දෙමාපියන්ගේ අඩිපාරේ යමින් බොලිවුඩය එළිය කරන තරු දරුවෝ...

හින්දි සිනමාව නැත්තං බොලිවුඩය කියන්නේ ඥාති සංග්‍රහය බරට ම ක්‍රියාත්මක වෙන තැනක් විදිහටයි ප්‍රසිද්ධ. පරම්පරාවෙන් පරම්පරාවට සිනමාවට සම්බන්ධ වෙන පවුල් ගස් බොලිවුඩ්වල තියනවා. ‘කේජෝ’ හෙවත් චිත්‍රපට අධ්‍යක්ෂ/ නිෂ්පාදක කරන් ජොහාර් එහෙම, මේ ඥාති සංග්‍රහයට සෑහෙන ඉඩ දෙන කෙනෙක් විදිහට බොහෝ අයගේ චෝදනාවට ලක් වෙනවා.

හැබැයි ඉතින් වැඩේ කියන්නේ, මේ විදිහට දෙමාපියන්ගේ හරි, පවුලේ වෙනත් කෙනෙකුගේ හරි සම්බන්ධකමක් ඔස්සේ හින්දි සිනමාවට එන බොහෝ දෙනා ඇත්තටමත් දක්ෂකම් රැසකින් පරිපූර්ණ අය. ඒගොල්ලෝ රංගනයට පිවිසුණායින් පස්සේ, වෘත්තිමය වශයෙන් රංගන ශිල්පියෙක්/ශිල්පිනියක් බවට පත් වීම වෙනුවෙන් හරියට වෙහෙසෙනවා. තමන් සම්බන්ධ වෙන නිර්මාණ සාර්ථක කරගන්න තමන්ගේ උපරිමය ලබා දෙනවා. අර කියපු ‘නෙපොටිස්ම්’ තත්ත්වයට එළියෙන් සෑහෙන විවේචන එල්ල වුණත්, වැඩි දෙනෙක් ඒ ගැන කරදර වෙන්න යන්නෙ නැත්තෙ ඒ නිසයි. ඥාති සංග්‍රහයෙන් වුණත් බිහි වෙන්නේ දක්ෂ නළුනිළියන් නම්, ඒකට මොකද කියල තමයි හුඟ දෙනෙක් හිතන්නේ.

ඉතින් අපි මේ ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන ලිස්ට් එකේ ඉන්නෙත් ඒ විදිහට පවුලේ සම්බන්ධකම්වලින් සිනමාවට පිවිසුණු, මෑත කාලේ හින්දි සිනමාව එළිය කරන නළු නිළියන් 12 දෙනෙක්. මේ අය හැමෝවම ඕගොල්ලො හොඳට අඳුනනවා. බලන්නකො ඒගොල්ලන්ගෙ පවුල් පසුබිම කොහොමද කියලා.

රන්බීර් කපූර්

කපූර් පවුල බොලිවුඩයේ රජ පවුල විදිහට හැඳින්වුවත් වරදක් නෑ. චරිතාංග නළුවෙක් විදිහට මෑත කාලේ බොලිවුඩය හොල්ලපු රන්බීර් කපූර් අයිති වෙන්නෙත් මේ පවුලට. 2007 දී සාවරියා ෆිල්ම් එකෙන් බොලිවුඩ් සිනමාවට පය තියපු රන්බීර්, මෑතකදී මියගිය රිෂී කපූර්ගේ පුතා. රිෂී කපූර් කියන්නේ 1970 දශකයේ ඉඳන් හින්දි චිත්‍රපටවලට රංගන දායකත්වය ලබා දුන් නළුවෙක්. ඒ විතරක් නෙමෙයි, රිෂී කපූර්ගේ තාත්තා වුණ රාජ් කපූර් කියන්නෙත් ඉන්දීය සිනමාවේ නොමැකෙන සලකුණක් තියපු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්. තවත් හොයාගෙන ගියොත්, රාජ් කපූර්ගේ පියා ප්‍රීත්විරාජ් කපූර් පවා හින්දි සිනමාවට සම්බන්ධයි කියල දැනගන්න ලැබෙනවා. ඉන්දීය සිනමාවේ මුල් අවධියේ පුරෝගාමියෙක් විදිහට ඔහු හඳුන්වන්න පුළුවන්. ඉතින් රන්බීර් සිනමාවේ දක්වන දක්ෂකම්වලට පවුල් පසුබිම බලපාන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..

වරුන් ධවාන්

2012 දී ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු වරුන් ධවාන්, හින්දි චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන්ගේ පුතා. වරුන්ගේ අයියා රෝහිත් ධවානුත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේ ම ඔහුගේ පියාගේ සහෝදරයෙක් වෙන අනිල් ධවාන් හින්දි සිනමාවේ රංගන ශිල්පියෙක්. වරුන් පහුගිය කාලේ ස්ට්‍රීට් ඩාන්සර්, බද්‍රිනාත් කි දුල්හානියා, ඔක්ටෝබර් වගේ චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තා.

ආලියා භාත්

රාසි, හයිවේ, උද්තා පන්ජාබ්, ඩියර් සින්දගී වගේ ෆිල්ම්ස්වලින් කවුරුත් අපේක්ෂා නොකරපු මට්ටමේ රංගන කෞශල්‍යයක් පෙන්නලා, මේ කාලේ හැමෝගෙම ආදරයට පාත්‍ර වෙලා ඉන්න ආලියා භාත් සිනමාවට අඩිය තිබ්බෙත් 2012 දී රිලීස් වුණ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙන්. ආලියාගේ තාත්තා මහේෂ් භාත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මහේෂ් භාත්ගේ පියා නනාභායි භාත් හින්දි සිනමාවේ හිටපු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. ඒ වගේ ම මහේෂ් භාත්ගේ පළමු විවාහයේ දියණිය පූජා භාත් රංගන ශිල්පිනියක්.

ඒ විතරකුත් නෙමෙයි. මර්ඩර් 2, ආශිකී 2, ඒක් විලන්, හමාරි අදූරි කහානි, හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මලන්ග් වගේ අතිශයින් ජනප්‍රිය වුණු චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා මෝහිත් සූරි ගැන අහල තියනවා නේද? මෝහිත් සූරි කියන්නේ මහේෂ් භාත්ගේ සහෝදරියක් වන හීනා සූරිගේ පුතෙක්. ඒ වගේ ම මේ පවුලට අයිති තවත් සුප්‍රකට චරිතයක් ඉන්නවා. ඔහු රංගන ශිල්පී ඉම්රාන් හෂ්මි. ඉම්රාන් හෂ්මි කියන්නේ නනාභායි භාත්ගේ දෙවැනි බිරිඳගේ සොයුරියගේ මුනුබුරෙක්. ඒ නිසා ආලියා භාත්, මෝහිත් සූරි සහ ඉම්රාන් හෂ්මි තුන්දෙනා ඥාති සොයුරන්.

ජාන්වි කපූර්

ශ්‍රී දේවි කිව්වම අඳුනන්නේ නැති කෙනෙක් ඉන්නවද? ශ්‍රී දේවි ලංකාවෙත් ඉන්දියාවේ තරමට ම ජනප්‍රිය නිළියක්. පහුගිය කාලේ අවාසනාවන්ත විදිහට ඇය මෙලොවින් සමුගත්තට පස්සේ, ඇගේ දියණිය ජාන්වි කපූර් දෙසට හුඟ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ ඇය 2018 දී ධඩක් චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසීමත් එක්කයි. ජාන්විගේ පියා බොනී කපූර්. මේ කපූර් පවුලේ තවත් අත්තක්. බොනී කපූර්ගේ පියා චිත්‍රපට නිෂ්පාදක සුරින්දර් කපූර්. සුරින්දර් කපූර් කියන්නේ, අර කලින් කියපු කපූර් පවුලේ ආදිතමයා, ප්‍රීත්විරාජ් කපූර්ගේ ඥාති සොයුරෙක්.

ඉශාන් කට්ටර්

2003 ඉෂ්ක් විෂ්ක් ෆිල්ම් එකෙන් සිනමාවට පය තිබ්බ ශාහිඩ් කපූර් හැමෝම ආදරේ කරන දක්ෂ නළුවෙක්. මෑතකදී තිරගත වුණු උද්තා පන්ජාබ්, කබීර් සිං වගේ චිත්‍රපටවලින් ඔහුගේ දක්ෂතා සෑහෙන ඉස්මතු වුණා. ඉශාන් කට්ටර් කියන්නේ ශාහිඩ්ගේ සොයුරා. මේ දෙන්නගේ අම්මා එක්කෙනක් වුණාට තාත්තලා දෙන්නෙක්. අම්මා තමයි රංගන ශිල්පිනී නීලිමා අසීම්. ශාහිඩ්ගේ තාත්තා රංගන ශිල්පී පන්කජ් කපූර්. ඉශාන්ගේ තාත්තා රංගන ශිල්පී රාජේශ් කට්ටර්. ඉශාන් රඟපෑව බියොන්ඩ් ද ක්ලවුඩ්ස්, ධඩක් වගේ චිත්‍රපටවලින් පේන්න තියෙන්නේ ඔහුත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් වීමේ මාවතට එළඹිලා බවයි.

සාරා අලි ඛාන්

කෙදර්නාත්, සිම්බා සහ ඊයේ පෙරේදා තිරගත වුණු ඉම්තියාස් අලීගේ ලව් ආජ් කල් 2 ෆිල්ම් එකෙන් ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගත්ත සාරා අලි ඛාන්, තවත් බොලිවුඩ් තරුවක් වන සයිෆ් අලි ඛාන්ගේ සහ රංගන ශිල්පිනී අම්රිතා සිංගේ දියණිය බව නොදන්නා කෙනෙක් නෑනේ. ඒ වගේ ම සයිෆ් අලි ඛාන් කියන්නේ ජනප්‍රිය හින්දි නිළියක් වුණු ශර්මිලා තාගෝර්ගේ පුතා. කොහොම හරි සයිෆ් කපූර් පවුලටත් නෑකම් කියනවා. ඒ ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ කරීනා කපූර් නිසා. කරීනා කියන්නේ අර අපි කලින් කියපු කපූර් පවුලේ, රාජ් කපූර්ගේ පුතෙක් සහ රිෂී කපූර්ගේ සොයුරෙක් වන රන්ධීර් කපූර්ගේ දියණියක්. කරීනා විතරක් නෙමෙයි, ඇගේ සොයුරිය කරිෂ්මාත් හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්.

ශ්‍රද්ධා කපූර්

ප්‍රහසන නළුවෙක් වෙන ශක්ති කපූර්ගේ දියණිය තමයි ශ්‍රද්ධා කපූර්. ආශිකී 2, ඒක් විලන්, ඕකේ ජානු, හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, ස්ත්‍රී, ස්ට්‍රීට් ඩාන්සර් වගේ චිත්‍රපටවලින් ඇය සිනමාලෝලීන්ගේ හද බැඳ ගත්තා. ශ්‍රද්ධා කපූර් අර කලින් කියපු කපූර් රජ පවුලට අයිති නැතත්, ඇය ලතා මංගේෂ්කාර්ගේ සහ ආශා බෝස්ලේගේ ඥාති දියණියක් වෙනවා.

අභිෂේක් බච්චන්

මේ දැනට බොලිවුඩයේ ඉන්න ප්‍රවීණතම නළුවෙක් වෙන අමිතාබ් බච්චන්ගේ සහ නිළි ජයා බච්චන්ගේ පුතා. 2000 වර්ෂයේදී රෙෆියුජි චිත්‍රපටයෙන් සිනමාවට එළඹුණු ඔහු ඩූම්, කබි අල්විදා නා කෙහෙනා, ගුරු, දෝස්තානා, පා, මන්මර්සියාන් වගේ හින්දි චිත්‍රපට ඔස්සේ රසිකයන්ගේ ආදර ගෞරවය ලැබුවා. රංගනයෙන් නොනැවතී, පා චිත්‍රපටයෙන් ඔහු චිත්‍රපට නිෂ්පාදනයටත් පිවිසුණා. අභිෂේක් බච්චන් විවාහ වුණේ අයිශ්වර්යා රායි එක්ක කියල කවුරුත් දන්නව නේ..

අර්ජුන් කපූර්

මතකයි නෙ අපි කලින් කිව්වා ශ්‍රී දේවිගේ සැමියා බොනී කපූර් ගැන? අර්ජුන් කියන්නේ බොනී කපූර්ගේ පළමු විවාහයේ පුතෙක්. ඒ කියන්නේ සුරින්දර් කපූර්ගේ මුනුබුරෙක් වගේ ම ජාන්වි කපූර්ගේ එක කුස නූපන් සොයුරෙක්. අර්ජුන් සිනමාවට පැමිණියේ 2012 රිලීස් වුණු ඉශාක්සාදේ ෆිල්ම් එකෙන්. ඉන් පස්සේ ඔහු රඟපෑව ගුන්ඩේ, ටූ ස්ටේට්ස්, හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මුබාරකන් වගේ චිත්‍රපට සෑහෙන ජනප්‍රිය වුණා.

ටයිගර් ශ්රොෆ්

සුප්‍රකට නළු ජැකී ශ්රොෆ්ගේ පුතා ටයිගර් ශ්රොෆ්. ඔහුගේ මව අයේෂා දත්. ඇයත් හිටපු රංගන ශිල්පිනියක්. ජැකී ශ්රොෆ් කියන්නෙත් දශක හතරක විතර කාලයක් තිස්සේ විවිධ භාෂාවලින් නිෂ්පාදිත ඉන්දීය සිනමාපට රාශියකට රංගන දායකත්වය ලබා දුන් නළුවෙක්. පියාගේ අඩිපාරේ යන පුතාත් මේ වෙද්දි භාගි 1, 2, 3, ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2, වෙල්කම් ටු නිව්යෝක්, වෝ වගේ ෆිල්ම්ස්වල රඟපාලා තියනවා.

සෝනාක්ෂි සිංහා

සෝනාක්ෂිගේ මව පූනම් සිංහා පරණ නිළියක්. පියා ශත්රුගන් සිංහාත් 1970 දශකයේ සිනමාවේ විස්කම් පෑව නළුවෙක්. සෝනාක්ෂි සිනමාවට පිවිසෙන්නේ 2010 දී දබාන්ග් ෆිල්ම් එකෙන්. ඉන් පස්සේ ලුටෙරා, අකිරා, ඉත්තෙෆාක්, නූර් වගේ ෆිල්ම්ස්වල චරිතවලට පණ දුන් ඇයත් මේ වෙද්දි බොලිවුඩයේ ජනප්‍රිය තරුවක්.

සෝනම් කපූර්

සුරින්දර් කපූර්ගේ පුතෙක් වගේ ම, කලින් කියපු බොනී කපූර්ගේ සොයුරෙක් වන අනිල් කපූර්ගේ දියණිය තමයි සෝනම්. ඒ කියන්නේ ඇය ජාන්වි කපූර්ගේ සහ අර්ජුන් කපූර්ගේ ඥාති සහෝදරියක්. 2007 දී සාවරියා ෆිල්ම් එකෙන් සිනමාවට අවතීර්ණ වුණු සෝනම්, අයි හේට් ලව් ස්ටෝරීස්, භාග් මිල්කා භාග්, සංජු, ද සෝයා ෆැක්ටර්, පෑඩ්මෑන් වගේ සාර්ථක නිර්මාණ රැසක රඟපෑවා. ඇගේ සොයුරා හර්ෂ්වර්ධන් කපූර් නළුවෙක්. සොයුරිය රියා කපූර් චිත්‍රපට නිෂ්පාදිකාවක්. ඒ වගේ ම සෝනම්ගේ මවගේ පාර්ශ්වයෙන්, රන්වීර් සිං ඇයට ඥාති සහෝදරයෙක් වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide