (2012), ලයිෆ් ඔෆ් පයි (2012), ජුරාසික් වර්ල්ඩ් (2015), ඉන්ෆර්නෝ (2016), පස්ල් (2018) ඉන් කිහිපයක්. මේ අතර ඔහු හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් නොලන්ගේ ‘ඉන්ටර්ස්ටෙලර්’ චිත්‍රපටයේ ඔහුට ලැබුණු චරිතය ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රකට කරුණක්.

1995 පෙබරවාරි 23 දා විවාහ වූ ඉර්ෆාන්ට පුතුන් දෙදෙනෙකු සිටිනවා. බොලිවුඩයේ නළුවන් අතර වැඩි ම උසකින් (6’ 1’’) යුතු අයෙකු ලෙස ප්‍රකට ඉර්ෆාන්, තරු ගුණයට වඩා ප්‍රතිභාපූර්ණ නළු ගුණය පිහිටි රංගන ශිල්පියෙකු ලෙස විචාරකයන් හඳුන්වනවා. රංගන කුසලතාව අතින් ඔහුට ලං වන්නට බොහෝ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය නළුනිළියන්ට පවා හැකියාවක් නැහැ. ඒ වගේ ම, ඔස්කා සම්මානයට පාත්‍ර වුණු සිනමා නිර්මාණ දෙකක රඟපෑ එක ම බොලිවුඩ් නළුවා ඔහුයි. ස්ලම්ඩෝග් මිලියනයර් සහ ලයිෆ් ඔෆ් පයි තමයි ඒ නිර්මාණ දෙක.

කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙය උදෙසා 2011 වර්ෂයේදී ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ ඉර්ෆාන් ඛාන් 2018 වර්ෂයේදී අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයකට ගොදුරු වෙනවා. ඊයේ දිනයේ හදිසි තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු ඔහු, ප්‍රතිකාර මධ්‍යයේ ඉන්නා අතරතුර අද (29) දහවල් සිය ජීවිතයෙන් නික්ම ගියේ ලොව පුරා සිනමාලෝලීන් කම්පනයට පත් කරමින්.

ඉර්ෆාන් ඛාන්ගේ වියෝවෙන් නිර්මාණය වන හිඩැස පුරවන්න තවත් සෑහෙන කාලයක් යයි. සමහරවිට ඒ හිඩැස කවදාවත් පිරෙන එකක් නෑ. කොහොම වුණත්, ජීවත්ව සිටි අවුරුදු 53 තුළ සිනමා ලෝකය පෝෂණය කරන්නට ඔහුගෙන් සිදු වුණු මෙහෙය අසමසම එකක් බවට විවාදයක් නෑ. 

ඉර්ෆාන් ඛාන්, ඔබට සුව නින්දක්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide