ආයෙත් කොරෝනා හිස ඔසවද්දි මතක් කරගන්න, අමතක වුණ දේවල් 6ක්.

ගිය අවුරුද්දෙත් අවුරුදු කන්න බැරි වුණ එකේ මේ අවුරුද්දෙ කට්ටිය අලුත් අවුරුදු ජයට ම සැමරුවා. සමරලා ඉවර වුණා විතරයි ඔන්න ආයෙත් කොරෝනා ඔළුව උස්සලා. අපේ ම වැරැද්දෙන්. අවුරුදු එනවත් එක්ක ම අපි ඉන්නෙ වසංගතයක් අස්සෙ කියල කාට කාටත් අමතක වුණා නෙ. දැන් ඉතින් තුන් වෙනි රැල්ල ඇවිත්.

මාරාන්තික වසංගතයක් නිසා කොරෝනා ව්‍යාප්ත වෙන්න පටන්ගත්තාම ආපහු හැරීමක් නෑ. කරන්න පුළුවන් එක ම හොඳ ම දේ පරිස්සම් වෙන එක විතරයි. ගිය අවුරුද්දෙ අපි කොරෝනා ව්‍යාප්තියට එරෙහිව සෑහෙන ආරක්ෂාකාරී පියවර අනුගමනය කළාට මොකද දැන් දැන් හැමෝට ම ඒව අමතක වෙලා බව පේන්න තියනවා. ඒ නිසා අපි හිතුවා ඒ වගේ කරුණු 6ක් ගැන ආයෙත් සිහි කැඳවන්න..

1 ෂොපිං

කවුරු කවුරුත් අලුත් අවුරුද්දට ෂොපිං ගිහින් පාර තොටේ සෙනඟ අස්සෙ වැඩි වැඩියෙන් ගැවසිලා තමයි ඕං තුන් වෙනි රැල්ල නිර්මාණය වුණේ. ඒ හින්දා දැන් අලුත් අවුරුද්දෙන් පස්සෙවත් ෂොපිං යන එක නැවැත්තුවා නං හොඳයි. ඒත් ඉතිං ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න සුපර් මාකට්වලට එහෙම නං යන්න ම වෙනව නේ. ඒ වගේ අත්‍යවශ්‍ය ම දේකට බඩුමුට්ටු ගන්න යන්න වෙලා නං මේ කියන කරුණු ටික හිතේ හොඳට ධාරණය කරගෙන යන්න.

* යන්න ම ඕන ද කියල නැවත නැවත හිතන්න. ඒ වෙනුවට ගන්න පුළුවන් විකල්පයක් තියනව නං ඒක තෝරගන්න. කඩසාප්පුවල සෙනඟ අස්සෙ ගැවසෙන එක නවත්තලා ඔන්ලයින් ෂොපිංවලට පුරුදු වෙන්න උත්සාහ කරන්න. ඔබ ඇණවුම් කරන බඩු ගෙදරට ම ඩිලිවර් කරන නිසා ඒ ක්‍රමය අවදානම අවම කරනවා.

* සාප්පුවකට හෝ වෙළෙඳසලකට ගියොත් ඇතුළු වෙන්න කලින් මාස්ක් දාලා, අත් සෝදලා, සැනිටයිස් කරලා, උණ චෙක් කරලා ඉන්න. ගොඩක් වෙලා ඇඳුම් හෝ බඩුමුට්ටු අස්සෙ ගැවසි ගැවසි අතපත ගගා සුවඳ බලබල ඉන්නෙ නැතුව අවශ්‍ය දේ අරගෙන ඉක්මනින් එළියට එන්න. සෙනඟ අතරෙ ගැවසෙනකොට මීටරයක දුර මේන්ටේන් කරන්න අමතක කරන්න එපා. ෂොපිං කාට් සහ බාස්කට් පාවිච්චි කරද්දි ප්‍රවේසම් වෙන්න. හැන්ඩ්ල් එක බොහෝ දෙනෙක් අල්ලලා තියන නිසා ග්ලව්ස් වගේ දෙයක් පාවිච්චි කරලා කාට් එකේ හැන්ඩ්ල් එක අල්ලනවා නං වඩා හොඳයි. අත්‍යවශ්‍ය ම නැත්තං ඇඳුම් ෆිට් ඔන් කරන එකත් අවම කරන්න. ඒ වගේ ම ඇඳුම් මාරු කිරීමේ ක්‍රමවේදය ගැනත් ඒ අයගෙන් අහලා දැනගන්න.

* මුදල් ගෙවීමෙදි කෑෂ් වෙනුවට කාඩ් පේමන්ට්වලට පුරුදු වෙන්න. කාසි, නෝට්ටු බොහෝ දෙනෙක් අතින් අතට මාරු වෙවී එන ඒවා නිසා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වලින් මුදල් ගෙවන එක වඩාත් ආරක්ෂාකාරී.

* සාප්පුවෙන් එළියට ආවට පස්සෙත් අත් සෝදන්න. නැත්තං සැනිටයිස් කරගන්න. ගත්ත ඇඳුම් අඳින්න කලින් ගෙදර ගෙනත් හොඳින් සෝදලා වේලගන්න. මොකද ඒවා කී දෙනෙක් අතපත ගාලා ෆිට් ඔන් කරලා තියලා ගිය ඒව ද කියල අපි දන්නෙ නෑ. අනෙක් බඩුමුට්ටුත් පාවිච්චියට කලින් විෂබීජහරණය කරන්න. ඒවා දාගෙන ආපු බෑග් එක්කො පිළිවෙළින් බැහැර කරන්න. නැත්තං විෂබීජහරණය කරලා නැවත පාවිච්චියට සුදුසු විදිහට සකසගන්න.

2 ඩයිනිං අවුට්

ගෙදර කෑම වෙනුවට ඉඳල හිටලා හරි එළියෙන් කන එක අපි හැමෝගෙම පුරුද්දක්. ඒත් මේ දවස්වල ඒක ටිකක් අවදානම් සහගතයි. ඒ වෙනුවට එළියට නොයා තමන් ඉන්න තැනට අවශ්‍ය කෑමබීම ඩිලිවර් කරගන්න එක නුවණට හුරුයි. ඒකට පික්මී ෆුඩ්, ඌබර් ඊට්ස්, නැත්තං රෙස්ටොරන්ට් එකේ ඩිරෙක්ට් ඩිලිවරි තියනවා නම් ඒ ක්‍රමය හරි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඩිලිවර් කරලා කෑවත් පරිස්සම් වෙන්න ඕන මෙන්න මෙහෙමයි.

* කෑම හදන විදිහ සහ අසුරන විදිහ පිරිසිදු බව ෂුවර් ම තැන්වලින් විතරක් ඕඩර් කරන්න. කලින් නොදන්න රෙස්ටොරන්ට් ගැන විශ්වාසය තියන්න එපා. ඔබ මීට කලින් ගොඩ වෙලා තියන අවන්හල්වලින් ඕඩර් කරනවා නං වඩා හොඳයි.

* ඩිලිවර් කරන පුද්ගලයා මූණට මූණ හමු වෙන්නෙ නැතිව ඔහු ගේන කෑමබීම ඔබේ නිවසේ දොර ළඟ හෝ පහසු තැනක තියලා යන්න ඉඩ සලසන්න පුළුවන් නං, ඒක වඩාත් හොඳ සෞඛ්‍ය පියවරක්. හැකි නම් ඔහු ගැනත් හිතලා ඔහු වෙනුවෙනුත් එතැන ම සැනිටයිසර් එකක් තියන්න. කලින් කිව්වා වගේ ගෙවීම්වලදි ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පාවිච්චි කරන්න හුරු වෙන්න.

* කෑම පැක් එක ඉවත් කරලා ගෙදර තියන භාජනවලට කෑම ටික අයින් කරලා පැකින් එක නිවැරදි ක්‍රමයට බැහැර කරන්න. රෙස්ටොරන්ට් එකෙන් එවපු හැඳි ගෑරුප්පු සහ අසුරන වෙනුවට නිවසේ තියන උපකරණ පාවිච්චි කරන්න.

* ඩිලිවර් කරගෙන කන්න බැරි වෙලාවක හදිස්සියෙවත් කඩේකට ගොඩ වෙලා කෑම කන්න සිද්ධ වුණොත්, බුෆේ වගේ තැන්වල පෝලිම්වල ඉද්දි හැකි තාක් අනෙක් අයගෙන් ඈත් වෙලා ඉන්න. කඩේ තියන පිඟන් හැඳි ගෑරුප්පු පාවිච්චිය අවම කරන්න පුළුවන් නං හොඳයි. මීට අමතරව, කනකොට අනෙක් අය එක්ක කෑම බෙදාගෙන කන එක අපි හැමෝගෙම පුරුද්දක් වුණාට මේ දවස්වල ඒකත් අඩු කරනවා නං තමයි ඇඟට ගුණ.

3 ශාරීරික සෞඛ්‍යය

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සෙ කොරෝනා වෛරසය එක්ක ජීවත් වුණ හින්දා මේ වෛරසය ව්‍යාප්ත වෙන විදිහ, ව්‍යාප්තිය අවම කරගන්න කළ යුතු දේවල් ආදිය දැන් අපි හැමෝම දන්නවා. වෛරස පැතිරීම අවම කරගන්න කළ යුතු දේවල් දන්නෙ නෑ කියල නිදහසට කරුණු කියන්න කාටවත් පුළුවන්කමක් නෑ. ඒ නිසා වගකීම් සහගත පුරවැසියන් විදිහට, තමන්ගේ ශාරීරික සෞඛ්‍යය වෙනුවෙන් වෛරස පැතිරීම අඩු කරගන්න ගත යුතු මූලික පියවර ටිකවත් අනිවාර්යයෙන් අනුගමනය කරන්න.

ඒ කියන්නේ නිතර අත් සෝදන එක, හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චිය, එකිනෙකා අතර මීටරයක අවම දුර රැකගන්න එක, මාස්ක් පළඳින එක වගේ අත්‍යවශ්‍ය පියවර අමතක කරන්න එපා. ගමන් බිමන් යනවා නං, සෙනඟ සහිත තැන්වල ගැවසෙනවා නං මේවා අනිවාර්යයෙන් සිහි තබාගන්න ඕනේ. කොහොමටත් මේ අවදානම පහ වෙනකං, විනෝද ගමන්, නෑගම්, පාටි වගේ අවස්ථා මඟහැරලා හැකි තරම් ගෘහස්ත ව ඉන්න උත්සාහ කරන්න. මීට අමතරව නිතර තමන් අවට පරිසරය ගැන පරීක්ෂාකාරීව ඉන්න තරමට හොඳයි.

4 මානසික සෞඛ්‍යය

වසංගත ව්‍යාප්තිය නිසා ගෙවල්වලට කොටු වීමත් එක්ක සමාජ ආශ්‍රය අඩු වෙලා හුඟක් අය මානසික පීඩනවලට මුහුණ දෙනවා අපි ගිය අවුරුද්දේ දැක්කා. දැන් ආයෙත් ඒ වගේ කාලයක් ආවොත් ඒකට මුහුණ දෙන්න ඔබ සිත ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙනවා. අමතක කරන්න එපා, ඔබ සමාජයෙන් ඈත් වෙන්න ඕනෙ ශාරීරික ව විතරයි. යාළුවො, නෑයො, හිතවත් අය එක්ක සබඳතා වෙනදා වගේ ම පවත්වන්න.

විශේෂ ම දේ තමයි ප්‍රවෘත්තිවලට ඇබ්බැහි වෙන්න එපා. රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බැලුවාම බොහෝ විට දකින්න තියෙන්නේ ධනාත්මක දේවල් නෙමෙයි. ඒ වගේ සෘණාත්මක ප්‍රවෘත්තිවලට නිතර අවධානය දීමෙන් Anxiety (කාංසා) තත්ත්වයන් මනසට ඇතුළු වෙන්න පුළුවන්. කොරෝනා වෛරසය පිළිබඳ නිවැරදි තොරතුරු දැනගන්න, නිවැරදි මූලාශ්‍රයක් පාවිච්චි කරන්න. ඒ තොරතුරු මත්තේ එල්ලිලා ඉදිරි කාලයේ අවිනිශ්චිතකම ගැන උපකල්පනය කර කර ඉන්න එපා. ඒ වගේ ම වසංගතය ගැන වැරදි වැටහීම් සහ ෆේක් නිව්ස්වලින් ආරක්ෂා වෙන්න. 

ගෙදර ඉන්නකොට කරන්න දෙයක් නෑ කියල තැවෙන්න එපා. හොඳට නිදාගන්න. ගෙවල් දොරවල් අස්පස් කරන්න. ආස කෑමක් හදන්න. ෆිල්ම් බලන්න. පොත් කියවන්න. චිත්‍ර අඳින එක, ලියන එක වගේ ඔබ දක්ෂ සහ ආස දෙයක් කරන්න, ව්‍යායාමවල, යෝගාවල නියැළෙන්න. වත්තේ පිටියේ වැඩ කරන්න. අලුත් දෙයක් ඉගෙනගන්න උත්සාහ කරන්න.

5 වර්කිං ෆ්‍රොම් හෝම්

නැවතත් මේ වෙද්දි හුඟක් කාර්යාල දැනටමත් වර්කිං ෆ්‍රොම් හෝම් පහසුකම ලබා දීලා. ඒක ඉතා ම හොඳ පියවරක්. ඒ නිසා දැන් ම ඔබ නිවැරදි ක්‍රමයට වර්කිං ෆ්‍රොම් හෝම්වලට අනුගත වෙන්න. මුලින් ම මේ සඳහා අවශ්‍ය අන්තර්ජාල සහ තාක්ෂණික පහසුකම් සපයගන්න. වැඩ කරන්න සුදුසු වටපිටාවක් සහිත නියමිත තැනක් වෙන් කරගන්න. ගෙදරදොරේ වැඩයි කාර්යාලයේ වැඩයි ඔක්කොම එක සැරේ බදාගෙන කරදරේ වැටෙන්නෙ නැතුව, ඒ ඒ කාර්යයට අදාළ ව පහසු, සරිලන කාල රාමුවක් සකසගන්න.

වැඩ කරන අතරතුරේ විවේක ගන්නත් අමතක කරන්න එපා. එක දිගට ම පැය ගණනක් එක ඉරියව්වෙන් ඉන්න එක ඔබේ ශරීරයට හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

6 පැනික් බයිං

මේක ලෙඩක්. රට ලොක්ඩවුන් කරයි හරි ඇඳිරි නීතිය පනවයි හරි කියලා ඉවක්බවක් නැතුව රටේ ම තියන බඩුමුට්ටු අරං ගෙදරට රැස් කරගන්න එක මොළේ ඇති වැඩක් නෙමෙයි. බඩුමුට්ටු ගන්න කලින් මූලිකව ම මේක තමන්ට අවශ්‍ය ද කියල හිතන්න ඕනේ. ඊළඟට ඒවයේ තත්ත්වය සහ සෞඛ්‍යාරක්ෂිත භාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය ඇතුළු තොරතුරු සහිත ලේබලය කියවන්න. වගකීම් සහගත පාරිභෝගිකයෙක් විදිහට ඔබ යමක් මිල දී ගන්නකොට ඒ සඳහා බිලක් ඉල්ලගන්න අමතක කරන්න එපා.

මීට අමතරව ඔබ ගන්න දේවල් කල් තියාගන්න පුළුවන් දේවල් ද කියලත් ගන්න කලින් හිතන්න. තොග පිටින් ගෙනාවට පස්සේ නරක් වෙලා නාස්ති වුණොත් කාටවත් නෑ. ඒකෙන් කැලිකසළ ප්‍රශ්නයත් ඉහළ යනවා. කොරෝනා කියන්නෙ සාමූහික ව පරාද කරන්න ඕන උවදුරක්. ඒ නිසා ආත්මාර්ථකාමී නොවී හැමෝම ගැන හිතන එක වැදගත්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide