අවුට්ඩෝර් වෙඩින් ලොකේෂන් එකක් හොයනවද? මෙන්න, ඒ වැඩේට කොළඹ අවට තියෙන හොඳ ම තැන් 8ක්.

ඉස්සර මිනිස්සු කරකාර බැන්දේ ගෙදර. පොල් කොළවලින් තොරණ බැඳලා, ශ්‍රී සුබ මංගලම් කියලා ගහලා, ගමට ම ඇහෙන්න රබන් ගහලා ගමේ ගොඩේ මඟුල් කාපු මිනිස්සුන්ගේ ජීවිත හරි ම සරලයි. ගොනා බැඳපු කරත්තේ නැගලා ගමේ වෙල් යාය මැද්දෙන් මඟුල් පෙරහැර ගමන් ගත්තේ හරි උජාරුවට. පරිසරයේ ලස්සන මඟුල් ගෙදර අලංකාරෙට එක්කාසු කරගන්නත් ඒ අය පසුබට වුණේ නැහැ.

හැබැයි අද නම් ගෙදරක මඟුලක් ගන්නේ හරි ම අඩුවෙන්. පර්චස් දහයක් අරගෙන ගෙදරක් හදාගත්ත ම ඉතින් ඒ ගෙදර මඟුලක් කන්න තරමට ඉඩක් එන්නේ නැහැනේ. වෙඩින් හෝල් සංස්කෘතිය බිහිවුණේ ඒ නිසයි. හැබැයි දැන්දැන් ඉන්ඩෝර් වෙඩින්වලට වඩා ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ අවුට්ඩෝර් වෙඩින් තමයි. පරිසරයේ ලස්සන තමන්ගේ විශේෂ දවසට ඈඳා ගන්න කැමති ගොඩක් අය මේ වැඩේ අනුගමනය කරනවා. හෝල් එකක් ඇතුළේ කොටුවෙලා ගන්න පින්තූරවලට වඩා, ස්වභාවික පරිසරයේ දේවල් පින්තූරවලට එකතු වුණා ම කොහොමත් එන්නේ අමුතු ගතියක්. අන්න ඒ වගේ වෙඩින් එකක් ගන්න ආසාවෙන් ඉන්න අයට ගැලපෙන, කොළඹ අවට තියෙන හොඳ අවුට්ඩෝර් වෙඩින් ලොකේෂන් කීපයක් ගැන කතා කරන්න අපි හිතුවේ ඒකයි.

1. Thotupola Lakeside (0777352372)

Image Source : Thotupola Lakeside

ගංගාවක් මැද්දේ හදපු පෝරුවක්, නිල්ල වගේ තියෙන තණකොළ බිස්සක් මත නිර්මාණය වුණු ඩාන්සින් ෆ්ලෝර් එකක්; Thotupola Lakeside කියන්නේ මෙන්න මේ හීන දෙක ම සැබෑ කරගන්න පුළුවන් අපූරු තැනක්. පිළියන්දල පිහිටලා තියෙන මේ හෝටලය අද්දරින් බොල්ගොඩ වැවේ එක කොටසක් ගලාගෙන යනවා. දවල්ට රිදී පාටින් දිලිසෙන මේ වැවේ වතුර හැන්දෑවට බබළන්නේ රන්වන් පාටින්. මොකද බැහැගෙන යන ඉරේ රැස් මේ වතුර උඩට වැටෙනවනේ. අහසයි, වැවයි එකතුවෙලා හදන මේ ලස්සන පසුබිම අල්ලලා කපල් එකේ අලංකාර පින්තූර ටිකක් ගන්නත් මේක හොඳ තැනක්.

ප්‍රධාන වශයෙන් වෙඩින් පැකේජ් හතරක් Thotupola Lakeside එකෙන් පිරිනමනවා. ඒ බ්‍රෝන්ස්, සිල්වර්, ගෝල්ඩ් සහ ප්ලැටිනම් වශයෙන්. ප්ලේට් එකක මිල සාමාන්‍යයෙන් රුපියල් 2550 – 4350 වගේ අතර ගණනක් තමයි වෙන්නේ. ඒ හැරුණා ම ටැක්ස් මුදලකුත් ගෙවිය යුතුයි. කොහොම වුණත් ගෙස්ට්ලා 120කට වඩා වැඩි ප්‍රමාණයකට සැප පහසුවෙන් ඉන්න පුළුවන් තරමේ ඉඩක් මේ හෝටලය සතු වෙනවා.

2. Bolgoda 360 (011 2644360)

Image Source : Focus Eleven Photography

බොල්ගොඩ වැවේ සිරියාව තමන්ගේ විශේෂ දවසට ඈඳා ගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ. මේක තියෙන්නේ පානදුරේ. තොටුපළ ලේක්සයිඩ් එකේ තියෙන බොල්ගොඩ වැවේ දර්ශනය මෙතැනිනුත් දැකගන්න ලැබෙනවා.

Bolgoda 360 එකේ වෙඩින් පැකේජ්වල ප්ලේට් එකක් රුපියල් 1750 – 3500 අතර ගණනකට අලෙවි වෙනවා. හැබැයි අඩු ම තරමේ ගෙස්ට්ලා 150ක්වත් ඉන්න වෙඩින් එකක් වෙන්න ඕනේ. ඒ වගේ ම, 10%ක සර්විස් චාර්ජ් එකකුත් මේ මුදලට එකතු වෙනවා.

3. Grandeeza (0702888999/0312228500)

Image Source : grandeeza.com

Grandeeza හෝටලය තියෙන්නේ මීගමුවේ. මේකේ අවුට්ඩෝර් උත්සව සඳහා වෙන් වුණු ඉඩ හැඳින්වෙන්නේ Lagoon Front නමින්. මීගමු කලපුව ආශ්‍රිත මුහුදට මුහුණලා තියෙන මේ බිම, බීච් වෙඩින් එකක් ගන්න කියාපු තැන. හවස් වරුවට ඉර බැහැගෙන යන හැටි, හඳ හිමීට අහසට නැගෙන හැටි බොහොම ලස්සනට මෙතැනදී දැක බලාගන්න ලැබෙනවා. හැබැයි සියදෙනෙක්ට වගේ තමයි මෙතැන ඉඩ තියෙන්නේ.

ගෝල්ඩ් සහ ප්ලැටිනම් විදියට වෙඩින් පැකේජ් දෙකක් මේ කට්ටිය පිරිනමනවා. ගෝල්ඩ් සඳහා මෙනු දෙකකුත්, ප්ලැටිනම් සඳහා මෙනු හතරකුත් තියෙන නිසා අතේ තියෙන බජට් එකේ හැටියට කැමති පැකේජ් එක තෝරාගන්න පුළුවන්. ගෝල්ඩ් පැකේජ් එකේ ප්ලේට් එකක් රු.3700 සහ රු.4090 වශයෙන් වෙනස් වෙනවා. ප්ලැටිනම් පැකේජ් එකේ ප්ලේට් එකක මිල යන්නේ රු.4720 – 6920 අතර ගණනකට.  

4. Pegasus Reef Hotel (0112930205 / 0112930209)

Image Source : pegasusreefhotel.com

ජා ඇල, වත්තල පැත්තෙන් අවුට්ඩෝර් වෙඩින් එකක් ගන්න තැනක් හොයන අයටයි මේ ආරංචිය. අවුට්ඩෝර් විතරක් නෙවෙයි, බීච් වෙඩින් එකක් සැලසුම් කරන්න පුළුවන් විදියේ වාතාවරණයක් මේ Pegasus Reef හෝටලයේ තියෙනවා. ඔය දෙක ම ඕනේ නැත්තන් ඉන්ඩෝර් වෙඩින් එකක් ගන්නත් මේක හොඳ තැනක්.  

ප්‍රධාන වශයෙන් ගත්තොත් ගෝල්ඩ්, සිල්වර් සහ බ්‍රොන්ස් වශයෙන් වෙඩින් පැකේජ් තුනක් මේ හෝටලයේ අඩංගුයි. ටැක්ස් රහිතව ගත්තොත් ඒවයේ මිල ගණන් රු.3450 සිට රු.4350 දක්වා වෙනස් වෙනවා.

5. Magic Mansion (0772184073)

Image Source : Magic-Mansion

කොළඹ නගරය මධ්‍යයෙන් ම ගාර්ඩන් වෙඩින් එකක් ගන්න හොයන කෙනෙක්ට නියම ම තැන තමයි මේ. අපි මේ කියන Magic Mansion එක තියෙන්නේ ජාවත්ත පාරේ, සුලෙයිමාන් ටෙරස් එකේ. මේක ගස් කොළන්වලින් වටවුණු, හොඳට හෙවණ වැටුණු ලස්සන තණකොළ බිස්සක් එක්ක තියෙන වත්තක්. හැන්දෑ වරුවේ තියෙන උත්සවයක් නම් මේ ගස් කොළන් ටික ලයිට් වැල් ඇදලා තව හැඩ කරගන්නත් පුළුවන්නේ. අනික විවාහ උත්සවවලට විතරක් නෙවෙයි, බර්ත්ඩේ පාටි, හයි ටී ෆන්ෂන් වගේ දේවල් පවත්වන්නත් මේ Magic Mansion එක අපූරු තැනක්.

6. Villa 14 Bolgoda (0719176176)

Image Source : villa14bolgoda.com

බොල්ගොඩ වැවේ හැඩ බල බල ලස්සන අවුට්ඩෝර් වෙඩින් එකක් ගන්න පුළුවන් තවත් තැනක් විදියට Villa 14 Bolgoda හඳුන්වන්න පුළුවන්. මේක තියෙන්නේ පානදුර දිග්ගල හරියේ. මේ හෝටලය හරියෙන් ගලාගෙන යන බොල්ගොඩ වැවේ ලස්සන තවත් වැඩි වෙන්නේ වැව වැහෙන්න ම පිපිලා තියෙන ලස්සන ඕලු මල් නිසයි. හවස් වරුවට රතු පාට ගැහෙන ඉරේ රැස් මේ මල් ගොන්නට වැටිලා දිලිසෙද්දී තවත් හැඩයි. ඒ නිසා ෆොටෝස් ගන්නත් නියම පසුබිම.

7. Jie Jie Beach by Jetwing (0387899899)

Image Source : U&G Photography

කොළඹ ඉඳන් කළුතර පැත්තට එද්දී ලස්සනට ම මුහුදු වෙරළ අපට දකින්න ලැබෙන තැන් දෙකක් තියෙනවා. එකක් ගල්කිස්ස. අනිත් එක පානදුර. ඔන්න ඔය කියන්න අලංකාර පානදුර බීච් එකේ වෙඩින් එකක් ගන්න හීනයක් තියෙනවනම්, අද ම කතා කරන්න Jie Jie Beach by Jetwing එකට. මොකද මේ හෝටලය තියෙන්නේ සුන්දර පානදුර මුහුදු තීරය අද්දරනමයි. නමේ තියෙන විදියට ම මේක මෙහෙයවන්නේ Jetwing හෝටල් සමාගම මඟින්. ඒ නිසා කෑම බීමවල රස, සහ සර්විස් එක ගැන නම් කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ප්ලේට් එකක මිල රුපියල් 4500 සිට ඉහළ ගණනකට අය වෙනවා.

8. The Lawn (0112863863)

Image Source : watersedge.lk

වෝටර්ස් එඩ්ජ් හෝටලයේ අවුට්ඩෝර් උත්සව වෙනුවෙන් ම වෙන් වුණු තැන තමයි මේ. අවුට්ඩෝර් වෙඩින්වලට විතරක් නෙවෙයි, The Lawn කියන්නේ ලොකු සම්මන්ත්‍රණයක් වුණත් පවත්වන්න පුළුවන් තරමට ඉඩ තියෙන තැනක්. දියවන්නාවේ වතුර පිසගෙන එන සුළඟ නිසා කොච්චර රස්නේ දවසක වුණත් උත්සවේ වැඩවලට බාධාවක් වෙන්නේ නැහැ. මේකේ ගණන් හිලව් නම් අපි කලින් කිව්ව තැන්වලට වඩා තරමක් වැඩියි. කොහොම වුණත්, ඒවා ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඔය උඩින් දාලා තියෙන නොම්මරයට කතා කරලා බලන්නකෝ.

තමන්ගේ විශේෂ සවසට පරිසරයේ ලස්සන මුහු කරගන්න පුළුවන් කොළඹ අවට තියෙන හොඳ ම තැන් ටිකක් තමයි මේ කිව්වේ. ඊළඟ දවසේ කියන්නම්කො කොළඹින් පිට තියෙන ලස්සන ලොකේෂන් ටිකක් ගැන.

කවරයේ පින්තූරය : eatprayandblog.info
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide