ආයෙත් සාමාන්‍ය ජීවිතේට? ඇත්තට ම කොරෝනා කාලෙ ඉවර ද?.

ඔන්න හාහාපුරා කියල කාලෙකට පස්සෙ කොරෝනා අධි අවදානම් කලාපවල (කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්කවල) ඉන්න අයට යන්තං සුබ පණිවිඩයක් ඇවිත්. ඒ තමයි ඇඳිරි නීතිය මධ්‍යයේ වුණත්, ජන ජීවිතය වගේ ම රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩ කටයුතු 2020 මැයි 11 සඳුදා ඉඳන් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න රජය විසින් තීරණය කිරීම.

එහෙම වුණත් කොරෝනා කාලය ඉවරයි කියල උපකල්පනය කරන්න හෝ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ බව නිගමනය කරන්න තාමත් කල් වැඩියි. නැවත සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු ආරම්භ කළත් වසංගතය පැතිරීම වළක්වගන්න අප විසින් අනුගමනය කළ යුතු දේවල් රාශියක් තියනවා. ඒ නිසයි අපි කියන්නේ.. ‘යථා තත්ත්වය’ කියන්නෙ කොරෝනාවලට කලින් තිබුණු තත්ත්වය ම නෙමෙයි!

පරීක්ෂාකාරී වෙන්න

අපි දැනටත් ඉන්නෙ වසංගතයේ මුල් අවධියේ. ප්‍රවේසම් වුණේ නැත්තං මේ පැතිරීම තවත් පුළුල් වෙන්න හොඳට ම ඉඩ තියනවා. අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළොත්, අපිට ආයෙත් මුල ඉඳන් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.

ඒ නිසා, කලබල වෙන්නෙ නැතුව පරීක්ෂාවෙන් ඉන්න. දෛනිකව ප්‍රවෘත්ති ගැන අවධානය යොමු කරන්න. ඔබේ ප්‍රදේශය අවට රෝගීන් ඉන්නවද කියල සැලකිලිමත් වෙන්න. සරලව කිව්වොත්, ඔබ අවට පරිසරය ගැන සුපරීක්ෂාකාරීව ඉන්න.

ගෘහස්ථව ඉන්න

ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු කරන්නෙ ආර්ථිකය යළි නඟා සිටුවීම සඳහායි. ඒ අවස්ථාව වැරදි ලෙස පරිහරණය කිරීම මේ වෙලාවෙ ඔබටත් රටටත් හානිදායක වෙන්න පුළුවන්. මාසෙකටත් වඩා කාලයක් ගේ ඇතුළට වෙලා ඉන්න සිද්ධ වෙන එක අපි කාටවත් සතුටුදායක අත්දැකීමක් නෙමෙයි. හැබැයි ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, පුළුවන් තරං ගේ ඇතුළට වෙලා ඉඳීම අතිශයින් වැදගත්. අත්‍යවශ්‍ය කාරණයකට හැර ගෙදරින් එළියට යෑමෙන් වළකින්න.

අවුරුදු නෑගම් යෑම මඟ ඇරිලා ගියා. රාමසාන් ළඟ ළඟ ම එනවා. මේ වතාවේ විතරක් අපිට නෑදෑ හිතමිතුරන් බලන්න යන එක කල් දාන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහ වෙලා යනකං ඉවසල ඉන්න එක තමයි හොඳ ම දේ.

මුඛ ආවරණ පළඳින්න

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය/ බෙහෙත් වගේ දේවල් ගේන්න එළියට ගියත්, රාජකාරි කටයුතු සඳහා එළියට ගියත්, මුඛ ආවරණයක්/ මාස්ක් එකක් පළඳින්න අමතක කරන්න එපා. දවසේ කුමන වෙලාවක වුණත්, ඔබට ඇඳිරි නීති බලපතක් තිබුණත් නැතත්, මහාමාර්ගවල ගමන් කිරීමේදී මාස්ක් පැළඳීම පොලීසිය විසින් පසුගියදා අනිවාර්ය කෙරුණා. එමඟින් ඔබට වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ ඇහිරෙනවා. මේ සමග ම ඇල්කොහොල් සහිත සැනිටයිසර් එකකින් හෝ අත් සෝදන ද්‍රවයකින්, නැතිනම් සබන් සහ වතුරෙන් දෑත් පිරිසිදු කරගැනීමත් අත්‍යවශ්‍යයි. පාවිච්චි කරන ලද මුඛ ආවරණ නිසි පරිදි බැහැර කිරීමටත් ඔබ වග බලා ගත යුතුයි.

මීටරයක් දුරින් ඉන්න

කොරෝනා වසංගතය පාලනය කිරීමට ගත යුතු වැදගත් ම පියවරක් විදිහට සමාජ දුරස්ථකරණය හඳුන්වන්න පුළුවන්. කොවිඩ්-19 වැළඳුණු රෝගියෙකු කහින විට හෝ ප්‍රශ්වාස කරන විට පිට වන බිඳු, තවත් කෙනෙකු ආශ්වාස කිරීම හෝ ඔහුගේ සිරුරට ඇතුළු වීම මඟින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා වෛරසයට නිරාවරණය නොවන තරම් දුරකින් ඕනෑම අයෙකු ආශ්‍රය කිරීම තමයි කළ යුත්තේ. ඒ කියන්නේ ඔබ සිටිය යුත්තේ ඕනෑම කෙනෙකුගෙන් අවම වශයෙන් මීටරයක් ඈතින්.

අත් සෝදන්න

කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් වූ දවසටත් අමතක නොකර පවත්වාගත යුතු පුරුද්දක් තමයි නිතර දෑත් සේදීම. කොවිඩ්-19 විතරක් නෙමෙයි, තවත් හුඟක් වෛරස සිරුරට ඇතුළු වීම වැලැක්වීම සඳහා දෑත් සේදීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ම, දෑත් සෝදන විට අත් පිටුපස, ඇඟිලි අතර, නියපොතු යට.. මේ ආදී හැම තැනක් ම ආවරණය වන පරිදි තත්පර 20ක්වත් සේදිය යුතුයි. මේ සඳහා ඇල්කොහොල් සහිත සැනිටයිසර් එකක් වුණත් පාවිච්චිය සුදුසුයි.

සමූහයන් මඟ අරින්න

මේ තත්ත්වය යටතේ කන්න බොන්න යාළුවො එක්ක එළියට යන එක, කට්ටිය එක්ක පාටි දාන එක එහෙම ටික කාලෙකට නවත්තන්න වෙනවා. පොදු ස්ථාන සහ ලොකු පිරිසක් ගැවසෙන තැන් මඟ අරින එක තමයි නුවණට හුරු.

සමාජයෙන් ඈත්ව සිටීමේ ක්‍රම හඳුන්වා දුන්නෙ ‘සයිලන්ට් ස්ප්‍රෙඩර්ස්’ හෙවත් නිහඬ පතුරුවන්නන් නිසා. ඔවුන් සමූහයන් අතරට ඇවිත් අවානික් අයටත් රෝගය බෝ කිරීමේ ඉඩකඩක් තියන නිසා. මේ ඉදිරි දවස්වල රෙස්ටොරන්ට්, බාර් වගේ තැන් විවෘතව පවතින කාලය පැය කීපයකට සීමා කරන්න ඉඩ තියනවා. කොහොම වුණත් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට පුළුවන් තරම් එවැනි තැන් මඟ හැරීම ඇඟට ගුණයි.

වාසනාවකට කොළඹ තියන රෙස්ටොරන්ට්වලින් වැඩි හරියක් මේ වෙද්දි ඩිලිවරි පහසුකම් ලබා දෙනවා. හදිස්සියේවත් එළියට ගිහින් කොහෙන් හරි කන්න සිද්ධ වුණොත් මේ පියවර අනුගමනය කරන්න අමතක කරන්න එපා.

හෑන්ඩ් සැනිටයිසර් එකක් ළඟ තියාගන්න

ඔෆිස් යනකොට ගෙනියන බෑග් එකට හෑන්ඩ් සැනිටයිසර් එකක් දාල තියාගන්න. තමන්ගේම වාහනේක ගියත්, පොදු ප්‍රවාහන සේවයේ ගියත්, යන එන අතරමඟදි සබන් හෝ වතුර පාවිච්චි කරලා අත් පිරිසිදු කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා ඒ වෙනුවට හෑන්ඩ් සැනිටයිසර් එකෙන් අත් පිරිසිදු කරගන්න පුළුවන්.

ඩිලිවරිවලට සීමා වෙන්න

ඇඳිරි නීතිය බල පැවැත්වුණ කාලයේ බොහොමයක් ආයතන, වෙළෙඳනාම, සාප්පු එහෙම ඩිලිවරි පහසුකම ලබා දීම ආරම්භ කළා. කෑමබීම, සිල්ලර බඩු, බෙහෙත් විතරක් නෙමෙයි, සල්ලි ගන්න අවශ්‍ය ATM පහසුකම පවා දැන් ගෙදරට ම එනවා.

මේ පහසුකම ආරම්භ කරපු කාලයට වඩා දැන් සෑහෙන දියුණුවක් ලබල තියනව වගේ ම, හුඟ දෙනෙක් මේකට පුරුදු වුණු බවකුත් පේනවා. මේ බොහොමයක් සේවාවන් ඩිලිවරි ගාස්තුවකට යටත් වුණත්, සුපර්මාර්කට් එකකට ගිහින් සෙනඟ අතරෙ තෙරපිලා කොරෝනා හදාගන්නවට වඩා මේ ක්‍රමය හොඳයි නේ.

මේ නිසා එළියට ගිහින් පොදු ස්ථානවල රැස් කන්න සිදු නොවෙන විදිහට පුළුවන් තරං අවශ්‍ය දේවල් ඩිලිවරි කරගන්න උත්සාහ කරන්න. ඒක පහසුයි වගේ ම ආරක්ෂිතයි.

සතිඅන්ත චාරිකා කල් දාන්න

මේ ලිපිය ලියන වෙලාව වෙද්දි ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 700 ඉක්මවා ගිහින්. වග කිව යුතු බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ බලවත් වෙහෙස නිසා වාසනාවකට අපි තවමත් ‘කමියුනිටි ස්ප්‍රෙඩ්’ තත්ත්වයකට පත් වෙලා නෑ. ඒත් තාමත් නරක තත්ත්වය සම්පූර්ණයෙන් ඉවරයි කියල සතුටු වෙන්නත් පුළුවන්කමක් නෑ.

ඉදිරි මාස කීපයේදි හැම දේම හොඳ අතට හැරෙන බවක් පේන්න තිබුණොත් හෝටල්වල මිල ගණන් සහ ගුවන්ගමන් ටිකට් මිල පහත වැටීමේ හැකියාවක් තියනවා. ඒක සෑහෙන හොඳ චාන්ස් එකක් තමයි. හැබැයි පොඩ්ඩක් ඉවසලා ඉමු. වෛරසය තියෙද්දිම ආරක්ෂාකාරීව ගමන් බිමන් යන්න පුළුවන් කාලයක් එයි. හැබැයි ඒකට තවම කල් මදි. අපි වඩාත් ආරක්ෂාකාරී වෙන තරමට තමයි වඩාත් ඉක්මනින් නැවත සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන්කම ලැබෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide