නවසීලන්තය කොරෝනා වෛරසය පරාජය කළ හැටි!.

නවසීලන්තය සම්පූර්ණයෙන් ම කොරෝනා වෛරසයෙන් තොර කලාපයක් බවට පත් වෙන්න සමත් වුණා කියල පසුගියදා එහි අගමැතිනිය ජසින්දා ආඩන් නිල ප්‍රකාශයක් නිකුත් කළා. ‘අපේ රටේ අන්තිම කොරෝනා රෝගියාත් සුවය ලැබුවා කියන ආරංචිය ඇහුණ ගමන් මං පොඩි ඩාන්ස් එකක් දැම්මා’ කියල නවසීලන්ත අගමැතිනිය සිනාමුසු මුහුණින් එදා කිව්වා. කොවිඩ්-19 වසංගතයට එරෙහිව වඩාත් ම කාර්යක්ෂම භාවයකින් සහ ඵලදායීව ක්‍රියාත්මක වුණු රටක් විදිහට නවසීලන්තය ඉතිහාසයට එක් කරන්නට ඇයට හැකි වුණා.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස මූලාශ්‍ර මධ්‍යස්ථානයට අනුව නවසීලන්තයෙන් වාර්තා වුණු මුළු කොරෝනා රෝගීන් ගණන 1504ක්. මරණ වාර්තා වුණේ 22ක් විතරයි. නවසීලන්තයේ ජනගහනය ම සහිත රටක් වෙන අයර්ලන්තයේ මුළු කොරෝනා රෝගීන් ගණන 25000 ඉක්මවනවා. මරණ ගණන 1679ක්. මේ නිසා නවසීලන්තය කොරෝනා පරාජය කිරීම අතින් ලොව රටවල් අතර බෙහෙවින් ඉදිරියෙන් ඉන්න බව හොඳින් ම පැහැදිලියි.

නවසීලන්තයෙන් කොරෝනා මරණ වාර්තා වුණෙත් බොහොම අඩු ප්‍රමාණයක්. ලෝකයේ බොහෝ බලවත් රටවල් කොරෝනා වෛරසය පරාජය කරගන්න බැරිව අඩපණ වෙලා ඉන්න වෙලාවක නවසීලන්තය මේ අභියෝගය ජය ගත්තෙ කොහොමද?

මේ සටහන ඒ ගැන…

ලොක්ඩවුන්

මරණ රහිතව, කොරෝනා රෝගීන් 100 සීමාව වාර්තා වුණු ගමන් ම, ඒ කියන්නෙ මාර්තු 15 දා විදේශිකයන්ට නවසීලන්තයට ඇතුළු වීම තහනම් කරන්න වගේ ම, පිටරට ඉඳන් තමන්ගෙ රටට එන ස්වදේශිකයන් නිරෝධායනය කරන්න පටන්ගන්න එරට බලධාරීන් කටයුතු කළා. ඉන් දින 10කට පස්සේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රට සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කෙරුණා. සිල්ලර වෙළෙඳසැල්, ෆාමසි, රෝහල් සහ ගෑස් ස්ටේෂන් විතරක් විවෘතව තියන්න අවසර දීල තිබුණා. වාහන ගමනාගමනය නවත්වලා ගෙවල්වලට වෙලා ඉන්න ජනතාවට උපදෙස් ලැබුණා.

මේ තද නීතිරීති ලිහිල් කෙරුණේ එයින් මාසෙකටත් වැඩි කාලයකට පස්සෙයි. අනෙක් රටවල් කාලය නාස්ති කරමින් ඉන්න අතරෙ නවසීලන්තය වෛරසය පැතිරීමට එරෙහිව හැකි ඉක්මනින් පියවර ගත්තේ ඒ විදිහටයි.

නීතිරීති

ලොක්ඩවුන් තත්ත්වයට පෙර, ඊට අදාළ නීතිරීති ගැන ජනතාව දැනුවත් කරන්න නවසීලන්ත රජය කටයුතු කළේ ඔවුන්ගේ ජංගම දුරකතනවලට යැවුණු හදිසි කෙටි පණිවිඩ මඟින්. ඒ අනුව හැම පුරවැසියෙක් ම ලොක්ඩවුන් තත්ත්වයට අදාළ නීතිරීතිවලට එකඟව කටයුතු කරන්න පටන්ගත්තා. තත්ත්වය ගැන අවබෝධ කරගන්න සහ ඊට අවශ්‍ය පියවර ගන්න එරට පුරවැසියන් තුළ තිබුණු විනය මේ වෙලාවෙදි හුඟක් බලපෑවා.

ඒ වගේ ම, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන්න එරට රජයේ ආයතනවල, රෝහල්වල බලධාරීන් පියවර ගත්තා.

පරීක්ෂණ

නවසීලන්තය විසින් දිනකට සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 8000ක් පමණ වෙනවා. ඒ අනුව ලොව සියලු ම රටවල් අතරින් දිනකට වැඩි ම පරීක්ෂණ ගණනක් සිදු කරපු රටක් බවට ඔවුන් පත් වුණා. මීට අමතරව රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ අය හඳුනාගැනීම සඳහා, තාක්ෂණය උපයෝගී කරගනිමින් අවශ්‍ය ට්‍රේස් කිරීම් කරන්නටත් ඔවුන් කටයුතු කරලා තියනවා. මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට මේ ට්‍රේස් කිරීම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරීක්ෂණ සිදු කිරීම සඳහා දුන් උපදෙස් ඒ අයුරින් ම පිළිපැදීම ලොකු හේතුවක් වුණා කියලයි ඔවුන් කියන්නෙ.

භූගෝලීය සාධක

තවත් අතකට නවසීලන්තයේ පිහිටීමේ භූගෝලීය පරිසරයත් කොවිඩ්-19 පාලනයට හේතුවක් වුණා. අන් රටවල දේශසීමාවලින් වට නුවූ හුදෙකලා දූපතක් වන නවසීලන්තයට, විශාල රටවලට වඩා රටට ඇතුළු වීම සහ ඉන් පිට වීම පාලනය කරන්න ලේසියි. ඒ වගේ ම, නවසීලන්තයේ සිටින්නේ මිලියන පහක වගේ සාපේක්ෂව අඩු ජනගහනයක්. ලොක්ඩවුන් කළාට පස්සෙ එකිනෙකා අතර සිදු වන ගනුදෙනු අවම වීමට ඒකත් හේතුවක්.

මාර්ගෝපදේශ 

මේ අලුත් ම වෛරසයට එරෙහිව අපි ගත යුතු පියවර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ වග කිව යුත්තන් විසින් සපයන ලද මාර්ගෝපදේශ අකුරට ම පිළිපැද්ද රටක් තමයි නවසීලන්තය. රෝග ලක්ෂණ පළ කරන්නන් හඳුනාගැනීම, පරීක්ෂණ කිරීම, නිරෝධායනය කිරීම සහ ප්‍රතිකාර කිරීම කියන පියවර හතර, හැම රෝගියෙක් වෙනුවෙන් ම ක්‍රියාත්මක වුණා.

වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කළා කියන්නෙ, වසංගතය නිසා රට පත් වෙලා ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ආරම්භ කළ හැකියි කියන එක. ඉතින් ඔවුන් ඒ වැඩ කටයුතු දැනටමත් පටන් අරං. 

ඒත්…

කිසිම කොරෝනා රෝගියෙක් වාර්තා නොවී ගෙවුණු දවස් 24කට පස්සේ, ඔන්න අද ආයෙමත් අවාසනාවන්ත විදිහට එරටින් කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියනවා. එකම පවුලේ සාමාජිකයන් වෙන මේ දෙන්නා තමන්ගෙ දෙමාපියන්ගෙන් කෙනෙකුගේ මරණය වෙනුවෙන් එක්සත් රාජධානියේ ඉඳන් නවසීලන්තයට විශේෂ අවසරයක් පිට ආපු දෙන්නෙක් කියල තමයි කියවෙන්නෙ. ජුනි 7 වෙනිදා නවසීලන්තයට ගොඩ බැස්ස මේ අය නිරෝධායනයට යොමු කරලා තියනවා.

ජුනි 12 වෙනිදා මරණයට සහභාගි වීම සඳහා යෑමට අවසර දෙන්න කියල ඔවුන් විසින් කරපු විශේෂ ඉල්ලීමක් සලකල බලලා බලධාරීන් ඊට ඉඩ දීල තියනවා. ඒ අනුව ඔවුන් තමන්ගේ පෞද්ගලික වාහනයක අදාළ ස්ථානයට ගිහින්. එහිදී ඔවුන් ආශ්‍රිතව ගැවසිලා තියෙන්නේ ඒ පවුලේ ම තවත් එක පුද්ගලයෙක් පමණයි. කොහොම වුණත් පසුව මේ දෙන්නට වෛරසය ආසාදනය වෙලා තියන බව පරීක්ෂණවලින් අනාවරණය වුණු නිසා, ඒ පුද්ගලයාත් මේ වන විට නිරෝධායනයට යොමු කරලා.

මේ අනුව ජුනි 8 දා ඉඳන් නැවතත් නවසීලන්තයට ඇතුළු වන සියල්ලන් කොරෝනා පරීක්ෂණයට ලක් විය යුතුයි වගේ ම, දින 14ක නිරෝධායනයකට යටත් විය යුතුයි.

ඉතින්, මේ අලුත් රෝගීන් දෙදෙනා සුව කරගැනීම සම්බන්ධයෙනුත් නවසීලන්තය නිසි පියවර ගන්නවා නිසැකයි. උද්ගත වෙන ඕනෑ ම තත්ත්වයකට අනුකූලව කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම නවසීලන්තයෙන් ලෝකෙ හැම රටකට ම ගත හැකි විශේෂ ආදර්ශයක් කියල අවසන් වශයෙන් කියන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide