පැණි වළලු තරම් රස කතා ලියා තියා නික්ම ගිය මහාචාර්යතුමා.

“බැංකුවක් ළඟ වැටිලා තිබිල රත්තරං මාලයක් අහුලලා අයිතිකාරයා හොයල ආපසු බාරදුන්න පොලිස් නිලධාරියෙක් ගැන දිගටම පත්තරවල ගියා. ඒක පොලිස් නිලධාරියාගේ රාජකාරිය වුණත් අපේ රටේ එහෙම දේවල් වෙන්නෙ නැති හින්දා අරුම පුදුම දේ හැටියට පත්තරෙත් යනවා. බස් එකක වැටිලා තිබුණ පර්ස් එකක් අයිතිකාරයට ආපසු දුන්න කොන්දොස්තර ගැන පත්තරේ යන්නෙ අරුම පුදුම දේ හැටියට. දියුණු රටක නම් මේක සාමාන්‍ය දෙයක්. බස් රථය පාරිභෝගික සේවයට අයිති එකක්. තමන්ගේ බැංකු ගිණුමට තමන්ගේ ම ආයතනයෙන් වැරදීමකින් වැටුණු සල්ලි ආපහු බාරදුන්න තැපැල් සේවකයෙක් ගැන පත්තරේ මුල් පිටුවෙ ගියා. වැරදීමකින් වැටුණත් හොරෙන් ම අරං යන්න හිතෙන රටක ආපහු දෙන එක අසාමාන්‍යයි. ඒ හන්ද පත්තරෙත් යනවා.”

පැණි වළලු!

රසකැවිල්ලක් තරම් ම රස තීරු ලිපියක්. පළ වුණේ ඉරිදා ලංකාදීප පත්තරේ. පත්තරේ පළ වෙන්න අරං ටික කාලයට පස්සෙ මේ තීරු ලිපි ටික එක්කහු වෙලා පැණි වළලු නමින් ම පොතක් බවටත් පත් වුණා. ඉන්පස්සෙ පැණි වළලු 1, 2, 3, 4 විදිහට පොත් මාලාවක් ම ප්‍රකාශයට පත් වුණා. පැණි බේරෙන රසට පැණි වළලු ලිව්වේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක. උඩ තියන ඡේදය උපුටා ගත්තේ පැණි වළලු තීරු ලිපි ගොන්නේ තිබූ ‘චෞර රාජ්‍යය’ තීරු ලිපියෙන්. ගංගානාත් මහාචාර්යතුමා ඊයේ (අගෝස්තු 11) සිය ජීවිතයෙන් සමුගත්තා. මේ ලිපිය ඔහු වෙනුවෙන්…

ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමා උපන්නේ 1958 අවුරුද්දෙ කොළඹ මරදානේදි. හැදී වැඩුණේ ගම්පහ. අම්මා මිය යනකොට ඔහුට වයස අවුරුදු හතරයි. ලංකාවේ ප්‍රකට සිනමාකරුවෙකු සහ පුවත්පත් කලාවේදියෙකු වුණු විමලනාත් දිසානායක ඔහුගේ තාත්තා. ආච්චි අම්මා එක්ක හැදී වැඩුණු ඔහු කුඩා වියේදි ම මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කෙරුණා. ඉතින් ගෙදරින් බැහැරව නේවාසිකාගාරයක තනියම ජීවත් වෙන්න ඔහු ඉගෙනගත්තේ හුඟක් පුංචි කාලෙදිමයි. මේ තනිකම වැඩිහිටි වියේදිත් ඔහුව දුක්බර කරපු විදිහ පැණි වළලු තුළ ඔහු නොයෙක් වර ලිව්වා.

පුංචි ම කාලේ හැම විෂයකට ම බිංදුව ගත්තට, පස්සෙ පස්සෙ තනි උත්සාහයෙන් පන්තියේ පළමුවෙනි දෙවෙනි තැන ගන්න ඔහු ඉගෙනගත්තා. ඒ ගමන කෙළවරදි උසස් පෙළ විභාගයෙන් රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලැබුවා. රුහුණේ ආරම්භක සිසුන් කීප දෙනාගෙන් එක්කෙනෙක් වුණු ඔහු පසුව මාරුවක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇවිත්, සිංහල ගෞරව උපාධිය හැදෑරුවා. සියලු විෂයන්ට A සාමර්ථ්‍ය සහිතව, අවුරුදු එකොළහකට පස්සේ පළමු වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ සාමර්ථ්‍යයක් ලබා ගනිමින් උපාධිය සමත් වෙන්නෙ ඔහුයි. ඒ 1982 දි. පශ්චාත් උපාධිය සඳහා ඔහු යන්නෙ ජපානයට. මේ ගමන කෙළවර වෙන්නෙ, ධම්මික ගංගානාත් දිසානායක ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා වීමෙන්.

“විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙනගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළු පාට දිය වෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා, කරපිංචා විකුණන අම්මා මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා. අදටත් වියදං කරනවා. ගුණසිංහපුර හන්දියෙන් සැර දාලා හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම… මාරගම…" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා.

අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති, තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයි ද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතනකොට ගලක් වගේ හිත බර වෙනවා.”

ගංගානාත් මහාචාර්යතුමා මේ කතාව ලියල තියෙන්නෙ ඔහුගෙ පැණි වළල්ලක. ඒ තීරු ලිපියේ නම ‘නිදහස් අධ්‍යාපනය’. 1987 දි ‘මොන්බුෂෝ’ ශිෂ්‍යත්වය ලැබිලා ජපානයට යන ගංගානාත් මහාචාර්යතුමා, එහේ ගිහින් මාස දෙකෙන් ජපන් භාෂාව සම්පූර්ණයෙන් ප්‍රගුණ කළා. ඔහුගේ දක්ෂකම් නිසා ම විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකු වෙන්න ඔහුට පුළුවන් වුණා. ඉහත කියපු තීරු ලිපියේ ම ඉතුරු කොටස මේ…

“නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගාණේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව.

නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල "ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරට ම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරට ම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.

"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත්පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකට ම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවාගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේ ම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව.”

1990 දි ශාස්ත්‍රපති උපාධියත්, 1993 දි ආචාර්ය උපාධියත් සම්පූර්ණ කරලා ආපහු ලංකාවට ආපු ගංගානාත් මහාචාර්යතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී බවට පත් වුණා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ, ගුවන්විදුලි සංස්ථාවේ, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ වගේ ම, ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සියේත් සභාපති තනතුරේ වරින් වර කටයුතු කළා.

ප්‍රතිපත්ති සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ උපදේශක වශයෙන්, අග්‍රාමාත්‍ය මාධ්‍ය උපදේශක වශයෙන් සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ලේකම් වශයෙන් වාර කීපයකදී සේවය කළ ගංගානාත් මහාචාර්යතුමා, ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා බවටත් පත් වුණා. පැණි වළලුවලට අමතරව මහජන සන්නිවේදනය, සමකාලීන සිංහල සිනමාව සහ දේශපාලන සන්නිවේදනය වැනි ශාස්ත්‍රීය කෘති රැසක් රචනා කරපු ඔහු, ලංකාවේ විශ්වවිද්‍යාලවල වගේ ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වගේ ම පෞද්ගලික මට්ටමින් ද ජපානය සමග බොහෝ මිතුරු සබඳතා ගොඩනඟාගෙන සිටි ඔහුට, ජපානයත් පෙරළා ආදරය පළ කළා. ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව ඔහු විසින් කරන ලද සේවය වෙනුවෙන් ජපානයේ විශ්වවිද්‍යාලවලින් ඔහු ගෞරව සම්මාන කීපයක් ම දිනාගත්තා.

අක්මාවේ හටගත් පිළිකාවකින් පීඩා විඳිමින් රෝගාතුරව සිටි ගංගානාත් මහාචාර්යතුමා ඊයේ දිනයේ ජීවිතයෙන් සමුගන්නා විට 62 වැනි වියේ පසු වුණා. ජපානයත් ලංකාවත් අතර මිතුරු පාලමක් තැනූ ඔහුට සයොනාරා කියමින් මේ ලිපිය ඉවර කරන්නට මත්තෙන්, ඔහු ලියූ ‘අම්මා’ තීරු ලිපියෙන් කොටසක් මෙතන අමුණනවා. 

“අම්මාගේ ආදරය කියන්නෙ මහ පුදුම දෙයක් වෙන්නැති. ඒක තමන්ගෙ දරුවාට විතරක් තියෙන අසමසම ආදරයක් වෙන්නැති. මං එහෙම ආදරයක් හෙව්වා. නාඳුනන ගැහැනුන්ට ආත්මාර්ථය විසිකර දමා ආදරය කළා. නාඳුනන ගැහැනුන්ට ‘අම්මේ’ කියල දණගහල වැන්ද. ඒත් ඒ හැම කෙනෙකුගෙම ආදරය යට අළු යට ගිනිපුපුරු වගේ ආත්මාර්ථය තිබුණ. ඒවා මෙළවිලා ඇවිලිලා ගිනි ජාලාවක් වෙලා මාව පිච්චෙනකොට ‘අනේ, අම්මේ!’ කියල හිසකෙස් පහුරුගාගෙන මම ඇඬුවා.

මේක කියවන ඔබ නොලැබුණ හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනව ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතිව ඇති. මට නම් ජීවිතයේ හුඟක් දේවල් ලැබුණ. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාලිගාවටත් වඩා ලොකු ලස්සන මාලිගාවක් වගේ ගේක ජීවත්වෙන්න ලැබුණ. ඒත් මට එකක් ලැබුණෙ නෑ. ඒක ආයෙ ලබන්නත් බෑ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබල ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහැව්වොත් ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති? කියල, ඔබ ලක්ෂපති. මං හිඟන්නෙක්.”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide