තරු කෝටියක් යට, යාය ගල්තලාවක් උඩ.. අරලගංවිල අළුත් අවුරුදු!
මැද ගල්තලාවෙ නම් තැන් 2, 3ක්ම තියෙනවා ලංකාවෙ මෙතෙක් හමු නොවුනු කෙටුම් තියෙන. ඔය යුද්ධෙ කාලෙ පුරාවිද්‍ය මහත්තුරුත් ඇවිල්ලා බලල ගියා. ඊට පස්සෙ ඒ ගැන කතාවක් ඇදුනෙ නැතත්.. මගේ හිතේ නම් තියෙනවා ඔතන මොකක් හරි යමක් සිද්ධ වෙනවා කියලා. මොකද ඔය විදියෙම සලකුණු එනවලුනෙ ඉන්දියානු වේද ග්‍රන්ථවල, සෘෂිවරු ධ්‍යාන ලබලා විශ්වය පිරික්සන්න, පිවිසුම ගත්තැයි කියන තැන්වල.