2022 සැමරුම හොඳටම කරපු රටවල් 10 ක්  .

By Yesha Fernando

මරණය, කුසගින්න, විරැකියාව, ආර්ථික අවපාතය, දේශපාලන අර්බුද යනාදී ගෝලීය දුෂ්කරතා රැසක් මැදින් 2021 ගෙවා දමමින් තවමත් ජීවත් වීමේ වරම හිමි කරගත් මිනිසුන් එම සතුටත් සමඟින්ම 2022 වසර උත්සවශ්‍රීයෙන් පිළිගත්තා. ඒ හැම නව අවුරුද්දක් ආරම්භයේදීම හිතේ දැල්වෙන “මේ අවුරුද්ද වඩා යහපත් වෙයි” කියන සුපුරුදු බලාපොරොත්තුවත් එක්කයි. නව වසරක් පිළිගන්නවා කියන්නෙත් හරි ආකර්ෂණීය වැඩක්. ඉතිං මේ පාරත් ඒක “හොඳටම කරපු ” කට්ටිය ගැනයි මේ සටහන.

1. ඕස්ට්‍රේලියාව

රතු මකර වෛරසය තවමත් තමන්ගේ බලය ලොව පුරා පතුරවමින් හිටියත් අපි සැලෙයි ඕවට කියන්න වගේ ටොන් 6 ක ගිණිකෙළි සංදර්ශනයක් සමඟින් සුප්‍රසිද්ධ  Sydney Opera House එකත් Harbour Bridge එකත් ඒකාලෝක කරමින් ලස්සනටම 2022 සමරපු රාජ්‍යන් අතරට ඕස්ට්‍රේලියාව එක්වුණා. කොහොම වුනත් සංදර්ශනය නැරඹීමට එක් රොක් වූ පිරිසට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණේ එරට New South Wales හී තවමත් වෛරසය පැතිර යමින් තිබෙන නිසයි.

2. ප්‍රංශය


යුරෝපියානු සංගමයේ සභාපතීත්වය සිය රටට හිමි වීම සංකේතවත් කරමින් ප්‍රංශය මෙවර නව වසර පිළිගැනීම සඳහා අයිෆල් කුළුණ සරසා තිබුණා. ඒ එම සංගමයේ ධජයේ ඇතුලත් කහ තරු 12කින් සහ නිල් පැහැයෙන් කුළුණ ආලෝකවත් කරමින්.

3. ඇමරිකා එක්සත් ජනපදය

2022 නව වසර සැමරුම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට 50,000 ක පමණ පිරිසකට එක් රැස් වීම සඳහා යොදා තිබු සැළසුම් හකුලා ගැනීමට ඇමරිකාව කටයුතු යොදා තිබුණා. ඒ අනුව  15,000 පමණ පිරිසකට පමණක් එහි සිට නව වසර සැමරීමේ ball drop අංගයට සහ ගිනිකෙළි සංදර්ශනයට එක් වීමේ අවස්ථාව හිමි වුණා. කෙසේවෙතත් එහි ආකර්ෂණයේ අඩුවක් නම් දක්නට ලැබුණේ නැහැ.

4. හොංකොං

මෙවර සජීවී වාද්‍ය වෘන්දයක් සමඟින් 2022 පිළිගැනීමේ ගිනිකෙළි සංදර්ශනයක් සිය ජනතාවට තිළිණ කලේ  Hong Kong රාජ්‍යයි. 2018 වසරින් පසු ඔවුන්ට නව වසර අංගයක් සැමරුමට ඉඩ හිමි වූ පළමු අවස්ථාව මෙයයි. 2019 වසරේදී එරට දේශපාලන ගැටුම් සමඟින් එම  අවස්ථාව  ජනතාවට අහිමි වූ අතර ඉන් අනතුරුව කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා එය ඔවුන්ට අහිමි වුණා. එනිසාම 2022 මෙම නව වසර සැමරුම එරට ජනතාවට සුවිශේෂී වූ බව නිසැකයි.

5. ජපානය

ජපානයේ දකුණු දිග ටෝකියෝ නගරවාසින් මෙවර ආකර්ෂනීය මෙන්ම සන්සුන් නව වසර සැමරුමකට එක් වුණා. ඒ  කමකුරා හී හැසෙදෙරා බෞද්ධ විහාරයේ ලක්ෂ ගණනක් ඉටිපන්දම් දල්වාලමින්. 2022 වසර සඳහා වාසනාවත්, නිරෝගී බව , සැනසුම හා සාමයත් ඔවුන් මෙම ඉටිපන්දම් දල්වාලමින් ප්‍රර්ථනා කල බව පැවසෙනවා.

6. රුසියාව

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරස අවදානම නිසා මෙවර මොස්කව් හී රතු චතුරශ්‍රය පාලු ස්වභාවයක් ඉසිලුවා. කෙසේවෙතත් නව වසර සැමරුම සඳහා එරට Manezhnaya චතුරශ්‍රයට දහස් සංක්‍යාත පිරිසක් එක් රොක් වී සිටි අතර ශාන්ත බැසිල් ආසන දෙව් මැදුර, රතු චතුරශ්‍රය සහ ක්‍රෙම්ලිනය ගිනිකෙළි සංදර්ශනයෙන් වර්ණවත් වූයේ මේ අයුරිනුයි

7. චීනය

මාරාන්තික කොවිඩ් වෛරසයේ තිඹිරිගෙය වූ හෙයින්ම ඒ සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක ප්‍රතිපත්තියක් දරන චීනය මේවා නව අවුරුදු සැමරුම් කිහිපයක්ම අවලංගු කොට තිබුණා. එරට ජනතාව ජනාධිපතිවරයාගේ නව අවුරුදු පණිවිඩය අසමින් අවන්හල් වල රාත්‍රී ආහාර සාදයන්ට එක් වූ අතර එරට ප්‍රාථමික පාසල් වල දරුවන් “Good Luck” යන අදහස දරන “Fu” අක්‍ෂරය ලියමින් නව වසර සැමරුමට එක් වුණා. කෙසේවෙතත් එරට  Chongqing හී ජනතාව නම් වීදි බැස එක් රොක්වී 2022 සමරනු ලැබුවා.

8. බ්‍රිතාන්‍ය

කොවිඩ් වෛරසය හමුවේ දැඩිව බැට කෑ රාජ්‍යක් වුවත් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරද මෙවර 2022 නව වසර සැමරුමට එක වී සිටියා. එහි ශාන්ත පාවුළු ආසන දෙව් මදුර හා සහශ්‍රක පාලම මතින් 2022 ගිනිකෙළි වර්ණ ආලෝක විහිදෙද්දී ලන්ඩන් නගරවාසීන් ජයඝෝෂා විහිදෙව්වා. එපමණක් නොවේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් පුරා වසර 4ක් නිහඬව සිටි අද්විතීය යෝධ බිග්බෙන් 2022 නව වසර සනිටුහන් කරමින් නැවතත් පළමු වරට සිය ඔරලෝසු සීනු නාදය විහිදුවා හැරියා.

9. එක්සත් අරාබි එමීර් රාජ්‍ය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සංචාරක පාරාදීසය, කොවිඩ් වෛරසය හමුවේ පවා නොසැලුණු ඩුබායි පුරවරය සිය සළකුණ වන් Burj Khalifa අහස් කුළුණ ගිනිකෙළි හා විදුලි බුබුළු ලක්ෂ ගණනකින් ආලෝකවත් කරමින් 2022 පිළිගනු ලැබුවා. එපමණක් නොවේ මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන Expo 2020 ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියද දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් 2022 නව වසර සැමරුවා.

10. ශ්‍රී ලංකාව

හොඳටම කරපු අපිත් 2022 අතෑරියේ නැහැ. අලුත් ආරම්භයක් වෙනුවෙන් අලුත් ආලෝකයක් විහිදුවාලමින් කොළඹ Port city පාලම 2022 මාධ්‍ය රාත්‍රියේ ආලෝකවත් වූයේ මෙහෙමයි. එහි ගිනිකෙළි සංදර්ශනයක්ද පැවැත්වනු අතර “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන්න සංකේතවත් කරමින් ගාලු මුවදොර, කොල්ලුපිටිය, townhall වටරවුම ඇතුළු වාණිජ අගනගරයම  2022 නව වසරේ ආලෝකයෙන් ඒකාලෝක වුණා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Dampa Seafood: Where seafood dreams come true!

Are you ready for a culinary journey that captures the essence of the ocean? Look

Highlights Kamu

An unforgettable brunch celebration at Harbour Court, The Kingsbury.

The Ambience From the hotel entrance to our designated seat, a vibrant atmosphere resonated with

Highlights Kamu

Trending.

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Royal Turf Club Nuwara Eliya Sports Tourism Race Day 2024 Colombo

The Royal Turf Club Nuwara Eliya held its first race for the year on 24th

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide