මෙදා පාර රාමසාන් සමරන්න.. රස බිරියානි සවානක් ගෙන්නගන්න තැන් මෙන්න! 2020.

රාමසාන් ළඟ ළඟ ම එනවා.. කොරෝනා නිසා වෙනදා තරම් ම නෑදෑයෝ, යාළුවෝ, හිතමිතුරෝ එකතු කරගෙන උත්කර්ෂයෙන් රාමසාන් සමරන්න මෙදා පාර බැරි වුණත්, පවුලේ ළඟ ම අයත් එක්ක කාල බීල සතුටින් දවස ගෙවන්න කාගෙන්වත් බාධාවක් නෑ.

බිරියානි සවානක් නැතුව ගෙවන රාමසාන් උත්සවයක් ගැන හිතාගන්න බෑනේ? ඉතින් ඒ නිසා අපි කල්පනා කළා, ගෙදර ම බිරියානි සවාන් හදන්න අපහසු අයට වැදගත් වෙන ආරංචියක් කියන්න. මේ ලැයිස්තුවේ තියෙන්නෙ මේ පාර රාමසාන් එකට රස බිරියානි සවානක් ගෙදරට ම ගෙන්නගන්න පුළුවන් කොළඹ අවට තියන තැන් කීපයක්.

මේක දිගට ම අප්ඩේට් වෙන ලැයිස්තුවක්. ඒ නිසා ඔබත් සවාන් ඩිලිවර් කරන රෙස්ටොරන්ට් එකක් කරනව නම්, මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න කැමති නම්, 0753761761 අංකයෙන් අපිට කතා කරන්න. නැත්තං ads@yamu.lk ලිපිනයට ඊමේල් එකක් දාන්න.

Chola Authentic Indian Restaurant

ඉන්දියන් කෑම කන්න යන්න කොළඹ අවට අපි ආස ම තැනක්. මෙයාල මේ පාර රාමසාන් එකට සවාන් ජාති හතරක් ලෑස්ති කරලයි තියෙන්නෙ. චිකන් (රු. 5500), චිකන් ටික්කා (රු. 6500), මට්න් (රු. 6500) සහ ප්‍රෝන් (රු. 6500). මෙයාල හැම සවානක් එක්ක ම නොමිලේ සම්පූර්ණ තන්දුරි චිකන් එකකුත් ලබා දෙනවා. මේ සවාන්වල ප්‍රමාණය ගැන කිව්වොත්, මේවා ලේසියෙන් ම හය දෙනෙක් අතරේ බෙදාගන්න පුළුවන් විදිහටයි සකසල තියෙන්නෙ. ඔබ කැමති ම මස් ජාතිය එක්ක, රයිටා, ග්‍රේවි, ග්‍රීන් සැලඩ්, ගුලාබ් ජමුන් (6ක්) සහ බිත්තරත් මේ සවානට ඇතුළත්.

අමතන්න: 0114363118

Acropol

මේගොල්ලො ප්‍රසිද්ධ වෙලා ඉන්නේ රහ ෂවර්මා හදන කට්ටියක් විදිහට වුණත් මේ සැරේ රාමසාන් එකට එයාල ලෑස්ති කරලා තියනවා දෙවර්ගයක මස් සහිත බිරියානි සවාන් දෙකක්. පළවෙනි එක බීෆ් ඇන්ඩ් චිකන් (රු. 5500). දෙවැනි එක මට්න් ඇන්ඩ් චිකන් (රු. 8850). මේ සවාන් දෙකට ම මදි නොකියන්න තවත් ගොඩක් අංග ඇතුළත් වෙනවා. ඒ තමයි චිකන් සාටේ, උම්බලකඩ සම්බෝල, මැන්ගෝ චට්නි, රයිටා, මසාලා ග්‍රේවි සහ වටලප්පන්. 6 – 8 දෙනෙකුට ලේසියෙන් ම බෙදාහදා ගන්න පුළුවන්. මැයි 22 දාට කලින් ඇණවුම් භාර දෙන්න ඕනේ. රාමසාන් දවසේ උදේ 10.00 – දවල් 2.30 අතර ඇණවුම රැගෙන යන්න එන්න ඕනේ.

අමතන්න: 0764 710 990/ 0774 577 577/ 0114 710 990

Chana's

චානාස් එකේ ඊද් ස්පෙෂල් හයිද්‍රබාද් ඩම් බිරියානි එක එන්නෙ මැටි හට්ටියක. චිකන් හෝ මට්න් දෙකෙන් කැමති එකක් ඔබට තෝරගන්න පුළුවන්. මදි පාඩුවට තන්දුරි චිකන්, රයිටා, ග්‍රීන් පීස් සහ කජු කරිය, මැලේ අච්චාරු සහ වටලප්පන් හම්බෙනවා. හාෆ් පොට් එක ගත්තොත් 4 දෙනෙකුට ඇති. (චිකන් – රු. 3000, මට්න් – රු. 3400) ෆුල් පොට් එක 8 දෙනෙකුට ෂෙයා කරගන්න පුළුවන්. (චිකන් – රු. 5050, මට්න් – රු. 5850) රාමසාන් දවසේ උදේ 10.00 – දවල් 2.00 අතර ටේක් අවේ වගේ ම ඩිලිවරි පහසුකමත් ලබා දෙනවා. ඇණවුම ලබා දෙන අවස්ථාවේ ම සම්පූර්ණ ගෙවීම කරන්න ඕනේ.

අමතන්න: 0113288788/ 0775133655 (වට්සැප්)

Habibiz Sri Lanka

මේ අවුරුද්දේ රාමසාන් එකට හබිබීස් ශ්‍රී ලංකා ඊද් ස්පෙෂල් බිරියානි සවාන් වර්ග තුනක් හඳුන්වා දෙනවා. චිකන් (රු. 3600), බීෆ් (රු. 3900) සහ මට්න් (රු. 5300). මීට අමතරව මේ එක්ක ම මැලේ අච්චාරු, ග්‍රීන් පීස්, උම්බලකඩ සම්බෝල සහ වටලප්පනුත් ලැබෙනවා.

අමතන්න: 0112722282/ 0113694694

Dindigul Thalappakatti Restaurant

තලප්පාකට්ටි කියන්නෙ තමිල්නාඩු ටේස්ට් එක හොයාගෙන අපි ඇදෙන තැන. මෙතනිනුත් මේ පාර තුන් වර්ගෙක බිරියානි සවාන් ලබාගන්න පුළුවන්. මට්න් (රු. 6900), චිකන් (රු. 5400) සහ වෙජි (රු. 4100). 5 – 8 දෙනෙක් අතරේ බෙදාගන්න පුළුවන්.

අමතන්න: 0114878787/ 0777167226

Maharaja Palace

වෙජි බිරියානි, (රු. 5500) චිකන් බිරියානි  (රු. 6500), ප්‍රෝන් බිරියානි  (රු. 7500) සහ මට්න් බිරියානි  (රු. 7500) වශයෙන් වර්ග හතරක් මහරාජා පැලස් එකෙන් ඔෆර් කරනවා. 6 – 8 දෙනෙක් අතරේ බෙදාහදා ගන්න සෑහෙනවා. උදේ 11.00 – හවස  6.00 අතර ඇණවුම් භාර දෙන්න පුළුවන්. ඩිලිවරි පහසුකම ලබා දෙන්නේ කොළඹ නගරය ඇතුළත සඳහා පමණයි. ඩිලිවරි ගාස්තු රහිතයි.

අමතන්න: 0114886000

Marine Grill

මේගොල්ලොත් ජාති තුනක සවාන් ලෑස්ති කරලා තියනවා. චිකන් (රු. 3400), බීෆ්  (රු. 3700), මට්න්  (රු. 4700). සම්පූර්ණ ෆ්‍රයිඩ් චිකන් එකක්, අච්චාරු, ග්‍රීන් පීස් සහ කජු කරියක්, කර්ඩ් සැලඩ්, උම්බලකඩ සම්බෝල සහ වටලප්පන් එහෙමත් මේකේ අන්තර්ගතයි. මැයි 22 දාට කලින් ඇණවුම් භාර දෙන්න ඕනේ. උදේ 10.00 – රෑ 10.00 අතර මේගොල්ලෝ ඇණවුම් භාර ගන්නවා. ඩිලිවරි පහසුකම ලබා දෙන්නේ කොළඹ නගරය ඇතුළත සඳහා පමණයි. කෑෂ් සහ කාඩ් දෙවිදිහට ම ගෙවීම් කරන්න පුළුවන්.

අමතන්න: 0777300686/ 0112364727

The Mango Tree (GSH Colombo)

මැන්ගෝ ට්‍රී එකෙත් චිකන් (රු. 4900), බීෆ් (රු. 5500), මට්න් (රු. 7000) කියන වර්ග තුනෙන් සවාන් ඇණවුම් භාර ගන්නවා. මේ සමග ම ඔබට ලැබෙනවා රයිටා, මිංචි සම්බෝල, ෆ්‍රයිඩ් චිකන්, කජු සහ ග්‍රීන් පීස් කරි, උම්බලකඩ සම්බෝල සහ වටලප්පන්. මේ එක සවානක් හය දෙනෙකුට සෑහෙනවා. ඩිලිවරි පහසුකම ලබා දෙන ප්‍රදේශ තමයි, කොළඹ 1 – 15, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, නුගේගොඩ, නාවල, රාජගිරිය. කෑෂ් සහ කාඩ් මඟින් ගෙවීම් කළ හැකියි.

අමතන්න: 077788896/ 0117111660

Cakes & Bakes

චිකන් (රු. 3750), බීෆ් (රු. 4250), මට්න් (රු. 5200) ජාති තුන මේ අයගෙත් බිරියානි මෙනු එකට ඇතුළත්. ඒ විතරක් යැ.. අන්නාසි කරියක්, ග්‍රීන් පීස්, උම්බලකඩ සම්බෝල, මැලේ අච්චාරු, අච්චාරු සහ වටලප්පන් මේ සවානේ අඩංගුයි. මැයි 22ට කලින් ඇණවුම් භාර දෙන්න.

අමතන්න: 0764412792/ 0779798899

Malay Restaurant

ලොකු ලොකු පෝෂන්ස්වලින් කෑම සර්ව් කරන තැනක් විදිහට ප්‍රසිද්ධයි මැලේ රෙස්ටොරන්ට් එක. ඉතින් එයාලගේ ඊද් ස්පෙෂල් සවානත් ඊට දෙවෙනි වෙන්න බෑ. මේ ලින්ක් එකට ගිහින් –  https://bit.ly/3e4QWnM ඔයාලගේ චිකන් (රු. 4900), බීෆ් (රු. 5500) හෝ මට්න් (රු. 7500) බිරියානි ඕඩරය ලබා දෙන්න පුළුවන්. සම්පූර්ණ ෆ්‍රයිඩ් චිකන් එකක්, ටොප්ලාම් සම්බෝල, ග්‍රීන් පීස් සහ කජු කරි, අන්නාසි ස්ටු, මැලේ අච්චාරු සහ වටලප්පන් එහෙමත් මේ එක්කම හම්බෙනවා. මේ අය ඩිලිවරි කරන්නේ නෑ. ඒ නිසා ඇණවුම රැගෙන යන්න එන්න අමතක කරන්න එපා.

Kandoori

රු. 5200කට, 6 – 8 දෙනෙකුට විතර ඇති වෙන ලොකු චිකන් බිරියානි සවානක් ගෙන්නගන්න මෙතනින් පුළුවන්. වැඩිපුර සම්පූර්ණ ෆ්‍රයිඩ් චිකන් එකක්, මික්ස්ඩ් එළවළු කරියක්, උම්බලකඩ සම්බෝල, මැලේ අච්චාරු එක්ක වටලප්පන් එහෙමත් මේකට අයිතියි.

අමතන්න: 0777511911 

TummyLicious

දෙහිවල අවට ඉන්නව නං ටමීලිෂස් එකෙන් සවානක් ගෙන්නගන්න ඔබට අවස්ථාව තියනවා. චිකන් (රු. 3700), බීෆ් (රු. 4950) සහ මට්න් (රු. 6200) කියන ජාති තුන ම මෙයාල ළඟත් තියනවා. මෙයාලගේ සවානක් හය දෙනෙක් අතරේ පහසුවෙන් බෙදාගතහැකි. ඔබ කැමති මස් වර්ගයට අමතරව, මිංචි සම්බෝල, ග්‍රීන් පීස් කරි, පිපිඤ්ඤා රයිටා සහ බිත්තර මේකේ අඩංගුයි. වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න. මැයි 23 දාට කලින් ඇණවුම් භාර දෙන්න ඕනේ. මෙයාලා ඩිලිවරි පහසුකම ලබා දෙනවා. ඒ වගේ ම රාමසාන් දවසේ දවල් 12.00න් පස්සේ මෙතනට ඇවිල්ලත් ඔබට ඕඩරය රැගෙන යන්න පුළුවන්.

අමතන්න: 0777668017

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide