අතේ කොහොම තිබ්බත් හිතේ තියෙන කෑම කොහොමහරි කන්න, කියාපුම කඩ ටිකක් ඔයාලට කියන්න.
ඒකත්.. නිකම් නෙවෙයි, අපි කවුරුත් ආස කරන, බඩ කට එහෙමත් හොඳහැටි පිරෙන බිරියානි!.
රැකියාව අසතුටුදායක වුණොත් ජීවිතෙත් අතෘප්තිමත්.
හැමදාම ඉතින් අපි කිව්වොත් එක්කො මසක් මාළුවක්, නැත්නම් ඉස්සෙක් දැල්ලෙක්, එහෙමත් නැත්නම් බාබකියු මොනවහරි..
හරියන්නෙ නෑනෙ යාළු මේක. මේ වැඩෙන් අපේ වෙජි, වීගන් යාළුවො තනිකරම තනි වෙනවනෙ.
ඇත්තටම හිතට එකඟව ඒක වෙන්න දෙන්න බෑ.
හැබැයි.. අපි කොහොම කිව්වත්, කිරි ගහට ඇන්න වගේ එදාටත් කෑමම හොයන යාළුවොත් නැතුවම නෙවෙයි. බාග වෙලාවට පිරිමි ළමයගෙ කීමට ඔන්න ගෑණු ළමය යනව. එහෙම නැත්නම් ඒකෙ අනික් පැත්ත. වැඩේ කියන්නේ.. ඒ අතරෙ ඉන්නවනෙ දෙන්නම ප්ලෑන් කරල කෑමට යන අයත්,
මේ.. අපි වගේ අයත්!
ම්.. ඉතින් ඒ තැන් ගැන කතා කරන්න නෙවෙයි අපි අද..
ඊටත් පොඩ්ඩක් එපිටට හිතන, නිතරම වගේ සොබාදහමට ඇලුම් කරන, ගහ කොළත් එක්ක ඉන්න ආදරවන්තයින්ට ගැලපෙනම තැන් ටිකක් කියන්න.
ඒ නිසාමයි.. අපේ මේ ලිපිය ලියවෙන්නෙත්!
මතකද?
ඇඟට හොඳ නරක කෙසේ වෙතත්, කටට රහට උණු උණුවට… කට්ටිය පෝලිමේ 100 රයිස් කාපු විදිය. ඉතින්… ඒ වගේ මතකයක් තියාගෙන දැන් පුළුවන්ද කියන්නකො ඉඳල හිටලවත් එහෙම රයිසක් නොකා ඉන්න.