106 වැනි උපන්දිනය සමරන සාහිත්‍ය ලෝකයේ සරත් සඳ...

ලේඛකයෙක්, කවියෙක්, නාට්‍යකරුවෙක්, විචාරකයෙක්, ගුරුවරයෙක්.. ආදී වශයෙන් ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ඇතුළේ ලොකු පෙරළියක් කළ චරිතයක් තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. සරච්චන්ද්‍රයන්ගේ 106 වැනි ජන්ම සමරුව ඊයේට (ජුනි 03) යෙදී තිබුණා. අපේ මේ සටහන, ඔහු ගැන කරන මතකාවර්ජනයක්..

ජීවන තතු

එදිරිවීර සරච්චන්ද්‍ර උපතින් ලැබූ නම වැදිතන්තිරිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා. ඔහු උපන්නේ 1914 ජුනි මාසයේ 03 වැනිදා ගාල්ලේ රත්ගමදී. ඔහුට පසුව මේ පවුලට තවත් බාල සහෝදරියන් දෙදෙනෙක් එක් වුණා. ඒ අනුව පවුලේ වැඩිමලා වගේ ම එක ම පුතා වුණේ ඔහු. සරච්චන්ද්‍රගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙක්. මව පාසල් ගුරුවරියක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සරච්චන්ද්‍ර පාසල් කාලයේදී හැදෑරුවේ විද්‍යා විෂයයන්. ඊට අමතරව ඉංග්‍රීසි, ලතින් හා ග්‍රීක භාෂා ඔහු අධ්‍යයනය කළා. පාසලෙන් ලන්ඩන් විශ්ව විද්‍යාල පිවිසුම් විභාගය සමත් වුණත්, 1933 දී කොළඹ යුනිවසිටි කොලීජියට බැඳුණු ඔහු පාලි, සංස්කෘත සහ සිංහල හදාරා, පළමු උපාධිය සමත් වුණේ ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් සමගින්. දෙමාපියන්ගේ දැඩි බල කිරීම මත ඉන්පසුව ලංකා සිවිල් සේවා විභාගයට පෙනී ඉන්නට ඔහුට සිදු වුණා. කොහොම වුණත් ඔහු ඉන් සමත් වුණේ දිවයිනේ පළමු තැන ලබා ගනිමින්!

අධ්‍යාපනය හමාර කිරීමෙන් පස්සේ ටික කාලයක් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු සරච්චන්ද්‍ර පසුව 1939 දී ලේක්හවුස් ආයතනයට බැඳුණා. අයිලීන් බිලෙත් නම් තරුණිය සමග ඔහු විවාහ වෙන්නේ මේ කාලයේදී. කොහොම වුණත් සංගීතය හා භාරතීය දර්ශනය හැදෑරීමේ නොතිත් ආශාව නිසා ඔහු ඉන්පසුව ඉන්දියාවේ ශාන්ති නිකේතනයට බැඳෙන්නට බිරිඳත් එක්ක ම පිටත්ව ගියා.

රූපය: www.island.lk

ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය අවසන් කර නැවත සියරට බලා පැමිණි සරච්චන්ද්‍ර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයෙකු වශයෙන් සේවයට එක් වුණා. ඉන්පසුව කලක් සිංහල ශබ්දකෝෂයේ උප සංස්කාරකවරයෙකු විදිහටත් කටයුතු කළ ඔහුට, කෙටි කාලයකින් ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබුණා. 1949 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, දර්ශනපති උපාධියත් ලද සරච්චන්ද්‍ර 1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පත්වීමක් ලැබුවා.

1965 මාර්තු මාසයේ ලලිතා ස්වර්ණා පෙරේරා සමග විවාපත් වුණු සරච්චන්ද්‍ර, නන්දිතා, සුනේත්‍රා, කිසාගෝතමී, යශෝධරා සහ රංසි නම් දියණියන් පස් දෙනෙකුගේ පියෙක්.

කලා සාහිත්‍ය සේවය

රූපය: www.dailynews.lk

කුඩා කාලයේ සිට ම භාෂාව, කලාව, සාහිත්‍යය අංශවලට වැඩි නැඹුරුවක් දැක්වූ සරච්චන්ද්‍රගේ අධ්‍යාපනය සහ පර්යේෂණ කාර්යයන් ද එමඟ ගත්තා. ඒ අනුව බිහි වූ ‘Sinhalese Folk Play’ හෙවත් ‘සිංහල ගැමි නාටකය’ පර්යේෂණ කෘතිය, ඔහුගේ විශාල මහන්සියක සහ කැපවීමක ප්‍රතිඵලයක්. ඉතින් කලාව වෙනුවෙන් ජීවිතය ම වෙන් කළ වැදිතන්තිරිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා, කාලයේ ඇවෑමෙන් එදිරිවීර රංජිත සරච්චන්ද්‍ර බවට පත් වුණා.

පේරාදෙණියට පැමිණීමෙන් පසු ඔහුගේ නාට්‍ය සම්බන්ධ උනන්දුව තවදුරටත් වැඩුණා. සරච්චන්ද්‍රගේ පළමු ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය 1954 බිහි වූ ‘බහින කලාව’යි. ඊට අමතරව මෙකල වන විට කපුවා කපෝති, මඟුල් ප්‍රස්ථාව, වළහැඩියා, මැනේජර්, පබාවතී, වෙද හටන, වඳින්න ගිය දේවාලෙ වැනි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කර සිටි ඔහු රටින් රට යමින් නාට්‍ය කලාව හා බැඳුණු අත්දැකීම් ලැබුවා. නැවත ලංකාවට පැමිණි ඔහුට නාඩගම් ශෛලියෙන් පර්යේෂණාත්මක නාට්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුණා. 1956 බිහි වූ ‘මනමේ’ එහි ප්‍රතිඵලයයි.

මින් පසු කාලයේ දී ‘රත්තරන්’ සහ ‘එලොව ගිහින් මෙලොව ආවා’ නම් කෙටි නාට්‍ය ද්විත්වය සරච්චන්ද්‍ර අතින් නිර්මාණය වුණා. ඔහු ගැන කතා කරන විට අමතක කළ නොහැකි සාහිත්‍ය කෘතියක් වන ‘මළගිය ඇත්තෝ’ බිහි වන්නේ මෙකලයි. ඒ 1959 වසරේ දී. මේ අතර ‘හස්තිකාන්ත මන්තරේ’ නාට්‍යය නිර්මාණය කරන ඔහුගේ මීළඟ මහා කලාකෘතිය වූ ‘සිංහබාහු’ කරළියට එන්නේ 1962 දී. ඉන් අනතුරුව ඔහු වෙල්ලවැහුම්, කදා වළලු සහ ඒකට මට හිනා හිනා යන නාට්‍යත් නිර්මාණය කළා.

විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්යවරයෙකු ලෙස, විදෙස් සමුළු හා වැඩසටහන්වල ශ්‍රී ලාංකික නියෝජිතවරයෙකු ලෙස වරින් වර රට රටවල ආරාධනාවට බඳුන් වුණු ඔහු ලංකාවේ ද විවිධ කලා හා සංස්කෘතික කටයුතු භාර ආයතනවල වගකිව යුතු නිලධාරියෙකු ලෙස සේවය කළා. 1972 දී ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කලා සහ මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් පත් වුණා. 1974 සිට 1977 දක්වා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කළ සරච්චන්ද්‍ර යුනෙස්කෝ සංවිධානයේ ද නිත්‍ය නියෝජිතයෙක් වුණා. මේ වසරේ දී ම නොබෙල් ත්‍යාග තේරීම් කමිටුව සඳහා ලේඛකයන් නම් කිරීමට ස්වීඩන් ඇකඩමියේ විශේෂ කමිටුව මඟින් සරච්චන්ද්‍ර තෝරා ගැනුණා. එසේ තෝරා ගැනුණු පළමු ලාංකිකයා ඔහුයි.

මහාසාර, පෙමතො ජායතී සොකො, වෙස්සන්තර, ලෝමහංස වැනි නාට්‍ය ඔහු අතින් නිර්මාණය වෙන්නෙත් මේ සියල්ල අතරතුරයි. ඒ විතරකුත් නෙවෙයි. යාපනය සහ පේරාදෙණි විශ්වවිද්‍යාලවලින් සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධි දෙකක් හිමි කරගත් සරච්චන්ද්‍ර, 1991 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය පිළිබඳ ගෞරව මහාචාර්ය පදවිය ලැබුවා. 1993 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති බවට පත් වන ඔහු 1994 දී ලේක්හවුස් ආයතනයේ උපදේශක තනතුර ලබනවා.

මේ ඔක්කොම පරිපාලන කටයුතු අතරෙත් තමන්ගෙ සාහිත්‍ය ජීවිතය අමතක නොකරන ඔහු තවත් ග්‍රන්ථ ගණනාවක් රචනා කරනවා. වල්මත් වී හසරක් නුදුටිමි, මළවුන්ගේ අවුරුදු දා,  ලොකුපුතා නොහොත් බන්දුලගේ පරාවර්තනය, හෙට එච්චර කළුවර නෑ, විලාසිනියකගේ ප්‍රේමය වැනි නවකතා, කාලයාගේ ඇවෑමෙන්, මායාරූපය, රූපසුන්දරී වැනි කෙටිකතා, අපේ විත්ති, සාහිත්‍ය විද්‍යාව, කල්පනා ලෝකය, අසම්පූර්ණ චාරිකා සටහන්, ධර්මිෂ්ට සමාජය වැනි ශාස්ත්‍රීය පරයේෂණ කෘති වගේ ම, ප්‍රංශ කෙටිකතා, රුසියන් කෙටිකතා, මැණික්සාමි සහ තවත් කතා වැනි පරිවර්තන කෘතිත් ඒ අතරට අයත්.

අවසන් සමය

රූපය: www.mirrorarts.lk

1996 අගෝස්තු 16 වැනිදා අභාවප්‍රාප්ත වන විට සරච්චන්ද්‍රයන් අසූ දෙවැනි වියේ පසු වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කෙරුණා. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය වගේ ම නාට්‍ය කලාවත් නැවුම් මඟකට හරවන්නට ආලෝකය සැපයූ විශිෂ්ට උගතෙක්, බුද්ධිමතෙක් විදිහට එදිරිවීර සරච්චන්ද්‍රයන් නම් කළ හැකියි. ඒ වෙනුවෙන් ඔහු දේශීය විදේශීය ගෞරව සම්මාන රැසකට පාත්‍ර වුණා. එසේ ම සිංහල සාහිත්‍ය කලා ලෝකයට පෑයූ සරත් සඳ විදිහට අදටත් බුහුමන් ලබනවා..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide