සති මැද්දේ.. උදේ ගිහින් හවස එන්න! සොබාදහම් දවසක් ගත කරන්න කියාපු තැන් 6ක්.

අවුලක් ගන්න එපා යාළු. ඔය පළවෙනි නිවාඩුවනෙ. ඒක සතිය මැද්දෙ වැටුණට ටික මාසයක් යද්දි හරියයි!

හැබැයි මෙහෙමයි. පළවෙනි නිවාඩුව ය, සතිය මැද්දෙ වැටුණා ය කියල එදාට ගෙදරට වෙලා ඉන්න බෑ. ඒකටත් අනිවා කොහේ හරි යන්න ප්ලෑන් කරන්න ඕන. වාහනෙන්, බයිසිකලෙන් බැරි නම් අඩුම තරමෙ බස් එකේවත්. ඒ විතරක් නෙවෙයි, යාළුවො එන්න බෑ කිව්වොත් ගෙදර අය, ආදරණීයයන්, කවුරුත්ම නැත්නම් තනියම හරි යන්න ඕන. මොකද තනි දවසෙ ටුවර් එක නිසා ලොකු අවුලකුත් නෑනෙ. අනික උදෙන් ම ගියා නම් හිතේ හැටියට සන්තෝස වෙලා, නාලා කරල රස කෑම ටිකක් එහෙමත් කාලා, සොබාදහමත් හිතේ හැටියට විඳගෙන එන්න පුළුවන්.

ඒ නිසා අපි කල්පනා කළා ඔයාලගෙ ටුවර් එක ප්ලෑන් කර ගන්න පොඩි සපෝට් එකක් දෙන්න. හැමදාමත් වගේ අපූරු අපූරු තැන් ටිකක් කියන්න. එහෙනම් බලන්නකො. හැබැයි බලන ගමන් පොඩි ප්ලෑනකුත් ගහගත්ත නම් තමයි වැඩේ තවත් ලේසි වෙන්නෙ.  

1. Mithirigala, Nissarana Forest Reserve

පෝය දවස නිසා බැතිමත් පිරිසට නම් සෑහෙන්න වටීවි. හැබැයි, අනිත් කට්ටිය කියල ඔහේ ගිහින් බෑ. හරි පිළිවෙළකට යන්න ඕන හොඳද?

මෙතනට යන්න තියෙන්නෙ කඩුවෙල, දංගල්ල හරහා මීතිරිගලට ගිහින්. එතනින් ආරණ්‍ය සේනාසනය කොහෙද කියල ඇහුව නම් ඕන කෙනෙක් පෙන්නයි. මොකද එක පාරක් ගිය කෙනෙක්ට වුණත් සදාකල් මතක හිටින තැනක්. නිතර දෙවේලෙ භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස්වලට විශේෂ ධර්ම සාකච්ඡා පවා තියෙනව. හැබැයි ඉතින් තනිවෙලා ඉඳගෙන ධර්මය මෙනෙහි කරන්න සුදුසු ගල්ලෙන්, විශාල රුක් ආසන වගේ ඒවා නම් මෙතන ටිකක් අඩුයි. ඒත් ඉතින් ඇවිද ඇවිද කුරුල්ලො බලන්න නම් කියාපු තැන.

2. Ceylon Adventure (077 3603723)

මේක තියෙන්නෙ කිතුල්ගල, බෙලිලෙන හංදියෙ. නමේ පරිසමාප්ත අර්ථයෙන්ම, අතිශය ඇඩ්වෙන්චර් විදියට වැඩේ කරගෙන යන මෙයාලා ළඟ නැති ඇඩ්වෙන්චර් ස්පෝර්ට් එකකුත් නැති තරම්. වෝටර් රාෆ්ටින්ග්, කැයොනිග්, ඇබ්සෙලින්ග් වගේ සුපිරි ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් අතරට පොඩ්ඩන්ට ගැලපෙන එක එක රෝප් ඇක්ටිවිටීසුත් මෙයාලා ළඟ තියෙනව. ඒ හැරුණාම ඉතින් ට්‍රෙකින්ග්, සයික්ලින්ග්, වයිල්ඩ් කෑම්පින්ග් වගේ ඒව කොහොමත් තියෙනවනෙ. වැඩ්ඩො ඉන්නව නම් ක්ලිෆ් ඩයිවින්ග්, ස්ලයිඩින්ග් වුණත් කරන්න පුළුවන්. සිලෝන් ඇඩ්වෙන්චර්ලගෙ විශේෂත්වය තමයි, ඔයාලා සහභාගි වෙන මේ හැම වැඩකදිම එයාලගෙ කෙනෙක්, පරිස්සමට පිටිපස්සෙන් ඉන්න එක. ඒ නිසා ඔයාට බය වෙන්න කාරණාවක් නම් ඇත්තෙ ම නෑ.

3. Bodhinagala Hermitage

කොළඹට ගොඩක් ම කිට්ටු තැනක්. ඉංගිරිය කිව්වාම හුඟ දෙනෙක් දන්නවත් ඇතිනෙ. ඉංගිරියෙන්, බෝධිනාගල හරහා දොඹගස් කන්ද රක්ෂිතයට ගියා නම් බෝධිනාගල ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. හැබැයි කැලේ මැදින් පැය බාගෙක විතර පා ගමනක් යන්න තියෙනව. කළු ගං මිටියාවතේ තියෙන අපූරු පිහිටීම මේ ආරණ්‍යය අවට පරිසරය නම් හරිම නිස්කලංකයි. කුරුලු කොබෙයියොත් එමටයි. භාවනා කරන්න වගේම නිදහසේ ඇවිදින්න කරන්නත් කියාපු පරිසරය. මොකද ගල් තලා, පුංචි දිය පාරවල් එහෙමත් හොඳ හැටි තියෙනවනෙ.

4. Rathnapura, Wewel Watta to Balangoda Road Trip

යාළුවොත් එක්ක සෙට් වෙලා කරන්න සුපිරි වැඩක්. සොබා සෞන්දර්යයෙන් පිරිච්ච පාරක් දිගේ බයිසිකල් සවාරියක්.

මුලුමනින්ම කැලේ මැද්දෙන් වැටුණු පාරක තමයි යන්න තියෙන්නෙ. කිලෝමීටර 80කට එහා පැත්තෙ තියෙනව. පැය 4ක විතර ගමනක්. පටන් ගන්න තියෙන්නෙ රත්නපුරෙන්. අරගෙන වෙවෙල් වත්ත පාර දිගේ යන්න ඕන. ඒ අතරෙදි කටුගස් ඇල්ල එහෙමත් බලා ගන්න පුළුවන්. කළු ගඟ දිගේ සෑහෙන්න දුරක් වෙනකම් වැටිලා තියෙන මේ රයිඩ් එක ඊට පස්සෙ එකතු වෙන්නෙ බඹරකොටුව ගඟට. ඔය විදියට ඉස්සරහට ගියාම කැලේ ඇතුළෙ හැංගිලා ඉන්න දෙහෙන ඇල්ල, මෝහීනී ඇල්ල එහෙමත් මුණ ගැහෙනව. වෙවෙල් වත්ත පහුවෙද්දිම වගේ හමුවෙන බේරුවත්ත ඇල්ලත් හරිම ලස්සනයි. කොහොම වුණත් බඹර ඇල්ල, රාස්ස ගල පැත්තට කිට්ටු කරන්න නම් පාන්දරින්ම පිටත් වෙන්න වේවි.

5. Guruge Nature Park

මීගමු පාරෙන්, ජා ඇල-ගණේමුල්ල පාරට දාලා කිලෝමීටරයක් විතර ගියා නම් ගුරුගේ නේචර් පාර්ක් එකට යන්න පුළුවන්. ඇත්තටම ෆැමිලි ට්‍රිප් එකක් යන්න කියාපු තැන. බෝට්ටු පදින්න, සත්තු බලන්න, හිතේ හැටියට සොබා සෞන්දර්යය විඳින්නත් පුළුවන්. ඇතුල් වෙන්න රු. 500ක වගේ ටිකට් එකක් ගත්තට පාඩු නෑ. මොකද කෑම බීම, අඩු පාඩුත් ඇතුලෙන් ම ගන්න පුළුවන්නෙ.

6. Negombo Lagoon

මීගමුව කලපුව අවට පරිසරයත් හැන්දෑවට හරිම ලස්සනයි. රතු පාට ඉර බැහැගෙන යද්දි, රුවල් ඔරු විමානෙක බෝට්ටු සවාරියක් යනව කියන්නෙ? පිස්සු හැදෙනව ඉතින්. අනික ඒ පැත්තෙ රෑ වෙන්න, රෑ වෙන්න කොහොමත් පාර්ට් සීන් එකක් තියෙන්නෙ. අපි මේ කියන්නෙ රෑට පාර්ටි දාන්න කියලම නෙවෙයි ඊට කලින් දවල් වරුවෙ මෝටර් බෝට්ටුවක් අල්ලගෙන සවාරියක් යන්න කියල. කලපු කුරුල්ලො බලල, කඩොලාන හෙවණට වෙලා රෙස්ට් එකේ ඉඳල එහෙම. අනික බ්‍රවුන් බීච් පැත්තෙ බැහැලා පොඩියට මොනව හරි කරන්නත් බැරියැ නේ…

හැබැයි ඉතින් එකක් මතක තියාගන්න ඕන. කට්ටිය එක්ක ගියත් තනියම ගියත් හොඳ සිහි කල්පනාවෙන් විශේෂයෙන්ම තමන්ගෙ ආරක්ෂාව බලා කියාගෙන පරිස්සමට ආපහු ගෙදර එන්න. මොකද ඇවිදින්න කරන්න තව නිවාඩු ඉස්සරහටත් තියෙනවනෙ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide