Go Pro ගන්න සල්ලි නැද්ද?; රු. 30,000ට අඩුවෙන් ලංකාවෙ ගන්න තියෙන හොඳම ඇක්ෂන් කැමරා 7ක්.

Go Pro ගන්න සල්ලි නැද්ද?; රු. 30,000ට අඩුවෙන් ලංකාවෙ ගන්න තියෙන හොඳම ඇක්ෂන් කැමරා 7ක්

ඇක්ෂන් කැමරා උණ කියන්නෙ හැදුණොත් ලේසියෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. කොටින්ම කියනව නම් එකක් ගන්නකම් නින්ද යන්නෙ නැති ගානයි. බොරු නම් අපේ යමු එකේ චින්තකයගෙන් අහන්නකො. 

පහුගිය මාසයක් විතර තිස්සෙ චින්තක කලේ උදේ වැඩට ආපු වෙලාවෙ ඉඳන් ඉන්ටර්නෙට් එක පුරාම ඇක්ෂන් කැමරා හොයන එක. එහෙම හොයල හොයල කොහොම හරි අමාරුවෙන් එකක් හොයගත්ත කියමුකො, ඒත් ඒක ලංකාවෙ ගන්න නෑ කියල දැන ගත්තාම හෙණ අප්සෙට්; මූණ එල්ලගෙන ඉඳල ගෙදර යනව. කොහොම හරි මේ විදියට මාසයක් විතර ට්‍රයි කරල තමයි චින්තක ඇක්ෂන් කැම් එකක් ගත්තෙ.

චින්තක විතරක් නෙවෙයි, ඔය විදියට ඇක්ෂන් කැම් උණෙන් පෙළෙන අපේ යාළුවො තව සෑහෙන්න ඉන්නව කියල අපි දන්නව. 

වැඩේ කියන්නෙ, ගෝ ප්‍රෝ තිබ්බට ඒවයෙ ගාන වැඩි නිසා ගන්නත් බෑ. ඒ මදිවට චයිනීස් කෑලි වැහි වැහැලා. අතේ තියෙන්නෙ පොඩි ගානයි. ඒ ගානට තියෙන කැම් ලංකාවෙ නෑ. 

එහෙමයි කියල ඉතින් ඇක්ෂන් කැමරා නොගෙන ඉන්නත් බෑනෙ. අන්න ඒ නිසා අපි හිතුවා ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ඒකයි කොහොම හරි හොයල හොයල, ලංකාවෙ ගන්න තියෙන, ගාන අඩු, හොඳ ඇක්ෂන් කැමරා ටිකක් හොයා ගත්තෙ. 

එහෙනම් කියවල බලල අරගන්නකො, උණ හොඳවෙන්නත් එක්ක ඇක්ෂන් කැම් එකක්.

1. Xiaomi YI 2

මෙගා පික්සල් 12ක සෙන්සරයක් තියෙන මේ කැම් එකට අපේ ලිස්ට් එකේ එක දෙන්න හිතුවෙ වෙන දෙයක් නිසා නෙවෙයි මේකෙ සෙන්සරය සොනි ආයතනයෙ හදන එකක් නිසා. හැරත් 4K, 30fps කොලිටියට පැය 1 ½ක් වීඩියෝ රෙකෝඩ් කරන්න, full HD, 60fps කොලිටියට පැය දෙකක් වීඩියෝ කරන්නත් පුළුවන්නෙ. අඟල් 2ක LCD ස්ක්‍රීන් එකක්, f/2 1550 ලෙන්ස් එකක්, වයිෆයි, බ්ලටූත්, මයික්‍රෆෝන් දෙකක් එහෙමත් තියෙන Xiaomi YI 2 එකේ පොඩි පොඩියට ෆොටෝ, වීඩියෝ එඩිට් කරන්නත් පුළුවන්. එතකොට පැති 6ක් හරහා වෙන සෙලවීම් එහෙමත් අඩු කරල තියෙන්නෙ. වැඩේ කියන්නෙ මේ කැම් එක තවම රිලිස් වුණ ගමන් නිසා කැම් එක විතරක්ම රු. 30,000ක් විතර වෙනව. 

2. SJ 8000

පොඩ්ඩක් ඉන්න, ළඟදිම ඒවි. චීනෙ හැදුවට මොකද SJ 8000වලත් තියෙන්නෙ සොනි ආයතනයෙ හදපු මෙගා පික්සල් 16ක සෙන්සරයක්. හැබැයි මේ කැම් එකේ නම් 4K, 24fps කොලිටියට විතරයි වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒකත් විනාඩි 40ක් විතර. ඔන්න full HD, 30fps නම් විනාඩි 70ක් විතර පුළුවන්ලු. මේ කැම් එකෙත් අඟල් 2ක LCD ස්ක්‍රීන් එකක්, එතකොට වයිෆයි එහෙමත් තියෙනව. ඒ හැරුණාම, විශේෂත්වයක් විදියට 1700 වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් SJ 8000 ෆුල් සෙට් එකක් නම් රු. 15,000ට විතර ගන්න පුළුවන් වෙයි.

3. ELE Exporer Pro

SJ 8000 එක්ක බලද්දි නම් Exporer Pro එක ටිකක් උඩින් තියෙන්නෙ. මොකද මේකෙ 4K, 24fps කොලිටියට විනාඩි 70කට කිට්ටු වෙන්න වීඩියෝ කරන්න පුළුවන්. එතකොට full HD, 60fps විනාඩි 90ක් විතර පුළුවන්. ඒ හැරුණාම මෙගා පික්සල් 12ක සෙන්සරයයි, අඟල් 2 LCD ස්ක්‍රීන් එකයි, 1700 වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකයි නම් එ් විදියටම තියෙනව. මේ කැම් එකේ තියෙන විශේෂත්ව තමයි 120fps ස්ලෝ මෝෂන් වීඩියෝ කරන්න පුළුවන් එකයි, වතුර යටදි අඳුර අඩු වෙලා රෙකෝඩ් වෙන විශේෂ ඔප්ෂන් එකක් තියෙන එකයි. එහෙම බැලුවොත් රු. 15,000 වගේ ගාණකට ELE Exporer Pro එකක් ගන්න එක තමයි ලාභ.

4. Yashica YAC 401

ලොකු වගකීමකින් නම් නෙවෙයි මේ කැම් එක ගැන කතා කරන්නෙ. මොකද ළඟදි ආපු කැම් එකක්නෙ. හැරත් ඒ හැටි පාවිච්චි කරපු කට්ටියත් හරිම අඩුයි. කොහොම වුණත් මොකද Yashica YAC 401 එකෙත් 4K, 24fps කොලිටියට පැයක් විතර වීඩියෝ කරන්න පුළුවන්. full HD, 30fps නම් විනාඩි 90ක් වගේ තමයි. මේකෙත් 1700 වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් තියෙනව. සෙන්සරය මෙගා පික්සල් 12යි. විශේෂයෙන් කියන්න තරම් වැඩ කෑලි නැති වුණාට කැම් එකේ ගාන රු. 20,000ක් විතර වෙනව.

5. Samurai Ninja Pro

මේ කැම් එක ගැනත් හරිහමන් විස්තරයක් දන්න කෙනෙක් හොයා ගන්න බැරි වුණා. මොකද තාම ලංකාවට එන ගමන්නෙ. හිතන විදියට ගාන රු. 30,000ක් වගේම වෙයි. මෙගා පික්සල් 12ක සෙන්සරය, විනාඩි 40කට කිට්ටු 4K, 30fps වීඩියෝ රෙකෝඩින්ග්, විනාඩි 70කට කිට්ටු full HD වීඩියෝ රෙකෝඩින්ග් වගේ වැඩ තමයි මේ කැම් එකේ තියෙන්නෙ. ලෙන්ස් එක නම් අනිත් ගොඩක් ඇක්ෂන් කැමරාවල වගේ 1700යි. වයිෆයි එහෙමත් තියෙන නිසා හොඳ වැඩ ටිකක් ගන්න නම් බැරි වෙන එකක් නෑ.

6. Transcend Drive Pro 220

ඩෑෂ් කැම් එකක් විදියට මාර්කට් එකට ආපු Drive Pro 520වල තියෙන්නෙ මෙගා පික්සල් 3ක සෙන්සරයක්. හැබැයි full HD, 30fps කොලිටියට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන මේ කැම් එකේ ලෙන්ස් එක පට්ට හොඳයි. මොකද ඒක f/1.8 1300 ලෙන්ස් එකක්. හැබැයි ඉතින් රු. 20,000ක් දීලා ගන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.

7. Transcend Drive Pro 520

සෑහෙන වැඩක් ගන්න පුළුවන් කැම් එකක්. ඇත්තම කියනව නම් Drive Pro 520 එකේ ඉස්සරහයි පිටිපස්සෙයි කැමරා දෙකක් තියෙනව. ඉස්සරහ එකේ full HD, 30fps රෙකෝඩ් කරන්න පුළුවන්. ඒත් පිටිපස්ස එකේ පුළුවන් 720, 30fps විතරයි. එතකොට ඉස්සරහ කැම් එකේ ලෙන්ස් එක f/1.8 1300. ඒත් පිටිපස්සෙ එකේ f/1.8 1100. විශේෂයෙන් කියන්න ඕන මේකෙ ඉස්සරහ කැම් එකේ තියෙන LED ලයිට් 4 නිසා රෑට වුණත් කිසිම අවුලක් නැතුව වීඩියෝ කරන්න පුළුවන්. මේ කැම් එක නම් ඇත්තටම රු. 30,000කට පාඩු නෑ කියල තමයි අපිට හිතෙන්නෙ.

මේ 7 හැරුණාම ඉතින් තව චයිනීස්ම කෑලි සැහෙන්න තියෙනව. ඒව ගැන වගකීමෙන් කතා කරන්න බෑනෙ යාළුවනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide