අනාගතය අපැහැදිලිද? හොඳට හිතල මතල තමන්ගෙ දෙයක් පටන් ගන්න අපූරු අදහස් 5ක්.

දැන්..

රටේ තත්වෙ කොරෝනාවෙන් තරමක් දුරට ඈත් වෙවී තිබ්බත්, දැනටමත් ඇවිල්ල තියෙන ආර්ථික අපහසුතා.. ඒවයින් ගොඩ එන්න නම් අපිට නොහිතන විදියේ කාලයක් යාවි. ඊටත් කොහොමද එහෙම ගොඩ එන්නෙ.  විශේෂයෙන්ම අවිධිමත් විදියට දේශපාලනය විසින් අතපොවපු ආර්ථික ක්‍රමවේදයක් තියෙන රටක? ඒ අතරට ඩොලරයත් බලාගෙන ඉඳිද්දි ඉහල යනව. රටේ අපනයන ආනයන ව්‍යාපාරත් ගොඩක් දුරට අඩපණ වෙලා. ඒ විතරක් නෙවෙයි ඉදිරියට භාණ්ඩ ආනයනය සඳහා එන්න පුලුවන් බාධක?

අන්න.. වැදගත්ම තැන!

ඇත්තටම අපි පහුගිය කාලයක් තිස්සේම භාවිතා කලේ, අපේ රටට ආනයනය කරපු දේවල් වලින්, අපිට අවශ්‍යම දේවල්ද? නැත්නම් ආනයනකරුවන්ගේ අවශ්‍යතා, අපි අපේ අවශ්‍යතා කරගත්තද?

හොඳට හිතල බැලුවාම.. රටේ ජාතික කොඩියත් චීනෙ හදල මෙහෙට ගෙනාපු කාලයක් තිබ්බනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක ඒකාලෙ ඒවිදිට වෙච්ච එක නෙවෙයි. මේ ආර්ථික පසුබෑමත් එක්ක අපි ඉදිරියටත් ඒක ඒවිදියට කරගෙන යන්න වැඩ කටයුතු සලස්වනවද කියන එක.

ඒකයි යාළු කියන්නෙ..

දැන්.. හොඳට හිතන්න. 

මේ නිවාඩුවේ අන්තිම දවස්ටික. තමන්ට හැකි සෑම දේ අතරින්, හොඳින්ම පුලුවන්දේ හරි හැටි ප්ලෑන් කරන්න. ප්ලෑන් කරල ඒක සමාජයේ අවශ්‍යතාව සපුරාලන විදියට සපයා දෙන්න ක්‍රමයක් හිතන්න. එහෙම නැත්නම් අළුත්ම අදහස් ක්‍රියාත්මක කරන්න හොඳ ප්ලෑන් හදන්න. ඒ විතරක් නෙවෙයි, ඒවට යම් මුදලක් යට කරන්න අවශ්‍ය නම් ගරිල්ලා ආයෝජනකරුවන් පස්සේ නොගිහින්, වෙන වෙන විකල්ප ගැන හිතන්න. බොහෝදුරට සහන බැංකු ණය. නැත්නම් විශ්වාසවන්තම යාළුවන්ගෙ එකතුවක්..

ඒ අතරට.. බලන්න මේ අපි කියන කාරණා ටිකත්. සමහර විට ගොඩක්ම සරල මේ දේවල් වලින්, ඔයාට පුලුවන් වෙයි ගොඩක්ම සාර්ථක දෙයක් ගොඩනංවන්න!

1. කෘෂිකර්මාන්තය

Saaraketha

කොයි කවුරුත් දන්න, කෘමිනාෂකයි පොහොරයි ඇති හැටියට යොදාගෙන කරල ලොකු අස්වැන්නක් අරගෙන පොඩි ගාණකට විකුණන වගාවෙන් එපිට..

තමයි අපේ රටේ කෘෂිකර්මාන්තයෙ හොඳම දේවල් ඔක්කොම ටික වගේ තියෙන්නෙ. ඒ නිසා.. අදම හොයන්න පටන් ගන්න කාබනික වගාව, මිශ්‍රභෝග වගාව, කෘෂිවන වගාව, හේන් වගාව, පැරණි ධාන්‍ය විශේෂයෙන්ම හාල් වර්ග වගාව සහ ඒවා ඇසරුම්කොට බෙදාහරින ආකාර ගැනත්. ඒකට.. ඔයාට අන්තර්ජාලය පැහැදිලිවම ප්‍රයෝජනයට ගන්න පුලුවන්. ඒ හැරුනාම කෘෂි නිළධාරීන්ගෙන් සිට ඉහළට ඉන්න ඒ අංශයේ ඕනම කෙනෙක්ගෙන්, නැත්නම් ඒ සම්භන්ධව ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් වුනත් උදව් ගන්නත් පුලුවන්.

හැබැයි මෙතනදි මතක තියාගන්න.. අපේ ගොවියගෙ එදත් අදත් තිබ්බ ලොකුම දුර්වලකම ගැන..

එයා හිතුවෙ වවන එක විතරයිනෙ. මොකද.. මුදලාලි කියක්ම හරි දීලා ලඟටම ඇවිත් බඩුටික ගෙනියනවනෙ.

අන්න එතන හදන්න. ඇත්තටම ඔය උඩින් කියපු විදියෙ වගාවන්වලට ලැබෙන මිල බාග වෙලාවට ගොවීන් දන්නෙවත් නෑ. ඊටත් ඒවයින් එක එක නිශ්පාදනය කරල වෙළඳපොළට දාද්දි..? 

ඉතින් මේ ආරාධනාව කෘෂිවගාවන් යහමින් කරන පැතිවල ඉන්න තරුණ අයටයි. අළුතෙන් හිතන්න. මාමල නැන්දල, ආච්චිල සීයල වවන දේ.. කොහොමද, හොඳම විදියට වෙළඳ පොළට යවන්නෙ කියල.

2. රෙදි සහ ඇඟලුම්

ඇත්තටම.. බ්‍රෑන්ඩඩ් කියන දේ අවශ්‍යතාවය ලංකාවෙ තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?

කියන එක නිකමට හොයල බැලුව නම්.. ඇඟලුම් ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන කොයිකාට වුනත් අදහසක් එනව, අපේ අයට ඕන බ්‍රෑන්ඩ් එකටත් වැඩිය ෆැෂන් එකයි, පැටර්න් එකයි, කල්පැවැත්මයි කියල. ඉතින්.. බැරිද අපේ රටේ සුළු සහ මධ්‍යම මට්ටමේ ඇඟලුම් ව්‍යාපාර කරගෙන යන අයට ඒ සම්බන්ධයෙන් අතහිත දෙන්න. හැමදාම සාය හැට්ට, ෂර්ට් ටීෂර්ට් කලිසම් මහන අයට, එතනින් එහාට හිතල පාරිභෝකියන්ගෙ අවශ්‍යතාවයට අනුව ඇඳුම් මහන්න. ඒ විතරක් නෙවෙයි ඒවා ගෙනැල්ල පොඩි ගණන්වලට ලොකු කඩ සාප්පු වලට දාලා මුදලාලිට ලාබ අරන් දෙන්න නෙවෙයි, නිෂ්පාදකයටම ගෙනැල්ල පාරිභෝගියකට විකුණන්න පුලුවන් විදියෙ ව්‍යාපාර වේදිකාවක් හදන්න?

3. ආහාර

හරිම සිම්පල්..

දැන් බලන්න ‘හෙළ බොජුන්හළ’ කියන සංකල්පය ලංකාවෙ කොච්චර දුරට සාර්ථකද කියල. ඒ වගේම ඒවයින් අපි කනබොන දේවල්, තියෙන යහගුණ, රස පදම.. ඒකට සාපේක්ෂව ගෙවන ගාණ. සියල්ලම අතිශය සාධාරණයිනෙ. 

හැබැයී.. අපි කරන්නෙ, විශේෂයෙන්ම ලොකුම වෙළඳපොලක් තියෙන තදාසන්න ප්‍රදේශවල රයිස් කඩ, කොත්තු කඩ නැත්නම් ඊට උඩින් තියෙන, අතේ තියෙන ගාණට කන්නත් අමාරු තරම් ගණන් කෑම තියෙන කඩ ආරම්භ කරන එක.

බලන්න, එතනත් වෙනස් කරන්න! මේ.. කෑම කඩයක් දාන්න හිතාගෙන ඉන්න ඔයාටයි.

4. ගේ දොර අවශ්‍යතා

මේකෙ නම් පොඩ්ඩක් හිතුවත් ගොඩක් දේවල් ඔලුවට එන මාතෘකාවක්. කොටින්ම කියතොත් සාමාන්‍යයෙන් ගෙදර දොරක භාවිතා කරන කොස්ස ඉදලෙ ඉඳන්, පිඟන් කෝප්ප, ලී බඩු, ඉලෙක්ට්‍රොනික.. කී නොකී අඩුම කුඩුම හැමදෙයක්ම වගේ ලංකාවෙ නිශ්පාදය කරන්න පුලුවන්කම තියෙද්දි, පහුගිය දශක ගාණක් තිස්සෙ අපි පාවිච්චි කලේ චීනෙන් ගෙනාපුව. හැබැයි.. අන්න එතනදි බ්‍රෑන්ඩඩ් හොයපු අය?

ලංකාවෙ බ්‍රෑන්ඩ් හෙව්ව!

නම් කියන්නෙ නෑ. ඒත් ඒ වගේ බ්‍රෑන්ඩ් ආයෙත් ලංකාවෙ හදන්න.. අපේ ලෝහ බඩු, උපකරණ, ආම්පන්න. ලී බඩු, ප්ලාස්ටික් බඩු.. කොටින්ම කියතොත් ආයුර්වේද සබන්, ෂැම්පු එක වෙනකම්ම.. 

ඒත්.. ඒකත් එක්කම මේකත් කියන්න ඕන. දැනටත් අපේ රටේ ඒ වගේ දේවල් නිශ්පාදනය වෙනව. හැබැයි අපේ මිනිස්සුන්ට ගන්න පුලුවන් මිලට නෙවෙයි. ඇත්තටම අන්න ඒ සාධාරණී කරනයත් වෙන්න ඕන!

5. සේවා

මතනදි ගොඩක් දේ කල්පනා වුනත්, එකක් තමයි කියන්න අදහස.

සුපිරි ඔන්ලයින් වෙළඳපොලක් සාධාරණ මිලකට, විශිෂ්ඨ සේවාවක් සහිතව!

ඇත්තටම අපේ රටේ තවමත් නෑ.. රට ඇතුලෙ නිශ්පාදනයන් රටින් පිටට විකුණන්න හෝ රට ඇතුලෙ විකුණන්න, වගේම ඒවා පැය, දවස් ගණන් වලින් ඩිලිවර් කරන්න. හරියට ‘ඇමසොන් ප්‍රයිම්’ වගේ.

ඒත්.. විදේශන්ගෙන් ආනයනය කරපු බාල බඩු, ලොකු ගණන් වලට විකුණන්න නම් ඕන තරම් ඔය තියෙන්නෙ.. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide