සතිඅන්තේ නිවාඩුවට අපූරු සොබාදම් නවාතැන් 6ක්.

වැස්ස කාලෙත් එක්ක ගස් කොළන් පීදිලා, සතා සීපාවා එළි බැහැලා වටපිටාව හරි අපූරුවට හැඩ වුණාට පස්සෙත්, ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්නද කල්පනාව?

නිකමටවත් හිතෙන්නෙ නැද්ද යාළුවොත් එක්ක රෝන්දයක් ගහන්න ගියොත් හොඳයි කියල. අඩුම තරමෙ ගෙදර අය එක්කවත්. ලට්ට ලොට්ට ටිකක් බෑග් එකක දාගෙන, බොක්කෙ ෆිට් සෙට් එකත් එක්ක සෙට් වෙලා පොඩි කැලෑ ගමනක් යන්න, බීච් පැත්තකට සෙට් වෙලා වැඩ කිඩ ටිකක් දාන්න, එහෙමත් නැත්නම් නම් මොකක් හරි අවුට්ඩෝර් ෆන් එකක් ගන්න යන්න.

ඒත් අවුල තියෙන්නෙ, අපේ පවුල් වෙලා ඉන්න යාළුවොන්ට එහෙම බෑනෙ. එයාලා පවුලේ සැම එක්කගෙන යන්න ඕන. ඒකත් එසේ මෙසේ බෑ, සුවපහසුව ඉන්න තැනක් බලන්නත් ඕනනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ ඔය පවුල් වුණු නොවුණු කොයි කාටත්, යන ටුවර් එක, නිදහසේ සුවපහසුව ඉඳල එන්න කියාපු නවාතැන් ටිකක් කියන්න. කටට රහට කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාලා, සෆාරියක් එහෙමත් ගිහිල්ලා, හැන්දෑ ජාමෙට ගිණිමැලයක් අටවගෙන පොඩි සිංදුවක් කියල විනෝද වෙන්නත් පුළුවන්නෙ.

1. Sudu Surfing Cottage

(Unawatuna / 077 6970649)

ගාල්ල, උණවටුන බීච් එක පහුකරනවත් එක්කම ඊළඟට හමුවෙන දලවැල්ල බීච් එකේ තමයි සුදු සර්ෆින්ග් කොටේජ් එක පිහිටල තියෙන්නෙ. හැබැයි මෙයාලගෙ සර්විස් එකයි, උදේට හැන්දෑවට වටපිටාවෙ මැවෙන අපූර්වත්වය නිසයි ඒ ගාණට නම් පාඩුත් නැති තරම්. වැඩේ තියෙන්නෙ ඉතින් ඔයාලා වතුරත් එක්ක හොඳ හැටි හැප්පෙන අය වුණොත් තමයි මෙතන ෆීලින්ග් එක හොඳටම ගන්න පුලුවන් වෙන්නෙ. මොකද ස්නෝර්ක්ලින්ග්, ඩයිවින්ග්, සර්ෆින්ග් වැඩනෙ මෙයාල ළඟ තියෙන්නෙ. කොහොම වුණත් හැන්දෑවට බීච් එකට බැහැලා ලන්තෑරුම් එළියෙ පොඩි අඩියක් ගහන්න නම් මෙතන කියාපු තැන.

2. Ella Mount Relax Cottage

(Ella / 077 5077066)

ලංකාවෙ සුන්දරම නගරයක තියෙන සුන්දරම තැනක දවසක් ගත කරන්න ආසද. එහෙනම් යන්න ඇල්ල, පස්සර පාරෙ ටිකක් ඇතුළට වෙන්න පිහිටල තියෙන මවුන්ට් රිලැක්ස් කොටේජ් එකට. මේකත් මුළුමනින්ම ලීවලින් තමයි හදල තියෙන්නෙ. හැබැයි එසේ මෙසේ තැනක නෙවෙයි, කඳු බෑවුමක. බැලූ බැල්මට ටිකක් බය හිතුනට මොකද වටපිටාවෙ තියෙන ලස්සන දැක්කාම නම් ඒ බය කොහෙන් ගියාද නැති ගානයි.

3. Salt Bay Kite Resort

(Kalpitiya / 077 3062030)

ප්ලේස් එක පංකාදු පහයි. ලීවලින් හදල, පොල් අතු, පිදුරු හෙවිලි කරල හරි අපූරුවට නිම කරල තියෙන්නෙ. මෙතන සර්විස් එකත් හොඳටම තියෙනව කියල තමයි ආරංචිය. හැබැයි ඉතින් මේ රිසෝට් එකත් හරියන්නෙ වතුරත් එක්ක හැප්පෙන අයට තමයි. මොකද ඩයිවින්, සර්ෆින්ග් වගේ වැඩ කිඩ තමයි මෙයාලා ළඟත් තියෙන්නෙ. වතුරට බය…ම අය ඉන්නව නම්, බෝට්ටුවක නැගල ඩොල්ෆින්ල බලන්න යන්න, වෙරළට බැහැලා නාලා කරල විනෝද වෙන්න පුළුවන්. කොහොම වුණත් සෝල්ට් බේ එකේ කෑම බීම ටික සුපිරියටම තියෙනවලු. අනික ඒවයෙ ගණනුත් ෂේප්ලුනෙ.

4. The Tree House

(Ginigathhena / 077 7678858)

ගාණ ටිකක් වැඩි වුනාට මොකද ජීවිතේට ගන්න බැරි සුපිරි අත්දැකීමක් තමයි. හිතන්නකො මීදුමෙන් වැහුනු සප්ත කන්‍යා කඳු මුදුන් ටික දිහා බලාගෙන, කුරුලු කොබෙයියන්ගෙ කීචිබීචිය අහගෙන, ගස් මුදුන්වලටත් වඩා උසින් පිහිටපු කබානා එකක දවසක් ගත කරද්දි. ඒකත් නිකම් නෙවෙයි, ගිණිගත්හේන, හැටන් ප්‍රධාන පාරෙ කැළේ ඇතුලට වෙන්න. පහළින් ගලාගෙන යන කෙහෙල්ගමු ඔයත් හරි අපූරුවට මෙතනට පේනව. ඊටත්, උදේටයි හැන්දෑවටයි ඉර බැහැගෙන යන ලස්සනම ඇති හිත නිවෙන්න. සර්විස් එකයි, කෑම බීමයි එහෙම ටොප් එකට තියෙන නිසා පාඩු නම් නෑ මට හිතෙන්නෙ.

5. Yala Peace Cottages

(Thissa / 077 6230420)

නමේ හැටියට සාමයෙන් සතුටෙන් සෆාරි පාරක් දාලා, කටට රහට කෑම ටිකක් කාලා හොඳ හැටි විනෝද වෙලා ඉන්න කියාපු තැනක්. තිස්සමහාරම, යෝධ වැවට කිට්ටුව ලීවලින් හදපු මේ කොටේජ්වල ලස්සන හොඳ හැටි පේන්නෙ හැන්දෑවට තමයි. වැව් කණ්ඩියට අල්ලල හදපු අපූරු පූල් එකක් එහෙමත් පීස් කොටේජ්වල තියෙනව. හැන්දෑ ජාමෙට අලියෙක් දෙන්නෙක් පාරට ගොඩ වුණාම තමයි ටුවර් එකේ ගතිය දැනෙන්නෙ. කොහොම වුණත් මේක වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැපර්ස්ලට නම් කියාපු තැන!

6. Cinnabar Resort

(Thangalla / 077 9652190)

කැලේ කොලෙත් ඔන්න ආයෙත් බීච් එකට. සීසන් කාලෙට තංගල්ල වෙරළ තීරය හරි ලස්සනයි. ඉතින් ඒ ලස්සන විඳින්න, වෙරළට වෙලා දවසක් ගත කරන්න, හැන්දෑවට පොඩි ගිණිමැළයක් අටවගෙන පොඩි අඩියක් ගහන ගමන් හීනියට සිංදුවක් කියන්න විතරක් නෙවෙයි කටට රහට සීෆුඩ් තොගයක් රස බලන්න, යන්න තංගල්ල, මාදිල්ල පාරෙ මාකොල්ලිය බීච් එකේ පිහිටල තියෙන සිනබාර් රිසෝර්ට් එකට. සර්විස් එක, කෑම බීම, සුව පහසුවත් ටොප් එකට තිබ්බත්, යන්න කලින් පොකට් එක එහෙම බලන්න අමතක කරනව නෙවෙයි.

7. Ella Green Cottages

(Ella / 077 8782641)

ඈතින් පේන ඇල්ල රොක්, මීදුමෙන් වැහිල ගියපු ඇල්ල ගැප්, ඊට උඩින් පේන පුංචි ශ්‍රී පාදය එක්ක සුන්දර නිවාඩුවක් ගත කරන්න. කාමර සුවපහසුව නම් උපරිමයි. අනික ඇල්ල රොක් යන පාරෙ දකුණු පැත්තෙ බෑවුමට වෙන්න පිහිටල තියෙන නිසා විව් එකත් හොඳටම තියෙනවනෙ. බාගෙට බාගයක් වගේම ලීවලින් හදපු මේ කොටේජ් ආදරණීයයන් දෙන්නෙක්ට නම් නියමම තැන කියල තමයි මගේ නම් අදහස.

ඒ කොහොම වුනත්, ගණන් ටිකක් වැඩි තැන් 2, 3ක් කිව්ව කියල අපිත් එක්ක තරහ වෙන්න එපා. එහෙම කලේ, ඔය අතමිට සරු යාළුවන්ටත් යන්න පුළුවන් වෙන්න.

ඉන්නකො ඉන්නකො, ඊලඟ පාර අඩුම ගණන්වලට යන්න පුළුවන්, තවත් ලස්සනම තැන් ටිකක් කියන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide