මේ යක්කු ගැන දන්නේ නැත්තන් ලංකාවේ ඉඳලත් වැඩක් නෑ යකෝ!.

“ඇයි යකෝ මේක පුදුම වැඩක්නේ”

“මේ යකා මාර කතානේ කියන්නේ”

“කියන තරම් යකා කළු නැහැ”

“යන යකා කොරහත් බිඳගෙන යනවා”

අපේ එදිනෙදා කතා බහේ වගේම ප්‍රස්ථාව පිරුලුවල “යකා” කියන වචනේ යෙදෙන්නේ ඔය විදියටනේ. කටට ආව පළියට ඕවා කිව්වට, ගොඩක් අය ඔය කතා කියන්නේ මේ යක්කු ගැන දැනගෙන නෙවෙයි. යක්කු කියන්නේ අදටත් අපේ සම්ප්‍රදායේ කොටසක්. ඉතින් එයාලා ගැන පොඩ්ඩක් කතා කරන්නයි මේ ලෑස්තිය.

1. මහසෝනා

Image credits – camarawenehalokaya.blogspot.com

“මහසෝනා”; නම ඇහුණත් බය හිතෙනවා වගේ. මොකද අපේ ජනප්‍රවාදයේ එන භයානක ම යක්ෂයා විදියට සැළකෙන්නේ මේ මහසෝනා, හෙවත් රිටිගල ජයසේන. මෙයාගේ කතාව දැනගන්න නම් දුටුගැමුණු රජතුමාගේ කාලෙට යන්න ඕනේ.

දුටුගැමුණු රජතුමාගේ හමුදාවේ ඉඳපු රිටිගල ජයසේන, බොහොම ශක්ති සම්පන්න යෝධයෙක්. ඔහුත් එක්ක ද්වන්ධ සටනකට එන කිසිම කෙනෙක් යහතින් නම් ගෙදර යන්නේ නැහැ. කිසිම සටනකින් පරාජය නොවුණු යෝධයෙක් විදියට ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියා.

මේ හමුදාවේ ම හිටිය ගෝටයිම්බර, කාය සවි ශක්තිය අතින් ඉහළ තවත් යෝධයෙක්. මේ යෝධයෝ දෙන්නා අතරේ ඒ හැටි ඇයි හොඳයියක් තිබුණේ නැහැ. සමහර පොත්පත්වල තිබුණු විදියට නම්, මේ අමනාපයට හේතුව වෙලා තියෙන්නේ ගෝටයිම්බරගේ බිරිඳයි. මේ බිරිඳ බොහොම සුරූපී කාන්තාවක් ලු. ඒ රූපයට වහ වැටුණු ජයසේන, තමන්ගේ බිරිඳ දිහා නොමනා බැලුම් හෙළන විදිය ගෝටයිම්බරගේ ඇහැ ගැහිලා තියෙනවා. ජයසේනගේත්, ගෝටයිම්බරගේත් නෝක්කාඩුව පටන්ගෙන තියෙන්නේ ඔතැනින්.

Image credits – wikimedia.org

තමන් එක්ක සටනකට එන ලෙසට, ගෝටයිම්බර යෝධයා ජයසේනට අභියෝග කරන්නේ මේකේ ප්‍රතිඵලයක් විදියට. ගෝටයිම්බර යෝධයා උඩ පැනලා දුන්න පා පහරට, රිටිගල ජයසේනගේ ඔලුව ගැලවිලා විසිවෙනවා. කවදාවත් සටනකින් නොපැරදුණු ජයසේන, ගෝටයිම්බරට පැරදෙන හැටි බලන් උන්නු ජයසේනගේ මිතුරු සෙනසුරා, ඒ හරියෙන් ගමන් ගත්ත වළහෙක්ගේ ඔලුව කඩාගෙන ඇවිදින් ජයසේනගේ හිස නැති කඳට සවි කරා ලු. මෙයින් පණ ලබාපු ජයසේන, රියන් අසූ එකක් උස, ඇස් තුනක්, අත් හතරක් ඇති මහසෝන් යක්ෂයා බවට පත්වුණු බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

සොහොන් පිටි ළඟ, තුං මං හන්දි මැද ගැවසෙන්න ප්‍රිය කරන මහසෝන් යක්ෂයාට බිලිවුණු කෙනෙක්ගේ උරහිසේ, ඔහුගේ අත්ලේ පහර තියෙනවා කියලා, ගැමියන්ගේ අදහසක් තියෙනවා. “මහසෝනා ගහලා මලා”” කියන්නේ එහෙව් වෙලාවට ලු. ඒ විතරක් නෙවෙයි, කෙනෙක්ගේ ඇඟට ආවේශ වෙන්නත් මේ යකාට හැකියාව තියෙනවා ලු.

2. රීරි යකා

ලංකාවේ ඉන්න වැම්පයර් තමයි මේ. භයානක පැත්තෙන් ගත්තොත්, මහසෝනට විතරක් දෙවැනි වෙන අනිත් යක්ෂයා වෙන්නේ රීරි යකායි.

පැරණි ගැමි කතාවලට අනූව ගත්තම, රීරි යකාගේ නිජබිම ඉන්දියාව. මෙයාගේ මව සහ පියා මනුස්සයන් වුණත්, පොඩි කාලේ ඉඳල ම සත්තුන්ගේ ලේ බොන පුරුද්දක් මේ ළමයට තිබිලා තියෙනවා. ඊට බයවුණු ගමේ මිනිස්සු, එයාව යක්ෂ පැටියෙක් විදියට හඳුන්වලා තියෙනවා.

ජනප්‍රවාදේ තියෙන විදියට රීරි යකාට තියෙන්නේ රතු පැහැ මනුස්ස කයක් සහ, වඳුරු හිසක්. සොහොන් ආශ්‍රිතව කල් ගෙවන්න ප්‍රිය කරන මේ යකා, ලේ බොන්න හරිම රුසියා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ට ලේ සම්බන්ධ ලෙඩ රෝග හදවන්නත් රීරි යකාට හැකියාව ඇති බව තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. ඇඟ සුදුමැළි වෙලා, ලේ කඳුළක් නැති ගාණට හොඳටම කෙට්ටුවෙලා ඉන්න ලෙඩෙක් ගෙදර ඉන්නවනම්, රීරි යකාට මලපිල්ලියක් දෙන්න ඒ ගැමියන් පුරුදුවෙලා හිටියා.

3. මෝහිනී

“අනේ අයියේ, මට පොඩි උදව්වක් කරනවද? මම මේ රෙද්ද ගැට ගහගන්නකම් මගේ දරුවා ව පොඩ්ඩක් වඩාගන්නවද?”

“නංගි දරුවා ව ළඟ තියාගන්න, මම රෙද්ද ගැටගහන්නම්”

මතකයි නේ කතාව? මේක ඉතින් අපේ කට්ටිය හදාගත්ත විහිලු කතාවක්. ඒ වුණාට ජනප්‍රවාදේ මේක තියෙන්නේ මේ විදියට නෙවෙයි.

Image credits – kawilanda.blogspot.com

මෝහිනී කියන්නේ රූමත් කාන්තා වේශයෙන් ඉන්න යක්ෂණියක්. දරුවෙක් එහෙම වඩාගෙන, සුදු සාරියක් ඇඳලා තමයි මෙයා ඉන්නවා කියන්නේ. පිරිමින්ට බැල්ම දාන යකින්නක් විදියටයි මෙයාව ප්‍රසිද්ධ (මෝහිනී යන නමේ තේරුමත් “ මුළා කරන්නී” කියන එක ලු නේ). තනියෙන් මඟ යන තරුණයෙක් ට, කලින් කිව්වා වගේ තමන්ගේ දරුවා ව අල්ලගන්න කියලා මේ යක්ෂණිය ඉල්ලීම් කරනවලු. සමහර අය කියන විදියට, ඊටපස්සේ මොහිනීගේ පෙනුම, බියකරු විදියට වෙනස් වෙනවා. මේකට බය වෙන පිරිමින්ට තමයි “මෝහිනී ගැහුවා””ය කියලා කියන්නේ.

හැබැයි, මේ ජනප්‍රවාදයේ එන එක කතාවක් විතරයි. මෝහිනී ගැන තවත් වෙනස් විදියකටත් අපට අහන්න ලැබෙනවා.

පෙම්වතියක් හිටියත් නැතත්, තමන්ගේ අධික රාගාධික හැඟීම් හංගාගෙන ඉන්න තරුණයන් වෙත රාත්‍රියේදී ළඟා වෙන මෝහිනී, නින්දෙන් ඉන්න ඔහු සමඟ සංවාසයේ යෙදෙනවා ලු. හැමදාම මෙහෙම වෙද්දී, මේ තරුණයා පරැඬලක් ගාණට ම කෘශ වෙනවා ලු. සමහර වෙලාවට ඔහුගේ කණට කොඳුරලා, ඔහු ලවා නිවසේ දොර අරවා පිටතට ගෙනගොස්‌ යක්‍ෂාවේෂයෙන් බිය වද්දන්නත් මෝහිනී සමත් වෙනවා. ගොඩක් වෙලාවට බෑවුම් දිය කඩවල්, වැව්, පොකුණු හා සොහොන් පොළවල්වලට එක්කරගෙන ගිහින් මරා දමන්නත් පෙළඹෙනවා ලු. හැබැයි නින්දෙන් ඇවිදින මේ තරුණයා, තමන්ගේ පයේ සීතල වතුර ගෑවුණු ගමන් ඇහැරෙන බව තමයි කියන්නේ. එතකොට ඔහුට වෙන්න තියෙන වින්නැහියෙන් ගැළවෙන්න පුළුවන්. මොහිනීගේ දිෂ්ටිය වැටිලා ඇති බව වැටහුණොත්, ඒ තරුණයා නිදාගන්න කාමරේ සහ ගෙදර තියෙන අනිත් දොරවල් ළඟ තෙත් කරපු ගෝනි තියන්න ගැමියන් පුරුදුවෙලා ඉන්නේ ඒ නිසයි.

4. කළු කුමාරයා

කාන්තාවන් ට බැල්ම හෙලන කළු කුමාරයාගේ උප්පත්තිය ගැන විවිධ කතාන්දර තියෙනවා. සමහර අය කියන විදියට, ඔහු ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ. මාළිගාවක ඉඳපු කුමාරිකාවකගේ පළමු මල්වරයේ කිළිටි රෙද්දක්‌ දැකපු නිසා, ඇය වෙත ආදරය කරන්නට ඔහු පෙළඹිලා තියෙනවා. ඒත් ඒ ආදරය නොලැබුණු නිසා සිය දිවි නසාගත්ත ඔහු, කළු කුමාරයා නම් යක්ෂයෙක් විදියට උපත ලබාපු බව කියැවෙනවා.

ජනප්‍රවාදයේ තවත් තැනක කියන විදියට නම්, කළු කුමාරයාගේ නිජබිම ලංකාවයි. අනුරාධපුර යුගයේ ඉඳපු පුවෝතල රජතුමා දරුවන් නැති දුකෙන් පසුවුණු කෙනෙක්. ඔහුට දාව, අනියම් බිසවකට දරුවෙක් ලැබෙන්නේ මේ අතරේදීයි. “නීල මදන කළු කුමාර” කියන නම ඔහුට ලැබුණා. වයසෙන් වැඩෙද්දී බොහොම ශක්ති සම්පන්නක් වුණු මේ කුමාරයා, සොළී ආක්‍රමණවලට එරෙහි සටන් කරන්නත් පෙළඹුණා. සොළීන් පැහැරගෙන ගිය තරුණ දරුවන් දෙදෙනෙක් සොයා යන්න ඉදිරිපත් වුණු ඔහු, වැරදීමකින් සොළී රටේ ස්ත්‍රීන් විතරක් ඉන්න ප්‍රදේශයකට ගියා. ඒ කාන්තාවන් අතින් මරුමුවට පත්වෙන්න ඔහුට සිදුවුණේ හරිම අවාසනාවන්ත විදියට. ගැහැණුන් අතින් මරණයට පත්වෙලා මියයන්න වීමේ කේන්තිය නිසා, “කළු කුමාරයා”” යන යක්ෂ වේශයෙන් ඔහු උපත ලබා තියෙනවා.

නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්‌ස ගස්‌ ළඟ, කිරිගස්‌යට, මංසැල වල, රදා තොටුපල, හා පාළු ගෙවල් ආදී තැන්වල තමයි මොහු වැඩිපුරම ගැවසෙන්න ප්‍රිය කරන්නේ. ඔසප් වීම අක්‍රමවත් වීම, හිටි හැටියේ දරුවන් ගබ්සා වීම වගේ දේවල් වුණාම, ගැමියන් සැළකුවේ ඒ කාන්තාවට කළු කුමාර දිෂ්ටිය වැටිලා ඇති බවයි.

5. බෝදිලිමා

Image credits – lankadeepa.lk

බෝදිලිමා කියන්නේ රාත්‍රි කාලියේ එළිබසින, අප්‍රියජනක හඬක්‌ නඟන, කටුස්සෙක් නේ. හැබැයි අපේ පැරැන්නෝ මෙයාව සැළකුවේ අවතාරයක් විදියට සළකපු අවස්ථාත් තියෙනවා. ඔවුන් කියන විදියට, බෝදිලිමා කියන්නේ පිරිමින්ට වින කරන යක්ෂණියක්.

ඉස්සර කාලේ ඉඳපු ගැබ්බර කාන්තාවක්, දරුවා ලැබෙන්නට යාමේදී  ප්‍රසව වේදනාව නිසා මිය ගියා. එහෙම මිය යද්දී, ඇය ගැන හොයලා නොබලපු තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන ඇයට තිබුණේ පුදුම වෛරයක්. මේ නිසා පසු ආත්මෙදී ඇය බෝදිලිමා නම් යක්ෂණිය වෙලා ඉපදුණු බව ජනප්‍රවාදයේ තියෙනවා.

ගැමියන් කියන විදියට, රෑට තනි පංගලමේ පැල් රකින්න යන පිරිමින් ඉන්න ඉසව්වට එන බෝදිලිමා, මුලදී හීන් හඬින් නාද කරන්න පටන් ගන්නව ලු. ඊටපස්සේ කෙමෙන් කෙමෙන් ඒ සද්දය වැඩි කරලා, ඒ පිරිමින්ගේ ඇඟට පැන ඔවුන් ව හූරලා බය කරනව ලු. මෙන්න මේ නිසාම, තට්ට තනියමේ පැලට යන පිරිමින්, එයින් බේරෙන්න විවිධ කෙම් ක්‍රම පාවිච්චි කරන්නත් පුරුදු වෙලා ඉඳලා තියෙනවා

6. මහ කොළ සන්නි යකා

Image credits – lankadeepa.lk

පහතරට පැත්තේ පැවැත්වෙන තොවිල් පවිල්වල නටන දහඅට සන්නිය ඔයාලා දැකලා ඇති (සන්නි යකුම කියලත් මේකට කියනවා). යක්කු දහඅට දෙනෙක් තේමා කරගෙන කරන මේක බලසම්පන්න ශාන්ති කර්මයක්. මේ යක්කු පිරිස පාලනය කරන මහ යක්ෂයා තමයි “මහ කොළ සන්නි යකා””.

මේ යක්කු දහඅටදෙනා ප්‍රසිද්ධ, මිනිස්සුන්ට විවිධ රෝග ඇති කරන්නයි. බඩේ අමාරුව හදන්නේ “අමුක්කු සන්නි යකා””යි. ජලයෙන් ඇතිවන රෝග හදන්නේ “ජල සන්නි යකා””යි. අතක් පයක් කොර වෙනවනම් එකට හේතුව “කොර යකා””ගේ බැල්මයි. ඔන්න ඔය විදියට යක්කු දහඅට දෙනාට, විවිධ රෝග දහඅට වර්ගයක් හදවන්න හැකියාව තියෙනවා.

මේ යකාගේ කතාව පැවතගෙන ඉන්නේ බුදුන්ගේ කාලයේ සිටයි. ඒ කාලේ ජීවත්වුණු රජ කෙනෙක්ගේ බිරිඳක් අනාචාරයේ හැසිරීම නිසා ඇයට මරණ දඬුවම ලබාදෙන්න තීරණය වුණා. ඇය මරණයට පත්වෙන අතරතුරදී, දරුවෙක් වැදුවා. තමන්ගේ අම්මගේ මළකුණ ආහාරට අරගෙන වැඩුණු මේ ළදරුවා, පස්සේ කාලෙකදී මහ කොළ සන්නි යකා බවට පත්වුණු බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

7. උළමා

“යක් කුරුල්ලා”” විදියටත් පැරැන්නෝ හඳුන්වපු “උළමා”, අපේ ජනප්‍රවාදයේ එන තවත් යක්ෂණියක්. රාත්‍රියට උළමාගේ නාදය අහන්න ලැබෙන එක බොහොම  අවාසනාවන්ත සිද්ධියක පෙරනිමිත්තක් විදියටයි අපේ ගැමියන් සැළකුවේ. ඇතැම් අය කියන විදියට, මේ හඬ කාන්තාවකගේ ගෙල මිරිකද්දී ඇය දෙන ලතෝනියට සමානයි ලු. උළමා ගම්මානයක් කිට්ටුවෙන් හැඬූ දා ට පහුදා ගමේ මළ ගමක් සිදු වෙනවා ය කියලා කතාවකුත් තියෙනවා.

උළමා කියන යක්ෂණිය අපේ ජනකතාවලට එක්කාසු වුණු ආකාරය ගැන කතාන්දර කිහිපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි මේ වැදි සහෝදරයන්ගේ කතාව.

සහෝදර පේ‍්‍රමයෙන් කල් ගෙවූ වැදි අයිය, මලෝ දෙදෙනෙක් තමන්ගේ මව සමඟ දිවි ගෙව්වේ කැලේ තිබුණු ගල් ලෙනකයි. කාලයක් ගියාට පස්සේ මේ වැදි මලයා ලස්සන බිරිඳක් සහේට ගත්තා. ඒත් රූමත් බිරින්දෑ කෙනෙක් කැන්දාගෙන ආව තමන්ගේ මල්ලී ගැන, ඒ අයියා නම් පසුවුණේ සතුටින් නෙවෙයි.

මේ අයියා මලෝ දවසක් මීවද හොයන්න කැලේට ගෑටුවා. ගස් උඩ දුව පනින වඳුරු රැළක් දැකපු බාල සහෝදරයා, ඔවුන්ගෙන් එකෙක් අල්ලාගන්න ගහකට නැග්ගා. ගහ පාමුල ඉඳපු අයියා, මේක දැක්කේ මල්ලිගේ බිරිඳ ව තමන් සතු කරගන්න පුළුවන් හොඳම අවස්ථාව විදියටයි (වැදි සිරිතට අනූව, සහෝදරයා මිය ගියාම, ඔහුගේ බිරිඳ හිමිවන්නේ අනිත් සොහොයුරාටයි). තමන්ගේ දුන්න අතට ගත්ත ඔහු, මල්ලීගේ පපුව පාසා කරගෙන යන විදියට ඊතලයක් විද්දා. මිය ගිය මලයාගේ සුලැඟිල්ල කපාගත්ත අයියා, ඒක තමන්ගේ බුලත් මණ්ඩියට දමාගෙන ගෙදරට ගියේ කිසිම දෙයක් නොවුණු ගානට.

බාල පුතු රෑ කෑමටවත් ගෙදර නාව එක ගැන ඔහුගේ අම්මා පසුවුණේ තරමක කණස්සලෙන්. ඔහු එනකම් බලාගෙන ඉඳපු ඇයට බුලත් විටක් කන්න උවමනා වුණා. ලොකු පුතාගේ බුලත් මණ්ඩිය අවුස්සපු ඇයට දැකගන්න ලැබුණේ තමන්ගේ පොඩි පුතුගේ සුලැඟිල්ලයි. සිදුවී ඇති විපත්තිය වැටහුණු ඇය “අනේ මයේ පුතා කෝ” යි ළතෝනී තබමින් කැලයට දිව ගියා. ජනප්‍රවාදේ සඳහන් විදියට, පුතුගේ වියෝවෙන් මිය ගිය ඇය “යක් කුරුල්ලෙක්” විදියට ඉපදිලා තියෙනවා.

මේ යක්ෂයන්, යක්ෂණියන්ගේ කතාන්දරවල ඇත්ත, නැත්ත හරියටම කියන්න අමාරුයි. මේවා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අය වගේම, මේවා තඹේකට නොසළකා හරින අයත් අපි අතරේ ඉන්නවා. කොහොම වුණත්, මේවා අපේ සම්ප්‍රදායේ කොටස්. ඒ නිසා ඒවා ගැන දැන කියාගෙන ඉන්න එක කොයිකටත් හොඳයි නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide