කළු සුදු රූප පෙට්ටියෙන් අප දුටු, රූපවාහිනී වැඩසටහන් 10ක්.

ඒ කාලේ ඉතින් ගෙදරක රූපවාහිනියක් තියෙනවා කියන්නේ, අද කාලේ ගෙදර ලැම්බොගිනියක් තියෙනවා වගේ තමයි. දැන් නම් රිමෝට් එක හතර අතට ඔබලා, වැඩසටහන් බලන්න පුළුවන්කම තිබුණට, ඉස්සර තිබුණේ චැනල් කීයෙන් කීයද? අඟල් දොළහේ කළු සුදු රූප පෙට්ටිය ඉස්සරහ ගෙදර හැමෝමත් එක්ක වාඩිවෙලා, ඇස් කන් අයාගෙන රූපවාහිනිය බලපු කාලයක් ඔයාලටත් තියෙන්න ඇති.

අද වෙද්දී ලංකාවේ රූපවාහිනී චැනල් 30කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒත් මේ එක චැනල් එකකවත්, පවුලේ ඔක්කොටම එකට ඉඳලා බලන්න පුළුවන් වැඩසටහන් තියෙන්නේ අතේ තියෙන ඇඟිලි ගාණටත් අඩුවෙන්. ලෝකෙම තියෙන මෙගා ටෙලි නාට්‍ය මදිවට, ලංකාවේ හැදුණු ඒවත් මේ චැනල්වල වැහි වැහැලා. කොයි විදියේ වැඩසටහක් වුණත්, ඒවායේ වැඩිහරියක්ම තියෙන්නේ ඒ ඉන්න නිවේදක නිවේදිකාවන්ගේ කච බචේ විතරයි. අද මේ රූප පෙට්ටිය, හූනියම් පෙට්ටියක් විදියට අපේ වැඩිහිටියන් හඳුන්වන්න පුරුදුවෙලා ඉන්නෙත් මේ නිසාමයි.

ඒත් ඉස්සර, මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ගුණාත්මක බව, ප්‍රාසංගික බව, වින්දනීය බව අඩුවක් නැතුවම ඒ හැම වැඩසටහකම දකින්න ලැබුණා. ඉතින් ඒ කාලේ අපි ආසාවෙන් බලපු, අදටත් මතකයේ රැඳිලා තියෙන වැඩසටහන් ටිකක් මතක් කරගන්න, යමු එකේ අපි හිතුවා.

1. මනෝහාරී

ඉස්සර හැම සිකුරාදාම හවස හතට අපි ජාතික රූපවාහිනිය ඉස්සරහ පෙළ ගැහෙන්නේ "මනෝහාරී" වැඩසටහන බලන්න. සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ ලයාන්විත හඬින් ඉදිරිපත් වුණු මේ වැඩසටහන, තවත් එක් සංගීත වැඩසටහනක් නෙවෙයි. ඒක ඇත්තටම රූපමය කාව්‍යයක්. ඒ වෙද්දී බොහොම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු "ශක්ති" වගේම, විටින් විට ජගත් වික්‍රමසිංහයනුත් මේකේ සංගීතය සපයන්න දායක වුණා. ගෝල් ෆේස් හෝටල් පරිශ්‍රය, මහනුවර තිලංකා හෝටල් පරිශ්‍රය වගේ තැන්වල තමයි මනෝහාරී පටිගත වුණේ. පණ්ඩිත් අමරදේව, ක්ලැරන්ස් විජේවර්ධන, හා ටී. ඇම්. ජයරත්න වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විතරක් නෙවෙයි, එවකට නවකයන් වුණු නිරෝෂා විරාජිනී වගේ ගායිකාවන්ගේ හඬත් අපට මනෝහාරී තුළින් අහන්න, රස විඳින්න ලැබුණා.

2. කදමල්ල

අරුන් ඩයස් බණ්ඩාරනායක ; තමන්ගේ ගැඹුරු, ගාම්භීර කටහඬින් ගුවන් විදුලිය, රූපවාහිනිය විතරක් නෙවෙයි, වේදිකාවත් එක විදියට එකළු කරපු නිවේදකයෙක් තමයි ඔහු. මෙතුමා ඉදිරිපත් කරපු "කදමල්ල" වැඩසටහන අපි පුංචි කාලේ බලපු හොඳම  වාර්තාමය වැඩසටහන් අතරින් එකක්. අපේ සාමාන්‍ය ජීවිතයේදී හමුවෙන දේවල්, තරමක් වෙනස් කෝණයකින් ඉදිරිපත් කරන්න කදමල්ල සමත් වුණා. පසු කාලීනව ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු "අටපට්ටම" වැඩසටහනටත් ආභාෂය ලැබෙන්න ඇත්තේ මේ වැඩසටහනෙන් කියලා කිව්වොත්, ඒ කතාවෙත් වරදක් නැහැ.

3. ඩේන්ටි රස පැන

Source : contact-lk.blogspot.comsrilankan-style.com

අපි පොඩ්ඩෝ කාලේ වරද්දන්නෙ නැතුව බලපු වැඩසටහන් අතරට එකතුවෙන තවත් එකක් තමයි මේ. ඩේන්ටි කියන්නේ අපි ඒ දවස්වල හරිම ආසාවෙන් කෑව ටොෆී ජාතියක්නේ. තිලකා රණසිංහ මහත්මියගේ ආදරණීය හඬ වගේම, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහත්මයාගේ ජීවය පිරුණු හඬ අපට අහන්න ලැබුණා මේ වැඩසටහනෙන්. ඉරිදා උදේ වරුවේ ස්වාධීන රූපවාහිනියෙන් තමයි ඩේන්ටි රස පැන වැඩසටහන අපට දැකගන්න ලැබුණේ. මේක ඇත්තටම පුංචි එවුන් වෙනුවෙන් පවත්වන පුංචි තරඟයක්. ඉතින් වැඩසටහන අහවර වෙද්දී, තරඟයෙන් දිනුවත් නැතත් මේ පුංචි අයට ඩේන්ටි වෙතින් තෑගී බෝග එහෙම ලැබෙනවා. මේ වැඩසටහන වගේම, ඩේන්ටි ටොෆිවල රස අපට අදටත් හොඳට මතකයි.

4. නමයයි පහ

වාර්තාමය වැඩසටහනක් වුණු "නමයයි පහ", ජාතික රූපවාහිනියේ තවත් අද්විතීය නිර්මාණයක්. මේ වැඩසටහන ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව විදියට හේම නලින් මහත්මයාගේ සොඳුරු හඬ, ඒ කතා විලාසය හඳුන්වන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී අපට දකින්න ලැබෙන අරුම පුදුම දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම නවයයි පහ වැඩසටහනෙන් දකින්න ලැබුණේ. ඉරිදා රාත්‍රියට, බිත්ති ඔරලෝසුවේ 9.05 සනිටුහන් වෙද්දීම, අපි පවුල් පිටින්ම රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තේ ඒ දේවල් රස විඳින්න.

5. යාත්‍රා

තුමුළ නමුණුකුල ගිරි හිස – උදුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිම‍ ද මේ තරම් ඒ ගැන – හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් – කදුළු පනින තුරු එලියට
ඔහොම හිනා‍වෙනකොට උඹ – ‍ලස්සනයි උමා

මේ ගීතය ඇහෙද්දීම ඔයාලට මතක් වෙයි මේ වැඩසටහන මොකක්ද කියන එක. "යාත්‍රා" ; ඒ කාලේ ජාතික රූපවාහිනියේ විකාශය වෙච්ච ප්‍රාසාංගික වැඩසටහන් අතරින්, හොඳටම ජනප්‍රිය වුණු වැඩසටහනක් විදියට හඳුන්වන්න පුළුවන්. අපි කොච්චර පුංචි අය වුණත් ඒ ප්‍රාසංගික බව අපට පවා දැනෙන විදියට නිර්මාණය කරපු වැඩසටහනක් තමයි මේක. සමන් ජයනාත්ගේ මේ ගීතය විතරක් නෙවෙයි, ඉමාන් පෙරේරාගේ "වසන්තයේ මල්", අප්සරා ද සිල්වාගේ "ඉවාන් පවුලූෂා" වගේ ගීත, ඒවායේ රූප රචනාවන් පවා අදටත් අපේ මතකයේ නොමැකෙන විදියට රැඳිලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසයි.

6. මියුරුසර

1999 අවුරුද්දේදී ලංකාවේ පළමු වරට, රූපවාහිනී ආයතනයක් විසින් සංගීත වැඩසටහනක් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වෙච්ච "මියුරුසර" වැඩසටහනට. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු  Sony Video Contest උළෙලේදී තමයි මේ සම්මානය පිරිනැමුණේ. ඒ වෙද්දී වේගයෙන් වෙනස් වෙමින් තිබුණු සංගීත ක්ෂේත්‍රයේ, ගුණාත්මක බව රඳවාගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ වැඩසටහනත් විකාශය වුණේ. මේ දක්වලා තියෙන රොඩ්නි වර්ණකුලයන්ගේ "සෙංකඩගල දිලෙනා" ගීතයත් අපට අහන්න ලැබුණේ, මියුරුසර සංගීත වැඩසටහනේ, වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය වෙනුවෙන් නිර්මාණය වුණු එකක් විදියට.

7. මුතුහර

විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්

ඒ රට සැදුමට ඇප කැප වී නිති මුළු ශක්තිය යොදවම්

මතකද මේ තේමා ගීතය? ලංකාව පුරා තියෙන මුතුහර ළමා සමාජවල ඉඳපු දරුවන්ගේ හපන්කම්, මුළු රටටම පෙන්වන්න නිර්මාණය කරපු මුතුහර වැඩසටහනේ තේමා ගීතය තමයි මේ. ජාතික රූපවාහිනියෙන් තමයි අපි මේ වැඩසටහනත් දැක්කේ.

8. මන්දාකිණි

කලින් කිව්වා වගේම, 90 දශකයේ අග භාගය කියන්නේ ලංකාවේ සංගීතය වේගයෙන් වෙනස් වෙච්ච කාලයක්. නවක ගායකයන්, සංගීත කණ්ඩායම් වගේම, සංගීත් විලාසිතාවන් නව මුහුණුවරක් ගත්තා මේ කාලේදී. ඉතින් අන්න ඒ අලුත් ශෛලීන්වලටත් අවස්ථාව දෙන අරමුණින්, "මන්දාකිණි" වැඩසටහන විකාශය වුණේ ජාතික රූපවාහිනියෙන්. එළිමහන් හෝටල් පරිශ්‍රයක පටිගත කෙරුණු මේ වැඩසටහනින්, අළුත් ආරයේ ගීත රැසක්ම අපට අහන්න ලැබුණා.

9. කලා රසාංග

ෆ්‍රැන්සිස් වන්නිආරච්චි නම් ප්‍රවීණ නිවේදකයා විසින් ඉදිරිපත් කරපු "කලා රසාංග" වැඩසටහන විකාශය වුණේ ස්වාධීන රූපවාහිනියෙන්. වේදිකා නාට්‍ය කලාවේත් ප්‍රබල චරිතයක් වුණු ඔහු, තමන්ගේ ඒ හැකියාව දැනුම අපූරුවට යොදපු වැඩසටහනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ බිහිවුණු වේදිකා නාට්‍ය ගැන, ඒවායේ රංගන ශිල්පිනියන්, ශිල්පීන්ව රූපවාහිනියට ගෙන්නලා, ඒ  වත ගොත මුළු රටටම පෙන්නුවේ මේ වැඩසටහනින්.

10. නන්දන වින්දන

ජාතික රූපවාහිනියේ දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වුණු අපූරු සංගීතමය වැඩසටහනක් තමයි මේ. ආධුනික, ප්‍රවීණ ගායක ගායිකාවන්, වාදකයන් බොහොමයකගේ දක්ෂතාවයන් මුළු ලංකාවටම පෙන්නපු "නන්දන වින්දන", ගුණාත්මක සංගීත කලාවේ ප්‍රතිමූර්තියක් විදියටත් හඳුන්වන්න පුළුවන්.  ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහත්මයා අතින් තමයි මේ වැඩසටහන නිෂ්පාදනය වුණේ.

මේ වෙද්දී මේ එක වැඩසටහනක්වත් අපට රූපවාහිනියෙන් දැකගන්න නැතත්, මොහොතකට හරි අතීතෙට ගිහින් එන්න මේ ලිපියෙන් ඔයාලට හැකියාව ලැබෙන්න ඇතියි කියලා අපි හිතනවා. ඉතින් ඔයාලගේ මතකෙට එන මේ වගේ තව වැඩසටහන් බොහොමයක් ඇති. ඒවත් අපට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide