බුදු (ජනාධිපති) තාත්තෙ, බොන්න… බොන්න… බොන්න….

කාන්තාවන්ට ඇල්කොහොල් මිලට ගන්න අයිතිය ආයෙත් පාරක් නැතිකරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කරලා. මේ තීරණයත් එක්ක ලෝකේ සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් ඇල්කොහොල් තහනම් කරපු සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව වගේ 16කට කිට්ටු රටවල් ප්‍රමාණය අතරට අපේ රටත් එකතුවෙනවා. ඒ වගේ ම දැනගන්න තියෙන හැටියට දැනට ලෝකේ ගෑනුන්ට විතරක් විශේෂයෙන් ඇල්කොහොල් සම්බන්ධ තහනම් පනවල තියෙන්නෙ බොලිවියාවෙ සහ ලංකාවේ විතරයි.

ලංකාවේ ඇල්කොහොල් සම්බන්ධ ව අදටත් තියෙන ගොඩක් නීතිරීති ඉංග්‍රීසි පාලන කාලේ හඳුන්වාදුන්න ඒවා. ගෑනුන්ට ඇල්කොහොල් මිල දී ගැනීම හා ඒවා හදන/ විකුණන තැන්වල වැඩකිරීම තහනම් කරන අද තියෙන නීතිය ගෙනත් තියෙන්නෙ 1955 දි. මිල දී ගන්න විතරක් නෙවෙයි, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තියෙන හැටියට කාන්තාවකට කිසිම ප්‍රසිද්ධ ස්ථානයක මද්‍යසාර ළග තියාගෙන ඉන්නත් තහනම්! ඒ වගේ ම පුද්ගලික ස්ථානයක වුණත් පිරිමියකුට අරක්කු හෝ රා ලීටර් 7.5ක් තියාගන්න පුළුවන් වුණත් ගෑනියකුට තියාගන්න පුළුවන් ලීටර් 1.5ක් විතරයි.

Cartoon: Daily Mirror 

හැබැයි ලංකාවේ දැනට ක්‍රියාත්මක 1978 ව්‍යවස්ථාවේ හැටියට ජාතිය, භාෂාව, ආගම, ලිංගිකත්වය වගේ කිසිම කරුණක් උඩ වෙළඳසල්, ආපනශාලා, හෝටල්, පොදු විනෝදවන තැන්, සහ ආගමික ස්ථානවලට යන්න එන්න තියෙන අයිතිය සීමා කරන්න බෑ. ඒත් කාන්තාවන්ට වෙනස් විදියට (බබ්බුන්ට වගේ) සලකන අවුරුදු 60කටත් වඩා පරණ නීතිය 2018 වෙනකල් ම වෙනස් නොවී තිබුණා. 2018 ජනවාරි 10 වෙනි දා තමයි  අන්තිමේ දි මුදල් ඇමති මංගල සමරවීර අති විශේෂ ගැසට් පත්‍රයකින් මේ නීතිය වෙනස් කරලා කාන්තාවන්ට සම අයිතිය ලබාදෙන්නෙ. හැබැයි ඒ අයිතිය ඒ විදියට තිබුණේ සතියකටත් අඩු කාලයක්.

Sad. @MaithripalaS believes women have impaired decision-making abilities. So why is he taking credit for increasing women's representation if they can't take a simple decision about buying or not buying alcohol? https://t.co/t0zkG1vGa3

— Rohan Samarajiva (@samarajiva) January 14, 2018

අගලවත්ත පැත්තෙ ඡන්ද ප්‍රචාරක රැස්වීමක් අමතමින් ජනාධිපති සිරිසේන කීවේ මේ ගැසට් නිවේදනය  එයා වහාම අහෝසි කරනව කියලා. බෞද්ධ භික්ෂූන් සහ සංවිධාන කීපයක් මේ ගැන සතුට පළ කරලා සහ ජනාධිපතිට “පුන්‍යානුමෝදනා කරලා” තිබුණා. හැබැයි කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන සංවිධාන වගේ ම ෆේස්බුක් වගේ සමාජ ජාලවල අදහස් දක්වන ගොඩක් ප්‍රගතිශීලී අයත් ජනාධිපතිගේ මේ “සෙක්සිස්ට්” තීරණය ගැන අප්‍රසාදය පලකරලා තිබුණා.

සංචාරය කර්මාන්තයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු ඇල්කොහොල් සම්බන්ධ දැඩි නීති ලිහිල් කරන්න පහුගිය අයවැයෙන් යෝජනා වෙලා තිබුණත් ආණ්ඩුවේ මේ වැනෙන තීරණ නිසා සංචාරක කේෂ්ත්‍රයේ අයට නැති ප්‍රශ්නත් ඇතිවෙලා. ලංකාවට පැමිණෙන සංචාර මෙහෙයවන්නන්ගේ සංගමයේ සභාපති හරිත් පෙරේරා ඩේලි එෆ්ටී පත්තරේට කියල තිබුණේ කාන්තාවන්ට බාර්වල වැඩකරන්න සහ රෑ වෙනකල් බාර් ඇරල තියන්න ඉඩ ලැබුණු එක ගැන එයාලා ගොඩක් සතුටු වුණා කියලා. ‍ඒත් මේ නීතිය ආපස්සට හරවන්න ජනාධිපති තීරණය කිරීමත් එක්ක සෑහෙන ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා.

“මේක කර්මාන්තයට බලපාන විදියටත් වඩා ආණ්ඩුවේ මේ තීරණ ගැනීමේ කැඳහැලි පිළිවෙළ ගැනයි අපට අවුල තියෙන්නෙ,” හරිත් පෙරේරා කියනවා.

කාන්තාවෝ කියන්නෙත් තමන්ගෙ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන් ජීවියෝ කොට්ඨාශයක් කියල ලංකාවේ ආණ්ඩු තවම පිළිගන්නෙ නැති බව පෙන්නපු පළවෙන වතාව මේක නෙවෙයි. රට රස්සාවලට යන්න කලින් ස්වාමිපුරුෂය ඒකට අනුමැතිය දෙන්න ඕන කියල පහුගිය ආණ්ඩුව ගෙනාපු නීතිය තාමත් ක්‍රියාත්මකයි. ග්‍රවුන්ඩ්වීව් වෙබ් අඩවියේ පලකරපු නිවේදනයකින් කියවෙන්නෙ මේ නිසා නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රට යන කාන්තාවෝ ප්‍රමාණය එන්න එන්න වැඩිවෙන බව. ලිංගික අතවරයකින් සිද්ධවෙච්ච ගැබ්ගැනීමක දි හෝ බරපතල කළල විකෘතියක දි වත් ගබ්සාව නීතිගත කරන්න ගෙනාපු යෝජනාව ආගමික පූජකයන්ට බයේ එහෙමම අකුලාගත්තා. අඩු වයසෙන් සහ කාන්තාවගේ කැමැත්ත නැතුව විවාහ කරන්න ඉඩදෙන මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න යෝජනා වුණු සංශෝධනවලට වෙච්ච දෙයක් නෑ. කාන්තා අංගච්ඡේදය හෙවත් පොඩි ගෑනු ළමයින්ගෙ ක්ලිටරස් එක කපල දාන එක ගැන මුස්ලිම් කාන්තා සංවිධානවලින් ම ආණ්ඩුවට ඉදිරිපත් කරපු පර්යේෂණ පත්‍රිකා ගැන ආණ්ඩුව කටක් අරින්නෙ නෑ.

I am against discrimination of women in #SriLanka. This whole alcohol ban is unfair and against the equality principle. Ban men too then. pic.twitter.com/KB8Piqt9PJ

— Harsha de Silva (@HarshadeSilvaMP) January 16, 2018

මානව අයිතිවාසිකම් ගැන තව්සන්ඩ් ටෝක් දීලා බලයට ආපු ආණ්ඩුව මුස්ලිම් විවාහ නිතිය, ලිංගික අධ්‍යාපනය වගේ දේවල් ගැන මොනවද කරලා තියෙන්නෙ කියලා ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ලංකාවේ ආණ්ඩුවෙන් අහනවා. සමහර විට  සියලුම කාන්තාවන් ඊළග ආත්මෙ දි පිරිමින් වෙලා ඉපදෙන්න ඕන කියල මෛත්‍රිපාල සිරිසේන ප්‍රාර්ථනා කරන නිසා දැනට මේ ආත්මේ ජීවත් වෙලා ඉන්න ටිකේ අයිතිවාසිකම් ගැන එච්චර කරදර වෙන්න ඕන නෑ කියල එයා හිතනවද දන්නෙ නෑ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලාංකික ශිෂ්‍යාවක් වන කාවින්ද්‍යා තෙන්නකෝන්  එයාගේ ට්විටර් එකේ දාපු අදහසකින් අපි මේ සටහන ඉවරකරනවා:‍

“මම බාර් එකක වැඩකරන ගමන් ඔක්ස්ෆර්ඩ් එකේ ඉටගනගන්න ලංකාවේ ගෑනියෙක්. ඔයා දන්නෙ නැති වුණාට ඔයාගෙ රටේ ගෑනු තමන් ගැන තීරණ ගන්න තරම් ස්වාධිනයි. දවස් දෙකකට කලින් පොඩි කෙල්ලෙක් ව ගැංග් රේප් කරලා තිබුණා. ඒ වගේ ඇත්ත ප්‍රශ්න ගැන බලන්න. ඔයාගෙ සෙක්සිසම් පස්සට තියාගන්න.”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide