යූටියුබ් එකේ බලන්න, මෑත කාලේ ලංකාවේ නිර්මාණය වුණු ලස්සනම ටෙලිනාට්‍ය 10ක්.

කොරන්ටීන් කාලේ ගෙදරට කොටු වෙලා ඉන්න අතරේ බලන්න හොඳ ෆිල්ම්ස් ගැන එහෙම අපි කලින් ඕගොල්ලන්ට කිව්ව නේ. ඒ වගේ අද කියන්න යන්නේ මෑත කාලේ ලංකාවේ නිර්මාණය වුණු ලස්සන ම ටෙලිනාට්‍ය 10ක් ගැන. මේ ඔක්කොම යූටියුබ් එකෙන් ඕගොල්ලන්ට හොයාගෙන බලන්න පුළුවන්. මේ ලිස්ට් එකේ තියන දහයට අමතරව තවත් හොඳ නිර්මාණ ගොඩක් පහුගිය කාලේ නිර්මාණය වුණු බවත් මතක් කරන්න ඕන.

සුළඟ මත මොහොතක්

කාලෙකට කලින් විකාශය වුණු සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍යය රුක්මල් නිරෝෂ්ගේ අධ්‍යක්ෂණයක්. තිරරචනය කළේ ප්‍රියංකර රත්නායක. සාරංග දිසාසේකර, තිසුරි යුවනිකා, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ඩබ්ලිව්. ජයසිරි වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. සංගීතය නිර්මාණය කළේ කසුන් කල්හාර.

චෙස්

කුතුහලයෙන් පිරුණු ටෙලිනාට්‍යයක් වන චෙස්,  2014දී ස්වර්ණවාහිනියේ විකාශය වුණා. කොටස් 40කින් යුතු මේක, ලංකාවත් එංගලන්තයත් අතර දෝලනය වෙන කතාවක්. තිරරචකයා අරුණ ප්‍රේමරත්න. අධ්‍යක්ෂණය කළේ අපේ රටේ බිහි වුණු විශිෂ්ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන ආනන්ද අබේනායක. චාන්දනී සෙනෙවිරත්න, අතුල පතිරණ, විශ්වජිත් ගුණසේකර, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, අමා විජේසේකර වගේ නළුනිළියන් මෙහි රඟපෑවා.

කූඹියෝ

කූඹියෝ ගැන නං අමුතුවෙන් කියන්නෙ මොකටද නේද? අපේ රටේ ටෙලිනාට්‍ය කලාව උඩුයටිකුරු කරලා වෙනස් ම දිශාවකට අරගෙන ගිය කූඹියෝ අධ්‍යක්ෂණය කළේ ලක්මාල් ධර්මරත්න. 2017 – 2018 වසරවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණු කූඹියෝ, කොටස් 57කින් සමන්විතයි. ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි දෙන්නා එකතු වෙලා තමයි මේක තිරරචනය කළේ. සංගීතය අචල සොලමන්ස්ගෙන්. තුමිඳු දොඩන්තැන්න, කලණ ගුණසේකර, යුරේනි නොෂිකා, සේනක ටයිටස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, ජගත් මනුවර්ණ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් මීට දායක වුණා.

සහෝදරයා

කොටස් 38කින් යුතු සහෝදරයා ටෙලිනාට්‍යය රචනා කරලා අධ්‍යක්ෂණය කළේ නාමල් ජයසිංහ. මේ ටෙලිනාට්‍යයේ අමතක කරන්න ම බැරි භූමිකාවක් එහි සංගීතයට හිමි වෙනවා. සංගීතය නිර්මාණය කළේ කසුන් කල්හාර. රොෂාන් රවීන්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, කලණි දොඩන්තැන්න, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ වැනි පිරිසක් මෙහි රංගනයේ යෙදෙනවා. 2018 වසරේදී ස්වාධීන රූපවාහිනියෙන් තමයි විකාශය වුණේ.

පියවි

චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ පියවි නාට්‍යය විකාශය වුණේ මීට අවුරුදු නවයකට දහයකට විතර කලින්. ඒත් තාමත් පොඩ්ඩක්වත් පරණ වෙලා නම් නෑ. එරංග ජීවන්ත, දිනක්ෂි ප්‍රියසාද්, උමයංගනා වික්‍රමසිංහ, රෙබෙකා නිර්මලී, කාවිංග පෙරේරා ඇතුළු පිරිස මේකේ චරිතවලට පණ පෙව්වා. මේකේ තේමා ගීතය ‘හෙමින් ඇවිදින්..’ එහෙම බලපු අයට නම් අමතක නැතුව ඇති. සංගීතය නිර්මාණය කළේ රවිහාන්ස් වැටකේපොත.

වීරයා ගෙදර ඇවිත්

2018 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ ආනන්ද අබේනායක. කොටස් 47කින් යුතු මෙහි තිරපිටපත ලිව්වේ නාමල් ජයසිංහ. මේ ටෙලිනාට්‍යයේ දැකගන්න තිබුණු විශේෂත්වයක් තමයි අන්ධ සෙබළෙකු ලෙස රොෂාන් රවීන්ද්‍ර පළ කරපු විශිෂ්ට රංගන කෞශල්‍යය. ඊට අමතරව චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, චන්ද්‍රා කළුආරච්චි, චින්තක කුලතුංග ඇතුළු පිරිසක් මේකේ රඟපෑවා.

තාත්තා

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ තාත්තා ටෙලිනාට්‍යය බොහෝ ඇගයුම්වලට පාත්‍ර වුණු නාට්‍යයක්. මේක 2018 දී සිරස ටීවී ඔස්සේ විකාශය වුණා. හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, දසුන් පතිරණ, දයාදේව එදිරිසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දුන්නා. සංගීතය අධ්‍යක්ෂණය කළේ රෝහණ ධර්මකීර්ති.

බොහීමියානුවා

ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන බොහීමියානුවා පිටපත රචනා කළෙත් නාමල් ජයසිංහ. සජිත අනුත්තර, උමාලි තිලකරත්න, ප්‍රියන්ත සිරිකුමාර, උදයන්ති කුලතුංග, ලූෂන් බුලත්සිංහල රඟපෑව මේ කතාව වෙනස් විදිහක ආදර කතාවක්. සංගීතය අධ්‍යක්ෂණය කළේ භාගේශ්‍රී ෆොන්සේකා. 2015 දී ස්වර්ණවාහිනියෙන් තමයි විකාශය වුණේ.

යාය හතර

චාමර ජනරාජ් පීරිස්ගේ ම අධ්‍යක්ෂණයක් වෙන යාය හතර නාට්‍යය දැනට අවුරුදු හය හතකට කලින් ස්වර්ණවාහිනියේ තමයි විකාශය වුණේ. එරංග ජීවන්ත, චමූපා ගොඩගේ, දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, හිමාලි සිරිවර්ධන ඇතුළු පිරිසක් මෙහි රඟපෑවා. සංගීතය නිර්මාණය කළේ රවිහාන්ස් වැටකේපොත. මේක කුතුහලයෙන් පිරුණු ටිකක් අමුතු කතාවක්. ඉතින් බලලා නැත්නම් අනිවාර්යයෙන් යූටියුබ් එකෙන් හොයාගෙන බලන්න.

තාරා

2016 අවුරුද්දේ ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු තාරා ටෙලිනාට්‍යයත් ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයක්. කොටස් 30කින් යුතු තාරා තිරරචනය කළේ නාමල් ජයසිංහ. තරුණ වියේ යුවතියක් සහ කුඩා දැරියක් අතර ගොඩ නැඟෙන සංවේදී බැඳීමක් ගැන කියැවෙන වෙනස් විදිහේ කතාවක්. රංගනයෙන් දායක වූ පිරිස තමයි ශලනි තාරකා, රොෂාන් රවීන්ද්‍ර ,දයාදේව එදිරිසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, අමා විජේසේකර, චාන්දනී සෙනෙවිරත්න වගේ නළුනිළියන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide