කොරෝනා අපිට කියල දුන්න ජීවිත පාඩම් 7ක්...

කොවිඩ්-19 හුඟක් දේවල් වෙනස් කළා. අපේ පුරුදු වගේ ම අපි හිතන පතන විදිහත්. ඉතින් මේ වසංගතය කවදා හෝ ලෝකෙන් තුරන් වෙලා ගියත්, අපි ඒකෙන් ඉගෙනගත්ත පාඩම් නම් තව පරම්පරා ගණනකට ප්‍රයෝජනවත් වෙයි.

මේ තියෙන්නෙ කොවිඩ්-19 වසංගතය එක්ක මේ ගෙවුණු කාලය ඇතුළත අපි ඉගෙනගත්ත පාඩම් 7ක්..

අපි දුබලයි.

කොවිඩ්-19 කියන්නෙ වෛරසයක්. ඇහැටවත් පේන්නේ නැති පුංචි ම පුංචි වෛරසයක්. ඒත් හිතන්නකො මේ වෙද්දි දේශීයව සහ ගෝලීය වශයෙන් ඒක අපිට බලපාල තියන තරම.. මේ වෙද්දි ලෝකයේ මිලියන 6.27කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වෙලා තියනවා වගේ ම, තුන්ලක්ෂ හැත්තෑ හයදහසකට වැඩි පිරිසක් වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියනවා. ඒ අනුව මෙය 1930 වසරේ පැමිණි මහා ආර්ථික අවපාතයට පසුව ආ විශාලතම ආර්ථික අර්බුදය බවයි කියවෙන්නේ. කර්මාන්ත ශාලා වහල දාලා, සේවකයන්ගේ වැටුප් කප්පාදු කරලා, සංචාරක කර්මාන්තය මඟ නැවතිලා වගේ ම, මේ අවුරුද්දේ අපි කරන්න ප්ලෑන් කරගෙන හිටපු ඔක්කොම දේවල් කල් දාන්න වෙලා.

දැන් අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ අලුත් ලෝකයක අලුත් විදිහකට. ඉතින් පරණ පුරුදු ජීවන රටාව ගෙවන්න දැන් බෑ. අපි එදිනෙදා ජීවිතයේ කරන හැම වැඩක් ම කළ යුත්තේ සෞඛ්‍ය සහ ආරක්ෂක පියවර රැසකට යටත්වයි. ලෝකේ තියන මොන බලවත් ම රට වුණත් මේ පියවරවලට යටත්.

මේ හැම දේකින් ම කියවෙන්නේ, සෞඛ්‍ය තර්ජනයක් පැමිණි වෙලාවක මිනිස්සු විදිහට අපි කොච්චර දුර්වලයි ද කියන එක. තප්පර කීපයක් ඇතුළත මුළු ජනගහනයක් ම පවා මරා දාන්න පුළුවන් විදිහේ අවිආයුධ ලෝකේ තියනවා. ඒත් කොරෝනාවලින් අපිව බේරගන්න ඒ කිසිවකට බෑ. පේන මානෙක මේකට ප්‍රතිකර්මයක් නැති නිසා ප්‍රතිකාර හොයාගන්නත් වසර ගණනාවක් යන බව තමයි අහන්න ලැබෙන්නෙ. එතකන් අපිට වෙන්නේ පුංචි ම පුංචි වෛරසයකට යටත් වෙලා ඉන්නයි..

අපි දුප්පත් නෑ, ඒත් අපේ ජීවන රටාව මිල අධිකයි.

මාස තුනකට ආසන්න කාලයක් ලංකාවේ අපි හිටියේ ලොක්ඩවුන් තත්ත්වයක. ඒ නිසා අපේ වියහියදම්වල ස්වභාවය වෙනස් වුණා. මේ කාලෙ අපිට ඕන ඕන හැම දේම අත ළඟ ම තිබුණෙ නැති නිසා තියන දෙයින් සපයාගන්න සහ ඒකෙන් සෑහීමකට පත් වෙන්න අපි පුරුදු වුණා.

ජිම් යන්න දහස් ගණන් වියදම් කරන අය ගෙවල් අයිනේ තියන පාරවල්වල දිවීම්වල නිරත වෙන්නත්, ගෙදර ඉඳන් ම ව්‍යායාම කරන්නත් පුරුදු වුණා. කඩ කෑම කන්න ආස නිසා ගෙදර කෑම නොකා හිටපු අය, ගෙදරදිම රස කෑම හදාගන්න ඉවුම් පිහුම් පුරුදු වුණා.

වැටුප් කප්පාදුව, රැකියා අහිමි වීම් වගේ තත්ත්වයන් පවා උද්ගත වුණු මේ කාලේ, අපේ මූල්‍ය තත්ත්වය හරියට හඳුනගෙන, අපේ ජීවන රටාවේ අත්‍යවශ්‍ය වියදම් මොනවද, අනවශ්‍ය වියදම් කපා හැරියම කොච්චරක් ඉතිරි කරන්න පුළුවන් ද කියල කිරල මැනල බලන්න අපිට පුළුවන් වුණා. අපි දුප්පත් මුදල්වලින් නෙවෙයි, අපි දුප්පත් මුදල් කළමනාකරණයෙන්.

මානවයන්ට පෘථිවිය සුදුසු නෑ.

ඡායාරූපය: dailypost.lk

රට ලොක්ඩවුන් කරලා සති කීපයක් ගිය තැන විෂ වායු නැති පැහැදිලි අහසක් අපිට දිස් වුණා. තණකොළ ආයෙත් කොළපාට වුණා. කැලේ සත්තු බය නැතුව එළියට පහළියට බැහැල පාරවල් දිගේ ඇවිද්දා. ලංකාවේ නාගරික වායු දූෂණය ලොක්ඩවුන් කාලේ 75%කින් අඩු වුණා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ වෙරළාශ්‍රිතව ප්ලාස්ටික් සහ අනෙකුත් දේවල්වලින් සිදු වන දූෂණය 40%ක් දක්වා අඩු වුණා.

ලෝකේ රටවල් රැසක මේක මේ විදිහට ම සිද්ධ වුණු බව වාර්තා වුණා. මේකෙන් හුඟක් දේවල් කියවෙනවා. මිනිස්සු අපිරිසිදු කරපු සොබාදහම, මිනිස්සු ඉන් ඈත් වුණාම කොච්චර ලස්සන ද කියල අපිට පෙන්නුවෙ ඒ විදිහට. මිනිස්සු කියන්නෙ මේ ග්‍රහලෝකේ ජීවත් වෙන්න සුදුසු පිරිසක් නෙවෙයි බව ඒකෙන් ඔප්පු වෙනව නේ.

ස්වයංපෝෂිත වීම වැදගත්.

මේ තත්ත්වය එක්ක අවධානයට ලක් වුණ විශේෂ දෙයක් තමයි ස්වයංපෝෂිත වෙන්නෙ කොහොමද කියන එක. විශේෂයෙන් අපේ එළවළු පලතුරු අපි ම වවාගැනීම ගැන. අපේ ම ගෙවත්තෙ ටිකක් මහන්සි වෙලා වවාගන්න මේ වගේ දේවල්වලින්, සෞඛ්‍ය සම්පන්න, පිරිසිදු නැවුම් ආහාරවේලක් පිසගන්න පුළුවන්. ඒ වගේ ම ආතතිය සහ අධි රුධිර පීඩනය අඩු වෙන්නත් ගෙවතු වගාව හොඳ බෙහෙතක්. පවුලේ අය එක්ක සමගියෙන් මේ වැඩේ යෙදෙන්නත් පුළුවන් නේ.

ඒ විතරක් නෙවෙයි, මේකෙන් අපේ සල්ලිත් ඉතුරු වෙනවා.

සෝෂල් මීඩියා ඇස්බැන්දුමක්.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් නැතුව දවසක් ගෙවන්න බැරි තරමට අපි මේ වෙද්දි සෝෂල් මීඩියාවලට ඇබ්බැහි වෙලා. අපේ යාළුකම්, සම්බන්ධකම්, ජයග්‍රහණ විතරක් නෙවෙයි, ජීවිතේ ගැන අපි හිතන දේවල් පවා අපි සෝෂල් මීඩියාවල පළ කරනවා. ඒත් මේවයින් කීයෙන් කීයක් අවංකයි ද?

හැමෝගෙම සෝෂල් මීඩියාවල කඳු මුදුනක ඉඳන් හරි, දියඇල්ලක් ළඟ ඉඳන් හරි ගත්ත පින්තූර දෙක තුනක්වත් ඇති. හැබැයි කොරන්ටීන් කාලේ ට්‍රැවල් කරන එක ඇත්තට ම මිස් වුණේ කීයෙන් කී දෙනාට ද? වැඩි දෙනෙක් ගේ ඇතුළෙ ගෙවුණ ජීවිතේට කැමති වුණා නේද? ඔබ ඔබේ හොඳ ම යාළුවා එක්ක ඉන්න ෆොටෝ එකක් #friendsforever කියල අප්ලෝඩ් කරන්න ඇති. ඒත් ඔබ එයාට අන්තිමට කතා කළේ කවදද? තමන්ගේ සැමියාගේ/ බිරිඳගේ/ පෙම්වතාගේ/ පෙම්වතියගේ උපන්දිනේට සුබ පැතුමක් සෝෂල් මීඩියාවල පළ කරන්න ගොඩක් අය කැමතියි. හැබැයි එයා ළඟ ඉන්න වෙලාවක එයාට ආදරය පෙන්නන්න ඔබ කරලා තියෙන්නෙ මොනවද? මහන්සි වෙලා වැඩ කරන එක ගැන උදාවැකි රාශියක් ඉන්ස්ටග්‍රෑම් එකේ නිතර පළ කරන කීයෙන් කීදෙනෙක්, ඇත්තට ම දවසකට කොච්චර මහන්සි වෙලා වැඩ කරනවා ඇති ද?

මේ ඔක්කොම සෝෂල් මීඩියා කියන ඇස්බැන්දුමේ කොටස්. අපි හැමෝම මොකක් කරන්න ගියත් මුලින් ම ඒක සෝෂල් මීඩියාවලට පෝස්ට් කරමින් කාර්යබහුල වෙලා හිටියා. මේකේ ඇත්ත නැත්ත තේරුම් ගන්න අපිට වසංගතයක ප්‍රතිඵලයක් විදිහට ආපු නිවාඩුවක් එනකන් ම ඉන්න වුණා.

දුරස්තව රාජකාරි කිරීම කරන්න බැරි දෙයක් නෙවෙයි.

‘වර්ක් ෆ්‍රොම් හෝම්.’ මේක ලංකාවට තාම ටිකක් විතර අලුත් සංකල්පයක්. ඒ නිසා ම සේවකයන්ගේ ඵලදායිතාව වගේ ම උද්‍යෝගයත් පවත්වගෙන යන ගමන් ම මේක කරන්නෙ කොහොමද කියලා සමහර සේවකයන්ට විතරක් නෙවෙයි, සමහර ආයතන හිමිකරුවන්ටත් නිසි අවබෝධයක් තිබුණෙ නෑ. හැබැයි වසංගතය නිසා ඒක ඇත්තට ම බැරි වැඩක් නෙවෙයි කියල තහවුරු වුණා.

වර්ක් ෆ්‍රොම් හෝම් ඔස්සේ සේවකයන්ට ගෙදර ඉඳන් නිදහසේ වැඩ රාජකාරි ඉටු කරන්න පුළුවන් වගේ ම, ආයතනයට කාර්යාල පහසුකම්, විදුලිය වගේ දේවල්වලට යන වියදම් අඩු කරගන්නත් පුළුවන්. මේ වැඩේට අවශ්‍ය කරන මෘදුකාංග වගේ දේවලුත් දැන් ඕනෑ තරම් තියන නිසා කළමනාකරුවන්ට පුළුවන් වැඩවල ප්‍රගතිය නිරීක්ෂණය කරන්නත්. මීටිං එහෙම තියන්න ඕන නම් අන්තර්ජාලය හරහා ඒකටත් ඕනෑ තරම් ක්‍රම සහ විධි තියනව නේ.

ලෝකෙ තියන ලොකු ම ආයතන, ෆේස්බුක් සහ ගූගල් පවා දැන් දිගට ම මේ ක්‍රමය අනුගමනය කරන්නයි ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ අනුව මේ වසර අවසානය වෙද්දි වර්ක් ෆ්‍රොම් හෝම් ක්‍රමය සේවකයන්ට ඔප්ෂන් එකක් විදිහට දෙන්න ඒ අය බලාපොරොත්තු වෙනවා.

ජීවිතේ කෙටියි.

ජීවිතේ කෙටියි වගේ ම අමිලයි. ජීවිතේ ප්‍රවේසමෙන් රැක බලා ගත යුත්තේ ඒ නිසාමයි. පවුල, මිනිස් සබඳතා, අපේ ආශාවන් වගේ අපි වැඩි අවධානයක් නොදී නොසලකා හරින හුඟක් දේවල් ගැන නැවත වරක් හිතල බලන්න කොරෝනා අපිට අවස්ථාව සලසල දුන්නා. ‘කාලය’ මුදල් බවට හරවන විදිහ ගැන අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරමින් කාර්යබහුල වෙලා හිටපු අපිට, ඒ ‘කාලය’ ම අපේ ආදරණීයයෙකු වෙනුවෙන් කැප කරන්න හරි, සුන්දර මුහුදු වෙරළක සන්සුන් ඇසිල්ලක් ගෙවන්න හරි වැය කරන්න තිබුණා නේද කියලා මේ වෙනකන් ම හිතුණෙ නෑනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide