පරණ දෙයින් අළුත් වැඩක්! ලට්ට ලොට්ට එකතු කරල හදන්න පුලුවන් අපූරු දේවල් 6ක්.

දවසින් දවස කොරෝනා කතාව දිග්ගැස්සෙනව මිසක් විසඳුමක් නම් ලැබෙන පාටක් නෑ යාළු. වැඩේ කියන්නෙ එහෙමයි කියල ඉතින් අපිට තව තවත් ගෙදරට වෙලා නිකම් ඉන්නත් බෑනෙ නේ..

අන්න ඒ නිසා.. අපි කල්පනා කලා…

අළුත් අවුරුද්දෙ, ඔයාට ගෙදර ඉඳන් කරන්න අළුත් අළුත් වැඩ ටිකක් කියන්න. හැබැයි.. ඒ අළුත් දේවල් වලින් නම් නෙවෙයි. ප්‍රයෝජනයක් ගන්න බැරි, ඔයාලා අයින් කරපු, කුණු ලොරියට දෙන්න හිතාගෙන ඉඳපු පරණ දේවල් වලින්.

බලන්නකෝ.. බාග වෙලාවට මේවා නොහිතපු විදියට ඔයාට ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන්!

1. බෝතල් ලෑම්ප්ෂෙඩ්

පාට පාට, කැඩිච්ච බිඳිච්ච පරණ වීදුරු බෝතල් අරගෙන.. ඔයාට පුලුවන් ඔයාගෙ කාමරේට අමුතුම පෙනුමක් ගන්න පුංචි වැඩක් කරන්න. ඒ කිව්වේ.. දැනට නිකම් එල්ලෙන බල්බ් එක තියෙනව නේ.. අන්න ඒකට හදන්න පොඩි ලෑම්ප්ෂෙඩ් එකක්. කරන්න තියෙන්නෙ ඔයාට හොඳයි කියල හිතෙන පාටක බෝතලයක් හරි නැත්නම් සුදු පාට බෝතලයක් හරි අරගෙන.. ඒක බිඳිල නම් අඩිය කොටස අයින් කරල කට පැත්තෙ ඉඳන් පහලට අඟල් 6ක විතර කොටසක් ඉතුරු කරගන්න එක. ඒත් ඒක කැඩිල නැත්නම්.. පරිස්සමට, වීදුරු කටු විසි නොවෙන්න බෝතලේ කඩලා.. ඒ වගේ කොටසක් හදාගන්න. හදාගෙන අතපය කපාගන්නෙ නැතුව ඒකෙ ලේබල් හරි මොනවහරි පැල්ලම් තියෙනව නම් ඒවා යනකම් හොඳට හෝදලා.. වේල ගන්න. වේලල හිටං. අර හැඩයක් නැතිව කැඩුණු දාර දිගටයි, වටේටයි සීල් වෙන්නම සිලිකන් ගම් ගාන්න. ගාලා වේලුණාට පස්සේ.. ලැම්ප් ෂෙඩ් එකේ වැඩේ නම් හරි. හැබැයි ඕක බල්බ් එකට බර එන විදියට එල්ලන්න එපා. බෝතලේ කටට හීනි ලණුවක් රවුමට ලස්සනට ඔතල ගැටගහලා.. ඒක වයර් එක දිගේ කරකවල උඩට ගෙනිහින් එතනට සෙට් කරන්න.

2. බෝතල් කෝප්ප

ඊට පස්සෙ ඔයා කඩපු බෝතලේ අඩියෙ බාගෙ තියෙනව නේ.. අන්න ඒක ගන්න යාළු තියෙන උසටම. අරගෙන.. හෙමිහිට හොඳ ඝනකම්ම වැලි කඩදාසියකින් තියුණු දාරෙ මදින්න. ටිකක් මැදගෙන යනකොට ඔයාට තේරෙයි ඒක හොඳට සුමට වෙලා කියල. හැබැයි එහෙමයි කියල එතනින් නවත්තල බෑ. දෙවනි වටය ඝනකම් අඩුම වැලි කඩදාසියකින් ආයෙත් හොඳට මදින්න ඕන. මැදලා වතුර, සබන් ටිකක් දාලා හෝදලා.. ආයෙ දාරෙ දිගේ හෙමීහිට ඇඟිල්ල යවල බලන්න පොඩ්ඩක් හරි තියුණු තැන් තියෙනවද කියල. එහෙම තියෙනව නම් ආයෙත් එතන ඝනකම අඩු වැලි කඩදාසියෙන් මදිගන්න ඕන. කොහොම කොහොමහරි හොඳට අධීක්ෂණය කරල වැඩේ අහවර කරගත්තට පස්සේ නම්.. ඔන්න ඔයාට වතුර බොන්න වීදුරුවකුත්!

3. ඇඳුම් රෙදි බෑග්

පරණ වුනාට කාටහරි දෙන්න පුලුවන් ඇඳුම් නෙවෙයි ඉරිච්ච ඇඳුම් තියෙන්නෙ. අන්න ඒවයින් හොඳ හොඳ පාට පාට ඒවා ටිකක් තෝරලා.. ඒවයිත් වැඩිය ඇඟට මැදිච්ච නැති කොටස් තෝරල අරගෙන.. හිතේ හැටියට අතේ හුරුවට එක එක හැඩ වලට කපාගන්න. කපාගෙන සියල්ලම මේසයක් උඩ අතුරලා.. ඒ ඒ හැඩ හැකි උපරිමයෙන් ගැලපෙන විදියට ලංකරලා.. හොඳට මහගන්න. එතනදි ඉතින් ඔයා මහන්න දන්නෙ නැත්නම් වයිෆ්ට හරි, අම්මට හරිවත් දෙන්න බැරියැ. කොහොමහරි මැහුවට පස්සෙ ලොකු රෙද්දක් වගේ සෙට් වෙනවනෙ. ඒකෙ උපරිම ප්‍රයෝජනය එන විදියට, ගෙදර ඉන්න මැහුම් ගෙතුම් වැඩ්ඩගෙ උපදෙසුත් අරගෙන, හැඩයක් කපල.. ඉතිරියෙන්ම පුලුවන් නම් පටි දෙකකුත් හදාගෙන බෑග් එකක් මහගන්න. ආයෙ ඉතින් ඊට පස්සෙ ඔය කඩේට යන වෙලාවට බොරුවට පොලිතින් හොය හොය ඉන්නයි, වක්‍රාකාරව පරිසර දූෂනයට සම්භන්ධ වෙන්නයි ඕන නෑ. 

100% ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි.. ඕන්න.

4. සෙරෙප්පු සපත්තු කප් පෑඩ්

ලෑල්ලටම ගෙවිච්ච බාටා දෙක, නැත්නම් අඩිය හිල් වෙන්නම දාපු සපත්තු දෙක.. අරගෙන බලන්න යාළු සාමාන්‍යයෙන් අඟල් 3⨯3 හරි ඊට වැඩි කෑල්ලක් හරි කපාගන්න ඉඩ තියෙනවද කියල. එහෙම තියෙනව නම් වැඩේ හරි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ හොඳට කැපෙන පිහි කතුරු ආම්පන්න සියල්ලම ලඟට ගන්න එක. අරගෙන තියෙන විදියෙන් උපරිම සයිස් එක එන විදියට, අඩිය පැත්තෙ හැඩයක් ඇඳලා.. කපාගන්න. එතනදි නිකම් කපන්න අමාරු නම් පිහිය රත් කරල කැපුවත් අවුලක් නෑ. කොහොමහරි ඒ කෑල්ලෙ ඝනකම සෙන්ටිමීටර බාගයක්වත් තියෙන්න ඕන. කැපුවට පස්සෙ ඒකෙ දාර ටිකත් ඝනකම අඩුම වැලි කඩදාසියකින් මැදලා.. කැපුම පැත්තෙ ලෙවල් එක නැත්නම් ඒකත් ලෙවල් එකට වැලි කඩදාසියෙන්ම අල්ලලා.. හෝදල වේලල ගත්ත නම්, අර කලින් හදපු කෝප්පෙට ඔන්න කෝප්ප පෑඩ් එකකුත්..

5. ලෝහ කෑලි ඇසෙම්බ්ල් ආර්ට්

ගොඩ දෙනෙක් දන්න කියන වගේම ආස කරන අපූරු ආර්ට් එකක්. ලොකුවට කරනව නම් ඉතින් ලොකු වැඩපලක් ඕන. ඒත් එහෙම නැතුව ඔයාට පුලුවන් ගෙදරදිත් ඔය පොඩි පොඩි ලෝහ කෑලි එකතු කරල මොනවහරි හදන්න ට්‍රයි කරන්න. ඒකෙදි වෙල්ඩර් එකක් තියෙන්නම ඕනත් නෑ. සාමාන්‍යයෙන්.. ඉක්මනට උණුවෙන ලෝහ විශේෂයෙන්ම ටින්. ඊට පස්සෙ මිටියකින් ගහල තලාගන්න පුලුවන් ඇලුමිනියම්. ලොකු හයියක් නැතත් පොඩියට හරි වෙල්ඩ් කරගන්න පුලුවන් ඊයම්. ඒ අතරට පයිප්ප බට කෑලි, ටයර් කෑලි වගේ උණු කරල සෙට් කරන්න පුලුවන් ලෝහ නොවෙන දේවල් ටිකක්.. එකතු කරලා.. එක තැනකට අරගෙන, හොඳට කල්පනා කරල, ප්ලෑන් එකකුත් ඇඳල වැඩේ පටන් ගන්න. හරියටම හරි ගියේ නැතත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ගැජට් එකක් ගොඩ දාගත්තොත් ඇතිනෙ.

6. මැටි වළං බිත්ති අලංකරණ

මේකත් ඔයාගෙ කාමරයටමයි. කැඩිච්ච බිඳිච්ච වළං කෑලි, උළු වගේ මැටි දේවල් ටිකක් ඉස්සෙල්ලම එකතු කරගන්න වත්ත වටේ රවුමක් ගහල. එකතු කරගෙන.. ඒවා හොඳට සබන් ටිකක් එහෙම දාලා හෝදලා වේලුවටත් පස්සෙ ඔයාට පුලුවන්..

ඒවයෙ එක එක චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න හැකියාවක් නැත්නම් ස්ටෙන්සිල් වගේ දෙයක් කරන්න. එහෙමත් නැත්නම්.. ඒව පොඩි පොඩි කෑලි වලට කඩල නූල් ලණු පාවිච්චි කරල එල්ලෙන හැඩතල හදන්න.. වින්ඩ් චයිම්ස් හදන්න..

ආයෙ වැඩ නැතෑ කෝටියක් කරන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide