ගංවතුර ආධාර එක්රැස් කරන තැන්.

පහු ගිය සතියෙත්, තව දුරටත්, දිගින් දිගටම වැටෙන වැස්ස නිසා ලංකාවෙ බටහිර සහ නිරිතදිග බෑවුමේ විශාල වශයෙන් නාය යෑම් වගේම ගංවතුර තත්වයක් ඇති වුනා. ඉතින් ඒ ඒ ප්‍රදේශවල ඉන්න අපේ සහෝදර ජනතාව මුළු මනින්ම වගේ අවතැන් වෙලා ඉන්නෙ. කර කියා ගන්න දෙයක් නැතුව අසරණවෙලා ඉන්න ජනතාවට අපි එකතු වෙලා උදව් කරන්න ඕන කියන කාරණාව ආයෙත් මතක් කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද, දැනටමත් අපේ අය ගොඩ දෙනෙක් ඒ වැඩේට එකතු වෙලා ඉන්න නිසා.

ඒ වුනත් මේ පුණ්‍යකර්මයට දායක වෙන්න කැමති ඒත් ඒ වැඩේ කරන්නෙ කොහොමද කියන එක හරියට දන්නෙ නැති ගොඩ දෙනෙක් තවමත් ඉන්නව. ඉතින් ඒ අයට දැනගන්නත් එක්ක YAMU එකේ අපි හිතුවා, මේ විදියට එකතු වෙන ගංවතුර ආධාර ඒ ඒ ප්‍රදේශ වලට ගෙනිහින් බෙදා දෙන කණ්ඩායම් ගැන නිවැරදි තොරතුරු ටිකක් ඔයාලට කියන්න.

මුදල්

ඔන්ලයින් මුදල් බැර කරන්න අවශ්‍ය අයට සර්වෝදය, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, ශ්‍රී ලංකා එකමුතුව, Takas.lk ගිණුම් වලට මුදල් බැර කරන්න පුළුවන්. ඒ හැරුණාම socialservice.lk, The Voice Foundation, Parth, The Ark, Round Table Sri Lanka, Charity Apple, ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය සහ රොටරැක්ට් සංවිධාන එකතු වී සිදු කරන 'ගෝෆන්ඩ්මී' ගිණුම්ට මුදල් බැර කරන්නත් පුළුවන්.

ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍යය

සර්වෝදය

සියත, වර්ණම්, KISS, රියල් යන රූපවාහිනී සහ ගුවන්විදුලි සේවාවන් එක්ක එකතුවෙලා සර්වෝදය සංවිධානය කරගෙන යන ආධාර බෙදා දීමේ වැඩසටහනට දායක වෙන්න කැමති අය ඉන්නව නම් තමන් හදපු බඩු මළු ඒ ඒ ආයතන වලට ගෙනිහින් බාර දෙන්න. (0112 655255)

Uber

මෙයාලගෙ වෙබ් අඩවියෙ දාලා තියෙන බඩු ලැයිස්තුවෙ එකතු වුනු දේවල් අසුරල අවතැන් වුනු ජනතාවට බෙදන්නත් Uber අැප් එකේ UberCare තෝරගත්තම ඔයාලගෙ ගෙදරටම ඇවිත් ඒ බඩු මළු රතු කුරුස සංවිධාන කාර්යාලයට නොමිලේම අරගෙන යන්නත් එයාලා වැඩකටයුතු සලස්වල තියෙනවා.

Red F.M.

රෙඩ් ගුවන් විදුලි නාලිකාවෙන් කරගෙන යන 'රෙඩ් රිලීෆ්' වැඩ සටහනටත් ඔයාලගෙ ආධාර මළු ගෙනිහින් දෙන්න පුළුවන්. (136 බී, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ / 0115 552078)

Takas

ලංකාවෙ ස්වේච්ඡා සංවිධාන කීපයක් එක්ක එකතු වෙලා ටකාස් එකත් 'Flood Relief #LKA' කියල වැඩසටහනක් කරනව. (077 1405814 / 071 5651502 / 077 4311176 / 077 2517512)

මෙතොදිස්ත පල්ලිය

කොල්ලුපිටිය මෙතොදිස්ත පල්ලියත් ගංවතුෙරන් අවතැන් වුනු අයට ආධාර බෙදන වැඩසටහනක් කරනව. විශේෂයෙන්ම වියළි ආහාර, වතුර බෝතල්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් වගේ දේවල් තමයි පල්ලියෙන් එකතු කරන්නෙ. (252, ගාලු පාර, කොළඹ 03)

ශ්‍රී ලංකා එකමුතුව

මේ ආයතනයත් මුදල් හැරුණාම වතුර බෝතල්, වියළි ආහාර, ඇඳුම්, තුවා එකතු කරල බෙදා දෙන වැඩසටහනකුත් කරනව. (18, එලියට් ප්ලේස්, බොරැල්ල / 077 9264667 / 071 3244819)

The Voice Foundation

පැදුරු, පොරවන, ළමා ඇඳුම්, කොට්ට, සනීපාරක්ෂක ද්‍රව්‍ය, කිරි පිටි, සීනි, බිස්කට් වගේ ද්‍රව්‍යත්, මූල්‍යමය ආධාරත් මේ ආයතනයට ලබා දෙන්නත් පුළුවන්. (077 2512374)

Drizzling Foundation

ගංවතුර ආධාර සඳහා වතුර බෝතල්, ඇඳුම් සහ වියළි ආහාර එකතු කරල බෙදා දෙන වැඩසටහනක් මේ පදනමෙන් කෙරෙනවා. (077 3753743)

Verbum T. V.

මේ ආයතනය එකතු කරන්නෙ වතුර බෝතල්, පරිප්පු, හාල්, කිරි පිටි, සීනි, තේ කොළ, බිස්කට්, කරවල, ටින් මාළු වගේ දේවල්. (සෙන් ෆ්‍රැන්සිස් දි සේල්ස්, දළුගම /  වර්බම් ප්‍රදර්ශනාගාරය, රාගම / සෙන් තෝමස් අන්තර්ජාතික පාසල, සීදුව / සෙන් සෙබෙස්තියන් පල්ලිය, වේල්ල වීදිය, මීගමුව / සෙන් මේරීස් පල්ලිය, දෙහිවල / 077 6060472)

ශ්‍රී ලංකා රොටරැක් සමාජය

පිසූ ආහාර හැර වෙන ඕනෑම ද්‍රව්‍යයක් මෙයාලා බාර ගන්නවා.

ලීඩ්ස් හදිසි සහන සේවාව

සහල්, සීනි, තේ, පරිප්පු, හාල් මැස්සන්, සෝයා මීට්, මුං ඇට, සමපෝෂ, බිස්කට්, දත් බුරුසු සහ දත් බෙහෙත්, සබන්, තුවා, සෙරෙප්පු, සනීපාරක්ෂක තුවා වගේ දේවල් මේ ආයතනයටත් දෙන්න පුළුවන්. (077 3187652 / 077 3957351)

The Ark

ආර්ක් පල්ලිය විසිනුත් ඔරුගොඩවත්ත පැත්තෙ අවතැන් වෙලා ඉන්න අයට අධාර කරන්න කෑම පැකට් හෝ මූල්‍යමය ආධාර එකතු කරන වැඩසටහනක් කරනවා. (077 7720247 / 077 7678221)

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය

එක අතකින් මුදල් එකතු කිරීමේ ව්‍යාපෘතිය කරගෙන යද්දි අනික් අතින් මෙයාලා පරිප්පු, ටින් මාළු, බිස්කට්, සීනි, ධාන්‍යය වර්ග, කිරි පිටි, හැලි වළං, ඇඳුම්, පොරවන, ඇතිරිලි වගේ දේවල් එකතු කරන ව්‍යාපෘතියකුත් කරගෙන යනවා. හැබැයි මේ ද්‍රව්‍යයන් පෙට්ටි වලට අසුරල තමයි ගිහින් දෙන්න ඕන. (104, ධර්මපාල මාවත, කොළඹ 07 / 0112 691095)

News First

සිරස, ශක්ති සහ ජෝන් කීල්ස් සහන යාත්‍රා වැඩසටහනටත් ඔයාලා ලෑස්ති කරපු සහල්, පරිප්පු, සීනි, තේ කොළ, නූඩ්ල්ස්, බිස්කට් වගේ දේවල් ගෙනිහින් දෙන්න පුළුවන්. (330, ටී. බී. ජයා මාවත, කොළඹ 10 – පැය විසිහතරෙම විවෘතයි)

ප්‍රජා පල්ලිය

නාරාහේන්පිට ප්‍රජා පල්ලියට උදේ 11ට කලින් පිසූ ආහාර ගෙනිහින් දෙන්න පුළුවන් නම් එයාලට පුළුවන් වෙයි අවතැන් වුනු අයගෙ බඩගිනි නිවන්න. (160/3, කිරිමණ්ඩල මාවත, කොළඹ 05, 077 1087177 / 255, පරාක්‍රම මාවත, පෑලියගොඩ)

Charity Apple

ආහාර, ඇඳුම්, බෙහෙත් සහ වතුර බෝතල් වගේ දේවල් තමයි මෙයාලා එකතු කරන්නෙ.

ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය

වියළි ආහාර, ඖෂධ සහ සනීපාරක්ෂක ද්‍රව්‍යය එකතු කරල දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ අවතැන් වුනු අයට බෙදා දෙන වැඩසටහනක් තමයි මෙයාලා එකතු වෙලා කරන්නෙ.

වෙනත්

Pickme

ගුවන් හමුදාවත් එක්ක එකතු වෙලා අවතැන් වුනු ජනතාව මුදා ගැනීමේ වැඩකටයුතු වගේම නොමිලේ ආධාර එක් රැස් කිරීමේ සේවාවකුත් මෙයාලගෙ අතින් ඉටු වෙනව.

එක්සත් මානවවාදී ඒජන්සිය

(0114 0613461)

The Blood Group

(077 1405814)

මේ හැරුණාම ඔයාලා ඉන්න ප්‍රදේශත් ගංවතුරෙන් හරි නායයෑම් වලින් හරි ව්‍යසනයට පත් වෙලා තියෙනවනම් හැකි තාක් ඉක්මනට ආධාර ඉල්ලන්න. (ගංවතුර ආධාර, 077 5927639, info@srilankafloods2016.com, හදිසි ඇමතුම්, ආරක්ෂක අමාත්‍යාංශය, වෙනත් – 0112 674503, 0113 075792)

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide