පාන් බනිස් වලින්.. ගෙදරදිම හදාගන්න, රස වෑහෙන බර්ගර් සබ්මැරීන් ජාති 5ක්.

ඇඳිරි නීතිය අයින් කලාට.. තවම කෑම කඩ ටික ඇරියෙ නෑනේ. අපි හිතන විදියට ඒකට කොහොමත් තව සති 2, 3ක් විතර යයි. ඒත් ඉතින් එහෙමයි කියල ඒ දවස්වල කාපු අර රස කෑම තව දුරටත් නොකා ඉන්න පුලුවන්ද?

අන්න ඒ නිසාම යාළු.. අපි කල්පනා කලා, ගෙදර ඉඳන්ම රස වෑහෙන බර්ගර් සබ්මැරින් ටිකක් හදන හැටි ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, කුස්සිය වටපිටාවෙ තියෙන අඩුම කුඩුම විතරක්ම වගේ පාවිච්චි කරල. එහෙනම් ඔන්න.. පහළින් බලන්න..

හැබැයි.. හදල ඉවර වෙලා.. අපිටත් ෆොටෝ එකක් එවන්න.

1. කොච්චි චිකන් චීස් බන් බර්ගර්

මේකට ඔ්න කරන්නෙ කොච්චි ටිකකුයි, චිකන්, තුනපහ ලුණු ඇඹුල් සහ චීස්. ඒ හැරුනාම ඉතින් ප්ලේන් බනිස් 2කුත් ඔ්න. ඉස්සෙල්ලම චිකන් ටික සුද්ද කරල හෝදල කහ, ලුණු පදමට දාලා හොඳට තම්බගන්න. ඊට පස්සේ.. ඒකෙ කටු අයින් කරන්න පුලුවන්නෙ. කටු අයින් කරලා.. මස් ටිකට මිරිස් කුඩු, තුනපහ, ගම්මිරිස් රස පදමට දාලා, ඇතියි කියල හිතෙන ගාණට කොච්චිත් දාලා හොඳට අඹරගන්න තලපයක් වගේ වෙන්න. අඹරලා.. ඇති හැටියට ඝනකම තියෙන්න පැටි එක හදලා.. හොඳට පෑන් ෆ්‍රයි කරගන්න බටර් හරි මාගරින් හරි දාලා. ඒ අතරට ඒ පෑන් ඒකේම ඔයාට පුලුවන් අර බනිස් ගෙඩි දෙකෙත් දෙපැත්තම දාලා ලාවට පෑන්ෆ්‍රයි කරගන්න. කොහොමහරි අන්තිමට.. බනිසක් අනික් පැත්ත ගහල ඒ උඩින් චීස් පෙත්තක් තියලා, ඔ්න නම් ලූණු, සලාද, තක්කාලිත් දාලා, අර පැටි එක තියන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඒ උඩින්ම තව චීස් පෙත්තකුත් තියල ගත්ත නම්.. ආයෙ පංකාදු පහයි කියයි!

2. ස්මෝක්ඩ් චිලි සැමන් බ්‍රෙඩ් සබ්

ටින් සැමන් තමයි ඉතින් මොනව කරන්නද. ඒකට කාරි නෑ. ගන්න ලොකු සැමන් කෑලි ටිකක්. අරගෙන.. පුලුවන් විදියට තුනීයට පෙති කපාගන්න. කපාගෙන දර අඟුරු හරි චාකෝල් හරි ගොඩක් උඩින් දැලක් එලලා ඒකෙ දුමෙන් හොඳ හැටි තම්බගන්න. තම්බන අතරට පොඩි වැඩක් කරන්නත් ඔ්න. කොච්චි හරි අමු මිරිස් හරි එක්ක, ගම්මිරිස්, ඉඟුරු, සුදුළූණු, සියඹලා එකට අඹරල, දෙහි හරි විනාකිරි හරි දාලා හදපු පේස්ට් එකක් සැරින් සැරේ දෙපැත්ත ද දා ගාන්න ඔ්න. කොහොමහරි සැමන් එක පදම අල්ලගෙන එද්දි ඔයාට තේරෙනවනෙ. ඒ අතරට.. පාන් ගෙඩියක් දිග අතට දෙකට කපල, ඒකෙන් රෝස්ට් වෙච්ච නැති යට කෑල්ල අරගෙන ඒක ආයෙත් දිග අතටම දෙකට කපල, ඒකෙන් එක පලුවක් අරගෙන දෙකට පලලා.. බටර් ටිකක් එක්ක දෙපැත්තම පෑන් ෆ්‍රයි කරගන්න. ඊට පස්සෙ ඉතින් ඒකෙ යටටම තඩි බටර් ලේයර් එකක් ගාලා, උඩින් සැමන් තට්ටු තට්ටු අතුරල, මිරිස් ටිකක් එහෙමත් හීනියට ලියල දාලා, ලුණු ගම්මිරිසුත් පදමට දාලා.. 

රස බලන්නයි තියෙන්නෙ.

3. වෙජි කර්ඩ් සැලඩ් බන් බර්ගර්

මේක වෙජි කට්ටියට. කැමති එළවළු වර්ග, කැමති විදියට අරගෙන.. හැබැයි පොඩි පොඩියට කොටු කපාගන්න ඔ්න. ඊට පස්සේ.. ඒ ටික භාජනයකට දාලා පදමට ලුණු, ගම්මිරිස් එක්ක මී කිරි ටිකකුත් දාන්න. දාලා හොඳට කලවම් කරලා, අර කලින් බන් බර්ගර් එක හැදුව වගේම ප්ලේන් බන් 2ක් බටර් එක්ක පෑන් ෆ්‍රයි කරල අරගෙන, චිස් පෙත්තක් යටට තියල සැලඩ් තට්ටුවයි චීස් තට්ටුවයි, සැලඩ් තට්ටුවයි චීස් තට්ටුවයි..

කාල බලලම රස කියන්නකො..

4. වුඩ් ෆ්‍රයිඩ් සොසේජ් චීස් බ්‍රෙඩ් සබ්

මුලින්ම සොසේජස් ටිකක් අරගෙන හෝදල වටේටම ඉරි ගහගන්න. ඊට පස්සෙ ඒ ටික පදම් වෙන්න දාන්න මිරිස්, ලුණු, සියඹලා, තුනපහ, කහ, ඉඟුරු, සුදුළූණු, අබ එකට අඹරල දෙහි දාලා හදපු පේස්ට් එකක වරු බාගයක්වත්. ඊටත් පස්සේ.. ගිණිමැලයක් ගහලා සොසේජස් ටික අමු කෝටුවල අමුණලා.. ගිණිමැලේට උඩින් මැස්සක වගේ සෙට් වෙන්න තියන්න. හැබැයි මතක ඇතුව නිතරම දෙපැත්ත දාන්න ඔ්න. කොහොමහරි සොසේජස් පැලෙන්න ගන්නව කියන්නෙ පදම හරි. අන්තිමට ඉතින් ඒ සොසේජ් ටික අරගෙන හීනියට කොටු කපලා.. රස්නෙ පිටින්ම, අර කලින් සබ් එක හදද්දි කිව්ව වගේ දිග අතට පලල, බටර් එක්ක පෑන්ෆ්‍රයි කරල හදාගත්ත පාන් පලුවක, යටටම චීස් ලේයර් එකක් අතුරල ඊට උඩින් තොගේට අතුරන්න. හැබැයි කෑමට ගන්න විනාඩියක් ඉන්න හොඳද. මොකද දන්නවද? එතකොට තමයි සොසේජස්වල රස්නෙට චීස් මෙලෙක් වෙලා..

යම්.. ගාලා රස පදම එන්නෙ, හ්ම්..!

5. ‌ඩෙවිල්ඩ් සෝයා චීස් බ්‍රෙඩ් සබ්

මේක ඉතින් වෙජි අයටත් නැති අයටත් කාටත් කතහැකි. මොකද කනකොට නිකම් මස් වගේ. හැබැයි ඇත්තටම මස් නෙවෙයිනෙ.

ගන්න සෝයා ටිකක් තම්බල කරල. අරගෙන.. පෑන් එකකට දාලා හීනියට ලියපු මාළු මිරිස්, මිරිස්, කැරට්, ලුණු, ලූණු, ගම්මිරිස්, සෝස්.. අඩුම කුඩුම සියල්ලම දාලා හොඳට ඩෙවිල් කරගන්න. හැබැයි එකක්, මේකෙදි අර බයිට් එකකට හදනව වගේ අම්බානක සෝස්.. නිකම් ග්‍රෙවි ගතියට තියෙන්න හදන්නෙ නෑ. ෆුල් ඩ්‍රයි ඩෙවිල් එකක් මේක. ඒ වගේම තමයි ලිපෙන් බාන කොටම හීනියට ලියපු චීසුත් ඇති තරමට එකතු කරන්න. හැබැයි කලවම් කරන්න යන්න එපා. කොහොමහරි අන්තිමටම.. අර කලින් සබ් හැදුව වගේම දිග අතට පලල, බටර් එක්ක පෑන්ෆ්‍රයි කරල ගත්ත පාන් පලුවක යටට චීසුත් තව ටිකකු් අතුරල, ඩෙවිල් ඇති හැටියට තුනී කරගන්නයි තියෙන්නෙ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide