උතුම් වූ සම්බුදු තෙමඟුල.

කල්ප ලක්ෂ සංඛ්‍යාවකට පෙර වූ එක් වෙසක් පුර පස්ලොස්වක් පොහෝ දිනයකි. දීපංකර බුදු සමිඳාණෝ සංඝයා වහන්සේ කැටුව පා ගමනින් වඩින්නට විය. නුදුරේ දක්නට වූයේ විසල් මඩ ගොහොරුවකි. ඉන් එතෙර වීම කෙසේ සිදුවත්ද නොවෙත්ද උන් වහන්සේ ඉදිරියටම වැඩි සේක. අපේක්ෂා වූවකි. පංච අභිඤ්ඤාලාභී සුමේධ තාපස තෙමේ මඩ ගොහොරුවෙහි දිගා වී දීපංකර බුදුන්වහන්සේ ප්‍රමුඛ සංඝයා හට ඉන් එතෙර වීමට මාර්ගය පිළිසකර දුන්නේය. තාපසයාණන්ගේ හිස ආසන්නයට වැඩමකොට නතර වූ දීපංකර බුදුන් වහන්සේ ”ඇවැත්නි, මේ උග්‍ර තවුස් ඇති තවුසා දෙස බලව්. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙතෙමේ සම්මා සම්බුදු වන්නේය”, සමන් මල් මිටි අටකින් පූජා දෙමින් ඔහු හට නියත විවරණ දුන්නේය.

by wiki

පාරමිතා ධර්මයන්ගෙන් පරිපූර්ණව තුසිත දෙව් ලොව වැඩ සිට නිසි කල් පස් මහ බැලුම් බලා මහා ප්‍රජාපතියගේ කුසින් මෙලොව එළිය දුටු ඒ පින්වත් කුමරු ලුම්බිණි සල් උයන් බිමෙහි පිපි පියුම් සතක් මතින් ඇවිද ආවේය. ”මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් ආත්මභාවයයි. නැවත උත්පත්තියක් නැත” සිංහ නාද කළ ඒ පින්වත් දිනයද, උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනයකි.

by wiki

ජීවිතයෙහි අනිත්‍යතාවය දෙනෙතින් දැක මනසින් මෙනෙහි කළ සිද්ධාර්ථයාණෝ ගිහිගෙයින් නික්ම පැවිදි ව සය වසරක් පුරා බවුන් වැඩියෝය. විවිධ වෘතයන් අනුගමනය කරමින් වැඩි භාවනාවෙහි අසාර්ථකත්වය වටහා ගත් සිදුහත් තවුසාණෝ මධ්‍යම ප්‍රතිපදාවට පිවිසියහ. සය මසක අවසානය එළඹි වෙසක් පොහෝ දිනක උදෑසන සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා පාත්‍රය නේරංජනා නදියෙහි උඩුගං බලා යේවායි අධිෂ්ඨානයෙන් කටයුතු කොට පැමිණි සිදුහත් තවුසාණෝ ඇසතු බෝ රුක් මූලයෙහි වජ්‍රාසනගත වූහ. වෙසක් සඳ එළිය කෙමෙන් පහ ව යන අළුයමෙහි ත්‍රිවිද්‍යාව සහිත චතුරාර්යය සත්‍ය අවබෝධ කොට ගත් සිදුහත් තවුසාණෝ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබූ සේක.

by wiki

සම්බුද්ධත්වයෙන් වසරක් ගෙවී ගිය තැන්හි යළි වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනය උදා විය. තම පියාණන්ගේ ඇරයුමෙන් විසි දහසක් ප්‍රමුඛ මහා සංඝයා පිරිවරා රජගහ නුවර සිට වූ දෙමසක පා ගමනින් අනතුරුව බුදුන් වහන්සේ තම ඥාතීන් බැහැදැකීමට කිඹුල්වත් පුරයට වැඩියහ. සිදුහත්, බුදුවී නැතැයි මානයෙන් හුන් ඥාතීනගේ සැකය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේ ‘යමා මහ පෙළහර’ පෑවේ ද උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනයක ය.

by Indi

ගම්, නියම් ගම් සැරිසරමින් දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතුන් පිරිවරා තෙවැනි වරටත් ලංකා පුරයට වැඩම කළහ. වෙසක් සඳ කල්‍යාණ භූමිය ආලෝකවත් කරද්දී මණිඅක්ඛිත නා රජු ඇරයුමෙන් එහි වැඩ හුන් බුදුන්වහන්සේ දෙසූ දහමින් ලංකා පුරය ම ආලෝකවත් විය. ඉක්බිති වූයේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ඇරයුමයි. හිමිදිරි හිරු කිරණ මහ පොළව සිප ගනිද්දී ඍද්ධියෙන් සමනළ කන්ද වෙත වැඩම කළ සම්බුදු සමිඳාණෝ අධිෂ්ඨාන වීර්යයෙන් කඳු මුදුනෙහි සිරි පතුල පිහිටුවා වදාළා පරිවාර මහ රහතුන් කැටුව එගමනින්ම ආපසු වැඩි සේක.

මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයන මල් පෙති ඇතිරුණු යහන් තලාවක් ව තිබිණි. අසූ වියක් ආයු වැළඳූ, පන්සාලිස් වසරක් ලෝ සතුන් කෙරෙහි වූ මහා කරුණාවෙන් දම් දෙසූ සම්බුදු සමිඳාණෝ පිරිනිවන් මංචකයෙහි සැතපී හුන්නේ ය. රහතුන් නිහඬ ය. පරිවාර සංඝයා වහන්සේලා හඬා වැළපෙද්දී මහ පොළව කම්පා වන්නට විය. ”මහණනි, සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. නොපමාව කුසල් කරන්න” අවසන් වරට සංඝයා ඇමතූ බුදුන් වහන්සේ ඉදින් ප්‍රථම ධ්‍යානයට සමවැදුණු සේක. ඉක්බිති ද්විතීය, තෘතීය, චාතූර්තීය ධ්‍යානයන්ටද අනතුරුව අෂ්ඨ සමාපත්තීන්ට ද සමවැද වෙසක් සඳ අවරට යන අළුයම් කිසෙහි අවසානය දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ සෝ සුසුම් මධ්‍යයේ නිරූපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

by wiki

බුදුරදුනගේ අග්‍ර උපස්ථායක ව වැඩ හිඳ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව රහත් ඵල ලැබූ ආනන්ද තෙරුණ ද එකසිය විසිවසක් ආයු වළඳා පිරිනිවන් පෑ එදින ද උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනයකි. ප්‍රථම ධර්ම සංඝායනාවෙන් හතළිස් වසරක් යන තුරුම වැඩ හිඳි උන් වහන්සේ රෝහිණී ගංතෙර අභියස හිඳ පෙළහර පා තේජෝ සමාපත්තියෙන් පිරිනිවණ් පෑ සේක.  

by wiki

මේ හැරුණු කොට සිංහබා රජ පුත් ‘විජය’ නැමති මංපහරන්නා ඇතුළු හත්සියයක් වූ පිරිස සිරිලකට ගොඩ බසිනුයේ ද වෙසක් පොහෝ දිනක බව ලංකා ඉතිහාසය කියා පායි. තව ද මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට ගෙන ආ බුදු දහම, පිළිගනිමින් ස්ථාපිත කළ දෙවන පෑතිස් රජු පංච කුකුධ භාණ්ඩ සහිත ව යුවරජු ලෙසින් දෙවන වරට අභිෂේක ලැබුවේද වෙසක් පොහෝ දිනක ය. ඉක්බිති මිහිඳු හිමි විසින් ඇරඹූ මහාවිහාරයෙහි ප්‍රථම උපසම්පදා විනයකර්මය සිදු කෙරෙනුයේ ද වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනයක ය. ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාවගේ මුදුන් මල් කඩක් වන රුවන් වැලි මහා සෑයෙහි ඉදි කිරීම් කටයුතු ඇරඹීම සඳහා දුටු ගැමුණු රජු භූමිය පිළිසකර කිරීම අරඹනුයේ ද මෙවන් වූ පින්වත් දිනයක ය.

by Shyam

මෙකී නොකී බැතිබර සිදුවීම් අතරට කාලයාගේ ඇවෑමෙන් මුසු වන වෙසක් උළෙල පැවැත්වීමක් පිළිබඳවද තොරතුරු රැසක් ලංකා ඉතිහාසයෙන් හමුවේ. මහාවංශයට අනුව ගත් කල වෙසක් උළෙලෙහි ප්‍රථම මූලාශ්‍රය ලෙසින් දැක්වෙනුයේ දුටු ගැමුණු රජ දවස පැවැත්වූ ‍උළෙල විසිපහ ය. පසුව භාතිය රජු පැවැත්වූ වෙසක් උළෙල විසිඅටක් ගැන තොරතුරුත්, රාජාභිෂේකය ලැබූ වසරේ පටන් වසභ රජු විසින් අඛණ්ඩ ව විසිහතර වසරක් මුළුල්ලේ පැවැත්වූ වෙසක් උළෙල පිළිබඳවත් මහාවංශය හෙළිදරව් කරයි. ඒ හැරුණු කොට වෝහාර තිස්ස රජ දවස වෙසක් උත්සවයන් හිදී මහ සඟරුවනට සිවුරු පූජා කිරීමක් සහ ගෝඨාභය, ජෙට්ඨ තිස්ස, දල්ල මොග්ගල්ලාන, දෙවන සේන යන රාජ්‍ය සමයන්හි දී රටවාසීන් සමඟ එක් ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වීමක් සම්බන්ධයෙන් ද තවදුරටත් මහාවංශය අප හට කියා පායි.

දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස එනම් දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තාවක් “පූජාවලිය” තුළින් හමුවෙයි. ඒ මෙසේ ය. “එ දවස් මේඝරාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඩලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළසේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් මිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනාසේ නියෝග කොට…”

by wiki

ඒ එලෙසින් වුවද බටහිර ජාතීන් මෙරට පාලනය කළ සමයේ වෙසක් උත්සවයට මහත් වූ බාධා පැමිණෙන්ට විය. ‘විලියම් ෆැල්ක්’ නම් වූ ලන්දේසි පාලකයා විශේෂ පනතක් මඟින් වෙසක් පොහෝ දින මෙරට රජයේ නිවාඩු දිනයක් නොවන බව ප්‍රකාශයට පත්කිරීමට තරම් සාහසික වූවෙකි. ඉංග්‍රීසි පාලකයන් උඩරට ගිවිසුම හමුවේ බුදුදහම ආරක්ෂා කරන බවට එකඟ වුවද මාතලේ කැරැල්ලෙන් පසුව ඔවුහු ද කිතු දහම ප්‍රචාරය කිරීම්හි නිරත වූහ. පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් අනතුරුව එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණියේය. බුදු දහමට සාධාරණීය අයිතීන් යළි උරුම වූයේ ඉන් අනතුරුවය. ඕල්කට් තුමා එවකට ලේකම්වරයා ව සිටි ඩර්බ සාමිවරයා සමඟ සාකච්ඡා කොට වෙසක් පොහෝ දින යළිත් මෙරට රජයේ නිවාඩු දිනයක් බවට පත් කළේ ය.

දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා ද වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ අයෙකි. ඒ මහතාගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළේ ය.

වෙසක් උත්සවය පිළිබඳව තතු දිග හැරීමේදී බෞද්ධ කොඩිය පිළිබඳව ද පැවසිය යුතු ම ය. බෞද්ධ කොඩියෙහි නිර්මාණනය සිදු වනුයේ ලංකාද්වීපයෙන් වුවුද 1950 මැයි මස 25 වැනිදා මහනුවරදී පැවැත්වූ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක රැස්‌වීමේදී මහාචාර්ය පී. මලලසේකර මහතාගේ යෝජනාවක්‌ අනුව රාජ්‍ය 29ක නියෝජිතයන්ගේ ඒකාමතික තීරණයෙන් මෙම කොඩිය ලෝක බෞද්ධ කොඩිය වශයෙන් සම්මත විය. බෞද්ධ කොඩියෙහි වර්ණයන්ගේ අර්ථයන් මෙසේය.

නීල වර්ණය (නිල් පාට) – බුද්ධ ශරීරයේ කෙස්‌, ලොම්, ආදියෙන් විහිදී ගිය වර්ණය.

පීත වර්ණය (කහපාට) – බුද්ධ ශරීරයේ සම තුළින් විහිදී ගිය වර්ණය.

ලෝහිත වර්ණය (රතුපාට) – බුද්ධ ශරීරයේ ලේ, මස්‌ ආදිය තුළින් විහිදී ගිය වර්ණය.

ඕදාත වර්ණය (සුදුපාට) – බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිදී ගිය වර්ණය.

මාංජෙෂ්ඨ වර්ණය (මදටිය පාට) – බුද්ධ ශරීරයේ අතුල්, පතුල් තොල්වලින් විහිදී ගිය වර්ණය.

ප්‍රභාෂ්වර වර්ණය – ඉහත සියලු වර්ණයන්ගේ එකතුව.

by wiki

ථෙරවාදී බෞද්ධ දිනදර්ශනයට අනුව වෙසක් පොහොය යෙදෙනුයේ පුර පසලොස්වක් පොහෝ දිනයකට වුවද මහායාන බෞද්ධ දින දර්ශනයන්හිත් විවිධ විදේශයන්හිත් එම දිනය වෙනස් වීමට ඉඩ ප්‍රස්ථාව ඇත. වර්තමානය වන විට වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් ව පැවැත්වෙන අතර තාක්ෂණය සමඟ මුසුවූ නව නිර්මාණ හමුවේ ඊට නව අරුතක් ද ලැබී ඇත. කෙසේ වුවද වාණිජකරණයට හසුවූ ‘කොළඹ වෙසක්’ උළෙල නම් අතිශයින්ම රැල්ලේ යන්නක් බවට පත්ව ඇති බැව් සැබෑවකි. දන්සල අවසානයේ මත් පැනින් සව්දිය පිරීමත්, තුන්වේල හොඳින් කා ඇඳ සිටින වුනට රාත්‍රී ආහාර වේලක් ලබා දීමත් (දන්සැල් දීම) වැනි අනර්ථවත් ක්‍රියාවන්ගෙන් පිරුනු ‘කොළඹ වෙසක්’ ගැන නම් විචාරය කිරිමට තරම් දෙයක් නොමැති තරම්ය.

එබැවින්, ජාති, ආගම් භේද නොසලකා පින් සිතින් යුතුව නැතිබැරි වුනට දන් දිමත්, බෞද්ධයින් වශයෙන් නිසි අයුරින් සිල් රැකීමත් මෙම උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහෝ දින නිසි අයුරින් සිදු කෙරෙනුයේ නම් එවන් වූ අර්ථවත් වෙසක් සැමරුමක් අප අතර තවත් ඇත්තේද?  මිතුරනි, මදක් සිතා බලනු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide