බොරු වැස්සට තෙමෙන්න එපා: ගංවතුරේ ඇත්ත තත්ත්වය මෙන්න.

කැළණි ගඟේ වැඩිවන ජල මට්ටම නිසා කොළඹට ජල සැපයුම අඩාල වෙනවා, රට පුරා විදුලිය නැතිවෙනව වගේ ආරංචි ගොඩක් මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ පැතිර යනවා. විපතට පත් අයට සහන සලසන්න වගේ ම ළඟ එන අවදානම් ගැන තොරතුරැ බෙදාගන්නත් මේ සමාජජාල නිසා පුළුවන් වෙලා තියෙනවා. ඒත් පිළිගත හැකි මූලාශ්‍රයක් නැතු ව ප්‍රචාරය වෙන තොරතුරු ෂෙයාර් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හරි බලලා ඒ තොරතුරු ඇත්තද කියල තහවුරු කරගන්න.

ඇත්තටම මොකද වෙන්නෙ?

කොළඹ වතුර සැපයුමට බාධාවක් නෑ

ෆේස්බුක් සහ ට්විටර් එකේ හුවමාරු වෙන පෝස්ට් එකක කියවුණු විදියට අඹතලේ ජල පවිත්‍රාගාරය ඇණහිටිමේ අනතුරක් නැහැ. මේ බව මධ්‍යස්ථාන බාර නිලධාරියා වගේම ඇමතිවරයාත් තහවුරැ කරලා තියෙනවා. ගොඩක් දෙනෙක් මෙතන දී ‘අඩි’ සහ ‘මීටර්’ පටලගෙන තිබුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කරන නිළ නිවේදනවල සමහර තැන්වල අඩිවලිනුත් සමහර තැන්වල මීටර්වලිනුත් දැක්වෙනවා. සාමාන්‍යයෙන් මීටර් එකක් කියන්නේ අඩි තුනකට ආසන්න දිගක්. ඒ නිසා දෙක පටලගන්න එපා.

ලංකාවටම බලපාන පරිදි විදුලිය කපන්නේ නෑ

කැළණිතිස්ස බලාගාරය ගංවතුරට යටවීම ගැන සැරිසරන ඊ මේල් එක බොරුවක්. දැනට එහෙම අනතුරක් නෑ. ඇත්තට ම කැළණිතිස්ස බලාගාරය යට වුණත් ඒකෙන් ජාතික විදුලි සැපයුමට ලොකු බලපෑමක් වෙන්නේ නෑ.

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රන්ජන් ජයලාල් අපට කීවේ ගංවතුරට යට වී ඇති ප්‍රදේශවලට පමණක් විදුලිය විසන්ධිකර ඇති බවයි.

කාළගුණ තත්ත්වය

ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ වෙනකොට බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙන ‘’රෝනු” සුළිකුණාටුව තවත් ලංකාවෙන් ඈතට ගමන්කරනවා. ඒත් උතුරු නැගෙනහිර සහ උතුරු මැද හැරෙන්න අනිත් ගොඩක් පැතිවලට තවදුරටත් වහින්න පුළුවන්.

AccuWeather එකට අනුව කොළඹ වැස්ස තරමක් අඩු වුණත් තව දින කිහිපයක් යනතුරු සම්පූර්ණයෙන් නවතින එකක් නෑ. නුවරඑළිය, රන්තපුර වගේ පැතිවලට ඉදිරි දවස් කීපය ම වගේ වහින්න පුළුවන්.

කොහෙම වුණත් වැස්සත් එක්ක ඇතිවෙන්න පුළුවන් සුළං සහ අකුණු ගැන කල්පනාවෙන් එන්න එක නුවණට හුරුයි.

ගංගාවල ජල මට්ටම

බස්නාහිර පලතේ කැළණි ගඟ අවට ප්‍රදේශ බොහොමයකට තාමත් ගංවතුර. නාගලගම් වීදිය ජල මාපකයට අනුව පෑලියගොඩ හරියේ කැළණි ගඟේ ජල මට්ටම තවමත් ඉහළ නගිනවා. ඒත් ගඟ ඉහත්තාවට වෙන්න තියෙන ග්ලැන්කෝස් (අවිස්සාවේල්ල කිට්ටුව) සහ හංවැල්ල ජල මට්ටම අඩුවෙමිනුයි තියෙන්නේ.

කළු ගඟ පිටාර ගැලීම නිසා පුටුපාවුල සහ මිල්ලකන්ද පැතිවලට තරමක ගංවතුර තත්ත්වයක් තිබුණත් ජල මට්ටම පහළ බහිමිනුයි තියෙන්නේ.

ගිං ගගේ ජල මට්ටම බද්දේගම හරියෙදි තරමක් අනතුරුදායක මට්ටමට ඉහළ නැගල තිබුණත් තවම ගංවතුර අවදානමක් නෑ.

අනතුරුදායක මට්ටමට ජල මට්ටම ඉහළ නැගල තිබුණු යාන් ඔය, මහ ඔය සහ අත්තනගලු ඔයේත් ජල මට්ටම අඩුවෙමින් පවතිනවා.

බලපෑම

වැඩිම පිරිසකට බලපෑමක් සිද්ධවෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ; පවුල් 35,000ක් අවතැන් වෙලා, ඊළඟට වැඩි ම බලපෑම ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවලට. කළුතර, රත්නපුර, කෑගල්ල, කුරැණෑගල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් 18,000කට වැඩි පිරිසක බැගින් අවතැන් වෙලා තියෙනවා.

වැඩි ම පිරිසක් මියගිහින් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවූ නායයාම්වලින්. නිළ සංඛ්‍යාලේඛණවලට අනුව අරනායක, බුලත්කොහුපිටිය පැතිවල නායයාම්වලින් මියගිය ගණන 34ක් වුණත් ඇත්ත සංඛ්‍යාව මීට වඩා සෑහෙන්න වැඩිවෙන්න පුළුවන්. රටපුරා දැනට නිළ වශයෙන් මියගොස් ඇති ගණන 63යි; 132ක් අතුරුදහන්.

අවසාන වශයෙන්

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අපට කීවේ තවම ගංගාවල ජලය මට්ටම් ලෙස පහළ ගිහින් නැති වුණත්, ටිකින් ටික ජලමට්ටම අඩුවෙනව කියලයි. මේ ලියන මොහොත වනවිටත් අනතුරුදායක ස්ථානවලින් මිනිසුන් ඉවත්කිරීම සිද්ධවෙනවා. ඉදිරි දවස් කීපය තුළ ගොඩක් ලොකු වැසි ඇතිවුණොත් මිස තත්ත්වය තවත් දරුණු අතට යාමේ අවදානමක් නෑ තියල තමයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළධාරියෙක් අපට කීවේ. “රෝනුත්” දැන් ටිකින් ටික ඈත්වෙන නිසා ඉදිරි දවස් කීපය ඇතුලත කාලගුණය යහපත් තත්ත්වයට පත්වෙයි කියල කාලගුණ දෙපාර්තමේන්තුවත් හිතනවා.

 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන වෙබ් අඩවියේ  ජල මට්ටම් සහ කාලගුණය අලුත් ම තොරතුරැ බලාගන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ ම AccuWeather සහ Weather Channel එකෙනුත් කාලගුණ තත්ත්වය ගැන විස්තර දැනගන්න පුළුවන්.

මීට අමතර ව ට්විටර් එකේ අසාම්, ආමන්ත, දරිශා වගේ ටිකක් වගකීමෙන් තොරතුරැ දාන මාධ්‍යවේදීන් ව ෆලෝ කිරීමෙනුත් අලුත් ම විස්තර දැනගන්න පුළුවන්.

විපතට පත් වුණු අයට උදව්කරන්න කැමති නම් මේ තැන්වලට ඔයාගේ ආධාර ලබාදෙන්න පුළුවන්.

 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide