අවුට්ඩෝර් වෙඩින් ලොකේෂන් එකක් හොයනවද? මෙන්න, ඒ වැඩේට කොළඹ අවට තියෙන හොඳ ම තැන් 8ක්.

ඉස්සර මිනිස්සු කරකාර බැන්දේ ගෙදර. පොල් කොළවලින් තොරණ බැඳලා, ශ්‍රී සුබ මංගලම් කියලා ගහලා, ගමට ම ඇහෙන්න රබන් ගහලා ගමේ ගොඩේ මඟුල් කාපු මිනිස්සුන්ගේ ජීවිත හරි ම සරලයි. ගොනා බැඳපු කරත්තේ නැගලා ගමේ වෙල් යාය මැද්දෙන් මඟුල් පෙරහැර ගමන් ගත්තේ හරි උජාරුවට. පරිසරයේ ලස්සන මඟුල් ගෙදර අලංකාරෙට එක්කාසු කරගන්නත් ඒ අය පසුබට වුණේ නැහැ.

හැබැයි අද නම් ගෙදරක මඟුලක් ගන්නේ හරි ම අඩුවෙන්. පර්චස් දහයක් අරගෙන ගෙදරක් හදාගත්ත ම ඉතින් ඒ ගෙදර මඟුලක් කන්න තරමට ඉඩක් එන්නේ නැහැනේ. වෙඩින් හෝල් සංස්කෘතිය බිහිවුණේ ඒ නිසයි. හැබැයි දැන්දැන් ඉන්ඩෝර් වෙඩින්වලට වඩා ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ අවුට්ඩෝර් වෙඩින් තමයි. පරිසරයේ ලස්සන තමන්ගේ විශේෂ දවසට ඈඳා ගන්න කැමති ගොඩක් අය මේ වැඩේ අනුගමනය කරනවා. හෝල් එකක් ඇතුළේ කොටුවෙලා ගන්න පින්තූරවලට වඩා, ස්වභාවික පරිසරයේ දේවල් පින්තූරවලට එකතු වුණා ම කොහොමත් එන්නේ අමුතු ගතියක්. අන්න ඒ වගේ වෙඩින් එකක් ගන්න ආසාවෙන් ඉන්න අයට ගැලපෙන, කොළඹ අවට තියෙන හොඳ අවුට්ඩෝර් වෙඩින් ලොකේෂන් කීපයක් ගැන කතා කරන්න අපි හිතුවේ ඒකයි.

1. Thotupola Lakeside (0777352372)

Image Source : Thotupola Lakeside

ගංගාවක් මැද්දේ හදපු පෝරුවක්, නිල්ල වගේ තියෙන තණකොළ බිස්සක් මත නිර්මාණය වුණු ඩාන්සින් ෆ්ලෝර් එකක්; Thotupola Lakeside කියන්නේ මෙන්න මේ හීන දෙක ම සැබෑ කරගන්න පුළුවන් අපූරු තැනක්. පිළියන්දල පිහිටලා තියෙන මේ හෝටලය අද්දරින් බොල්ගොඩ වැවේ එක කොටසක් ගලාගෙන යනවා. දවල්ට රිදී පාටින් දිලිසෙන මේ වැවේ වතුර හැන්දෑවට බබළන්නේ රන්වන් පාටින්. මොකද බැහැගෙන යන ඉරේ රැස් මේ වතුර උඩට වැටෙනවනේ. අහසයි, වැවයි එකතුවෙලා හදන මේ ලස්සන පසුබිම අල්ලලා කපල් එකේ අලංකාර පින්තූර ටිකක් ගන්නත් මේක හොඳ තැනක්.

ප්‍රධාන වශයෙන් වෙඩින් පැකේජ් හතරක් Thotupola Lakeside එකෙන් පිරිනමනවා. ඒ බ්‍රෝන්ස්, සිල්වර්, ගෝල්ඩ් සහ ප්ලැටිනම් වශයෙන්. ප්ලේට් එකක මිල සාමාන්‍යයෙන් රුපියල් 2550 – 4350 වගේ අතර ගණනක් තමයි වෙන්නේ. ඒ හැරුණා ම ටැක්ස් මුදලකුත් ගෙවිය යුතුයි. කොහොම වුණත් ගෙස්ට්ලා 120කට වඩා වැඩි ප්‍රමාණයකට සැප පහසුවෙන් ඉන්න පුළුවන් තරමේ ඉඩක් මේ හෝටලය සතු වෙනවා.

2. Bolgoda 360 (011 2644360)

Image Source : Focus Eleven Photography

බොල්ගොඩ වැවේ සිරියාව තමන්ගේ විශේෂ දවසට ඈඳා ගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ. මේක තියෙන්නේ පානදුරේ. තොටුපළ ලේක්සයිඩ් එකේ තියෙන බොල්ගොඩ වැවේ දර්ශනය මෙතැනිනුත් දැකගන්න ලැබෙනවා.

Bolgoda 360 එකේ වෙඩින් පැකේජ්වල ප්ලේට් එකක් රුපියල් 1750 – 3500 අතර ගණනකට අලෙවි වෙනවා. හැබැයි අඩු ම තරමේ ගෙස්ට්ලා 150ක්වත් ඉන්න වෙඩින් එකක් වෙන්න ඕනේ. ඒ වගේ ම, 10%ක සර්විස් චාර්ජ් එකකුත් මේ මුදලට එකතු වෙනවා.

3. Grandeeza (0702888999/0312228500)

Image Source : grandeeza.com

Grandeeza හෝටලය තියෙන්නේ මීගමුවේ. මේකේ අවුට්ඩෝර් උත්සව සඳහා වෙන් වුණු ඉඩ හැඳින්වෙන්නේ Lagoon Front නමින්. මීගමු කලපුව ආශ්‍රිත මුහුදට මුහුණලා තියෙන මේ බිම, බීච් වෙඩින් එකක් ගන්න කියාපු තැන. හවස් වරුවට ඉර බැහැගෙන යන හැටි, හඳ හිමීට අහසට නැගෙන හැටි බොහොම ලස්සනට මෙතැනදී දැක බලාගන්න ලැබෙනවා. හැබැයි සියදෙනෙක්ට වගේ තමයි මෙතැන ඉඩ තියෙන්නේ.

ගෝල්ඩ් සහ ප්ලැටිනම් විදියට වෙඩින් පැකේජ් දෙකක් මේ කට්ටිය පිරිනමනවා. ගෝල්ඩ් සඳහා මෙනු දෙකකුත්, ප්ලැටිනම් සඳහා මෙනු හතරකුත් තියෙන නිසා අතේ තියෙන බජට් එකේ හැටියට කැමති පැකේජ් එක තෝරාගන්න පුළුවන්. ගෝල්ඩ් පැකේජ් එකේ ප්ලේට් එකක් රු.3700 සහ රු.4090 වශයෙන් වෙනස් වෙනවා. ප්ලැටිනම් පැකේජ් එකේ ප්ලේට් එකක මිල යන්නේ රු.4720 – 6920 අතර ගණනකට.  

4. Pegasus Reef Hotel (0112930205 / 0112930209)

Image Source : pegasusreefhotel.com

ජා ඇල, වත්තල පැත්තෙන් අවුට්ඩෝර් වෙඩින් එකක් ගන්න තැනක් හොයන අයටයි මේ ආරංචිය. අවුට්ඩෝර් විතරක් නෙවෙයි, බීච් වෙඩින් එකක් සැලසුම් කරන්න පුළුවන් විදියේ වාතාවරණයක් මේ Pegasus Reef හෝටලයේ තියෙනවා. ඔය දෙක ම ඕනේ නැත්තන් ඉන්ඩෝර් වෙඩින් එකක් ගන්නත් මේක හොඳ තැනක්.  

ප්‍රධාන වශයෙන් ගත්තොත් ගෝල්ඩ්, සිල්වර් සහ බ්‍රොන්ස් වශයෙන් වෙඩින් පැකේජ් තුනක් මේ හෝටලයේ අඩංගුයි. ටැක්ස් රහිතව ගත්තොත් ඒවයේ මිල ගණන් රු.3450 සිට රු.4350 දක්වා වෙනස් වෙනවා.

5. Magic Mansion (0772184073)

Image Source : Magic-Mansion

කොළඹ නගරය මධ්‍යයෙන් ම ගාර්ඩන් වෙඩින් එකක් ගන්න හොයන කෙනෙක්ට නියම ම තැන තමයි මේ. අපි මේ කියන Magic Mansion එක තියෙන්නේ ජාවත්ත පාරේ, සුලෙයිමාන් ටෙරස් එකේ. මේක ගස් කොළන්වලින් වටවුණු, හොඳට හෙවණ වැටුණු ලස්සන තණකොළ බිස්සක් එක්ක තියෙන වත්තක්. හැන්දෑ වරුවේ තියෙන උත්සවයක් නම් මේ ගස් කොළන් ටික ලයිට් වැල් ඇදලා තව හැඩ කරගන්නත් පුළුවන්නේ. අනික විවාහ උත්සවවලට විතරක් නෙවෙයි, බර්ත්ඩේ පාටි, හයි ටී ෆන්ෂන් වගේ දේවල් පවත්වන්නත් මේ Magic Mansion එක අපූරු තැනක්.

6. Villa 14 Bolgoda (0719176176)

Image Source : villa14bolgoda.com

බොල්ගොඩ වැවේ හැඩ බල බල ලස්සන අවුට්ඩෝර් වෙඩින් එකක් ගන්න පුළුවන් තවත් තැනක් විදියට Villa 14 Bolgoda හඳුන්වන්න පුළුවන්. මේක තියෙන්නේ පානදුර දිග්ගල හරියේ. මේ හෝටලය හරියෙන් ගලාගෙන යන බොල්ගොඩ වැවේ ලස්සන තවත් වැඩි වෙන්නේ වැව වැහෙන්න ම පිපිලා තියෙන ලස්සන ඕලු මල් නිසයි. හවස් වරුවට රතු පාට ගැහෙන ඉරේ රැස් මේ මල් ගොන්නට වැටිලා දිලිසෙද්දී තවත් හැඩයි. ඒ නිසා ෆොටෝස් ගන්නත් නියම පසුබිම.

7. Jie Jie Beach by Jetwing (0387899899)

Image Source : U&G Photography

කොළඹ ඉඳන් කළුතර පැත්තට එද්දී ලස්සනට ම මුහුදු වෙරළ අපට දකින්න ලැබෙන තැන් දෙකක් තියෙනවා. එකක් ගල්කිස්ස. අනිත් එක පානදුර. ඔන්න ඔය කියන්න අලංකාර පානදුර බීච් එකේ වෙඩින් එකක් ගන්න හීනයක් තියෙනවනම්, අද ම කතා කරන්න Jie Jie Beach by Jetwing එකට. මොකද මේ හෝටලය තියෙන්නේ සුන්දර පානදුර මුහුදු තීරය අද්දරනමයි. නමේ තියෙන විදියට ම මේක මෙහෙයවන්නේ Jetwing හෝටල් සමාගම මඟින්. ඒ නිසා කෑම බීමවල රස, සහ සර්විස් එක ගැන නම් කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ප්ලේට් එකක මිල රුපියල් 4500 සිට ඉහළ ගණනකට අය වෙනවා.

8. The Lawn (0112863863)

Image Source : watersedge.lk

වෝටර්ස් එඩ්ජ් හෝටලයේ අවුට්ඩෝර් උත්සව වෙනුවෙන් ම වෙන් වුණු තැන තමයි මේ. අවුට්ඩෝර් වෙඩින්වලට විතරක් නෙවෙයි, The Lawn කියන්නේ ලොකු සම්මන්ත්‍රණයක් වුණත් පවත්වන්න පුළුවන් තරමට ඉඩ තියෙන තැනක්. දියවන්නාවේ වතුර පිසගෙන එන සුළඟ නිසා කොච්චර රස්නේ දවසක වුණත් උත්සවේ වැඩවලට බාධාවක් වෙන්නේ නැහැ. මේකේ ගණන් හිලව් නම් අපි කලින් කිව්ව තැන්වලට වඩා තරමක් වැඩියි. කොහොම වුණත්, ඒවා ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඔය උඩින් දාලා තියෙන නොම්මරයට කතා කරලා බලන්නකෝ.

තමන්ගේ විශේෂ සවසට පරිසරයේ ලස්සන මුහු කරගන්න පුළුවන් කොළඹ අවට තියෙන හොඳ ම තැන් ටිකක් තමයි මේ කිව්වේ. ඊළඟ දවසේ කියන්නම්කො කොළඹින් පිට තියෙන ලස්සන ලොකේෂන් ටිකක් ගැන.

කවරයේ පින්තූරය : eatprayandblog.info
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide