සමාජ මාධ්‍ය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! මොකද්ද මේ The Social Dilemma?.

“තමන්ගෙ පාරිභෝගිකයන්ව ‘පාවිච්චි කරන්නො’ (Users) කියල හඳුන්වන කර්මාන්ත දෙකයි ලෝකෙ තියෙන්නෙ. එකක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය. අනික මෘදුකාංග.”

මේක මේ දවස්වල අන්තර්ජාලේ සහ මුහුණු පොතේ නිතර දකින්න ලැබෙන වැකියක්. මේක මුලින් ම ප්‍රකාශ කළේ සංඛ්‍යානවේදය පිළිබඳ ඇමරිකානු මහාචාර්යවරයෙක් වෙන එඩ්වඩ් ටෆ්ටි. හැබැයි බොහෝ දෙනෙක් මේක උපුටාගෙන තිබුණෙ The Social Dilemma කියල අලුතෙන් නෙට්ෆ්ලික්ස් එකට ආපු ෆිල්ම් එකකින්. ෆිල්ම් එක බලපු නොබලපු බොහෝ දෙනෙක් මේක ෂෙයාර් කරල තිබුණා.

Dilemma කියන ඉංග්‍රීසි වචනෙ සෘජුව සිංහලට පරිවර්තනය කළොත් එන සිංහල තේරුම තමයි ‘උභතෝකෝටිකය’. මොකද්ද උභතෝකෝටිකයක් කියන්නෙ?

සරල ව උභතෝකෝටිකයක් කියන්නෙ, පිළිතුරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත විසඳාගත නොහැකි ප්‍රශ්නයකට. පොතේ හැටියට නං ප්‍රශ්නෙකට තියෙන්න ඕන එක පිළිතුරයි නෙ. එකකට අමතරව තව ඔප්ෂන් එකක් ආපු ගමන් කෙනෙක් හිර වෙනවා. මොකද උත්තර එකකට වඩා තියනව කියන්නෙ ම ප්‍රශ්නය සංකීර්ණයි කියන එක. උත්තර වැඩි නිසා ම මේ ප්‍රශ්නෙ විසඳගන්න අපිට බෑ. එහෙම ප්‍රශ්නෙකට කියනව උභතෝකෝටිකයක් කියල.

කෙනෙකුට විසඳගන්න බැරුව ළත වෙන පෞද්ගලික උභතෝකෝටික බර ගාණක් තියෙන්න පුළුවන්. ඒත් ඊට වඩා සෑහෙන බරපතළයි, සමාජයක් වශයෙන් සියලු දෙනා ම කිසියම් උභතෝකෝටිකයක හිර වෙන එක. මේක අන්ත දෙකක තියන උත්තර දෙකක් සහිත ප්‍රශ්නයක්. උත්තර දෙකෙන් එකක් තෝරගන්නත් බෑ, ඒ දෙක අතරමැදකුත් නෑ. පිටට නොපෙනුණාට මේ ප්‍රශ්නේ මේ වෙලාවෙ අපි හැමෝගෙම උරහිස උඩ ඉඳගෙන, අපි ඊළඟට ගන්න පියවර දිහා අවධානයෙන් බලාගෙන ඉන්නව.

The Social Dilemma, මේ අවුරුද්දෙ මුල රිලීස් වුණ වාර්තා චිත්‍රපටයක්. ඒ කාලේ වැඩි අවධානයක් නොලැබුණාට මීට සති දෙකකට කලින්, ඒ කියන්නෙ 2020 සැප්තැම්බර් 09 වෙනිදා නෙට්ෆ්ලික්ස් එකට රිලීස් වුණාට පස්සෙ, මේක ගැන ආරංචි ලෝකේ පුරා ම පැතිරුණේ විශාල ආන්දෝලනයක් ඇති කරමින්. රිලීස් වෙලා සති දෙකක් ඇතුළත බොහෝ දෙනෙක් මේක මේ කාලෙ බිහි වුණ විශිෂ්ටතම වාර්තා චිත්‍රපටය විදිහට නම් කරන්න පෙළඹුණා.

ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ජෙෆ් ඔර්ලොව්ස්කි අධ්‍යක්ෂණය කරපු The Social Dilemma කතා කරන්නෙ සමාජීය වශයෙන් අපි මූණ දීල ඉන්න බරපතළ ම උභතෝකෝටිකය ගැන. ඒ තමයි සෝෂල් මීඩියා. ‘සෝෂල් මීඩියාවල තියන උභතෝකෝටිකය මොකද්ද?’ කියල හිතෙනව නේද..?

මෙහෙමයි..

අපේ වගේ රටවල තරුණයන් සහ කුඩා දරුවන් සෝෂල් මීඩියාවලට වහ වැටිලා කියන එක සාමාන්‍යයෙන් වැඩිහිටියො බොහෝ වෙලාවට කරන චෝදනාවක්. ඒකට උත්තර දෙමින් තරුණ පරම්පරාව එක හෙළා දෙන්නෙ, “දැන් ලෝකෙ ඉස්සරට වඩා වෙනස්/ තාක්ෂණය දියුණු වෙන එකට අපි අනුගත වෙන්න ඕනේ/ නරක ම දකින්නැතුව සෝෂල් මීඩියාවල හොඳ පැත්ත දිහා බලන්න..” වගේ උත්තර. බැලුබැල්මට ඒ උත්තරේ හරි. හැබැයි ඒ හා සමානව ම සෝෂල් මීඩියාවල අයහපත් බලපෑමුත් තියන බව අපේ යටිහිත දන්නව. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදී ගිණුම් තියන අපි ඒවයේ ඉන්නෙ, ඒ නරක පැත්ත ගැන නොදැන නෙමෙයි.

The Social Dilemma ෆිල්ම් එක කරන්නෙ, ‘සෝෂල් මීඩියා හොඳ ද නරක ද?’ කියන ප්‍රශ්නෙ මෙහෙම සරලව පේනවට වඩා අතිශයින් ගැඹුරුයි කියල පෙන්නලා දෙන එක. මේ ෆිල්ම් එකේ පෙනී ඉන්න, කතා කරන, අදහස් පළ කරන වැඩි දෙනා, කැලිෆෝනියාවෙ සිලිකන් වැලී එකේ තියන අයිටී/ ටෙක් කොම්පැනිවල වැඩ කරලා ඒවයින් ඉවත් වුණ තොරතුරු තාක්ෂණ විශේෂඥයො. සිලිකන් වැලී කියන්නෙ ගූගල්, ෆේස්බුක්, ඇපල් ඇතුළු සියලු ම ලෝක ව්‍යාප්ත දැවැන්ත තොරතුරු තාක්ෂණ සමාගම්වල නිජබිම. මේ සියලු දෙනා මේ පොදු ප්‍රශ්නය දකින විදිහ සහ ඔවුන්ගේ ඔපීනියන්ස්වලට කොයි තරම් වලංගුභාවයක් තියනවද කියන එක මේ ෆිල්ම් එකෙන් ඔප්පු කරලා පෙන්නනවා.

මේ චිත්‍රපටය සඳහා ගූගල් සමාගමේ හිටපු ඩිසයින් එතිසිස්ට් කෙනෙක් වෙන ට්‍රිස්ටන් හැරිස්, මොසිලා ලැබ්ස්වල හිටපු UX අංශ ප්‍රධානියා සහ ෆයර්ෆොක්ස්හි ප්‍රධාන ඩිසයිනර් කෙනෙක් වුණ, ‘අන්තර්ජාලයේ අසීමිතව ස්ක්‍රෝල් කිරීමේ’ විශේෂාංගයේ නිර්මාතෘ අසා රස්කින්, ගූගල් ඩ්‍රයිව් සහ ජීමේල් චැට් නිර්මාතෘවරයෙක් වගේ ම ෆේස්බුක් පේජ්, ෆේස්බුක් ලයික් බට්න් කියන සංකල්පවල නිර්මාතෘවරයෙක් වෙන ජස්ටින් රෝසෙන්ස්ටයින්, සමාජීය මනෝ විද්‍යාඥවරියක් වෙන හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශොෂානා සුබොෆ්, පින්ටරස්ට්හි හිටපු සභාපතිවරයෙක් වෙන ටිම් කෙන්ඩල්, මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවය කළ පරිගණක දර්ශනය පිළිබඳ විද්වතෙක් වෙන ජෙරොන් ලැනියර්, මනෝ චිකිත්සකවරියක් වෙන ඇනා ලෙම්බ්කේ සහ අයිටී සමාගම් රැසකට මුදල් ආයෝජනය කළ සුප්‍රකට ආයෝජකයෙකු වෙන රොජර් මැක්නමී වැනි බොහෝ දෙනෙක් සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කෙරෙනවා.

ඇත්තට ම සෝෂල් මීඩියා නිසා උද්ගත වෙන බරපතල ගැටලුව මොකක්ද? මේ අය කියන විදිහට මේ ප්‍රශ්නයට ‘නමක්’ නැහැ. නමක් නැති නිසා ම, කිසිවෙක් ප්‍රශ්නය සෘජුව ඇඩ්‍රස් කරන්නෙ හෝ වටහාගන්නේ නැහැ කියලයි ඔවුන් කියන්නෙ. හැබැයි අයිටී කොම්පැනිවල සියලු රහස් අතරේ පදම් වෙලා ඒවායින් එළියට බැස්ස මේ අය, ඇත්තට ම එවැනි බරපතල ප්‍රශ්නයක් පවතිනවා කියන එක ෆිල්ම් එකේදි තහවුරු කරනවා.

ෆිල්ම් එක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මේ ප්‍රශ්නයේ විවිධ පැතිකඩ එළියට එනවා තේරෙනවා. එකක් තමයි මානව අයිතීන් උල්ලංඝණයෙන් පෞද්ගලිකව කෙනෙකුට වෙන හානිය. ඒ කියන්නේ සමාජ මාධ්‍ය සල්ලි හොයන්නේ අපේ දත්ත අවභාවිත කරලා, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්වලින් අපිට නොදැනෙන්න අපිව නිරීක්ෂණය කරලා, මැනිපියුලේට් කරලා, අපිට රහසින් අපේ මනස එක්ක කරන සූක්ෂ්ම ගේම් එකකින් කියන එක. තවත් පැත්තක් තමයි සමස්තයක් විදිහට පොදුවේ සමාජයට වෙන හානිය. ඒ කියන්නේ දැනුවත්ව ෆේක් නිව්ස්/ අසත්‍ය තොරතුරු පැතිරෙන්න ඇරලා සමාජයේ දේශපාලනිකව සහ මානසිකව ගැටුම් ඇති කරනවා කියන එක.

“මගේ රෙඩිට් ඇබ්බැහිය නවත්තගන්න අන්තිමේ මං වෙනුවෙන් ම මෘදුකාංගයක් ලියාගන්න මට සිද්ධ වුණා.”

ඔන්ලයින් ලෝකයට අසීමිතව ස්ක්‍රෝල් කිරීමේ පහසුකම හඳුන්වලා දුන්න අසා රස්කින් තමන්ගේ හොයාගැනීම නිසා තමන්ට ම මුහුණ දෙන්න වුණ තත්ත්වය හෙළි කරනවා. ඒ වගේ ම අන්තර්ජාලයේ බලපෑම නිසා එක්තරා පවුලක එක් එක් සාමාජිකයන් මුහුණ දෙන ප්‍රතිවිපාක, ෆිල්ම් එක ඇතුළෙ ම ඉදිරිපත් වෙන්නේ ඩ්‍රාමා එකක ස්වරූපයෙන්.

මිනිත්තු 89ක් පුරා දිවෙන The Social Dilemma නරඹලා තමන්ගෙ සෝෂල් මීඩියා ගිණුම් සදහට ම වහන්න තීරණය කරපු පුද්ගලයන් ගැන මේ වෙද්දි ලෝකෙ වටෙන් වාර්තා වෙනවා. එවැනි බලපෑමක් කරන්න මේ වාර්තා චිත්‍රපටයට පුළුවන් වෙන්නේ, අදාළ ගැටලුව මතුපිටින් අතපත ගාන්නේ නැතිව ප්‍රශ්නය ඇතුළට කිමිදිලා ෆැක්ට්ස් ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන් වෙලා තියන නිසා. ඒ වගේ ම ඔවුන් මතු කරන වැදගත් ම කාරණයක්, මේ ප්‍රශ්නයට ලෝකේ කොහෙවත් තාම නෛතිකව උත්තරයක් නැති එක. ඒ කියන්නේ ලෝකේ පුරා ම රාජ්‍යයන් එකතු වෙලා නිර්මාණය කරගන්න දැඩි නීති රාමුවක් හැදෙනකන්, මේ අවනීතිය රජ කරලා මිනිස්සු විනාශය කරා ඇදෙනවා.

“සෝෂල් මීඩියා ජීවිතයේ යම් යම් දේට අවශ්‍ය ටූල් එකක් වෙලා තියන තාක් කල් එයින් හානියක් නෑ. එතකොට ඒක ඔබේ මනසේ ඒකාග්‍රතාව බිඳ දාන්නෙ නෑ. හැබැයි ඒක ජීවිතයේ පාට් එකක් වෙන්න පටන්ගන්න මොහොතේ ඉඳන් ඒක ඔබෙන් අවධානය, මුදල්, කාලය ඇතුළු බොහෝ දේ ඉල්ලනවා. ඊටපස්සෙ ඔබ ක්‍රියා කරන්නෙ ඒකට ඕන විදිහට. ඔබේ සැබෑ පැවැත්ම එතනින් ඉවර වෙනවා.”

ෆිල්ම් එක වෙනුවෙන් අදහස් දක්වන තාක්ෂණ විශේෂඥයන් පෙන්නලා දෙනවා.

ඉන්ටනෙට් එක ඉලියුෂන් එකක් මිසක් ඇත්ත ලෝකය නෙවෙයි කියන එක දැන දැන ම අපි ඒකෙ ගොදුරු බවට පත් වෙලා ඒකෙ ඇතුළෙ සැප පහසුවට ගුලි වෙලා ඉන්නේ ඇයි? ඒක ඒ තරම් ම ජීවිතේ අතාරින්න බැරි කොටසක් වෙලා තියෙන්නේ ඇයි? ගූගල්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, යූටියුබ්, ලින්ක්ඩ්ඉන්, පින්ටරස්ට්, රෙඩිට්.. මෙකී නොකී එක සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක හෝ ගිණුමක් තියන හැම කෙනෙක් ම අනිවාර්යයෙන් බලන්න ඕන ෆිල්ම් එකක් The Social Dilemma. දවසේ වැඩි කාලයක් ඔන්ලයින් ලෝකය ඇතුළේ ජීවත් වුණත් අපි නොදකින පැත්ත, මෙයින් නිරාවරණය කරනවා.

ඕන ම ආන්දෝලනාත්මක දේකට පැසසුම්වලට වඩා එල්ල වෙන්නෙ ගල්මුල් කියන එක තහවුරු කරමින් මේ ෆිල්ම් එකටත් එල්ල වෙන විවේචන බොහොමයි. විවේචකයන්ගේ අදහස තමයි චිත්‍රපටයේ නිර්මාණකරුවන් සමාජ මාධ්‍යවල තියන කිසිම හොඳක් මේකට පාදක කරගන්නේ නැතිව, එක් පැත්තකට විතරක් පක්ෂග්‍රාහීව කටයුතු කරලා තියන බව. ඔවුන්ට අනුව අන්තර්ජාලය කියන්නේ බිල්ලෙක් වැනි අදහසක් මෙයින් සමාජගත වෙනවා ලු.

තවත් සමහරුන්ට අනුව මේක ඇමරිකාවේ බොහෝ දේවල් වගේ ම තවත් ගැටයක්. සෝෂල් මීඩියාවල ඇත්ත එළි කරන ෆිල්ම් එකක්, නෙට්ෆ්ලික්ස් එකෙන් ම ප්‍රමෝට් කිරීම උත්ප්‍රාසාත්මක බව ඔවුන් පෙන්නලා දෙනවා. කොහොම වුණත් මේ ඔස්සේ සෝෂල් මීඩියාවලට එරෙහිව සෝෂල් මීඩියා ඇතුළෙ ම කතිකාවක් ඇති කරන්න පුළුවන් වීම, මේ ෆිල්ම් එකට බොහෝ දෙනාගේ ඇස් අරවන්න පුළුවන් වුණ බවට සාක්ෂියක්.

“ඔබ කිසියම් නිෂ්පාදනයක් වෙනුවෙන් මුදල් ගෙවිය යුතු නැති බව ඔවුන් කියනවා නම්, මතක තියාගන්න. නිෂ්පාදනය වෙන කිසිවක් නොව ඔබයි.” 

The Social Dilemma බලන්න. අපේ පැවැත්ම ගැන අපිට ම නැවත හිතන්න බල කරන ෆිල්ම් එකක්. කන්නාඩියක් ඉස්සරහට ගියා වගේ දැනෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide