ශ්‍රීලංකන් චයිනීස්? රු. 600ට මස් මාළු පිරුණු සුපිරි චොප්සියක් රස බලන්න කියාපු කඩ 5ක්.

පහුගිය දවස් ටිකේ ගොඩ දෙනෙක් කරපු ඉල්ලීමක්. ඒත් කොහෙද මේ අලුත් අවුරුදු පාර්ටි නිසා වැඩේ පොඩ්ඩක් පස්සට ගියානෙ. හැබැයි ඉතින් පොඩි අඩියක් ගහන්න සෙට් වුණු හැම වෙලාවකම වගේ මතක් වුණා, විශේෂයෙන්ම රස වෑහෙන චොප්සියක් එහෙම මේසෙට එද්දි… දෙයියනේ! අපේ යාළුවො ඉල්ලුව නේද සුපිරි චොප්සි කන්න පුළුවන් කඩ ලැයිස්තුවක්?

ඒකෙන් මේකෙන් ඔය කාරණාව මට ඊයෙත් මතක් වුණා. හැරත් පහුගිය සෙනසුරාදා සෙට් වෙච්ච වෙලාවෙත් කොළඹ වටේ, කටට රහට චොප්සි කන්න හොඳ තැන් ටිකක් මීටර් කරගෙනයි තිබුණේ. අතේ තියෙන ගාණට, දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න නැත්නම් 3, 4 දෙනෙක්ට බයිට් එකට ගන්න,  මස් මාළු, බිත්තර, එළවළු අඩුම කුඩුම වලින් අඩුවක් නැති චොප්සි ටිකක් තමයි ඉතින්.

එහෙනම් මේ වීක්එන්ඩ් එකේ පුංචි පාර්ටියට මේවයින් එකක් අරගෙන බලන්නකො. ආයෙ අහන්න බලන්න ඕන නෑ, ෂුවර් ෂොට්! පංකාදු පහට තියෙයි.

1. Shanghai Restaurant

ස්පෙෂල්ම ස්පෙෂල් චොප්සියක්! ආයෙ නිකම් නෙවෙයි, ඇඟිලි පුරුක් දෙකක විතර ඝනකමට එළවළු, මාළු, ඉස්සො, දැල්ලො තොගයක් එකතු කරල රස ඩබල් ත්‍රිබල් වෙන්න තන්දුරි චිකන් කෑලිත් 2, 3ක්ම දාලා. පිස්සු හැදෙනව ඈ… ඒ විතරක් නෙවෙයි, ඒකට දාපු සෝස් වලින් එන ලා සැර ගතියයි පොඩි ශ්‍රී ලංකන් චයිනීස් රසයි එක්ක තලු මරමර කන්න පුළුවන්. හැරත් දෙන්නෙක්ට බඩ පැළෙන්න තියෙන නිසා පොකට් එකටත් සෑහෙන්න වාසියි.

2. Steam Boat

කොහෙත් එකයි. අනේ මන්ද ඒක නම් පුදුම සීන් එකක්. මොරටුවෙ ගත්තත් මවුන්ට් ගත්තත්, නාවල ගත්තත්… කොහොම වුණත් විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ චොප්සිය වගේම අනිත් කෑමත් සෑහෙන කාලෙක ඉඳන් අපේ රස මතක අතරෙ තියෙනව. වැඩි හරියක්ම ස්ටීම් බෝට් පෝර්ක් එක, මට්න් එක එහෙම. ඒ වගේම තමයි මෙයාලගෙ ස්පෙෂල් මික්ස් චොප්සියත්, පෝර්ක්, ෆිෂ්, ප්‍රෝන්ස්, කට්ල්ෆිෂ් වලින් පිරිලා. කොටින්ම කියනව නම් කන කටක් කටක් ගාණෙ එක මසක් මාළුවක් අහුවෙන ගානයි. හැබැයි ඉතින් කණගාටුවෙන් වුණත් කියන්න වෙනව මේ චොප්සියක් රු. 800ක් විතර වෙනව. ඒත් ඉතින් 3 දෙනෙක්ට බඩ පැලෙන්න තියෙන නිසා අවුලකුත් නෑ.

3. Chopsticks

චයිනීස්, තායි කෑම ටිකක් රස බලන්න කියාපු ප්ලේස් එක ඈ… මදි නොකියන්න එළවළු, සීෆුඩ් දාලා හදන සුපිරි චොප්සියක් තමයි මෙතන තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ පෝර්ක් එකකුත් තියෙනව පංකාදු පහට හදපු. හැබැයි ඒක රස බලන්න නම් මික්ස් චොප්සියක් ගන්න වෙනව. මොකද ඒකට තමයි ෆ්‍රයිඩ් පෝර්ක් පෙති, ලොකු චිකන් කෑලි පිරෙන්න දාලා, රස පදමට සෝස්, ගම්මිරිස් එකතු කරල හදපු එළවලුත් තොගයක් එකතු කරල එන්නෙ. අනික ඉතින් චොප්ස්ටික්ස් චොප්සියක් දෙන්නෙක්ට බෝතලයක් ගහන්න එහෙමත් කියාපු ගාණනෙ.

4. Machang

අනේ ඉතින් දැන් හොඳම මචංල වහලනෙ. ‘කොස්වත්තයි’, ‘නාවලයි’. ඒත් කඩුවෙල, පන්නිපිටිය, මොරටුව වගේ කිට්ටුව පාත ටික ඇරල නිසා ටිකක් දුරට ගිහින් වුණත්, හිතේ හැටියට බියර් එකක් ගහල රස වෑහෙන චොප්සියකින් බයිට් එකයි ඩයට් එකයි දෙකම ෂේප් කරගෙන එන්න පුළුවන්. අනික මචං චොප්සිය 3 දෙනෙක්ට විතර ඇති වෙන්න තියෙනවනෙ. පෑන් ෆ්‍රයිඩ් පෝර්ක් එක්ක ඉස්සො, දැල්ලො, මාළු එතකොට තඩි චිකන් කෑලි 3, 4කුත් දාලා පදම ගන්න මචං චොප්සියෙ සැර ගතිය අඩු වැඩි කරල ඉල්ල ගන්න පුළුවන් නිසා තවත් වාසියම තමයි.

5. Kamrose Restaurant

අන්න චයිනීස් කිව්වලු. හදිස්සියෙවත් පානදුර පැත්තෙ ගියොත් මිස් කරගන්න නම් එපා ජාතික අපරාදයක් වෙන්නෙ. ඒසී අනම් මනම් නැති වුණාට කකුල් උඩ දාගෙන වුණත් මොන්ගෝලියන්, මැලේ, තායි, චයිනීස් රස බලන්න කියාපු තැන. වැඩේ කියන්නෙ මෙයාලගෙ කෑමවල රසයි, සයිස් එකයි එක්ක බැලුවාම ගාණ ගැන හිතා ගන්නවත් බෑනෙ. පට්ට ලාබයි. අනික මස් මාළු, ලෝබ නැතුව දාලා සෝස් ජාති, එළවළු, මිරිස් අඩුම කුඩුම ටිකත් මදි නොකියන්න… පිස්සු හැදෙනව ඈ… නිකම් අපි කියනවට ගිහින් කාලා බලන්නකො.

නැතත් ඉතින් චොප්සි නම් කොහොමත් අපේ කට්ටිය මිස් කර ගන්නෙ නෑනෙ. අඩියක් ගහන්න ගියත් බයිට් එකටයි ඩයට් එකටයි දෙකටම ඕකනෙ. ඒ නිසා…ම, ඔන්න ඔයාල අපිට කියන්න ඕන ඔයාලගෙ පැතිවල කටට රහට චොප්සි රස බලන්න තියෙන තැන් ටික. මොකද අපිත් ආසයිනෙ වෙනසකට වගේ අළුත් කඩ ටිකක් ට්‍රයි කරල බලන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide